Vintage Letters
BrOwN sOuL 🤎✨Chapter #01

උදේ පාන්දර සීතලම සීතල වතුර එක්ක ඔට්ටු වුණ මන් කණ්ණාඩියෙන් බලන් උන්නෙ මන් දිහා
තාම තෙත බේරෙන කැරලි කොන්ඩෙ එකතු කරලා චූටි ක්ලිප් එකක් ගහගෙන මන් එලියට ආවා
" අම්මා .. මන් යනවා "
" කන්න වෙලාවක් නැත්තන් මේක අරගෙන හරි යන්න ළමයෝ "
අම්මා දුන්න සැන්විච් පාර්සලේ බෑග් එකට දානගමන් මන් ගියේ ෆුට් සයිකල් එක ගාවට
සීතලම සීතල හුළං කපාගෙන මන් ඉස්සරහට බයිසිකලේ පැදන් යනවා වෙද්දි තාම හරියට වේලිලාවත් නැති කොණ්ඩ කෑලි ඕනෑවටත් වඩා මුරණ්ඩු වෙලයි උන්නේ
8 ඉදන් 4 වෙනකන් එකදිගට එකම තැනක වාඩි වෙලා ඉන්නවා කියන්නේ මන් මේ ලෝකේ කරන්න ආසම නැති දේ
පැය ගාණක් විෂයන් හතරක්
ගොඩක් වෙලාවට මන් ක්ලාස් එකෙන් කරගන්නේ ඔලුවට වඩා පොත පුරව ගන්න එක
කතා කරන්න යාලුවෙක්වත් නැති කොට මට වඩා වැඩිමල් අක්කලා අයියලා අතරේ මන් අතරමං වෙලා කියලා දැනෙන එක සාධරණයි
හැමදාම වගේ අදත් ඒ පැය ගාණ අමාරුවෙන් ගෙවලා දාලා මන් ලයිබ්‍රි එකට යන ගමන් උන්නේ
ෆුට් සයිකල් එක එළියෙන් නවත්තලා මන් උන්නේ රොබෝසියා මලිවලින් වැහිලා ගියපු පාරෙ ඇවිදින්න ඉඩ හොයන ගමන්
කියෝලා ඉවර උන පොත් දෙක භාර දුන්න මන් අතරමං වෙලා උන්නේ මන්ම ලියපු නිසදැසක වචන අස්සේ
" අලුතින් නිසදැස් ලිව්වේ නැද්ද ළමයෝ " ලයිබ්‍රි එකේ හිටපු මැඩම් අහද්දි
බෑග් එකේ තිවුණ කොළ ටික මන් මේසේ උඩින් තිබ්බේ එයාගේ මූණ හිනාවෙන් පිරිලා යනකොට
පුලුවන් ඉක්මනට ලයිබ්‍රි එකෙන් ආවේ ටිකෙන් ටික කලුවර වැටීගෙන එන නිසා
" පරක්කු වෙද්දි මට හිතුණා ඒත් ලයිබ්‍රි යන්න ඇති කියලා " මන් මේසෙ උඩින් තිබ්බ පොත් දෙක දැකලා අම්මා කියද්දි මන් හිනා වුණා
" මොකද වුණේ අද "
" මට හරි මහන්සී අම්මා " මන් ලොකු හුස්මක් පිටකරන ගමන් කියද්දි අතේ තිවුණ තේ එක මේසෙ උඩින් තිබ්බ එයා මගෙ ඔලුව අතගානවා
" තව ටික දවසයිනේ .. හැමදේම ලේසියෙන් කරන්න බෑ ළමයෝ ... ඉවසන් ඉමු අපි "
" අද ඔයාට ලියුමක් ආවා .. මන් කැඩුවේ නම් නෑ මේසේ උඩ ඇති " මන් කාමරේට යන්න නැගිට්ටම එයා කියනවා
ඇගට දැනෙන මහන්සිය අඩු කරගන්න වතුර එක්ක ඔට්ටු වෙන එක මට දැන් පුරුද්දට ගිහින් වෙනකොට පැයක් විතර මන් ශවර් එක යට ඉන්න ඇති
පස්සේ බලනවා කියලා හිතුවට තිබ්බ කුතුහලේටම ආපු ලියම කඩලා බැලුවේ
මනුස්සයෙක්ට ජීවිතේ එකම එක පාරක් හරි හම්බ වෙන්න ඕනේ ...
කෝපි සුවද පිරුණු ..
දුඹුරුම දුඹුරු පාර කොලේක
තද කළු අකුරින් ලියපු ..
ලස්සනම ලස්සන කෝපි පාට ලියුමක්..
ඉතින් එයත් සාරා වගේම ඔයාගෙන් කෝපි පාට ලියුමක් එනකන් බලන් ඉන්න පුංචි මායාකාරියක් නම්
වේලපු කැලෑ මල් මිටක් එක්ක කෝපි පාට ලියුමක් එයාට යවන්න අමතක කරන්න එපා ... !
ඒ වචන ..
තනිකරම ඇබ්බැහියක් ..
සාරා නෙමේ ..
මේ වචන අස්සේ අපිව අතරමං කරවන මායාකාරි ඔයා
ඉතින් මේ පුංචි මායාකාරිට වේළිච්ච කැළෑ මල් මිටක් එක්ක කෝපි සුවද පිරිච්ච ලියුමක් මගෙන් ...
දවස තිස්සෙ හෙම්බත් වෙලා උන්නු මගෙ මූණට ලස්සනම ලස්සන හිනාවක් එකක වැටෙන්න පොරකන කදුලු අහුරක් ගෙනාපු ඒ කෝපි පාට ලියුම
" දුව ... කෑම කන්න එන්න "
මගෙ කෝපි පාට ලියුම උඩම තිවුණ ගණන් පොත අස්සට යද්දි මන් යටට ගියේ කෑම කන්න
කොහොමද ළමයි 🥹✨
කතාව පැටලිලා වගේද
ඉක්මනට අවුල් ටික ලෙහන්නම් ඒයිලා
කතාව දිගටම ඕනෙද 😚✨
https://t.me/brown_Soul_personal_blog
BrOwN sOuL 🤎✨