The Immortal Vampire

The Immortal Vampire

🦋🦋🦋


පෙර කොටස

https://telegra.ph/%F0%9D%91%87%F0%9D%92%89%F0%9D%91%92-%F0%9D%90%BC%F0%9D%91%9A%F0%9D%91%9A%F0%9D%91%9C%F0%9D%91%9F%F0%9D%91%A1%F0%9D%91%8E%F0%9D%91%99-%F0%9D%91%89%F0%9D%91%8E%F0%9D%91%9A%F0%9D%91%9D%F0%9D%91%96%F0%9D%91%9F%F0%9D%91%92-04-22-2


18 කොටස



" වහලෙ උඩට යනවකො ඉතින්. මගෙන් අහන්නේ "


" හාකෝ. බොහොම ස්තූතියි "


ක්ලාරා නිකන් විහිළුවට වගේ එහෙම කිව්වෙ.


ඒත්.....


එයා මට කිව්වේ ඇස් දෙක ම වහගන්න කියලා...


මමත් ඉතින් පටස් ගාලා ඇස් දෙක පියා ගත්තා. මොකද ක්ලාරාත් ඉන්න නිසා මමත් ටිකක් ලැජ්ජාවෙන් ඉඳිය නිසා මට ඒක ලොකු උදව්වක් වුනා...


ඒත් එක්කම මාව හරහට උස්සගත්තු එයා තත්පර දෙකක් යන්නත් කලින් මට ආපහු ඇස් අරින්න කිව්වා...


මම ඇස් ඇරියා....


" ඇයි ඇස් වහන්න කියලා කිව්වේ "


" ඈ...ආ පොඩ්ඩක් වටපිට බලන්නකෝ සුදු නෝනා "


මමත් ඉතින් පටස්ගාලා වටපිටාව හොඳට බැලුවා. එතකොට තමයි මට මීටර් වුනේ අපි මේ ඉන්නේ වහළයක් උඩ කියලා. මට ඇහින් කනින් දාඩිය දානව වගේ දැනුනා. කෙල ගිල ගන්නත් අමාරු වුුනා...


" කොහොම ද මගේ සප්ප්‍රයිස් එක "


එහෙම කියන ගමන් එයා මාව බිමින් තිබ්බා...


හරියට ම කිව්වොත් අපි ඉඳියෙ තට්ටු 42ක් උඩ තමයි මේ ඉන්නේ. අපි නැවතුන එක තට්ටු 42ක් උසයි.


එයා මාව බිමින් තිබ්බට මට ඒ shock එකට නිකන් ඇවිද ගන්නත් බැරි වුනා වගේ. මම පටස් ගාලා කැම්රන්ගේ ඇඟට හේත්තු වුනා...


" බය වෙන්න එපා මම ඉන්නකන් ඔයාට මුකුත් වෙන්නෙ නෑ "


මම එයාගෙ මූණ දිහා බලලා පොඩි හිනාවක් දැම්මා...


ඒ වුනාට ඒ වචන මට හුඟක් දැනුනා.


ඊට පස්සේ එයා එහෙමම වහලෙ උඩින් දිගා වෙලා අත දික් කරලා මට කතා කලේ එයා ගාවින් දිගා වෙන්න කියලා...


මමත් ඉතින් හරි ආසාවෙන් එයාගෙ එහා පැත්තෙන් වාඩි වුනා...


එහෙමම අහස දිහා බැලුවම මාරම ලස්සනට අහස පේනවා. තරු විතරමයි ඒත් මාරම ලස්සනයි.මම ආසම වැඩක් තමයි මෙහෙම අහස දිහා බලන් ඉන්න එක...

මේ එතන view එක


" ලියාාා...."


"ම්ම්ම්"


" ලස්සනයි නේද? "


" ​මාර ම ලස්සනයි "


එත් එක්කම කැම්රන්ට call එකක් ආවා. ඒ කතා කලේ ක්ලාරා...


" ඔන්න එක්කෙනෙක් පුදුම වෙලා " කැම්රන් එහෙම කියන හිනා වෙවී ගමන් මගෙ දිහා බැලුවා.


ඒ කියපු විදිහට මටත් හිනා ගියා...


කැම්රන් phone එක answer කලා..


ඒත් එක්කම මට ඇහුවේ ක්ලාරා මෙයැයාට හොඳට ම බනින සද්දෙ.


ටිකකින් කැම්රන් මගෙ අතට phone එක දුන්නෙ ක්ලාරා මට කතා කරනවා කියලා...


ඇමී ඔයා හොඳින් නේද? අර මඟුලා මොනව කරනවවද මන්දා මාවත් හොඳට ම බය කළා. දැන් මොකක් වුනාද කියන්න මමනම් දන්නේ නෑ. අරයට කියනවා වහාම ඇවිත් මේ වෙච්ච දේවල් පැහැදිලි කරලා දීලා යන්න කියලා හරිද? එහෙනම් මම තියෙනවා. මෙහෙටත් ඇවිල්ලම යන්න ඇමී. බායිිි.....


එක හුස්මට ඒ ටික ඔක්කොම කියාගෙන කියාගෙන ගියපු ක්ලාරා එහෙමම මට වචනයක් වත් කතා කරන්න ඉඩ නොතියා කෝල් එක cut කරලා දැම්මා.


" කට් කලා නේද? ඔය රතු කට්ට පැනලා ඉන්නේ ගනන් ගන්න එපා ලියා "


"හ්ම්ම්.." එහෙම කියලා මම ආපහු චුට්ටි හිනාවක් දැම්මා.


" හරී. මට powers ලැබිච්චි විදිහ මම පස්සේ කියන්නම් දෙන්නටම එක පාර හරිද? නැත්නම් මගෙ කට රිදෙන්න ගනියි. ඒක ​දිග කතාවක්"


" හ්ම්ම්ම්....."


" දැන් ඔයා දන්නවා ද මම ඔයාව මෙතනට එක්කගෙන ආවෙ ඇයි කියලා"


" ම්ම්ම් නෑ... "


" ඇත්තටම කිව්වොත් මට ඔයත් නිදහසේ කතා කරන්නයි ඕන වුනේ "


" මොනව ගැනද? "


" මම දන්නවා ඔයා තාමත් තරහෙන් ඇත්තේ අර ෆ්ලෝරා නිසා නේද?"


" හ්ම්ම්... " එයා එහෙම කිව්වහම නම් මට සතුටු හිතුනා. මොකද ඒ කියන්නේ එයා මං ගැනත් හිතලා බලලා නේ.


" මම ඔයාව මෙතනට අරගෙන ආවෙ එයා ගැන ඔයාට තියෙන හැම ප්‍රශ්නයක් ම විසඳන්න "


" හොඳයි.... " මම පටස් ගාලා එහෙම කිව්වේ මට ඒ කියපු විදිහට හිනා යන්න ආපු නිසා.


" හරි අහන්නකො. ඔයා දන්නවා ද ෆ්ලෝරා. එයත් මම වගේම vampire කෙනෙක්.එතකොට ඉස්සර ඉඳන් ම එයාගෙ හිතේ මම ගැන කැමැත්තක් තියෙනවා. හරිද? හැබැයි මට කවදාවත් ම එයා ගැන යාළුවෝ කියන එකට එහා ගිහින් මුකුත් ම දැනුනෙ නෑ.කොටින් ම කිව්වොත් මම එයාට ගනන් ගත්තේ නෑ.ඒකට එයා ඉස්සර ඉඳන් ම මාත් එක්ක තරහයි"


" එහෙනම් ඇයි ඉතින් එවෙලෙ ඔයා අර එයාට girl best friend කියලා කිව්වේ... "


" ඔව්... එයා වැම්පයර් කෙනෙක් කියලා ම ඔයාට කිව්වනේ.. අපේ වැම්පයර්ලට අනුව මනුස්සයෙක්ටයි වැම්පයර් කෙනෙක්ටයි එක​ට ඉන්න නීතියෙන් තහනම්. හදිසියේවත් එයාට මාත් එක්ක තියෙන තරහට අපේ සම්බන්ධය ගැන ෆ්ලෝරා ගිහින් එහෙ ප්‍රධානියන්ට කිව්වොත් මමත් ඉවරයි ඔයත් ඉවරයි "


එයා එහෙම කියලා ඉවර වෙනවත් එක්කම මගේ ඇස් තෙත් වුනා. ඇයි දෙයියනේ එයා මේ මට නොකියා කියන්නේ අපිට එකට ඉන්න බෑ කියලා නේද?


දිිගටම නවතින්නෙ නැතුව ම මගෙ ඇස්වලින් කදුලු එන්න ගත්තා.


මම හිතන්නේ එයාට ඒක තේරුනා. එයා එහෙමම වහලෙ උඩ දිගා වෙලා ඉඳපු මාව එයාගෙ අත් වලින් පපුවට ම හේත්තු කරගෙන බදාගත්තා.ඒත් මගෙ කදුලු නම්.නැවතුනේ නෑ...


" හරි ඉතිම් මම කිව්වේ නෑනි ඔයාව මම අත අරිනවා කියලා. දැන් අඬන්නෙ නැතුව ඉන්නකෝ... ඔයා බය වෙන්න එපා... "


එහෙම කිව්වහම මම එයාගෙ ඇස් දිහා බැලුවා. මොකද මට දැන ගන්න ඕන වුනා මොකද දැන් කරන්න ඕනි කියලා.මම ටස් ගාලා කඳුලු පිහදාගෙන ඇහුවේ අපි මොකද කරන්නෙ කියලා....


" කැම්... එතකොට දැන් අපි මොකද කරන්නේ. මම අහන්නේ අපි දිගටම එකට ඉන්න නම්... "


" මම කිව්වනෙ බය වෙන්න එපා කියලා. ෆ්ලෝරා අපේ ප්‍රධානියන් මුකුත් කියනකම් අපිට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. අනික වැම්පයර් නීති අදාල වෙන්නෙ ට්‍රාන්ස්ලේනියාවට විතරයිනෙ. මම ඔයාලත් එක්ක මෙහෙ ඉන්නකම් අපිට කිසි ප්‍රශ්නයක් නෑ හරිද? "


එහෙම කියලා එයා මගෙ ඔළුව අතගාන්න ගත්තා...


ඔව් එයා කියන එකත් හරි මේ සම්බන්ධය ගොඩක් අමාරුවෙන් ඉස්සරහට ගෙනියන්න ඕනි එකක් තමයි.ඒත් මම ලෑස්ති නෑ මේක අත අරින්න..


මගෙ විරුද්ධ වාදියා වැම්පයර් කෙනෙක් නෙමේ මොකෙක් වුනත් මම එයත් එක්ක සටන් කරනවා...


එච්චරයි ෆ්ලෝරා......


එතන ටිකක් සීතලයිත් එක්ක.වහගෙ උඩනෙ. ඒත් කැම්රන් නම් මාර විදිහට උනුයි...


ඉතින් මම ඉන්නෙ කොහෙද කියලා බලන්නෙ නැතුව එහෙමම කැම්රන්ගෙ අත උඩම එයාට තව ටිකක් ළං වෙලා හිමින් සැරේ ඇස් පියාගත්තා.




අදට ඉවරයි guys....


ඔයාලට ෆ්ලෝරා ගැන මොකද හිතෙන්නේ???


මම,

🦋🦋🦋Millicent Bagnold🦋🦋🦋


Report Page