The immortal vampire
Millicent 🦋
පෙර කොටස
https://telegra.ph/The-immortal-vampire-03-18
10 වන කොටස
පටස් ගාලා ගේ ටැක්සියකින් මං ක්ලාරාගෙ ගෙදර ගියා...
කොයිකටත් කියලා හිමින් සැරේ අපේ ගෙදර කුස්සියේ තිබ්බ සුදු ලූණූ ගෙඩියකුත් බෑග් එකට ඔබාගෙන තමා ක්ලාරාලගේ ගෙදර ගියේ.

කවුද දන්නේ හදිස්සියෙවත් අරය මාව කොහේ හරි එක්කන් ගිහින් මගෙ ලේ ටික බිව්වොත් එහෙම..
ටිකිරි මොලේ තමා ඉතින්.
කොහොම හරි මම එහෙට යනකොටත් තුනහමාරයි.වේලාසන වැඩියි තමයි.
" මෙන්න යකෝ වැඩක්. මේන් අපේ ඇමීලියා කවදාවත් නැතුව හරි වේලාවට ත් කලින් ඇවිත්.සී .අයි.ඩි එකටවත් දාලා කරන්න ඕනේ පරීක්ෂණයක් තමා මේක"
" ඇයි මොකක් ද?"
"නෑ ඉතින් ඇමී ඔයා ජීවිතේට වේලාවට වැඩ කරන කෙනෙක් ඈ.ඒකයි මං එහෙම කිව්වෙ.හැබැයි ඔයාට නම් සෙට් වෙලා තියෙන්නේ නියම එක්කෙනා.මොකද මං දන්නැතුව ඈ ඔය අපේ අයියගෙ හැටි.එයත් ඔයා වගේ"
" බ්ලා බ්ලා බ්ලා..."
මම ඉතින් තවත් මුකුත් කියන්න ගියේ නැත්තේ තවත් චාටර් වෙන්න බැරි හින්දා.
කොහොම හරි තව පැය කාලෙකට විතර පස්සේ කැමරන් ආවා.ඒ කියන්නේ තුනයි 45 ට.
" ආාා.ඇමීලියා ඔයා කලින් ඇවිත් වගේ "
"හ්ම්ම්..."
" එහෙනම් අපි යමුද?"
" අ..අ..කොහෙද?"
" ඔයාට ඒක පස්සෙ දැනගන්න පුළුවන් වෙයි.හරිද"
එහෙම කියලා එයා ක්ලාරාගේ එහා පැත්තේ ඉඳපු මාව අතින් ඇදලා එයා ළඟට ගත්තා.
ඒත් එක්කම එයාට ගොඩක් අමාරු වෙලා පටස් ගාලා බිමට ඇදගෙන වැටුනා.
එයා කතා කලෙත් බොහොම අමාරුවෙන් තමයි.
" දෙවියනේ මේ මොකක් ද මේ මට වුනේ"
"අයියා ඇත්තටම මොකද වුනේ මේ එකපාරටම"
" ක්ලාරා ඔයා මේ ළඟදී ගෙදරට මොනව හරි අපිට ඇලජික් ජාතියන් ගෙනාවේ නෑ නේද?"
"නෑ ඇයි"
දෙවියන්ට ඔප්පු වෙච්චාවෙ....
එතකොට තමයි මට මතක් උනේ මං සුදුලූනු ගෙඩියක් බෑග් එකේ ඔබාගෙන ආවා නේද කියලා.
කොහොම හරි මම මතක් වුන සැනින් දුවල ගිහින් අර සුදුලූණු ගෙඩිය දොරෙන් එළියට විසි කරලා ආවා...
කොහොම හරි මම ආපහු එනකොටත් කැම්රන් නැගිටලා ඉඳියා.
" දෙවියනේ ඇමී...ඔයාට මාව ඔච්චරටම විශ්වාස නැද්ද?"
" නෑ ඉතින් මං මේ නිකත් ඒක අරන් ආවේ. මට සමාවෙන්න."
" හරි...හරි...ඒක ගැන පස්සෙ බලා ගමුකෝ. දැන් ඔයා මට කියන්න ඔයා මාත් එකක් එන්න කැමතිද අනික බය නැත්ද?"
" අ..අ.. අව්ලක් නෑ.අපි යමු."
මම ඉතින් ඔය මොන විකාර වැඩ කලත් මට එයාව දැන් විශ්වාසයි තමයි.අනික අවුුරුදු ගානක ඉඳලා මට ඉඳපු හොඳම යාළුවා ක්ලාරා මට වරදක් කරන්නෙ නෑ කියලා මම හදවතින් ම දන්නවා.
කොහොමෙන් කොහොම හරි පස්සෙ කැම්රන් මාව කාර් එකේ දාගෙන කොහෙදෝ ගියා.මමත් ඉතින් මුකුත් කතා කරන්න ගියේ නෑ.මොකද ඉතින් මම දැන් මේ මනුස්සයාව මරන්නත් ගියානේ.
ටික වෙලාවක් ගිහින් මම නිශශබ්ද ඉන්න නිසාම ද කොහෙද එයාව කතා කරන්න පටන් ගත්තා...
" ඉතින් නොහොම ද ?"
" අම්...මම නම් හොඳින්. ඔයා??"
"මටත් අවුලක් නෑ.සාමාන්‍ය විදිහය යනවා"
"එතකොට අපි කොහෙද දැන් මේ යන්නෙ"
" කොහේ හරි නිදහසේ කතා කර කර ඉන්න පුළුවන් තැනකට යමු. මට ඔයාට ගොඩක් දේවල් නියන්න තියෙනවා.අනික ඔයාටත් ගොඩක් ප්‍රශ්න තියෙනවනෙ නේද?"
" හ්ම්ම්.."
කොහොම හරි ටික වෙලාවකට පස්සේ අපි ආවේ හරිම නිස්කලංක පරිසරයක් තියෙන තැනකට.එතන හරිම ලස්සනයි.කොටින් ම කිව්වොත් මම එතනට වශී වුනා. හැම තැනම වගේ ගස් වවලා කොළම කොළ පාටයි. සෙනග ත් එච්චරට ම නෑ.

" මෙතන හරිම ලස්සනයි."
" ඔව් මම මෙතනට හැමදාම එනවා.මම ඒක මට ඕන විදිහට තමා හදාගත්තේ. සාමාන්‍යයෙන් මේකට දැන් නම් එන්නේ අපිව අඳුරන කට්ටිය විතරයි.ඒ කිව්වේ විශේෂයෙන්ම අපේ පවුලෙ කට්ටිය."
" ඒ කියන්නෙ මේ cafe එක ඔයාගෙ ද?"
"ඔව්.අද ඉදන් ඔයත් නැමති වෙලාවට මේ පැත්තට ඇවිත් යන්න."
" හ්ම්ම්..."
"ආා.එතකොට අර තියෙන්නේ මගේ ගෙදර"
එයා එහෙම කියලා මට පෙන්නුවේ ඒ cafe එක ළඟින් ම තිබ්බ ගෙයක්.අමුතු විදිහකට හදලා තිබ්බත් ඒ ගෙදරත් මාර ම ලස්සනයි. මං දැන් ඉන්න ගෙදරත් එක්ක බැලුවහම මේක නිකන් කූඹියෙකුට අලියෙක් සමාන කලා වගේ.
මොනවා වුනත් මම නම් ගොඩක් ම suprise වෙලා තමයි ඉඳියෙ මේ දේවල් නිසා.
මගෙ මේ සූටි හිනට මේවා ලොකු වැඩී දෙවියනේ....

" හැබැයි ඇමීලියා මට අදනම් ඔයාව ඒ ගෙදරට එක්කන් යන්න බෑ"
"ඇයි ඒ..."
"මං ඒක තවම අස් කරලා නෑ ඉතින්."
" ඔයා තනියම ද ඔය ගෙදර ඉන්නෙ"
" ඔව් ඉතින්"
" එහෙනම් අපි දැන් ගිහින් වාඩි වෙලා කතා කරමු එන්න."
මටත් එතකොට තමයි මතක් වුනේ අපි මේ ආවේ date එකකට මිසක් මෙනත කට ඇරගෙන මේ ගේ දිහා බලන් ඉන්න නෙමෙයි කියලා.
කොහොම හරි අපි වාඩි වෙන්න කලින් එතන කැෂියර්ගෙන් black coffee එකයි ice coffee එකයි order කරන්න ගියා..
එතකොට ම එතන ඉඳපු නැෂියර් ඇහුවා.
"ආ සර්..good evening. කවුද මේ ලස්සන නෝනා."
"ආාා. එයා මගෙ girl friend."
" ම්ම්ම්.එහෙනම් සර් අලුත් girl friend කෙනෙක් හොයාගෙන වගේ "
ඒ කිව්ව දේට නම් මට එලෝ පොල් පෙනුනා. ඒ කියන්නෙ මෙයාට කලිනුුත් එක්කෙනෙක් ඉඳල ද?
මම කැම්රන්ව නිකන් පිච්චිිලා යන්න තරම් look එකකින් කැම්රන් දිහා බැලුවා.
ඒත් ඉතින් කැම්රන් ඉන්නවා අර සුපුරුදු හිනාවම දාගෙන.
ඊට පස්සෙ අර කැෂියර්....
" ආා.සොරි මැඩම්.වරදවා වටහාගන්න එපා.මම මේ කිව්වෙ අපේ සර් කලින් මෙහෙට ආපු හැම දවසකම වගේ සුදු පාට පූස් පැටියෙක් අරගෙන ආවා.අපේ සර් කිව්වෙ ඒ පූසා තමයි සර්ගෙ girl friend කියලා ඒකයි.."
"ආාා හරි හරි"
ඒ කිව්වෙ අර එයා මට දුන්න පූසා ගැන වෙන්න ඇති.
ඒ සිද්ධිය නිසාත් චාටර් වුනේ මං ම තමයි ඉතින්.
කමක් නෑ...
කොහොම හරි ඊට පස්සෙ අපි අර table එකකින් ගිහින් වාඩිවුනා...
____________________________________
අදට ඉවරයි...
කමෙන්ට්ස් ගොඩාරියක් ඕනේ....
හොඳ වයින් බාල්දියක් පෙරලන්න තමයි යන්නේ...
බලමුකෝ ඉතින් ඉස්සරහට.....
මම,
Millicent 🦋