𝑇𝒉𝑒 𝐼𝑚𝑚𝑜𝑟𝑡𝑎𝑙 𝑉𝑎𝑚𝑝𝑖𝑟𝑒

𝑇𝒉𝑒 𝐼𝑚𝑚𝑜𝑟𝑡𝑎𝑙 𝑉𝑎𝑚𝑝𝑖𝑟𝑒

🦋🦋🦋𝑀𝑖𝑙𝑙𝑖𝑐𝑒𝑛𝑡🦋🦋🦋

පෙර කොටස

https://telegra.ph/The-Immortal-Vampire-04-17


17 කොටස



වැඩේ කියන්නේ කැම්රනුත් මෙයත් එක්ක හොඳට හිනා වෙවී කතා කරනවා...


මම ගැන ගානක්වත් නෑ....


ඉන්න බැරිම තැන මම ටිකක් හයියෙන් බොරු කැස්සක් දැම්මා...


එතකොට තමයි මෑන් ට මං ගැන මතක් වුනේ...


මම නම් එතකොට රතු කට්ට පැනලා තමයි ඉඳියේ..


මම ඉතින් දැම්මා අළු වෙලා යන බැල්මක්..


" ආා.ෆ්ලෝරා 𝑎𝑛𝑑 ඇමීලියා මට දෙන්නව අඳුන්වලා දෙන්න බැරි වුනානෙ.​ඇමීලියා මේ ඉන්නේ මගෙ 𝑐𝑜𝑢𝑠𝑖𝑛 කෙනෙක් ඒ වගේම මගෙ 𝑜𝑓𝑓𝑖𝑐𝑒 එකේ මගෙ සහයිකාව එතකොට ෆ්ලෝරා මේ ඉන්නෙ මගෙ 𝑔𝑖𝑟𝑙 𝑏𝑒𝑠𝑡 𝑓𝑟𝑖𝑒𝑛𝑑."


හහ්...හොඳම යාළුව විතරද?


යකෝව් මැද වචනෙ නැතුව කිව්වනම් මම සතුටින්නේ..


දැන් මං කැලේ...


​ 𝑐𝑜𝑢𝑠𝑖𝑛 කෙනෙක් වුනාට එයත් කෙල්ලෙක්නෙ...


​ මේ කෙල්ලත් කැම්රන් එක්ක කතා කරන්නේ මාව ඇස්වලින් ගිලින ගමන්. මමත් ඉතින් වෙන කරන්න ම නැති කමට මම වටේට ම ඇසු දෙක කරකව කරකව ඉඳියා.හැබැයි මට තේරුණේ මෙයා ඔය එන්නේ හොඳකට නෙමේ කියලමයි...


​ කොහොම හරි ටික වෙලාවකින් එයාට 𝑐𝑎𝑙𝑙 එකක් ඇවිත් එයා යන්න ගියා.


​ මොනව වුනත් මම නම් ඉඳියේ උපරිමයෙන් ම නැගලා. ඒක නිසාම මම එයා ගියාට පස්සෙත් එකම එක වචනයක්වත් කතා කලේ නෑ.


ඇයි යකෝව්...


​" ඇමීලියා ඇයි කතා නැත්තේ "


නැත්තෙ ද? නැත්තෙ ඔබ වහන්සේගෙ වැඩකට තමයි. දැන් අර කෙල්ලට මගෙ ඉස්සරහ ම ඉඳගෙන නිකන් 𝑔𝑖𝑟𝑙 𝑓𝑟𝑖𝑒𝑛𝑑 ට කතා කරන්න වගේ කතා කලානෙ.?

( මම එහෙම කිව්වේ නෑ 𝑔𝑢𝑦𝑠 හිතුව විතරයි )


" ඇයි දෙයියනේ මොනව හරි කියන්නකෝ ලියා "


ආපහු එයා එහෙම කියනකොට ම අපේ අයියයි ක්ලාරායි අපේ 𝑡𝑎𝑏𝑙𝑒 එක ළඟට ආවා...


" ම්ම්ම්... අපි දැන් 𝒉𝑜𝑡𝑒𝑙 එකට ගියා නම් හරි නේද? "


එහෙම ඇහුවෙ මම.මම එහෙම ඇහුවේ මට දැන් නිකන් ඇඬෙන්න වගේ එන හින්දා. මොනව වුනත් මම කැම්රන් ගෙ මූණ දිහා නම් වැරදිලාවත් බැලුවේ නෑ.මොකද මම කැමති නෑ කවුරුත් ඉස්සරහ බබෙක් වගේ අඬන්න...


" ඔව් නේද? යමු... යමු..."


එහෙම කිව්වේ ක්ලාරා.මම හිතන්නේ ක්ලාරාට තේරුනා මගෙ වෙනස. එයා තමයි ඉතින් මට හැමදේකටම ඉන්නේ.


එහෙම කියලා පටස් ගාලා එයා මාව කාමරේට ම ඇදගෙන ආවා.


" මොකක් ද වුනේ ඇමී. අරයා ඔයාව ඇඬෙව්වා නේද? අදනම් මම ඉතුරු කරන්නෙ නෑ ඕක ව "


කාමරේට ආපු ගමන් එහෙම කියලා මම මොකක් ද වුනේ කියලා කියන්නත් කලින් ම ක්ලාරා 𝑐𝑎𝑙𝑙 එකක් ගන්න ගියේ කැම්රන්ට.මම බොහොම අමාරුවෙන් තමා නවත්තගතතෙ. පුදුම කේන්ති යාමක් තමා ඒක.


කොහොම හරි මම නවත්තගත්තා එයාව...


" ආාා.ඇමී මට අහන්නත් බැරි වුනාානෙ මොකක් අර කබල්ලෑවෙ ඔයාට කිව්වේ.."


ඒ කියන්නේ ක්ලාරා එර ෆ්ලෝරව දැකලා නෑ ඒ කියන්නේ...


" නෑ මුකුත් නෑ "


මම එහෙම කියපා ශේප් කරගන්න හැදුවා.


" අනේ මේ ඇමී එන්න එපා මෙතන මගෙන් මොනවත් හන්ගන්න හරිද? "


කොහොම වුනත් මේයාගෙන් බේරෙන්න බෑ කියලා දැනුන නිසාම මම ඉතින් එයාට විස්තරේම මුල් ඉඳන් අගට ම කිව්වා...


" හහ්..ෆ්ලෝරා නේද? "


"හ්ම්ම්ම්...."


" ඇමී මම කියන්නම්කො අපේ එකාට.ඒත් මම මේ ඔයාගෙ හොඳටත් එක්ක කියන්නේ කොයි කටත් ෆ්ලෝරගෙන් පරිස්සම් වෙලා ඉන්න. හරි ද?"


" ඒ මොකද ඒ..."


" ම්ම්ම්...මට ඔයාට එච්චරටම තේරුම් කරලා දෙන්න නම් තේරෙන්නේ නෑ. මම කියනවට ඔයා කැම්රන්ගෙන් ම අහන්නකෝ?"


" ඇයි අනෙව්. අනික ම​ට දැන් එයත් එක්ක ආපහු කතා කරන්න හිත දෙන්නේ නෑ අනී."


" හරි ඉන්නකෝ මම ඔයාට 𝑐𝒉𝑎𝑛𝑐𝑒 එකක් අරන් දෙන්න. දැන් හොඳ ළමයා වගේ අඬන්නැතුව ඉන්නකෝ හාද? "


මම එහෙම කියලා එයා ගත්තේ 𝑐𝑎𝑙𝑙 එකක් කැම්රන්ට. ඒත් එක්කම එයා මට අතින් කිව්වේ කිසිම සද්දයක් කරන්න එපා කියලා...


තුන් පාරක් විතර 𝑟𝑖𝑛𝑔𝑠 ගිහිල්ලා කැම්රන් 𝑎𝑛𝑠𝑤𝑒𝑟 කලා...


ඒයි තවුසේ මොනව ද කරන්නේ ඈ


මටයි ක්ලාරාටයි 𝑣𝑜𝑖𝑐𝑒 එකෙන් ම තේරුනා මෙයාත් නිකන් අඬන්න වගේ කියලා..


මට හිනා යන්න ආවත් මම බොහොම අමාරුවෙන් නවත්තගෙන හිටියා..


අනේ ඕයි උදව්වක් කරනවකෝ


ඇයි ඒ පාර මොකක් ද තමුසෙට උනේ


නෑ අනී ඇමීලියා මාත් එක්ක කතා කරන්නෙ නෑ


එතකොට තවුසෙ දන්නව ද ඇයි කියලා


හ්ම්ම් මම හිතන්නෙ ෆ්ලෝරා නිසා තමයි


ආාා..... ඒක නෙ.මම නම් දන්නෙ නෑ. තමුසේ තමයි වැරැද්දක් කරලා තියෙන්නේ. මම නම් දන්නේ නෑ ඔන්න. ඕන මඟුලක් කරගන්න එකයි ඇත්තේ.


අනේ ඕයි තවුසේ මනුස්සයෙක් නේද? මිනිසත් බවෙන් මට එයාව යාළු කරලා දෙනවකෝ


​ එයා එහෙම කිවිව විතරයි මට බකස් ගාලා මහ හයියෙන් හිනා ගියා.


ඒයි ඇමී මේ ඔයා නේද? අනේ මට ඔයාට කතා කරන්න ඕනි. 𝑃𝑙𝑒𝑎𝑠𝑒 අනේ...


එතකොට ඉතින් පව් කියලා හිතුන නිසා මම හා කිව්වා.


අනේ දෙවියනේ ඇති යාන්තන්. අනේ ලියා මේ දැන්මම ඔයාලගෙ කාමරේ බැල්කනි එකට එන්නකෝ. අපි එතෙනට ගිහින් කතා කරමු...


ඒක ඇහුනා විතරයි මම හෙන වේගෙන් දුවගෙන ගියෙ බැල්කනියට. කොටින්ම කිව්වොත් මාව එතෙන්ට යැවුනා.


ඔව් මම යනකොටත් එයා ඉන්නවා අපේ කාමරේ බැල්කනියට වෙලා.


මම එතෙනට ගියපු ගමන් ම එයා අර වශී කරන හිනාව දාලා මාව බදාගත්තා. මට හිතාගන්න බැරි වුනත් මම එතෙන්ට තවත් ගුලි වුනා...


ඒත් එක්කම පෝන් එකත් අරගෙන ම එතෙනට දුවගෙන ආවෙ ක්ලාරා...


" අම්මෝ මෝඩියෙ මෙච්චර වේගෙන් දුවගෙන ආවෙ ඇයි? මම හොඳට ම බය වුනා.පිස්සු වැඩ​නෙ කරන්නේ"


එතකොට අපි දෙන්නම උඩ ගියා. ඇයි යකොව්...


" මොකක්ද ඕයි කරන්නේ. කෑවා තමුසේ අපේ 𝑚𝑜𝑚𝑒𝑛𝑡 එක.ශික්.."


" අනේ මේ මෙතන නම් ඕව කරන්න ලෑස්ති වෙන්න එපා. අර මිනිස්සුන්ටත් පේනවා යකොව්.මුන් දෙන්න 𝑝𝑢𝑏𝑙𝑖𝑐 𝑠𝒉𝑜𝑤𝑠 දානවනෙ "


" වෙන කොහේ යන්න ද ඕයි "


" වහලෙ උඩට යනවකො ඉතින්. මගෙන් අහන්නේ "


" හාකෝ. බොහොම ස්තූතියි "


ක්ලාරා නිකන් විහිළුවට වගේ එහෙම කිව්වෙ.


ඒත්.....



මොකද වුනේ කියලා 𝑔𝑢𝑒𝑠𝑠 කරන්න ළමයි....


100 𝑐𝑜𝑚𝑚𝑒𝑛𝑡𝑠 = 𝑛𝑒𝑥𝑡 𝑒𝑝𝑖𝑠𝑜𝑑𝑒


මම,

🦋🦋🦋𝑀𝑖𝑙𝑙𝑖𝑐𝑒𝑛𝑡🦋🦋🦋

Report Page