Vintage Letters
BrOwN sOuL 🤎✨Chapter #03

"කෑම සීතල වෙන්න කලින් කන්න දරුවෝ ... උදේ ලයිබ්‍රි යන්න එපා ගෙදරට වෙලා ඉන්න .. මන් ආවම යමු"
අම්මා ඉස්කොලෙ යන්න ලෑස්ති වෙලා කියද්දි මන් උන්නේ උණුම උණු කෝපි කොප්පෙක රස බලන ගමන්
අම්මා ගියායින් පස්සේ මන් ආයෙමත් ගෙදර තනි වෙද්දි ..
මන් උන්නේ සාලෙ තිවුණ පියානෝ එක ඉස්සරහ වාඩි වෙලා
ඔහේ පියානෝ එක උඩ ඇගිලි යවන ගමන් ටික වෙලාවක් ඉදලා මගේ පියානෝ පීස් එක ප්ලේ කරන්න ගත්තේ හෙට ආයෙම ක්ලාස් කියලා මතක් වෙද්දි
මේසේ උඩ ගොඩ ගහලා තියෙන පොත් මතක් වෙලා මන් උඩට යද්දිම වගේ ඇහුණේ කවුරු හරි ගේට් එක ගාව ෆුට් සයිකල් එකක් නවත්තන සද්දයක්
මේ වෙලාවෙ ...
තිවුණ කුතුහලේටම දොර නොඇර මන් ජනේලෙන් බලන් උන්නේ පෝස්ට් බොක්ස් එකට ලියුමක් දාලා යන මනුස්සයෙක් දිහා
ඒත් එක්කම දොර ඇරන් මන් මිදුලට ගිහින් වෙද්දි දෙපාරක් නොහිතම පෝස්ට් බොක්ස් එකෙන් ලියුම ගත්තේ ඒ එයා වෙන්න කියලා පුංචි ප්‍රාර්ථනාවක් හිතේ හංගගෙන
456 Palm Grove Avenue
Colombo 05
Sri Lanka
ඉස්සරහ තිවුණ එඩ්‍රෙස් එක දිහා ටික වෙලාවක් බලන් උන්නු මන් ලියුම කැඩුවා වෙද්දි ඒක මන් බලාපොරොත්තුවෙන් ඉදිය කෝපි පාට ලියුමම වුණා
නිසදැස් විතරක් ලියලා නම් මදි ළමයෝ ..
අලුත් කතාවක් ඕනේ ඉක්මනට .. අඩුම ශොර්ට් ස්ටෝරි එකක් හරි ..
එඩ්‍රෙස් එකක්වත් නැති ලියුම් කෑල්ලක් එවලා මන් ඔයාගේ කෝපි පාට ලියුමක් වෙනුවෙන් ඕනෑවටත් වඩා බලාපොරුත්තු තියන් ඉදියේ ..
අමතක නොකර චූටි කැළෑ මල් පොකුරක් එක්ක ආයෙම එයා
" ඔයා කෑම කාලා නෑනේ දරුවෝ .. " අම්මගේ කටහඩට මන් යටට ආවා වෙද්දි ආයෙම
" කෝ ඇවිත් මෙහෙන් වාඩි වෙන්න " මන් අම්මගෙ එහා පැත්තෙ වාඩි වෙලා උන්නා වෙද්දි කිසිම හැගීමක් නැතුව එයා ලං කරපු බත් කට කටට දාගත්තා
" මියුසික් ටීචර් කතා කරා .. හෙට ක්ලාස් එක තියන්න වෙන්නෙ නෑ කියලා අද හවස පුලුවන්නම් එන්න කියලා "
" අද ... හ්ම් එහෙනම් යමු " එතකොට හවස ලයිබ්‍රි යන්න වෙන්නෙත් නැති වෙයි
අම්මගෙන් බත් කටවල් දෙක තුනක් කාලා මන් ආයෙම කාමරේට ආවා
අලුත් කතාවක් ..
ඇත්තටම ලියනවද දැන් මන්
ඒත් මට වැඩත් එක්ක බැලන්ස් කරගන්න පුලුවන් වෙයිද .. හ්ම් ..
මන් ලොකු හුස්මක් පිට කරන ගමන් මගෙන්ම අහනවා
කලින් යවන්න ඕනේ කොහාටද කියලවත් නොදැන මගෙ කෝපි පාට ලියුමේ අයිතිකාරයට ලිව්ව ලියුම් ටිකේ එඩ්‍රෙස් ලියලා ක්ලාස් බෑග් එකට දාගත්තේ යන ගමන් ඒ ටික දාන්න හිතාගෙන
ආදරෙයි ඒයි කමෙන්ට් කරන ළමයි හැමෝටම 😚✨
https://t.me/brown_Soul_personal_blog
BrOwN sOuL 🤎✨