The immortal Vampire

The immortal Vampire

Millicent 🦋🦋🦋

පෙර කොටස

https://telegra.ph/The-immortal-Vampire-04-07


15 කොටස


ඊට පස්සේ මම ආපහු අරයගෙ කාමරේට ගියේ එයාට මුළු කතාවම කියන්න.



" මේ දන්නවද වැඩක් "


" ඒ පාර මොකක් ද? "


" ඇත්තටම කිව්වොත් ඔයා ක්ලාරාට කැමතියි කියලා මට කියන්න කලින් ක්ලාරා ඔයාට කැමතියි කියලා මට කිව්වා.ම​ට මේ ඒක ඔයාට කියාගන්න බැරුව යි ඉඳියෙ "


" මොනවා "


" ඔව්..."


" ඇයි අනේ ඔයා මට කලින් කිව්වේ නැත්තේ... "


" ක්ලාරා මට කිව්වෙත් මේ ළඟදී තමයි "


" හාකෝ...එහෙනම් අපිට double date එකකට යන්න පුළුවන් "


" ඒ කිව්වේ "


" ඇයි ඉතින් ඔයයි ක්ලාරාගෙ අයියයි මමයි ක්ලාරායි "


එයා එහෙම කිව්වහම මට දවල් තරු පෙනුනා.ඒ කියන්නේ එයා දන්නවා මම කැම්රන්ට කැමතියි කියලා...


" ඈ. එතකොට ඔයා දන්නවද? "


" ඔව්..."


" එතකොට අම්මලත් දන්නවද? "


" ඔව්. එයාල මෙච්චරකල් කට පියාගෙන හිටියේ ඔයාගෙ කටින් ම ඕක අහගන්න තමයි "


" එතකොට කව්ද කිව්වේ "


" වෙන කවුද ඉතින් මම තමයි "


" එතකොට ඔයා කොහොම ද හොයාගත්තේ "


" රහස් ආරංචි මාර්ග හරහා තමයි ඉතින් "


" අනේ මේ මට කියනවා හරිද? "


" ඇයි මැඩම් කිව්වේ නැත්තම් මොනව කරන්න ද? "


" කරන්නෙ ද? මම ගිහින් ක්ලාරට කියනවා ඔයාට දැනට මත් කෙනෙක් ඉන්නවා කියලා "


" ඒ මේ එපා හොඳේ... "


" එහෙනම් කියනවා දැන්මම "


" හරි... හරි... ඇත්තටම කිව්වොත් කවුරුවත් ම දන්නෙ නැති වුනාට ඔයා ක්ලාරාගෙත් එක්ක යාළු වුන දවසෙ ඉඳන් ම මමත් කැම්රන් එක්ක යාළුයි. එයා තමයි මගෙ හොඳ ම යාළුව. අනික එයා මගෙනුත් අවසර අරන් තමයි ඔයාට කැමැතිියි කියලා ඔයාට කිව්වේ. හරිද? අනික එන්න එපා මෙතන මට හොරෙන් හොර වැඩ කරන්න "



" එතකොට අම්මා කැමති ද "



" ඔව් ඉතින් අම්මට නම් ප්‍රශ්නයක් නෑලු..තාත්තට නම් මාර සතුටුයි "


" ඇයි ඒ "


" තමුසෙව මේ ගෙදරින් ඉක්මනට යවා ගන්න පුළුවන් නිසා "


" අනේ මේ ඇත්ත කියනවා..."


" මේ කැම්රන් ඉතින් මනෝ විද්‍යාඟවරයෙක් නේ. ඒකයි..දන්නැද්ද ඉතින් අපේ තාත්තට මනෝ විද්‍යාව කිව්වොත් වෙන මුකුත් ඕන නෑනි. "


" හ්ම්ම් "

එහෙම කියලා මම පට ගාලා අනික් පැත්ත හැරිල එන්න ආවා...


​ දෙවියන් ට ම ඔප්පු වෙච්චාවේ....


මල මඟුලයි...


මම ඒක රහසක් කියලා හිතුවට ඒක රහසක් නෙමෙයිනේ...


එහෙනම් ඒක තමා කැම්රන් මම ගැන මෙච්චර විස්තර දන්නේ...


එහෙම හික හිත ම මම හිමින් සැරේ මගෙ කාමරේට ම එන්න ආවා. ඇයි ඉතින් අරයා දැන් නිකන් පිස්සු හැදිලා වගේ තනියම කියෝ කියෝ ඉන්නවා.


ඇයි ඉතින් ආදරය අන්ධයි කියනවනේ...


පව් ඉතින්....


මම එහෙමම හිමින් සැරේ බත් පිඟානක් කාලා ම කාමරේට ගියා. එදා නම් මට ​phone අතට ගන්න හිතුනෙත් නෑ.මොනව වුනත් මට සතුටුයි.


ඇයි හදිස්සියෙවත් අපේ අයියා මට එවෙලෙ මම කැමති වෙන කෙල්ලෙක් ට කියලා කිව්වොත් එහෙම මම මොනව කියලා කරන්න ද?



අනික මගෙ එකටත් අම්මලා කැමතියි කියන්නේ මම අවුලකුත් නෑනි...



​ කොහොම හරි ටිකක් රෑ වෙනකල් ම කැම්රන් ගැන ම හිත හිත ඉඳලා මම නිදාගත්​තේ මේ සුබ news එක හෙට උදේම ගිහින් ක්ලාරා ගෙ කනේ තියන්න හිතාගෙන...



අදට ඉවරයි..


මම ඉතින් මුකුත් කියන්න නෑ....


සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!


Comment 100...

Next episode....

( මේකෙ comment 100 කියන්නේ එක්කෙනෙක් ම comment 100 ක් දාන එක නෙමෙයි.100 ක් 1 comment එක ගානෙ දාන එක හරි ද?)



මම,

🦋🦋🦋Millicent🦋🦋🦋

Report Page