Track Out 🤭😂
Ovi Randana74th Episode
https://telegra.ph/Track-Out-04-13-2
75th Episode(Last Episode)👇
දෝණි මෙහේ එන්න..
පොඩ්ඩක් ඉන්න මේ මාලු ටික කපලා එනවා..
දෙව්ලි කාමරේට යනකොට යශ් එයාලගේ අවුරුදු තුනක් වයස චූටි දුව එක්ක සෙල්ලම් කර කර හිටියේ...
ඇයි කතා කරේ..
මන් කතා කරේ නෑ සුදූ ඔයාට..
එතකොට දැන් දෝණි ගෑවේ කාටද..
අ යියෝ අම්මී..තාත්ති දෝණි ගාවේ සූති දෝණිත..ඔයාත නෙමෙයි අනේ..ඔයා ලොතු බබෙක්නේ..
අනේ අනේ තාත්තටම ගැලපෙන දෝණි පොඩ්ඩ..ඔයාගෙ තාත්ති ඔයාව හම්බ වෙන්න කලින් මට කිව්වෙත් දෝණි කියල..ඉතින් ඒකයි මන් ආවේ...
තාත්ති ආදලේ සූති දෝණිත නේද..අම්මි ආදේ මල්ලි බබාත විතරනේ...
අනේ අනේ පැහිච්ච කෙල්ල අම්මි ඔයාටත් ආදරෙයි මැණික..ඔයානේ අම්මිගේ රෝස මල..හැබැයි තාත්ති එක්ක නන් තරහයි අම්මි...
දන්නවද දෝණි ඔයාගේ අම්මිට ඔය ඉරිසියාව හොදේ තියෙන්නේ..ඔන්න මන් කිස් එකක් දුන්න ගමන් අම්මි මාත් එක්ක යාලු වෙනවා හොදේ...
අන්න අරහෙට වෙන්න අනේ තව වැඩ තියනවා කරන්න මට..මේ පුතාව චුට්ටක් බලන්න හොදේ...
අම්මිව මන් පස්සෙ අල්ලගන්නම්කෝ..දැන් තාත්තිව කපලනේ ඉන්නේ..
නාකි කෝලම්..
කාලය හීයක් වේගෙන් ගත වෙලා ගිහින්...දෙව්ලි යශුයි අද වෙද්දි ලස්සන චූටි දූ සිගිත්තියකගේ සහ මාස හයක් වයස චූටි පුතෙක්ගෙ අම්මයි තාත්තයි වෙලා..ඒ වගේම ආශි ශෙනාල් රිතූ ශේන් රුෂිර නිශූ වගේම සදූයි රුවිරුයි මැරි කරලා පවුල් පන්සල් වෙලා ඉන්නේ..ආශිටයි ශෙනාල්ටයි අවුරුද්දක් වයස පුතෙක් ඉන්නවා..රිතූයි ශේනුයි නන් වෙඩින්ග් එක අරන් වැඩි කාලයක් උනේ නෑ..සදූටයි රුවිරුටයි අවුරුදු එකහමාරක චූටි දුවෙක් ඉන්නවා...රුෂිරයි නිශූයි ඒ පදවිය ලබන්න දින ගනිමින් ඉදියේ..
අයියේ අනේ පොඩ්ඩක් ගේ අතු ගානවද..මන් උදේ අතු ගෑවා ඒත් මේ චූටි දෝණි ක්ලේ වගයක් හලලනේ..පොඩ්ඩක් අතු ගාල දාන්නකෝ...
මේ සුදූ අන්න කට්ටිය ආවද කොහේ..
ඔයා පොඩ්ඩක් ඉස්සරහට යන්නකො මන් එන්නම්..
අද කට්ටියම යශ්ලගේ ගෙදර ලන්ච් එකට එන්න ප්ලෑන් කරල තිබ්බේ...
අඩෝ අඩෝ යශ් කවද කරපු වැඩද යකෝ මේව උබ මොකද මේ කොස්සක් අතේ තියන්...
ආ මේ බන් සතෙක්.. සතෙක් හිටිය...උට ගහන්න ගත්තේ...
අනේ පලයන් බල්ලො බොරු නොකියා..දෙව් නංගා ගානට උබෙන් වැඩ ගන්නව වගේ නේ...
ආපු ගමන් ඕප හොයන්නෙ නැතුව වාඩි වෙයන්...ආශි ඔයාවත් මේකව හදාගන්න බලන්න..චීත්තේ වගේනේ මූත්...
මන් උබට කියන්නේ නෑ චීත්තේ ගැන...
ආ ඔය එන්නේ ඉතුරු අඩුපාඩු ටිකත්..
කෝ අයියේ මගේ පුලුන් බෝල දෙක...
අනේ අනේ නිශූ උබ එන්නෙම පුලුන් බෝල හොයාගෙන..යකෝ මේ අපි ගැනත් පොඩ්ඩක් හොයපන්..
ආනේ නිතූ පුංතා ඇවිල්ලා..තෝයි නේ..බබාත සෙල්ලම් කලන්න පුලුවන්...
කොහොමද මගේ පුලුන් බෝලේ..පුංචව බලන්න ආවෙත් නෑ..ඔන්න පුංචම ආවා..
මල්ලි බාබගේ වැද හින්දා අම්මිට දෝනිව එක්කන් යන්න ටයිම් නෑ කිව්වා පුංතව බලන්න..
ඒකනේ මේ අම්මි හරි නෝටි නේ..අල්ලන් ගහන්න ඕන දෙකක්..දෝණි යන් පුංචයි බාප්පියි එක්ක...
හා නමු...
පුංතෝ...
ඇයි මැනික..
මේ බන්දිය ඇතුලේ ඉන්නේ නංගියෙක්ද මල්ලියෙක්ද..
බාප්පිගෙන් අහල බලන්නකෝ මැනික...
බාප්පි...
ඇයි රන්...
පුංතගේ බන්දිය ඇතුලේ ඉන්නේ නන්දි බබෙක්ද මල්ලි බබෙක්ද..
දෝණි කැමති කාටද..
මත මල්ලි බබෙක් ඉන්නෝනේ..නන්දී බබෙක්ව ඕන...
ආ එහෙනන් අපි පුංචට කියපු නංගි බබෙක් ගේන්න කියලා..
මේ කෙල්ල නන් පැහිලා වැඩී...
සුදු බෝලේ නිදිද දෙව්..
ඔව් බන් උදේ කිරි බීල නිදාගත්ත ගමන් තාම නැගිට්ටේ නෑ..එයා නිදා ගත්ත එකෙන් ලේසි උනා වැඩ කරගන්න...
කොහෙද මන් කිව්වනේ දෙව්ට බබාල එක්ක අමාරු නිසා අපේ ගෙදර ලන්ච් රෙඩි කරමු කියලා..
ඒකට කමක් නෑ ශේන්...කට්ටියම හුග දවසකින් මෙහෙ ආවෙත් නෑනේ ඉතින්...
චූටි දෝණි මේ මල්ලි බබයි නංගි බබයි එක්ක සෙල්ලම් කරන්න ගිහින්..පව්නේ එයාලා...
රුෂිර මන් සුදු බෝලෙව බලල එන්නම්..
නිශූ බලාගෙන අඩිය තියෙන්නෙ හිමින් හොදද..කොහෙද මේ ගෑනිට මෙලෝ සිහියක් නෑනේ වෙලාවකට..කිසි පරිස්සමක් නෑ ඇවිදිනකොට..
අනේ මේ මන් පරිස්සමෙන් අඩිය තියනව හොදේ...ඔයානෙ බොරුවට කෑ ගහන්නේ මෙතන...
බොරුවට කෑ ගහන්න එපා පොඩී ඒ ලමයට..
නෑ අයියා අර බඩත් උස්සන් පාත්තයෙක් වගේ ඇවිදිනකොට මට බයයි..
ඔහොම තමයි බන් ඔය කාලෙට..උබත් නිකන් පොඩි එකා වගේනේ...
සිතූ නංගා එහෙම කතා කරාද ශෙනාල් අයියේ...
ඔව් සදූ ආශි එක්ක ඊයෙ කතා කරල තිබ්බා...
කෙල්ලට එහේ අල්ලලා ගිහින් තියන පාටයි..සුදුත් වෙලා...
එහෙනම් ඉන්ග්ලන්ඩ් වලින්ම සෙට්ල් වෙයිද දන්නෑ...
අනේ මන්දා රුවිරු අම්මා නන් දාගෙන මගුල් හොයනව මෙහෙ...
කට්ටියම එන්න කන්න..ලන්ච් රෙඩි...
සතුටු සිනා මැද්දේ කාලා බීලා කට්ටිය සින්දුත් කිව්වා..
ආ යශ් මට කියන්න අමතක උනානේ...
මොකක්ද බන්..
මේ ලගදී නතාෂව හම්බ උනානේ මට...
උබ එක්ක කතා කරාද..
නෑ බන්..දැකල බිම බලන් ගියේ..හැබැයි ගෑනිගේ ගෑස් බැහැල බන් හොදටම...
ම්ම් ඒක තමයි වැරදි කරාම ඔහොම තමයි ඕකෙන්ව්ත් පාඩමක් ඉගෙන ගත්ත එක ලොකු දෙයක්...
මේ අපි ඔය ටොපික් එක වෙනස් කරමු නේ..පරණ දේවල් ඕන නෑනේ...
ඒක නන් ඇත්ත රිතූ...
ඒකෙන් පස්සෙ ඉතින් කොල්ලො ටික දේශපාලනේ ගැන ඇදල ගනිද්දි කෙල්ලො ලමයි ගැනයි ගෙදර වැඩ ගැනයි කතා කරා..
ඒක නෙමෙයි බලන්නකෝ නේ ඉස්සර අපි ඉදපු විදියයි දැන් ඉන්න විදියයි දැක්කම මේ අපිමද කියල හිතෙනව නේ...පිස්සු කෙල කෙල ඉදල අන්තිමට අපි වගකීම් සහත මිනිස්සු වෙලා...
ඒක තමයි ආශි ජීවිතේ කියන්නේ...ලමා කාලේ ලමයි විදියට හිටියා..පස්සෙ ලොකු වෙන්න ලොකු වෙන්න වගකීම් වැඩි උනා..ඒවට නිකන්ම හුරු වෙලා අපි...(නිශූ)
කොහොම උනත් මට නන් අද අපි කට්ටිය ගැන මාර සතුටුයි..ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ පවා අපි කට්ටිය මේ දවස් වෙනුවෙන් හීන මැව්වා..අද ඒවා හැබෑ වෙලා...
ඒක නන් ඇත්ත දෙව්..මතකද ඒ කාලේ ඕෆ් පීරියඩ් වල අපි කතා වෙන හැටි කට්ටියම ඇනෙක්ස් එකක් අරන් ඉමු..එකට උයාගෙන කමු ඔක්කොම...අනේ ශෝක් බන් ඒ කාලේ...
අපේ ලමයිත් අපි වගේම හොදම යාලුවෝ උනොත් ශෝක් නේද..
අපි විශ් කරමු නිශූ එහෙම වෙන්න කියල..ආපේ යාලුකම් ඊයෙත් එහෙමයි අදත් එහෙමයි හෙටත් ඒක එහෙමමයි..දවසක අපේ දරුවොත් එහෙම උනොත් ඇත්තටම අපි හරි ලකී...
පාසලේ පලමු වසරෙන් ඇරඹි මිතුදම් අද වන විට වසර ගණනාවක් ගත වී ගියද ඒ මිතුදම් එදාටත් වඩා ශක්තිමත් වෙලා..ඉස්සර පොඩි දේටත් රණ්ඩු කරල හොටු පෙරාගෙන අඩපු පුංචි කෙල්ලො අද අම්මලා වෙලා..ආතල් එකේ හිටපු කොල්ලො අද තාත්තල වෙලා...ඉස්සරට වඩා වගකීම් වැඩි උනත් ඒ තිබ්බ සැහැල්ලුව අදටත් ඔවුන් ගාවම පවතී...ඊයෙටත් අදටත් හෙටටත් ඒ මිතුදම් එලෙසමයි...
පිස්සු කෙල්ලන් පස් දෙනෙකු වටා ගෙතුණු ඒ අපූරු කතා ගෙත්තම මෙතනින් නිමයි....
නිමි....
කතාව ඉවරයි ලමායි...එපි 75ක් පුරාවටම මාත් එක්ක රැදිලා හිටපු ඔයාල හැමෝටම ස්තූතියි..කමෙන්ට් එකක් හලාගෙන යන්න බලන්න...අද නන් ටිකක් දිග කමෙන්ට් එක්ක ඕන හොදේ...ඔයාලට හිතෙන ඕන දෙයක් දාන්න කතාව ගැන..මොකද මගේ ෆස්ට් ස්ටෝරි එකනේ..අඩුපාඩු ඇති...
ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයාල හැමෝගෙම වැඩ කටයුතු සාර්ථක වෙන හැමෝටම සතුටින් ඉන්න ලැබෙන සුබ අලුත් අවුරුද්දක් වේවා..🌞🤍
පසුවදනින් නැවත හමුවෙමු 😊❤️