Vintage Letters

Vintage Letters

BrOwN sOuL 🤎✨

Chapter #04

"Love's melody, written in the language of the heart: vintage love letters." 🤎✨



Chapter #03



" අකේශි ... මොකද දරුවො මේ " ස්ටූල් එක උඩ තිවුණ කේක් කෑල්ලට එකතු වෙන කූඹි දිහා බලාගෙන ලොකු කල්පනාවක උන්නු මට ඇහුණේ අම්මගේ කටහඩ


" හ්ම් "


" අසනීපයක්වත්ද " මගෙ නළලට අත තියන ගමන් අහනවා


" මට හරි අමුතුයි අම්මා ... කියන්න තේරෙන්නේ නෑ .. මොකද්ද මන්දා මහ අමුත්තක් .. "


" මේ දවස් ටිකේම පාඩම් වැඩ එක්ක .. වෙන දෙයක් කරේම නෑනේ .. ඒකයි ඔය .. අපි ඊළග සතියේ අත්තම්මලාගෙ ගෙදර ගිහින් එන්න යමු "


ගම මතක් වෙලා මගේ මූණේ හිනාවක් ඇදෙද්දි අම්මා මගෙ ඔලුවත් අතගාලා එලියට ගියේ අයෙත් මන් බර කල්පනාවක වැටෙද්දි



......................



දැන් නම් ඔයාට මගෙන් ලියුමක් එනකන් ගොඩක් කල් බලන් ඉන්න වෙයි ...


පොත් ගොඩක් මැද්දෙ තිවුණ කෝපි පාට ලියුමක් ලියලා ඉවර වුණේ ඒ විදිහට


එයාගෙන් හම්බ වුණ ලියුම් ආයෙ ආයෙම මන් කියවද්දි මගෙ මූණේ ලා හිනාවක් ඇදුණේ ඉබේටම


ඒ වචන .. ඇත්තටම මන් ඒ අස්සේ ජීවත් වෙනවා වගේ දැනෙන්නේ




..................



අද ඉස්කොලේ මීටින් එකක් .. එන්න පරක්කු වෙයි


කුස්සියට ගියපු මන් දැක්කේ මගේ කිරි එක එහා පැත්තේ අම්මා තියලා ගිය නෝට් එක


ඒ කොලේ පොඩි වෙලා ඩස්බින් එකට වැටෙද්දි මන් උන්නේ බැල්කනි එකට වෙලා කිරි එක බොන ගමන්


පරක්කු වෙලා නැගිටලා මූණ සෝදන්නෙත් නැතුව මන් බලන් ඉන්නේ උදේම මට හමබෙන කෝපි පාට ලියුමයි වේලපු මල් පොකුරයි වෙනුවෙන්


හම්බුන ගමන්ම ලියුම කඩලා දැම්මේ ඒ වචන අස්සේ තනි වෙන්න තිවුණ ආසාවට



අකේෂි ..
එච්චර ලස්සන නමක් තියෙද්දි ඇයි ඉතින් වෙන නම්


ලියුම පුරාවට එයා ඒක ආයේ ආයේම ලියලා තිවුණා

රයිටර් නේම් එක වෙනස් කරන්න මන් ඒයාගෙන් වෙන නමක් ඇහුවා වෙද්දි එයාගේ උත්තරේ ඒක ..


දැන් මේ ළමයට කතාවක් ලියන්න තියා මට ලියන්නවත් බැරි තරම් වැඩ කියලද ඔය කියන්නේ


අන්තිමට මගේ මූණට හිනාවක් ගේන්න ඒ වචනවලට පුලුවන් වෙද්දි මන් මූණ හෝදලා ලෑස්ති වුණේ ඊළග සතියෙ ක්ලාස් එකේ තියෙන එක්සෑම් එකට පාඩම් කරන්න



දවස පුරාවට මෙලෝ දෙයක් නොතේරෙන පාඩමකට හිර වෙලා උන්නු මන් දැන් බලන් ඉන්නේ අම්මා එනකන්


වාහනේ සද්දෙ ඇහෙනවත් එක්කම මන් යටට දුවන් ගියා


" කාර් එකේ තියෙන බෑග් ටික ගේන්න දරුවෝ "


ෆ්‍රිජ් එකේ තිවුණ කොමඩු ජූස් එකෙන් අම්මගෙයි මගෙයි මග් දෙක පුරෝගෙන මන් මිදුලට වෙලා උන්නේ අම්මා එකනන්


" ස්පෝර්ට් මීට් ඉවර වුණා විතරයි ප්‍රයිස් ගිවින් .. " මගේ එහා පැත්තෙ තිවුණ පුටුවෙන් වාඩි වෙන ගමන් අම්මා කියනවා


" අපි කවද්ද අත්තම්මලාගේ ගෙදර යන්නේ " කොමඩු ජූස් එකෙන් උගුරක් බොන ගමන් මන් ඇහුවා


" සිකුරාදා කොහොමත් නිවාඩු නිසා බ්‍රහස්පතින්දා යමු .. "


" එතකොට ඉරිදා ආයෙම එනවද " මන් මූණත් හදාගෙන අහද්දි

" ඔයාට ඕනේ නම් ටික දවසක් එහෙ ඉදලා එන්න .. "


......................


හුළගට ගහගෙන යන වළාකුලුත් එක්ක .. අහසේ තනියට එකම එක තරුවක් විතරක් ඉන්න ලස්සන රැයක්


බැල්කනි එකට වෙලා අහස දිහා බලන් උන්නු මට මතක් වුණේ මගෙ අප්පච්චිව

චූටි කාලේ මන් හැමදාම එයත් එක්ක මෙහෙම තරු බලනවලු ...

සමහර විට ඈත අහසේ තට්ට තනියම ඉදන් මන් දිහා බලන් ඉන්නේ එයා වෙන්න ඇති


ඇස්වල පිරුණ ලා කදුලු පටලෙ පිහදාන ගමන් මන් කාමරේට ගියේ මගේ කෝපි පාට යාලුවට ලියන්න


ඔයා මේ ලෝකේ වැඩිපුරම ආස කරන දේ මොකද්ද ...
තණකොළ ගොන්නක් උඩ නිදාගෙන වැඩිය තරු නැති පාලු අහසක් දිහා බලන් ඉන්න එක ... මන් මේ ලෝකේ වැඩිපුරම ආස කරන දෙයක් ඒ



......



"Under the night sky, we find ourselves lost in a sea of stars."



......


කොහොමද මගෙ කෝපි පාට ළමයි ටිකට .. 😚✨

කතාව පැටලිලා වගේද ඒයිලා





https://t.me/brown_Soul_personal_blog



BrOwN sOuL 🤎✨







Report Page