The time has passed

The time has passed

Massmello 🎭🕊️

https://telegra.ph/The-time-has-passed-06-09


Third episode


"ෂෙනා"





"ම්ම්ම්"





"වරෙන් අපේ ගෙදර යන්න"




"බෑ බන් මට මහ වරදකාරී හැඟීමක් දැනෙනව මට බෑ උබේ මූණවත් බලන්න"මං කිව්වෙ කොෆී ශොප් එකෙන් එලිය බලාගෙන




"විකාර නොකියා ඉදින් මං දන්නව උබ මගෙ දේවල් උදුරගන්න ලංවෙච්ච කෙල්ලෙක් නෙවෙ කියලා"මාව බදාගනිමින් සිනේ කිව්වා



"ඒත් බෑ අම්මා බලන් ඉන්නව බන් මං එනකම් මං ගෙදර යන්න ඕනෙ වෙන දවසක මං එන්නම්කො කොහොමත් මේ තත්ත්වෙ උඩ මං උබව දාලා යන්නෙ නෑ මතක තියාගනින්"මං කියද්දි සෙනෙ හිනා උනේ උබෙ හැසිරීම මං බලාපොරොත්තු උනා කියන්න වගේ



"අම්මේ"මං බයවෙලා නැගිට්ටෙ දැක්ක හීනයක් නිසා




"මොකද බය වුණාද එහා පැත්තෙ බලල්ලු පොරකනව බන් පැයගානක ඉදන්"අම්මා කියද්දි මට මතක් උනේ ඒක අසුබ පෙර නිමිත්තක් කියලා



"අම්මා ඒ කියන්නෙ කරදරයක් ද කාට හරි"





"විකාර නොහිතා නිදාගනින් බන් ඒ සත්තුන්ටත් ජීවිත තියෙන්නෙ"අම්මා කියද්දි මං සැනසීමෙ හුස්ම පහලට දැම්මා



ඒත් මහ අමුත්තක් දැනෙනව රෑම පහන් කලේ නිදි නැතුව




සිනේට කැන්සර් හොස්පිටල් එකෙන් එන්න කියලා තිබ්බා අද මං කිව්වා මාත් එන්නම් කියලා



"අම්මා මං සිනලි හම්බවෙලා එන්නම්"




"පරිස්සමින් පුතේ ඒ කෙල්ලට කාගෙවැස්වහක් වැදුනද මන්දා"අම්මා කිව්වෙ හුඟක් දුකින්



මං අම්මාගෙන් කිසි දෙයක් හැංඟුවෙ නෑ එකම එක දෙයක් ඇර ඒ මං ආදරේ කලේ සංකෙත් අයියට කියන එක



"කොහෙද උබ ඉන්නෙ"මං කෝල් එකක් දීලා සිනේගෙන් ඇහුවා



"ආහ් මට උබව පෙනව ඉදහන් මං එන්න"සිනේ කියද්දි මං පාරෙ එහා පැත්ත බැලුවා



'සුදුම සුදු දිග ගවුමක් ඇදලා සිනේ අද හරි ලස්සනයි 'මං හිතුවා



"අනෙ දෙවියනේ"මං කෑගහගෙන පාරට දිව්වෙ මගෙ පණ කොහෙන්දෝ ආපු වාහනයක් හප්පන් ගිය හින්දා




"කතා කරපන් මයෙ අම්මා උබ හොදින්ද අනේ කවුරු හරි උදවු කරන්න මෙයාව හොස්පිටල් ගෙනියන්න"මං කෑගහද්දි සිනේ මගෙ අතින් අල්ලගන්නව වගේ දැනුනා



"පො ..රො...න්..දු වෙනවද මගෙ දූයි සංකෙත්වයි බලාගන්නව කියලා වෙන්න තියෙන දේ කාටවත් වෙනස් කරන්න බෑ ශෙනා"




"අනේ නෑ නෑ උබ මැරෙන්නෙ නෑ"කියමින් මං අමාරුවෙන් 1990 ඩයල් කලා



"නංගි මගෙ කාර් එකේ අර්ස්න් යමු"කෙනෙක් ඉදිරිපත් වෙද්දි මං අසීමිත සතුටක් ලැබුවා




"ශෙනාෂා"සිනෙ මට එහෙම කතා කලේ කේන්ති ගිහින් ඉන්නකොට විතරයි



මං අමාරුවෙන් එයා දිහා බැලුවා



"පොරොන්දු වෙන්න බැයිද"අසරණ විදිහට අහද්දි නං ගොලු වුණා



මං ඒ සුලගිල්ල මගෙ සුලගිල්ලු පටලවල මාපට ඇගිලි දෙක යා කරා



"ශෙනාෂා කෝ මගෙ කෙල්ල"සංකෙත් අයියා ඇවිත් මගෙන් අහද්දි මං ඇගිල්ල දික් කලේ අයිසීයු ඒක දිහාවට




"අනේ මගෙ අසරණී"සංකෙත් අයියා කිව්වෙ බිම වාඩිවෙලා ඔලුව බදාගෙන



නර්ස් කෙනෙක් එලියට ආවා අයිසීයු එකෙන් සංකෙත් අයියා තාම දැක්කෙ නෑ



"නර්ස්"මං නර්ස්ට කතා කලා



"ඔව් කියන්න"




"මගෙ යාලුවට කොහොමද"




"මේකයි මිස් අපි ඔයාගෙ යාලුවා බේරගන්න ලොකු ට්‍රයි එකක් දෙනව ඒත් ප්‍රශ්නෙ තමා එයාගෙ හාර්ට් එක හොදටම ඩැමේජ්වෙලා"



"අපිට බැයිද නර්ස් හාර්ට් එකක් බද්ධ කරලා ජීවත් කරවන්න"




"පුලුවන් හැබැයි ඔයාල දන්නවද දන්නෙ නෑ"




"නර්ස් අපි ටිකක් එහාට් ගිහින් කතා කරමුද"මං කිව්වෙ ඇහෙන් සංකෙත් අයියව පෙන්නමින්




"හරි"




"මං දන්නව නර්ස් එයාට බ්‍රේන් කැන්සර් එකක් තියනව ඒක තියෙන්නෙත් හතරවෙනි ලෙවල් එකේ කියලා"මං නර්ස්ට කිව්වා



"දැන් තාකෂණෙ දියුනුයි මිස් සමහර විට එයාව හොදකරගන්නත් පුලුවන් වෙයි සිංගප්පූරු ගෙනිච්චොත්"නර්ස් කියද්දි මගෙ හදවත් ඉපිලිලා ගියා




"ඒත් දැන් තියෙන සිටුවේෂන් එක එක්ක එයාගෙ ජීවිතෙ අන්සුවර්"නර්ක් කියද්දි මං ඉක්මනට ගිහින් බැලුවෙ මගෙ බ්ලඩ් ගෘප් එක මොකක්ද කියලා



'දෙවියන්ට ස්තූතියි එක සිනෙගෙ එකට ගැලපෙනව'



ඒත් අම්මා තාත්තා එයාලා දුක් වෙයිද මං ගන්න හදන තීරණෙන් මං එක අම්මෙක්ට තාත්තෙක්‍ට දුවෙක් නැති කරලා තව අම්මෙක් ජීවත් කරවන්න හදනව



මං තිරණයක් ගත්තා හැමදේම ලියලා ලියුමක් හැදුවා




☎️...............


"කියන්න අයියෙ ඇයි කතා නැත්තෙ කතා කරන්නකො"මං කිව්වෙ ඉදන් ඉදපු පුටුවෙනුත් නැගිටලා"




"සිනේ අපිව දාලා ගියා"සංකෙත් අයියා කියද්දි මගෙ අතින් පෝන් එක වැටුණා




"නෑ එහෙම දෙයක් වෙන්න බෑ මං හයියෙන් කෑගහලා ඇඩුවා




අදට හත් දවසක් වෙනව සෙනේ මැරිලා දෝණි මං ලඟින් හෙල්ලෙන්නෙ නෑ ජොබ් එක පවා නැති කරගෙන මං දෝණිව බලාගන්නව



"කාල යන්න සංකෙත් අයියෙ"මං කිව්වෙ පිස්සෙක් වගෙ කොහෙ හරි යන සංකෙත් අයියාව දැකලා



"බඩගිනි නෑ බන් මං ඉක්මනට සර්වන්ට් කෙනෙක් ගන්නම් එතකොට නංගිට කරදරයක් නෑනෙ දෝණිව එයා බලාගනී"සංකෙත් අයියා කියාගෙන්ස් ගියා



"මගෙ යාලුවගෙ දෝණි මට බරක් නෙවෙ අයියෙ මං එයාව මගෙ ගෙදර තියගෙන හරි බලාගන්නම් පිට මිනිස්සු ඕනෙ නෑ"මං කිව්වෙ දෝණිව සිපගනිමින්



"උබේ කැමැත්තක්"කියමින් සංකෙත් අයියා බයික් එකෙන් කොහෙද ගියා




"කො කොල්ලා"සංකෙත් අයියගෙ අම්මා ඇහුවා




"කොහෙද්ස් ගියා නැන්දෙ යනතැනක් කිව්වෙ නෑ"




"ඔය ලමයා මෙහෙ ඉන්නද කල්පනාව හැමදාම"නැන්දා අහද්දි මං ගැස්සිලා ගියා


"අහ් නෑ නැන්දෙ මං දිලූවත් අරන් අපේ ගෙදර යනව එය කොහොමත් ඔයාල එක්ක ඉන්න කැමති නෑනෙ මේ වෙලාවෙ කොහොමත් එයාගෙ


මානසිකත්වය තමා වැදගත් හවසට සංකෙත් අයියා ඇවිත් දිලූව එක්කන් යයිනෙ"මං කියද්දි නැන්දාගෙ මූණ දෙබරෙට හපම්


මං දන්නව නැන්දා මොකටද එන්නෙ කියලා ඉස්සර සංකෙත් අයියට ඉපදුණ කාලෙ කෙල්ලෙක් ජෝඩු කරලා ඉදලා ඒකිව කසාද බදින්න බෑ කියලා අම්මලගෙ අකමැත්තෙන් තමා සිනේව බැදලා තියෙන්නෙ සංකෙත් අයියා අනිවාර්යයෙන් ආයි අර කෙල්ලව මේ ගෙදෙට්ට ගෙනත් දාන්න හදනව ඇති මෙයා




වැස්ස හුඟක් තද කරපු හින්දා මට ගෙදර යාගන්න බැරි වුණා සංකෙත් අයියා ඉස්සරහ රූම් එක මට රෙඩිකරලා දුන්න නිදාගන්න



මං දෝණිව නිදි කෙරෙව්වා



"ටොක් ටොක්"මං දොර ඇරියෙ කවුද බලන්න



"අයියෙ"ඇවිත් ඉදියෙ සංකෙත් අයියා එයගෙ ඇස් රතු පාටයි



"දෝණිට නින්ද ගියානෙ අයියෙ අයියට එයානැතුව ඉන්න අමාරු නම් අයියා නෙකෙ නිදගන්න මං සාලෙන් නිදාගන්නම්"මං කියද්දි අයියා මුකුත් නොකියා කඩදාසියක් මට දික් කලා



ආදරණීය සුදු මහත්තය වෙත,

මං දවසක මැරුණොත් මගෙ සුදු මහත්තය මොකද කරන්නෙ හිතන්නවත් බෑද අනේ මහත්තයෝ මේ ජීවිත ස්ථිර නෑ අනිවාර්යයෙන් යන්න වෙනව මගෙ මහත්තයො මං මැරුණ දවසකයි ඔයා මේක කියවන්නෙ මං දන්නව මගෙ අවසන් ඉල්ලීම ඉෂ්ට කරනවද මහත්තයෝ එහෙනම් දෝණි ශෙනා එක්කයි අලුත් ජීවිතය්ද්ක් පටන් ගන්න මගෙ දෝණි වෙනුවෙන් එයාට අම්මෙක් විදිහට වෙනස්කමක් නැතුව ආදරේ කරන්න පුලුවන් එකම කෙනා මගෙ ශෙනා විතරයි පරිස්සමින් ඉන්න මහත්තයෝ



මීට

ආදරණීය සිනේ

2024.05.28



"මට කතා කරන්න ඕනෙ"සංකෙත් අයියා කියද්දි මං බයෙන් අයාගෙ පිටිපස්සෙන් මිදුලට ගියා



"එයා දැනගෙන ඉදියද මැරෙනව කියලා"මං ගොලු වුණා



"ශෙනාෂා මං නොදන්න දෙයක් තියනව හැබැයි ඒක ඔයා දන්නව මට මගෙන් හංඟන ඇස් කියනව ඒක ප්ලීස් කියන්න මොකක්ද ඒ"




"මුකුත් නෑ අයියෙ මටත් හිතාගන්න බෑ ඒක"නෑ උබ දන්නව ඒක කියපන් මට කියමින් සංකෙත් මගෙ බෙල්ලෙන් අල්ලගත්තා



හුස්ම ගන්න අමාරුයි මට ඇස් නිලංකාඅර වෙනව




"උබේ කෙල්ලට කැන්සර් එකක් තිබ්බා පුතේ දැන්වත් මගෙ කෙල්ලගෙ බෙල්ල අත ඇරපන්"කියමින් ආවෙ සිනේගෙ අම්මා




"මොකක්ද අම්මා කිව්වෙ"සංකෙත් අයියට මගෙ බෙල්ල අත ඇරුණා



"ඔව් අම්මෙක්ට තමන්ගෙ ලමයගෙ වෙනසක් අදුරගන්න බැයිද මං අහනකොට අහනකොට ඒකි කිව්වා කවදාවත් අම්මෙක් ජීවිත් වෙලා ඉදිද්දි දරුවෙක් මැරෙන්න හොද නෑ"සිනේගෙ අම්මා අඩමින් කියද්දි මං ඒ අම්මව තුරුල් කරගත්තා



🔴මට අද කමෙන්ට් කීපයක් හරි ඕනෙ නැත්නම් කතාව දෙන එක නතර කරන්නම් මොකද මං ආදර රේඛාවට දාපු පලවෙනි කතාව මේක

Massmello🎭🕊️

Report Page