Vintage Letter
BrOwN sOuL 🤎✨Chapter #14

අදුරු වලාකුළුවලින් අහස පිරිලා තිවුණා වෙද්දි මෙච්චර වෙලා මන් නොදැක්ක ඩේසි මලක් මේ වෙද්දි එයාගේ අතේ තිවුනා
ඒ මල දිහා ටිකක් වෙලා බලන් උන්නු එයා ඒක මන් දිහාවට දික් කරේ මන් හරි ආසාවෙන් ඒ මල අතට ගද්දි
" මෙච්චර කල් මට හමබ් වුණේ වේලපු කැලෑ මල්නේ "මන් හිනා වෙලා කියද්දි මගේ මූණ දිහා බලන් උන්නු එයා
" ආපු වෙලාවේ ඉදන් හදවතින්ම හිනා වුණ පළවෙනි පාර මේ "
එයා කියද්දි මෙච්චර වෙලා මගෙ මූණේ තිබුන හිනාව අතුරුදහන් වෙලා ගියා
.....................
" අම්මා එන්න කලින් යන්න ඕනේ මන් " එයාගේ අතේ තිවුණ ඔරලෝසුව දිහා බලන් මන් කියද්දි
" 12.30 වෙලාව " එයා කියද්දි මන් නැගිට්ටේ ලයිබ්‍රි එකට ගිහින් පොත් ටික මාරු කරගන්න .. එයත් එනවද කියලා අහන විදිහේ බැල්මක් මගෙන් එයාට ලැබුණා වෙද්දි
" ඔයා ගිහින් එන්න මන් ඉන්නම් " එයා වාඩි වෙලා ඉදිය තැනින් නැගිටින්නෙවත් නැතුව කතා කලේ හරි නිවුණු කටහඩකින්
හිතේ තිබ්බ හැගීම් හිරකරගෙනම මන් ලයිබ්‍රි එක ඇතුලට ගියත් පොතක් තෝරගන්න තරම්වත් කල්පනාවක් අද මට නැති වෙලා ගිහින් තිවුණා
" අද නිසදැස් .. කවි මුකුත් නැද්ද " ලයිබ්‍රි එකේ උන්නු මැඩම් අහද්දි මන් ඔලුව වනලා හිනාවුණේ නෑ කියන්න
පොත් දෙක මාරු කරන් එන ටිකට මෙච්චර වෙලා මාත් එක්ක ඉදිය ඒ කෝපි පාට හදවතේ අයිතිකාරයා අතුරුදහන් වෙලා ගිහින් ..
ලයිබ්‍රි එක වටේම හෙව්වත් එයාගේ සේයාවක්වත් නැති තැන මන් ෆුට් සයිකල් එක ගාවට ගියේ ගෙදර යන්න හිතාගෙන ..
ෆුට් සයිකල් එක ඉස්සරහ තිවුණ බකට් එකේ තිබිලා අහම්බෙන් දැක්ක ඩේසි මල ආයෙම පාරක් මගෙ මූණට හිනාවක් ගේද්දි මන් ගෙදර යමින් උන්නා
..................
අයිනක ඉදන්ම කාමරේ අස් කරන්න ගත්තේ කාමරේ අස් වෙලා ඉවර වෙද්දි මගෙ හිතටත් නිදහසක් දැනෙන නිසා ..
" අකේෂී .. කෑම කන්න එන්න දරුවෝ "
" මේ ටික අස් කරලා ඉවර වෙලාම කන්නම් අම්මා " අස් කරන්න ගත්තට ඒක එහෙන්මම වෙද්දි මන් උන්නේ ඔක්කොම වැඩ පැත්තකින් තියලා ලොකු කල්පනාවක
එයා ඇයි එකපාරටම අතුරුදහන් වෙන්න ඇත්තේ ..
ඒක අපේ පලවෙනි වගේම අවසාන හමුවීම වෙයිද
එතකොට .. තවදුරටත් මගේ හැමදේම බෙදා ගන්න ඉදිය අහිංසක කෝපි පාට හදවත මගෙත් එක්ක නැද්ද ..
ඇගේ අගට වෙලා වැටෙන්න පොරකන කදුලුවලට නිදහසක් නොදීම මන් ආයෙම කාමරේ අස් කරන්න ගත්තේ ඒ ගැන හිතන්න හිතන්න මගෙ ඔලුව අවුල් වෙන නිසා
" මොකක් හරි ප්‍රශ්නයක්ද දරුවෝ .. " අම්මා කාමරේට එබිලා අහන්නේ මගෙ වෙනස එයාටත් දැනිලා වගේ
" නෑ අම්මා .. ඇයි "
" ඔයා අද ටිකක් අමුතුයි " වෙන මුකුත් නොකියා අම්මා කාමරෙන් ගියා වෙද්දි මන් ඇද යට තිවුණ පොඩි කාලේ ඉදන් එකතු කරපු සුකුරුත්තන් කෑලී බෑලී පිරිච්ච ලී පෙට්ටි ටිකක් අස් කරමින් උන්නා ..
...................
අස්සක් මුල්ලක් නෑරම කාමරේ දූවිලි පොදක් නැති වෙන්න අස් කරලා දාලා මන් උන්නේ මහන්සිය නිවා ගන්න සීතල වතුර එක්ක ඔට්ටු වෙන ගමන් ශවර් එක යට වෙලා ... මට වෙලාව ගැන වගේ වගක් නොවෙද්දි පැයකටත් වැඩි කාලයක් මන් වතුරත් එක්කම ගෙවලා දාලා තිවුණා ..
අහස් ..
ගෙදර ආපු වෙලා ඉදන් අමතක කරන්න උත්සහ කරපු කාරණේ ආයේ ආයෙම මගෙ හිතට වද දුන්නත් මන් ඉදියේ ඉස්සෙල්ලා වගේ බය වෙලා නෙමේ ..
මට වඩා උපරිම අවුරුද්දක් විතර වැඩිමල් ඇති කියලා හිතපු එයාව දැක්ක පලවෙනි මොහොතේ ඒක එහෙම නෙවේ කියලා දැනුනම ටිකක් කලබල වෙන එක .. ඒක සාමාන්‍යයි අකේෂී මන් මාවම සන්සුන් කරන්න උත්සහ කලත්
" මෙච්චර කල් කතා කලා වගේම නම කියලා කතා කරන්න මට .. වයස .. ඒක ගැන ඔච්චර හිතන්න එපා .. අයියාලා අක්කලා නෑ කියලානේ හැමවෙලේම නහයෙන් අඩන්නේ .. මං ඔයාගෙම අයියා කියලා හිතගන්නකෝ .. එතකොට හරිනේ .. එහෙම බැහැ වගේ නම් මෙච්චර කල් උන්න වගේ ඔයාගේ හැමදේම දන්න .. කවදාවත් නොදැකපු යාලුවා කියලම හිතාගෙන මේ හමුවීම සදහටම අමතක කරන්න .. අකේෂී .. ඇයි නංගී මේ .. ඔච්චර බය වෙන්න දෙයක් වුණාද .. ම්ම්.. "
ඒ වචන මතක් වෙන වාරයක් පාසා මන් පීච් ගෙඩියක් වගේ රතු වෙන ගමන් උන්නේ ..
හිතුවෙවත් නැති විදිහට මගේ ජීවිතේට ඇවිල්ලා .. ටිකින් ටික ඒක ලස්සන කරමින් උන්නු එයා මන් ගැන හොදටම දන්න කවදාවත් නොදැකපු යාලුවෙක් විතරයි කියලා හිතලා මට මේ දේවල් අමතක කරන්න පුලුවන් ද ..
එහෙමත් නැතුව මෙච්චර කල් නෑ කියලා වද වුණු අයියෙක්ගේ ආදරේ එයාගෙන් හොයන ගමන් පැත්තටක වෙලා ඉන්න ... ඒත් බැරි නම් ඇත්තටම ඒ ඔයාගේ කවුද අකේෂි ..
හැමදාම එයාගෙන් ලැබෙන වේලපු කැලෑ මල් පොකුර වෙනුවට මට හමබ් වුණ පුංචිම පුංචි ඩේසි මල දිහා බලාගෙන මන් ලොකු කල්පනාවක ..
ඒත් එක්කම හිතට ආව අදහසක් නිසා මන් උන්නේ අමුතුම උද්යෝගෙකින් ..
ස්ටෝර් රූම් එකට දුවලා මෙච්චර කල් ඒකට වෙලා ඉදිය මගේ රෙසින්ග්ස් ටූල්ස් ටික අරගෙන මන් ආපහු වතාවක් කාමරේට ආවේ එයාගෙන් හම්බ වුණ ලස්සනම ලස්සන ඩේසි මලට කවදාවත් පර නොවී ඉන්න දෙන්න ..
වැඩිය රෙසින් ගැන නොදන්නවා වුණත් යූටියුබ් වීඩියෝස් නිසා මට ඒ ගැන පුංචි දැනුමක් වෙද්දි එයාගෙන් ලැබුණ ඒ ඩේසි මල ලස්සන පෙන්ඩන්ට් එකක් වෙන ගමන් උන්නේ ....

..........
ඉතින් .. මොනා වෙයිද ඉස්සරහට
හොරෙන්ම කතාව කියවලා යන ළමයි .. අදවත් කමෙන්ට් කරයි කියලා බලන් ඉන්න කෝපි පාට ඕතරී 🥹🤎✨
https://t.me/brown_Soul_personal_blog
BrOwN sOuL 🤎✨