The Immortal Vampire
Millicent🦋🦋🦋 ( bonus )

පෙර කොටස
https://telegra.ph/The-Immortal-Vampire-04-03
13 කොටස
කොහොම හරි මම අදත් කැම්රන්ටත් බායි කියලා ආවා ගේ ඉස්සරහට. කොහොම හරි මම ගෙදරට එනකොට ගේ වහලා දාලා ගිහින්.මම ටිකක් බයත් වුනා.
මම ගෙදර යනකොට වෙලාව අටයි මාරයි විතර ඇති.
හොඳ හුස්මක් පහළට දාලා මම මල් පෝච්චිය යට තිබ්බ යතුර අරගෙන ගෙදර දොර ඇරියා.
ඒත් එක්කම...
සුදු පාටට මොකක් එකක් ඇදගත්ත එකෙක් ගෙදර දොරෙන් එළියට ආවා.

ඒ බය වුන පාරට දොරේ handle එක අල්ලගෙන ඉඳපු මාව එහෙමම බිම ඉන්ද වුනා.
එත් එක්කම ඒ හොල්මනා කතා කලා...
" අනේ ඕයි. හොඳට ම බය වුනා නේද? ඇද්ද තවුසෙට මේ අම්මලාව බය කරවනවට?"
මට කටහඩින්ම අඳුර ගන්න පුළුවන් වුනා.ඒ අපේ ගෙදර ගොන් වස්සා.මගෙ අයියා..

ක්ලාරත් මොකට මූට ම කැමති වුනා ද මන්දා..
" හූ.... හූ.... ඇද්ද ගොන් ඊරිට "
" ඇද්ද? දෙන්නංකො කවද හරි මම රිටන් එක.ඔහොම යන්"
කොහොම හරි ගෙදර හතර වටේම දුවලා දුවලා පස්සෙන් පන්නගෙන ගිහිල්ලා හරියටම මට අහුවුනා කුස්සිය මැද දි. අහුවෙච්ච chance එකෙන් ම දීලා අත ඇරිය හොඳ පාරවල් දෙක තුනක් පිට හරහා.
ඇයි යකෝ???
ඒත් එක්කම අර යකා පොඩි එකෙක් යගේ යටි ගිරියෙන් බෙරිහන් දෙන්න ගත්තා.
" දෙවියනේ මොකක් ද ළමයිනේ ඔයාලට වෙලා තියෙන්නේ මේ අහල පහල මිනිස්සුත් බය වෙලා ඇති මේ කෑ ගැහිල්ලට"
එතකොට තමයි මට මීටර් වුනේ අම්මා එතන ඉන්නවා නේද කියලා.
මම ඉතින් හිමීට ගොන් හිනාවක් දාලා ශේප් එකේ එතනින් මාරු වෙන්න හැදුවේ පූසා දුන්න කෙනා ගැන අහයි කියලා බයට..
" ආ දුව මට ඔයාගෙන් අහන්න පොඩි ප්රශ්නයක් තියෙනවා."
ඒ අම්මා නෙමේ..ඒත් තාත්තා..
කොටින් ම කිව්වොත් මය එවෙලෙ ගේ ඇතුලෙම වලක් කපාගෙන වැලලෙන්න හිතුනා...
" දෝනි අර ඔයා පූසෙක් ගෙනහල්ලා තිබ්බෙ අන්න ඒ පූසාගෙ බෙල්ලෙ තිබිච්ච tag එකක නමක් තිබ්බා මං දැක්කා. ආාා...මොකක් ද කැම්...කැම්ර..ආාා හරි කැම්රන් කියලා.ඒ කවුද දෝනි ඒ."
ඕ යෙස් බෝම්බෙ පත්තුවුනා guys.අද මම ඉවරයි..
මට එකපාරටම කියන්න කියලා දෙයක් හිතාගන්න බැරි වුනා...
ඒත් එක්කම..
" ආා තාත්තෙ ඒ මගේ යාළුවෙක්..."
යකෝ මෙන්න කවදාවත් නැතුව මෙන්න මේකා මාව බේර ගන්නවා.ෂුවර් එකට ම එක්කො කප්පමක් නැත්තම් මොකක් ම හරි වැඩක් මට කියලා කරගන්න ඕනි ඇති.මම දන්නෙ නැත් ද මේකගෙ හැටි...
"මොකක් ද. එහෙම නම් කමක් නෑ "
ඊට පස්සෙ අපේ අයියා මට ඇහෙන් signal කලේ එයාගෙ පිටිපස්සෙන් එන්න කියලා..
මමත් ඉතින් පස්සෙන් ගියා. මොකද අවස්ථාවේ හැටියට මේකවත් මාව බේරගත්ත එක ලොකු දෙයක් නෙ.
ඒක මාව එක්කන් ගියේ ඒකගෙ කාමරේට...
ඒක ගිහින් ඒකගෙ මේසෙ උඩින් වාඩි වුනා.මම දොරට හේත්තු වුනා...
" මම දැන් තමුසෙම තාත්තගෙන් බේර ගත්තානේ. තමුසේ මට කියන්න ඕනි කෑ ඒ පූසා කව්ද දුන්නේ කියලා හැබැයි ඔහේ මට උදව්වක් කරන්න ඕනි."
ඔව්... මම කිව්වෙ ඕක එන්නෙ මොකාට ද කියලා. දැන් ඕකගෙන් බේරෙන්න නම් බෑ. මට දැන් කොහොමත් ඔය කියන වැඩේ කරලා දෙන්න වෙනවා.
" මොකක්ද?"
" මෙහෙමයි මම කැමති කෙල්ලෙක් ඉන්නවා. සෙට් කරලා දෙන්නයි ඕනෙ"
" කවුද"
" හැබැයි මට තමුසෙ පොරොන්දු වෙන්න ඕනි කාටවත් කියන්නේ නෑ කියලා"
" හරි ඉතින්.කියනව කො කව්ද ඒ එච්චරම ලොකු පවක් කරගත්ත කෙල්ල කියලා"
අදට ඉවරාාායි...
ඔය බෝනස් හරිත....
කියන්න බලන්න ඇමීලියාගේ අයියා කැමති කාටද වෙන්න ඇතිද කියලා...
Comment 50 ක් ආවම තමයි ඊළඟ එක දෙන්නෙ.
ෙගාඩක් channel වලට කතාව දෙන්නෙ නැති වෙයි ඉස්සරහට
මම,
🦋🦋🦋Millicent🦋🦋🦋