Track Out 🤭😂

Track Out 🤭😂

Ovi Randana ❤️


Last Episode

https://telegra.ph/Track-Out-04-13-3


පසුවදන


දෙව්ලි ආශි නිශූ රිතූ සදූ පාසලේ පලමු වසරේ සිට හොදම මිතුරියන් වූ ඔවුන් කාලය ගත වුවත් ඒ මිතුදම් එලෙසකම පැවතුණි...සාමාන්‍ය පෙලින් පසුව මෙම මිතුරියන්ට හමු වූ තවත් අපූරු මිතුරන් තිදෙනා ශේන් රුවිරු සහ රුෂිර නම් විය...පසුව රුෂිරගේ සොහොයුරා යශ් සහ ඔහුගේ හොදම මිතුරා ශෙනාල්ද මොවුන්ට එක් වූයේ ආත්මගත බැදීමක් අයුරෙනි...


හොදම මිතුරන් ලෙස සිට පෙමින් බැදුණු ඔවුන් අද වන විට ජීවිතයේ බොහෝ ඉලක්ක සපුරා ගොස් සමාජයේ ලැබිය හැකි ඉහලම පදවියන්ද ලබා ඇත..එනම් මව් පදවිය සහ පිය පදවියයි...කෙසේ වගකීම් වලින් සහ වයසින් මුහුකුරා ගියද ඔවුන් සතුව පැවති කෙලිලොල් ගතිය එලෙසමයි...


සැබෑ මිතු දමක අරුත පහදා දීමට මොවුන් කදිම නිදසුනකි...මිත්‍රත්වය ආදරය කිසිදා මිල කල නොහැක..එහි නිමක්ද නොමැත..ෆැන්ටසියක කතා මැව්වද රියැලිටියේද මෙවැනි මිතුදම් තිබෙනු නොඅනුමානය...


හොදම මිතුරියන් පස් දෙනෙකු වටා ගෙතුනු ඒ අපූරු කතා ගෙත්තම තවත් අපූර්වත්වයෙන් හැඩ කිරීමට ඔවුන්ගේ දිවියට පැමිණි අපූරූ පිරිමි ලමුන් පස් දෙනෙක් විසින් ඔවුන්ගේ දිවි මග තවත් වර්ණවත් කරන ලදී...



එසේ ගෙතුණු අපූරු කතා ගෙත්තම මෙතනින් නිමයි...




ලමායි ඇත්තටම කිව්වොත් මේ කතාව මට ගොඩාක්ම ස්පේශල්...එකක් තමයි මගේ කතු ජීවිතය පටන් ගත්තේ මේ කතාවෙන්...අනිත් විශේෂම කාරණාව තමයි මේක මගේ ජීවිතේට ගොඩක් සමීප කතාවක්..මොකද මේකේ තියන ගොඩක් දේවල් ඇත්ත..මගේ සහ මගේ හොදම යාලුවො හතර දෙනාගේ ජීවිතේ ලස්සනම කාලේ ඒ වගේම ඉස්සරහට අපේ ජීවිතවල හීන මවන ලස්සනම කාලේ ගැන තමයි මේකේ තියෙන්නේ..


ඉතින් සමහර අයට කතාව සෙට් වෙන්න ඇති සමහර අයට සෙට් උනේ නැතුව ඇති..කතාව කියවපු මාත් එක්ක මෙච්චර කල් රැදිලා හිටපු ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි..ඒ වගේම හැමදාම කමෙන්ට් කරපු අයත් හිටියා..ඒ අයටත් ගොඩාක් ස්තූතියි..මොකද ඔයාලගේ එක පුංචිම පුංචි කමෙන්ට් එකකින් කතාව ලියන අපිට ලොකු හයියක් එනවා...


ඒ වගේම මේක කියන්නම ඕන කතාවට දෙව්ලි ආශි රිතූ සදූ චරිත වලට පණ පොවපු ඇත්තම ජීවිතේ මගේ හොදම යාලුවො හතර දෙනා නොහිටින්න ඔයාලට මේ වගේ ලස්සන කතාවක් කියවන්න වෙන්නේ නෑ..ඔයාලගේ මේ ඕතරී පිටි පස්සේ ඉන්න හයිය එයාල..සමහර වෙලාවට කමෙන්ට්ස් නැති වෙද්දි රියැක්ට්ස් අඩු වෙද්දි කතාව ලියන්න එපා උනාම නෑ උබට පුලුවන් කවුරු නැතත් අපි කියවනවා කියලා මගේ හයියට හිටියේ එයාල...ඉතින් එයාලටත් මන් අනිවාර්‍යෙන් තෑන්ක්ස් කරන්නම ඕන ❤️


ඉතින් සමු ගන්න අවසර 🙏පසු කලෙක නැවත මුණගැසෙමු 🥺❤️

✍️

Nishu(Ovi Randana)





Report Page