The immortal Vampire

The immortal Vampire

Milicent


පෙර කොටස

http://telegra.ph/Thr-Immortal-Vampire-04-05


14 කොටස



" හැබැයි මට තමුසෙ පොරොන්දු වෙන්න ඕනි කාටවත් කියන්නේ නෑ කියලා"



" හරි ඉතින්.කියනව කො කව්ද ඒ එච්චරම ලොකු පවක් කරගත්ත කෙල්ල කියලා"



මොනව වුනත් මම ටිකක් බය වෙලා ඉඳියෙ. මොකද මට එකපාර අරයාට මෙයාවයි මෙයාට වෙන එක්කෙනෙක්වයි සෙට් කරන්න බෑනි.



" ඉක්මනට කියනවකෝ අප්පා "



" අනේ මේ පොඩ්ඩක් ඉන්නවකෝ. feel වෙන්න කියන්න එපැයි. නැත්තම් වැඩක් නෑ "



" ඉක්මනට කියනවාාාා"



ඇත්තටම කිව්වොත් මට නම් හොඳට ම කේන්ති ගියා. ඒ වගේ ම මගේ ඉවසීමේ සීමාව පැනලා තිබ්බෙ. මට ළඟ ම තිබ්බ කොට්ටෙන් දමලා අරින්න හිතුනා. ඒත් මම එහෙම කලේ නෑ මොකද එතකොට මේක බලනවනේ මට මොකක් ද තියෙන හදිස්සිය කියල.



" මම කැමතියි ඔයාගෙ අර යාළුව ක්ලාරාට "



ඒක කිව්ව ගමන් මට ආපු සතුට කියලා නිම කරන්න බැරි වුනා. ඇයි දෙවියනේ ක්ලාරා මෙයාට කැමතියි,මෙයා ක්ලාරාට කැමතියි. දෙන්නට දෙන්නා දක්නෙ නැති වුනාට දෙන්නාම දෙන්නට කැමතියි. කාට ද වාසි....



" ඕයි නංගි. මොනා ද ඔච්චර කල්පනා කරන්නේ"



" නෑ මේ මං කල්පනා කලේ තමුසෙට හම්බුවෙන ළමයාව මගේ වෙඩින් එකේ මල් කුමාරයට තියෙන හැටි."



" අනේ මේ ඇමී ඉන්නවා කට පියාගෙන "



" ඉඳියි කියලා තමයි බය "



" මේ ඒක නෙමේ ඔහේ මට උදව් කරනවා නේද?"



" මම උදව් කරන්නං. හැබැයි මට පොඩි දෙයක් ඕනි "



" හරි මම තමුසෙට රුපියල් 5000 ක් ම දෙන්නම්."



" අන්න හොඳ ළමයා. කෝ දෙනවා ඉතිම්"



ඒ සැනින් දුන්නා.මාර ඕන කමක්නෙ තීන්නේ. කොහොම හරි රුපියල් 5000කට වැඩේ දෙන්න නම් මට පුළුවන් වුනා.



ඊට පස්සේ මම පුළුවන් තරම් ඉක්මනට දුවල ගිහින් සල්ලි හැංගුවා. මොකද මම දැන් කිව්වොත් ක්ලාරා මෙයාට කලින්ම කැමති කිව්වා කියලා මට ඒ සල්ලි ටිකත් නැති වෙනවා නේ. 



ටිකිරි මොලෙ.....



ඊට පස්සේ මම ආපහු අරයගෙ කාමරේට ගියේ එයාට මුළු කතාවම කියන්න.





අදට ඉවරයි....


මම,

Millicent🦋🦋🦋

Report Page