The immortal vampire

The immortal vampire

Millicent 🦋🦋🦋


පෙර කොටස

https://telegra.ph/The-Immortal-Vampire-03-17


09 කොටස( 2024/03/20)


"එහෙනම් බායි.හෙට හම්බවෙමු. බායි ඇමී"


එහෙම දාලා එයා Offline ගියා.ඉතින් මාත් phone එක පැත්තකින් තියලා wash එකක් දා ගන්න යන්න ඇදෙන් බැහැලා අඩිය තිබ්බ විතරයි මට කුස්සිය පැත්තෙන් ඇහුනෙ අපේ අම්මා මොකෙක්ව හරි කෑ ගගහා එලවන සද්දයක්..


ඔන්න එතකොට තමයි මම නෙප්චූන් වල ඉඳලා පෘථිවියට ආවේ.


​ දෙවියනේ...ඒ අර පූසා නේද ????


මට පූස් පැටියා ගැන ඔළුවට ආපු ගමන් මගෙ උපරිම වේගෙන් දිව්වෙ කුස්සිය පැත්තට.....


ඔව්. එයාව අම්මා පන්නන්න හදනවා..


අයියෝ පව්....


ශික් විතරක් මේ චොකලට් ටික නිසා මට පූසා ගැන අමතකම වෙලා ගියානෙ..


මම ඉතින් පටස් ගාලා ගිහින් ඌව වඩාගත්තා.


" ඊයාාා...මොකක් ද ළමයො ඔය කරන්නේ...... ඔය පූසාට මොන තරම් ලෙඩ තියෙනවද දන්නේ නෑ..."


"ආාා නෑ අම්මෙ මේ පූසා දැන් මගෙ "


"ඒ කොහොම ද???"


" ඔය කොහෙවත් යන පූසව ගෙදර තියාගන්න ද හදන්නෙ දැන්..."


"ආා මම කිව්වෙ අම්මියෝ දැන් මෙයා මගේ....."


" කව්ද දැන් ඔයාට ඔය පූස් පැටියා දුන්නේ?"



( හරිනේ අමාරුව දැන් දීපන්කෝ උත්තර. මොනව වුනත් දැන්ම කැම්රන් ගැන නම් කියන්න යන්නෙ නෑ...නෑමයි...)


"අ...ආ..ආාා. ආ මේ මගේ යාළුවෙක් අනේ"


"කව්ද දෝනි ඒ යාළුවා..."


" ක්ලාරා අනේ"


"ආාාා ඒ දුව නම් කමක් නෑ"


" ඇයි අම්මා ඔයා එහෙම කියන්නෙ"


"නෑ නිකන්... අපි පරිස්සම් කරගන්න එපැයි ඔයාව."


"හාකෝ"


​ කොහොම හරි පූසා වත් අරගෙන මම ආපහු මගෙ කාමරයට ම ආවා.


ඊට පස්සෙ ආපහු phone එක ඔබන්න හිතුනෙත් නෑ...


ඒක නිසා මම පූසාව මගෙ ඇද උඩින් තියලා වෙන කරන්න වැඩකුත් නැති නිසා ඌ දිහා බලන් ඉඳියා.


එතකොට මට මතක් වුනා මෙයාට මම තාම නමක්වත් දැම්මේ නෑ නේ ද කියලා.


ම්ම්ම්......


මතක් කරලා හිතලා හිතලා මම අන්තිමට නමක් කොහොම හරි හොයා ගත්ත.


එයා පූසියක් ඒක නිසා ​ගැහැනු නමක් තමයි ඕන....


කැමීලියා හොඳයි වගේ ...


ඒක හොඳයි ඒ වගේම ලස්සනයි.අනික ඒ නම හැදෙන්නේ කැම්රන් කියන එකේ කැම් කියන කෑල්ලට ඇමීලියා කියන එකේ මීලියා එකතු වෙලා.


ඕ හොඳටම හොඳයි ඔය ඉතින් මගේ සූටි මොළ ගෙඩියට හොඳ අදහසක්. ටිකිරි මාරි බිස්කට්වල පිහිටෙන් තමා...


​ කොහොම හරි ඔය විකාර දේවල් ගැන හිත හිත ඉඳලා එහෙමම නින්ද ගිහින්...


​ කොහොම හරි එදා නැගිට්ටා කියලා ඉතින් මුකුත් කරන්න තිබ්බේ නැති නිසා මම පටන්ගත්තා හොඳ ඇඳුමක් තෝර ගන්න.


මොනවා වුනත් ටිකක් decent විදිහට යන්න එපැයි පිස්සන් කොටුවෙන් පැන්නා වගේ වෙන්නෙ නැතුව. නැත්නම් චාටර් නෙ ඉතින්....


​ කොහොම හරි එදා දවස ම නිකන් ම ගෙවිලා ගියා..


ඒ වුනාට මම නම් ඉඳියේ ෆුල් හැපී එකෙන්.කොහොම හරි හවස 2 වෙන කොට පටන්ගත්තා ඇඳගන්න.

ඕක තමයි මගෙ පැය ගානක මහන්සිය.


"අවුලක් නෑනි.ඔය ඉන්නෙ නිකන් ඉටි රූපේ වගේ." මම කණ්ණාඩිය ඉස්සරහට ගිහින් මට ම කියාගත්තා...


ලස්සනයි අෆ්​ෆා මටත් හිතාගන්න බෑ.මොකද මම කවදාවත් හිතලා බලලා ඇඳුම් ඇඳලා නෑ.ලේසියට පටස් ගාලා iron කරන්න ඕන නැති ඇඳුමක් කොහෙන් හරි ගහගෙන යනවා..


හරී මම 3.00 වෙන කොට ඔක්කොම කරලා ඉවර වුනා....


පටස් ගාලා ගේ ටැක්සියකින් මං ක්ලාරාගෙ ගෙදර ගියා...


______________________________________


අදට ඉවරායි...


​ මොකෝ කියන්නේ දාමුද හොඳ බාල්දියක්....


Comment ගොඩක් ඕනි....



මම,

🦋 Millicent 🦋


Report Page