Vintage Letters

Vintage Letters

BrOwN sOuL 🤎✨

Chapter #07

"Love's melody, written in the language of the heart: vintage love letters." 🤎✨


Chapter #06



" අනේ මගේ දරුවෝ .. "


එළියට එද්දිම මාව දැක්ක අත්තම්මා මාව බාදගෙන ඔලුව අතගානවා


" මගෙ කෙල්ල ලොකු වෙලා හොදටෝම "


ඇස්වල පිරිලා තිවුණ කදුලු මගෙන් හංගන ගමන් එයා කියනවා


" කෝ යමු ඇතුළට .. "


යට තට්ටුවේ තියෙන බේකරියේ කේක් සුවදින් මුලු කාමරේම නෑවිලා වෙද්දි මන් පපුව පුරෝලා ලොකු හුස්මක් ගත්තේ හරි ආසාවෙන්


" අකේෂී .. වොශ් එකක් දාගෙන පහලට එන්න " අම්මා මට එහෙම කියාගෙන පහලට යද්දි මන් කාමරේ තිවුණ චූටි කවුලුවෙන් එළිය බලන් උන්නා


එහෙ වගේ ගෙදර වටේට අහස උසට තාප්ප , ගේට්ටු මුකුත් නෑ

කෙලින්ම පාර අයිනෙම ගෙදර ..


ටික වෙලාවක් පාර දිහා බලන් උන්නු මන් ඇග සෝදගෙනම පහලට යද්දි අම්මා අත්තම්මත් එක්ක වාඩි වෙලා තේ බොනවා ..


" දැන් තේ බොන්න එපා දරුවෝ .. දවල්ටම කමු " අම්මා කියද්දි මන් මූණ එල්ලගත්තම අත්තම්මා උණුම උණු කේක් කෑල්ලක් එක්ක කුකීස් පුරවපු ප්ලේට් එකක් මන් ගාවින් තිබ්බෙ මගෙ මූණේ ලස්සන හිනාවක් ඇදෙද්දි


" කාලා බලන්නකෝ .. ඔයා එන නිසාමයි මන් හැදුවේ "

අතේ තිවුණ කේක් කෑල්ල කටේ ඔබාගද්දි අත්තම්මා කියනවා


අමුතු රසක් එක්ක බටර් සුවද පිරිච්ච කේක් එකක්

ස්පොන්ච් කෑල්ලක් කිව්වත් හරි .. එච්චරටම රසයි


" එහේ ලොකු ලොකු හෝටල්වල කෑම තරම් නම් රස නැතුව ඇති " අත්තම්මා මූණ හදාගෙන කියනකොටත් මන් උන්නු එයාගේ කේක් එකට පිස්සු වැටිලා


" ඇත්තටම ගොඩක් රසයි අත්තම්මා .. ඔයා ඔය කියන ලොකු ලොකු හෝටල්වලට වඩා ගොඩක් රසයි " මන් කියනකොට එයාගේ මූණේ ලස්සන හිනාවක්


.............


" බලන්න දරුවෝ මේ කොන්ඩේ .. තෙල් ටිකක් වැරදිලාවත් ගෑවිලා නෑ "

අත්තම්මා මගේ කොන්ඩෙ පීරන ගමන් කියනවා


" ගැට ගොඩ .. කෝ අර මේසේ උඩ තියෙන තෙල් බෝතලේ අරන් එන්න " ඇස්වලින් සාලේ මේසේ පෙන්නන ගමන් කියද්දි මන් ටග්ගාලා දුවලා ඒක අරන් ආවේ අම්මත් බලන් ඉද්දිමයි


" කොන්ඩෙ මෙච්චර කැරලි ගැහිලා තියෙන්නේ පීරන්නෙ නැතුව ඉදලමද කොහෙද "

හරි පරිස්සමට මගෙ කොන්ඩේ ගැට කඩන ගමන් එයා කියෝනවා


" මගෙ කොන්ඩේ කවදාවත් ඔච්චර දිගට වැවෙන එකක් නෑ නේද " මන් අත්තම්ගේ කොන්ඩේ අල්ල අල්ල කියද්දි එයා හිනා වෙනවා


" කොන්ඩේ වැවෙන්න නම් කොන්ඩෙට ආදරේ කරන්න ඕනේ .. සාත්තු කරන්න ඕනේ .. සාත්තුව කෙසේවෙතත් තෙල් ටිකක්වත් හරි හැටි නොගා .. "


" හරි හරි අනේ .. ඔයා මට යද්දි ඔය වගේ තෙල් එකක් හදලා දෙන්නකෝ ඉතින් " අත්තම්මගේ තෙල් බෝතලේ ඇතුලේ පාවෙන කොළ ජාති දිහා බල බල මන් කියද්දි ආයෙත් එයාගෙන් සරදම් හිනාවක්


" ඔහොම ඇස් ලොකු කරන් බලන්න දේවල් නෑ දරුවෝ ඕකේ .. කරපිංච කොළ ටිකක් එක්ක උලුහාල් ටිකක් දැම්මා "


" අපි ඇවිදින්න යන්නෙ නැද්ද අත්තම්මා "


" කොහෙ යන්නද ? "


" ඇයි අනේ මට ගම පෙන්නන්න එක්කන් යන්නෙ නැද්ද ඔයා "


" බලමුකෝ .. "


" අනේ හවසට අර අම්මා කිව්ව පොත් කඩේට යමුකෝ " මගෙ වදේ ඉවසන්න බැරිම තැන අත්තම්මා හා කියද්දි මන් උන්නේ හවස් වෙනකන් ඇගිලි ගැන ගැන



............



ඇත්තටම මෙහෙ හරි ලස්සනයි අහස් ..

අර මං කිව්වා වගේමයි ...

මං හරියට මූවි එකක් ඇතුලේ ඉන්නවා එගේ මට දැනෙන්නේ


අම්මා එක එක ඒවා කිව්වට මට නම් මුලු ජීවිත කාලේ පුරාවටම වුණත් මෙහෙ ඉන්න බැරි වෙන එකක් නෑ


දන්නවද .. !


ලයිබ්‍රි එක වෙනුවට මෙහෙ තියෙනවා ලොකුම ලොකු පොත් කඩයක් ..

එකේ නැති දෙයක් නැති තරම් ..


සුදුම සුදු A4 කොළවල තියෙන කාබන් සුවද අකුරු වෙනුවට

කෝපි පාටට හුරු කඩදහිවල පරණ සුවද පිරිච්ච මායාකාර අකුරු ඒ පොත් පුරාම ..


මට හරි ලෝබයි අහස් .. මෙහේ දාලා එන්න



කවදා එයාට ලැබෙයිද කියලාවත් නොදැන අද දවසෙම විස්තර අකුරු කරන ගමන් මන් බලන් උන්නේ ටිකක් ඈතින් තිවුණ අහස අල්ලන්න දගලන දේවදාර ගස් දිහා


හුළගත් එක්ක නැලවෙන ගමන් එයාලා මන් දිහා බලන් උන්නා



" අකේෂි ... දරුවෝ .. මේ යාලුවෙක් ඇවිත් ඉන්නවා " අත්තම්මා කියන පමාවට මන් බේකරි එක තිවුණ යට තට්ටුවට දිව්වේ ආවයි කිව්ව යාලුවව බලන්න


" ඔයා ඇවිත් කිව්ව ගමන් මන් දුවන් ආවේ මේ ... අනේ ගොඩ කාලෙකින් දැක්කේ " මගෙ අත් දෙකත් අල්ලන් කියෝන චූටි ගෑණු ලමෙක්


" මතක නැද්ද මාව " මන් එයා දිහා බලන් උන්නු විදිහ නිසාද කොහෙද එයා අහද්දි මන් ලාවට හිනා වුණේ ලොකු මතකයක් නැතත් ඒ මට හොදටම හුරු මූණක් නිසා



" ඇත්තටම මතක නෑ කියලද කියන්නේ ඔයා " ඇස් දෙකත් චූටි කරන් අහන විදිහ


" මෙ .. මේග්නා " මන් අමාරුවෙන් අකුරු එකතු කරන් කියද්දි මට මතක් වුණේ චූටි කාලේ මාත් එක්ක සෙල්ලම් කරපු ඒ බොනික්කිව


ඒත් එක්කම එයාගේ මූණ හිනාවකින් පිරිලා යද්දි අත්තම්මා උණුම උණු ඉගුරු විස්කෝතු පිගානක් අපි ඉදිය තැනින් තියලා ගියෙ කන්න කියලා ඇස්වලින් කියන ගමන්



" මට ඔයාව ගොඩක් මතක් වෙනවා අකී "


ඉගුරු විස්කෝතුවක් අතේ තියන් කියද්දි මට මන් ගැනම මහ අමුතු හැගීමක් දැනුනේ


අපි නොහිතුවට සමහර මිනිස්සුන්ගේ හිතේ අපිට ලොකු ඉඩක් තියෙනවා වෙන්න පුලුවන්


මන් බර හුස්මක් පිට කරද්දි ආයෙම එයා ,


" අපි හෙට ඇවිදින්න යමුද "


" හා ... අපි අර කන්දට යමු " මෙච්චර වෙලා හිත හිතා උන්නු දේවදාර ගස් තිවුණ පැත්ත පෙන්නලා මන් කියද්දි එයා හිනා වෙලා ඔලුව වැනුවා



..............


"A haven of peace and beauty: Life in the village."



.........



ආතරෙයි ඒයි කමෙන්ට් කරන හැමෝටම 🥹🤎✨


https://t.me/brown_Soul_personal_blog


BrOwN sOuL 🤎✨





Report Page