Vintage Letters

Vintage Letters

BrOwN sOuL 🤎✨

Chapter #02

"Love's melody, written in the language of the heart: vintage love letters." 🤎✨


Chapter #01



" තාම නිදා ගත්තේ නැද්ද දරුවෝ .. "

 

කිසිම දෙයක් නොතේරෙන වචන ගොඩක් දිහා බලන් නිදි කිර කිර උන්නු මන් සිහියට ආවේ අම්මගේ වචන වලට වෙනකොට මට බැලුනේ  ඉගුරු සුවද වෑහෙන අම්මගේ අතේ තිවුණ තේ කෝප්පේ දිහා

 

" මන් හිතුවේ නිදා ගන්නත් ඇති කියලා .. වැඩිය රෑ වෙනකන් ඉන්නෙ නැතුව නිදා ගන්න "

 

එයාගේ අතෙ තිවුණ තේ කොප්පේ මගෙ මේසේ උඩ තියන ගමන් එයා ගියේ මන් කතා කරන්නත් කලින්ම

 

කොච්චර කරත් තේරුන් ගන්නම බැරි වචන ගොඩක පැටලිලා උන්නු මන් විද්‍යාව පොත වහලා දැම්මේ හම්බෙනකන්  පෙරුන් පුර පුර බලන් ඉදිය .. කවුරු කොහොම එව්වද කියලවත් නොදන්න ඒ කෝපි පාට ලියුම මගෙ මේස උඩ තියෙද්දි

 

ආයේ ආයේ වචන අස්සේ මන් අතරමන් වෙද්දි ගොඩ දවසකින් මගෙ මූණ අව්‍යාජ හිනාවකින් පිරිලා

 

කබඩ් එකේ තිවුණ කෝපි පාට කොළවලින් මගෙ මේසේ පිරිලා වෙද්දි මන් උන්නේ මගෙ පළවෙනි කෝපි පාට ලියුමේ අයිතිකාරයට ලියන ගමන් ...

 

යවන්න ඕනේ කොහෙටද .. කාටද කියලවත් නොදැන මන් ඔහේ ලියනවා

 

ඇයි එයාගේ එඩ්‍රෙස් එක ලියලා නැත්තේ

 

මන් මගෙන්ම අහනවා

 

විනාඩි ගාණකට පස්සේ ආයෙත් මන් විද්‍යාව පොත දිගෑර ගත්තේ හෙට පංති යන්න කලින් චලිතය ගණන් ටික ඉවර කරන්න හිතාගෙන

 

10 වසරයි 11 වසරයි දෙකම එක පාර ඉගෙන ගන්න එක ..

 

හිතුවට වඩා ගොඩක් අමාරු වෙද්දි ....

ඉස්සර පැය ගණන් පොත් කියෝපු මන් දැන් ඒකට පොඩිම පොඩි වෙලාවක් හොයාගන්නෙත් බොහොම අමාරුවෙන්



 

" පෙරේදා පිරිමි දරුවෙක් ඇවිත් අර පොත පීරලා දුවගේ විස්තර හෙව්වා ... ඊයේ කියන්න හිටියට මට අමතක වුණානේ .. "

 

වෙනදා වගේම පංති ඉවර වෙලා මන් ලයිබ්‍රි එකට අවා වෙනකොට

පොත් අස්සෙ අතරමන් වෙලා උන්නු මට ඇහුනේ ලයිබ්‍රි එකේ ඉන්න මැඩම්ගේ කටහඩ

 

 

THE RULE OF

SILENCE  

MUST BE OBSERVED IN THE

LIBRARY

 

ඒත් එක්කම ඉස්සරහින් තිවුණ බෝඩ් එක දැක්කම මූණේ ලා හිනාවක් ඇදුනේ මටත් නොදැනිම

 

මැඩම්ගේ සද්දෙට කීපදෙනෙක් අපි දිහා බලද්දි මන් ලියපු නිසදැස් ටිකත් අරන් ගියේ මැඩම් ලගට

 

" ඔයා මේ පොඩි වයසට කොහොම මෙහෙම ලියනවද මන්දා දරුවෝ .. ඇත්තටම හරිම ලස්සනයි "

 

මන් ලියපු නිසදැස් ටික මැඩම්ගේ අතේ වෙද්දි හරි ලස්සන හිනාවක් එක්කම එයා කියනවා

 

" අර දරුවා එහෙම නරක කෙනෙක් වගේ නෙමේ .. ඒකයි මන් මුකුත් නොකිව්වෙත් .. පත්තරේට නිසදැස් .. කතා දාන හැමෝගෙම විස්තර මේ පොතේ තියනවනේ ඉතින් .. එහෙව් එකේ ඒක බලද්දි මුකුත් කියන්නත් බෑනේ මට "

 

ඊයේ ගත්ත පොත් තාම කියවලා නැති නිසාම මන් ආයෙත් එන්න ආවේ රොබෝසියා මල් වැටුණ පාර වෙනදටත් වඩා ලස්සනට මට පේන්න ගද්දි

 

එතකොට මට හමබ් වුණ පළවෙනි කෝපි පාට ලියුම ...

 

එවලා තියෙන්නෙ ගෑණු ළමෙක් නෙමේ

ඒත් එහෙම වෙන්න පුලුවන්ද

 

මොනා වුනත් ටිකක් වෙනස් විදිහේ පිරිමි ළමෙක්

 

 


 

මන් ටීශා ආන්ටිලාගේ ගෙදර යනවා .. එද්දි ටිකක් හැන්දෑ වෙයි

 

කුස්සියේ අම්මා තියලා ගිහින් තිවුණ නෝට් එක දැකලා බර හුස්මක් පිට කරපු මන් වෙනදා වගේම අදත් ඕනෑවටත් වඩා සීතල වතුර එක්කම පැය භාගයක් විතරම ගෙවලා දැම්මේ හෙට දවස ගැන හිතන ගමන්

 

මගෙ වයසේ අනිත් ළමයි ඉස්කෝලේ ගිහින් යාලුවොත් එක්ක කාලේ ගෙවද්දි

මන් අවුරුද්දක් ඈත තියන විභාගයක් දැන්ම ලියන්න ඉස්කෝලෙත් නොයා දවස් හතම පාඩම් කරනවා

 

 

කිචන් එකට ගියේ මොනා හරි කන්න හිතාගෙන වුණත් තියෙන ඒවා දැක්කම තිබ්බ බඩගින්න් නැති වුණා වෙද්දි අම්මා එළියෙන් තියලා ගිහින් තිවුණ පැස්තා එක ගත්තේ හදන්න කියලා

 

 

 


 

දවසක් ඇර දවසක් කතාව දුන්නොත් ඔය ළමයි තරහ වෙනෝද මාත් එක්ක

 

ලස්සනම ලස්සන කමෙන්ට්ස් දාලා මේ ළමයව සතුටු කරවන ඔය ලමයින්ට ආදරෙයි හරිද 😌


https://t.me/brown_Soul_personal_blog



BrOwN sOuL 🤎✨

Report Page