Track Out 😂🤭
Ovi Randana74 th Episode Part 1
https://telegra.ph/Track-Out-04-13
74th Episode Part 2 👇
ස්ක්‍රීන් එකේ තිබ්බේ දෙව්ලි යශුයි මුලින්ම හම්බ උන දවස..KFC එකේදී අයිස්ක්‍රීම් හැලිලා යශ් කේන්තියෙන් දෙව්ලි දිහා බලන් අත දික් කර කර බනින වෙලාවක ශෙනාල් ගහපු පොටො එකක් තිබ්බේ...
" ඔන්න ඉතින් මෙහෙම තමයි අපේ මේ මනමාල ජෝඩුව මුන ගැහුනේ..."
ශෙනාල් එහෙම කියල තවත් ෆොටොස් වගයක් ස්ක්‍රීන් එකේ දැම්ම ඒවල තිබ්බෙත් දෙව්ලිගෙයි යශ්ගෙයි එක එක දවස්වල ගහපු ෆොටෝස්..මේ හැම ෆොටෝ එකම Random ඒවා..මොකද ෆොටෝ එකේ ඉන්න දෙන්නවත් දන්නේ නෑ ඒ ෆොටෝස් කොයි වෙලේ කොහොම ගහපුවද කියල...
සුදූ...බලාගෙන යද්දි මුන් කැමර් එක කොයි වෙලෙත් අපිට ෆෝකස් කරගෙනනෙ ඉදල තියෙන්නේ...
ඒකනේ අයියේ..මුන්ගේ මහ කුප්ප වැඩ..ඒ කාලේ ඉදන්ම නිශූලා කිය කිය හිටියේ ඕක..අන්තිමට කොහොම හරි ඒකත් කරා...
අන්තිමටම ස්ක්‍රීන් එකේ දැම්මෙ දෙන්නගේ ෆ්‍රී ශූට් එක දවසේ තිරය පිටුපස වෙච්ච ආතල් සිද්දි ටික...කපල් එක සෙට් එක දිහා බලන් හිටියේ උබලව පස්සෙ අල්ලගන්නම් වගේ බැල්මකින්...හෝල් එකේ හිටපු හැමෝමත් මේ දෙන්නගේ ආදර කතාවෙ රස මුසු තැන් හිනා වෙවී රසවින්දා..
"ඉවරයි කියල හිතුවට ඉවරම නෑ හොදේ....මේ දෙන්නගේ මේ අවුරුදු ගානක ආසාවක් තමයි මේ අද ඉශ්ට වෙන්න යන්නේ..මේ කතාව කරන්න ඒ දෙන්න අවුරුදු ගානක් බලන් හිටියලු..ඉතින් ඔන්න අපි දැන් අවස්ථාව දෙමු ඒ දෙන්නට."..
ශෙනාල් මෙහෙම කියනකොටම දෙව්ලිට තේරුනා කවුද මේ කතා කරන්න යන්නෙ කියල..ඔව් ඒ තමයි ආශියි නිශූයි...ශෙනාල් මයික් එක ආශි අතට දීලා එහාට උනා..
Good afternoon හැමෝටම.
මේ අපි පලවෙනි වතාවට තමයි කතාවක් කරන්නේ.ඒ හින්ද අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න ඕන.මුලින්ම කියන්න ඕන අද අපේ හොදම යාලුවෙක් වෙන දෙව්ලිගේ සහ අපේ අයියා වෙච්ච යශ් අයියගේ ජීවිතේ ලස්සනම දවසෙ මෙතනට ආපු හැමෝටම ගොඩක් ස්තූතියි.දෙව් කියන්නේ හරිම නිවිච්ච කෙනෙක් දන්නෝ දනිති😜.ඒ වගේම හරිම අහින්සකයි.ඒක ඉතින් යශ් අයියා තරම් අපිවත් දන්නෙ නෑ😂.නේ අයියේ...ඒ වගේම යශ් අයියා කියන්නේත් හරිම නිවිච්ච චරිතයක්...ජිවිතේට කේන්ති යන්නේ නෑ.🥲අපි ඒ ගැන කතා නොකර ඉමු නේ නිශූ.
ඒ ඔව් බන් මන් දැකපු අහින්සකම කොල්ලයි කෙල්ලයි මේ ඉන්නේ.මුන් දෙන්නා ජීවිතේට එක වලියක් දාගෙන නෑ.දාගත්තොත් දාගන්නේ වලි එක පිට.මුන් දෙන්නගේ ප්‍රශ්නයක් අපි ජිවිතේට විසදල නෑ....මොකද මේ දෙන්නට ජිවිතේට ප්‍රශ්නයක් ඇවිත් නෑ....(නිශූ)
ඉතින් අන්තිමට වතාවට කියන්න තියෙන්නේ මගේ ජීවිතේ හම්බ උන හොදම යාලුවෙක් කියනවට වඩා සහෝදරියක් කියන වචනේ එතන්ට ගැලපෙනවා..මොකද මේ මගේ ලොකු අක්කා..ඉතින් මගේ අක්කයි අයියයි හැමදාම සතුටින් ඉන්න ඕන..ඉතුරු ටික මන් නිශූට බාර දෙන්නම්..(ආශි)
ඇත්තටම මට කියන්න තියෙන්නෙත් ආශි කියපු ටිකම තමයි..මගේ ජීවිතේ මන් වැඩිපුරම ආස දවසක් අද ඒ වගේම විශේෂ දවසක්..මේ දෙන්නට වඩා අපි හරි ආසාවෙන් හිටියා මේ දවස එනකන්..මන් දැක්ක හරිම ලස්සන කපල් එකක් මේ ඉන්නේ..දෙන්නටම මූලග්ගින්න තියනවා ඒක වෙනම කතාවක්..මරාගන්න ගියාම දෙන්නම පොඩි උන් වගේ...අම්මල තාත්තල උන දවසට ලමයි එක්කත් වලි දාගනියි..ඉතින් ඒක නිසා මේ දෙන්න කියල තියෙන්නෙ මෙයාලගෙ ලමයි අපිට බලාගන්න දෙනව කියල..නැත්තං ඒ පොඩි උනුත් මේ ඩබල වගේම මූලග්ගිනිකාරයෝ වෙනවනේ...(නිශූ)
අන්තිමට කියන්න තියෙන්නේ මේ ඉන්නේ අපිට හම්බුන හොදම යාලුවෙක්.සමහරු අපිව අමතක කරද්දි වෙනස් වෙද්දි දෙව් කියන්නේ හැමදාම අපිත් එක්ක ඉදපු කෙල්ලෙක්...ඇත්තටම උබට හරි යන්න ඕන බන්.අපි එක්ක හැමදාම ඉදියට තැන්කූ බන්...එ වගේම අයියෙ ඔයත් අපිව අදුරගත්ත දවසෙ ඉදල අපේ ප්‍රශ්න වලදි අපි එක්ක ඉදිය.පොඩි කාලේ ඉදන් ඉදපු යාලුවො අපිව අමතක කරද්දි ඔයා අපි එක්ක ඉදිය....අමාරු කාල වලදි ඔයාට පුලුවන් විදියට අපිට උදව් කරා.ඔයා අපිට අපේම අයියා කෙනෙක් වගේ.ඉතින් ඔයාල දෙන්නට ලස්සන අනාගතයක් වෙන්න ඕන.අපිව ඉක්මනට පුන්චිලා කරනෝ හොදේ.මගේ ලස්සන පුලුන් බෝල ටික ඉක්මනට ගේන්න ලැබේවා කියල විශ් කරනවා...අයියේ ඔයා වෙනුවෙන් නම් අපි සතියකට පාරක් බෝදි පුජාවක් කරන්නම්.මොකද මේකි එක්ක ඉන්න බෑ.සතුටින් ලස්සනට හිනා වෙලා හැමදාම ඉන්න.(නිශූ)
ආතල් එකෙන් පටන් ගත්ත කතාව අන්තිම වෙද්දි ඉමෝශනල් වෙලා නිශූ ආශි අඩන්න පටන් ගත්තා..මේ කතාව අහන් හිටපු ගොඩක් අය මේ වෙද්දි සංවේදි වෙලා හිටියේ...මොකද මේ වගේ ලස්සන යාලුකම් හරිම දුර්ලභ නිසා..දෙව්ලි නන් මේ වෙද්දි හොදටම අඩනවා..කතාව ඉවර වෙනවත් එක්කම එයා දුවල ගිහින් නිශූවයි ආශිවයි බදා ගත්තා..පස්සෙ කදුලු පිහිදගෙන මයික් එක අරගත්තා...
මෙහෙම කතාවක් කරන්න අදහසක් තිබ්බෙ නෑ..ඒත් නිශූයි ආශියි කරපු කතාවත් එක්ක මේක කරන්නම ඕන කියල හිතුනා..සමහරවිට මේක මෙතන්ට ගැලපෙන්න නැතුව ඇති..ඒත් අද අපේ විශේෂ දවසෙ එකතු වෙලා ඉන්න ඔයාල හැමෝම මේක දැන ගත්තට කමක් නෑ..නිශූ ආශි රිතූ සදූ මේ ඉන්නෙ ඉස්කෝලේ 1 වසරේ ඉදන් අද වෙනකන් කිසිම වෙලාවක මාව අත් අරින්නේ නැතුව මාත් එක්ක හිටපු සහෝදරියෝ හතර දෙනා..පස්සේ O/L වලට ආවට පස්සෙ ඒ වගේම සහෝදරයෝ හතර දෙනෙකුත් හම්බ උනා..ඒකෙන් පස්සෙනෙ ඉතින් මගේ හබියව හම්බ උනේ..ඉතින් මේ ඉන්නේ මගේ ජීවිතේ මන් වැඩිපුරම ආදරේ කරන අය..වෙන අය කියයි අපෝ යාලුවො වෙනස් වෙනවා කියලා..නෑ ඒ කතාව බොරුවක්..මේ ඉන්නේ ඒකට හොදම සාක්ෂිය...ඉතින් උබල හැමෝටම තෑන්ක්ස් අමාරු කාලේ අපි එක්ක හිටියට..ඒ වගේම අපේ දවස ලස්සන කරන්න මහන්සි උනාට.. ඉස්සරහටත් ඒ විදියටම අපි එක්ක ඉන්න..
ඕකේ ගායිස් දැන් කට්ටියම ඉමෝශනල් උනා ඇති..Now ඩාන්සින් ෆ්ලෝ ඉස් ඕපන් ෆෝ යූ ගායිස්..කම් ඇන්ඩ් එන්ජෝයි...
ඒ අතරේ යශුයි දෙව්ලියි ගියා Going away එකට ඩ්‍රෙස් කරන්න..දෙව්ලි රෙඩ් ලෙහෙන්ගා එකක් අදිද්දි යශ් ඒකට ගැලපෙන විදියට රතුයි සදුයි මික්ස් වෙච්ච කුර්තා එකක් ඇන්දේ..දෙන්නම ලස්සන ටැමිල් කපල් එක්ක විදියට හැඩ උනා..
වාව් දැන් නන් කෙලින්ම හින්දි නිලියක් වගේ දෙව් උබ..
හේ තෑම්ස්..
යමු නේද බන්..ඔක්කොම හරිනේ..
හරි බන් යමු..
නිශූ උබ එන්නෙ නැද්ද..
මන් වොශ් රූම් එකට ගිහින් එන්නම් රිතූ ඔයාල යන්න...
රිතූයි දෙව්ලියි ගියාට පස්සෙ නිශූ රූම් එකේ බෙඩ් එක උඩින් පොඩ්ඩක් වාඩි උනා..හීල් එකට එයාගෙ කකුල පොඩ්ඩක් සීරිලා තිබ්බේ..ඒකත් බලලා එයා වොශ් රූම් එකට යන්න හද්දිම රූම් එකේ දොර වැහෙන සද්දෙට හැරිලා බැලුවේ කවුද කියලා...
මන් බය උනත් එක්ක රුෂිර..ඇයි ඩෝ එක වැහුවේ..
සුදු මැණික හරිම ලස්සනයි අද..ඔසරියට ඇත්තටම ඔයා ලස්සනයි මැණික..
රුෂිර ඔයා ඩ්‍රින්ක්ස් ගත්තද..ඇස් දෙකත් රතු වෙලා..
ම්ම් සූට්ටක් විතර ගත්තා..හැමදාම ගන්නේ නෑනේ මැනික...
රුෂිර එහෙම කියල ඉස්සරහට එනකොට නිශූ පස්ස පස්සෙන් පස්සට ගිහින් අන්තිමට නතර උනේ බිත්තියට හේත්තු වෙලා..රුෂිර එක අතක් බිත්තියට තියලා අනිත් අය නිශූගේ ඉන වටෙන් අත දාල එයාව ලගට ගත්තා...
ඔයා හරිම අමුතුයි රුෂිර..අද නන් පොඩ්ඩක් වැඩී වගේ ඔයාට...
වැඩි නෑ බන් මන් හොද සිහියෙන් ඉන්නේ...
ඔව් ඔව් ඔය පේන්නෙ නැද්ද ඇස් දෙකත් එක්කම අමුතු වෙලා..අනේ රුෂිර යන්න දෙන්නකෝ..කට්ටිය හොයනවත් ඇති අපිව...
යන්න දෙන්නම් හැබැයි දෙයක් ඕන..
මොකක්ද...
කිස් එකක් ඕන...
නිශූ රුෂිරගේ කම්මුලට කිස් එකක් දීල එතනින් ගැලවිලා එන්න හැදුවත් රුෂිර එයාට යන්න දුන්නේ නෑ...
ඔතන්ට දීල හරියන්නේ නෑ..මෙතන්ට ඕන..
රුෂිර ඇගිල්ලකුත් තියලා කිස් එක දෙන්න ඕන තැන පෙන්නුවා..
අනේ...යන්න දෙන්නකෝ රුෂිර..සර්ප්‍රයිස් ඩාන්ස් එකටත් වෙලාව හරි..මෙතන කෝලම් කරල හරියන්නේ නෑ යමුකෝ පහලට...
අදට බේරුනා හොදේ..මන් පස්සෙ අල්ලගන්නම් ඇරියස් කවර් කරන්නත් එක්කම සුදු නෝනව..ආ මේ තව දෙයක්..
මොකක්ද...
ඔයි ජැකට් එක පොඩ්ඩක් පහත් කරගන්නවා..මන් විතරක් දකින්න ඕන ඒවා අනිත් උන් දකින්න ඕන නෑ..
රුෂිර එහෙම කියල ඔසරියට නිරාවරණය වෙලා තිබ්බ නිශුගේ බද වැහෙන්න ජැකට් එක පහලට ඇද්දා..දෙන්නත් එක්කම් පහලට එනකොට කට්ටියම ඩාන්ස් එකට රෙඩි වෙලා හිටියේ...
කොහෙද බල්ලො තොපි ගියේ..මුන් දෙන්නට කලින් උබල හනිමූන් ගියාද...
නිශූ කොහෙද බන් හිටියේ...
උඩ හිටියේ ආශි දෙව් ව ඩ්‍රෙස් කරපු රූම් එකේ..මන් රිතුට කිව්වනේ වොෂ් රූම් එකට ගිහින් එන්නම් කියලා...
දෙන්නම මොකක්ද ඒක අස්සෙ රින්ගන් කොරේ..
හරි හරි මේ අපි ඒ ගැන පස්සෙ හොයමු යමන් දැන් ඩාන්ස් ෆ්ලෝ එක රෙඩි...
කට්ටිය ලස්සනම ලස්සන සර්ප්‍රයිස් ඩාන්ස් එකකුත් කරා..මුලින් කෙල්ලො ටික විතරක් ඩාන්සින් ෆ්ලෝ එකේ ඩාන්ස් කරා පස්සෙ කොල්ලොත් ඒකටම ජොයින් උනා..යශ්ගේ බර්ත් ඩේ එක දවසේ ඩාන්ස් එකටත් වඩා මේක ලස්සන උනා..අද මෙයාලගේ ඩාන්ස් එක දකිද්දි සමහර අයට ඒ ඩාන්ස් එකත් මතක් උනා...
කොහොමහරි ඉතින් වෙලාව ගත වෙලා ගිහින් මනමාල ජෝඩුව පිටත් වෙන වෙලාවත් ලන් උනා..හැමෝගෙම ආශිර්වාද මැද්දෙ දෙන්නම නැකතට හෝල් එකෙන් එලියට බැස්සා...
පුතේ මේ මගේ රෝස මල..අද ඉදන් මගේ රෝස මල ඔයාට බාරයි..හැමදාම සතුටින් තියන්න මගේ කෙල්ලව...
දෙව්ලිගේ අම්මා එහෙම කියලා දෙව්ලිගේ අතින් අල්ලලා යශ්ට බාර දුන්නා..දෙව්ලි අම්මා වගේම කෙල්ලො හතර දෙනාගේ ඇස් වලත් කදුලු පිරිලා..හතර දෙනාම දෙව්ලි ලගට ගිහින් එයාව බදාගත්තා..
හැමදාම සතුටින් හිටපන් බන්..ඉස්සර වගේම අදටත් හෙටටත් අපි හැමෝම උබල එක්ක ඉන්නවා...(රිතූ)
අයියේ මේ ඉන්නේ මගේ අක්කා ඔයා මගේ අක්කව අඩවන්නේ නැතුව හැමදාම පරිස්සමෙන් බලාගන්න ඕන හරිද..ඒ වගේම දෙව් මේ ඉන්නේ මගේ අයියා උබ මගේ අයියවත් සතුටින් තිය්න්න ඕන හැමදාම හරිද...
හරි නිශූ නංගා..ඔයාගෙ අක්කව හැමදාම සතුටින් තියන්නම් මන්...
ඉතින් නෑනෝ හැමදාම මගේ අයියා එක්ක සතුටින් ඉන්න ඕන...
රුෂිරත් ඇවිල්ලා අයියවයි දෙව්ලිවයි හග් කරා..රුවිරුයි ශේනුයිත් දෙන්නටම විශ් කරා..
බොක්ක Happy honey moon එකක් වෙන්ඩ ඕන..මේ බලාගෙන ඇද පොලු එහෙම හයියද බලපන් හොදේ..නැත්තං තොපේ දැගලිල්ලට ඇද ලෙප්ට් වෙයි බන්...
හරි බන් ශෙනාල් උබ කලබල වෙන්න එපා අපි බලාගන්නම් ඒ ගැන..අනික තෝව මන් අල්ල ගන්නම් පස්සේ...
සතුට දුක දෙකම පිරිලා තියන වෙලාවේ දෙව්ලි යශ් දෙන්නා හැමෝගෙන්ම සමු අරන් එයාලගෙ මංගල රාත්‍රිය වෙනුවෙන් සූදානම් කරල තිබ්බා හොටෙල් එක යන්න පිටත් උනා...
ඔන්න ලමායි වෙඩිම ඉවරායි...අද ස්පෙශල් තෑන්ක් එකක් තියනවා..අද එපියේ අදහස් මගේ විතරක් නෙමෙයි අපේ ආශි කෙල්ලාගේ අදහසුත් මේකේ තියනවා හොදේ..... කමෙන්ට් එකක් හලාගෙන යමු බලන්න 😁
තවත් ලස්සන එපියකින් නැවත හමුවෙමු 😊💗