The Vampire Love Story
BLANK ❄
Previous Episode:- https://telegra.ph/The-Vampire-Love-Story-06-27
21st Episode
"අම්මා...මම යනෝ..." කාලෙකින් ස්කූල් යන්න චාන්ස් එක තාත්තාගෙන් ඉල්ල ගත්තෙ..මගෙ ස්කෝලෙ ඉන්නවා ශෙරීනා කියලා ගර්ල් කෙනෙක්....අද එයාගෙ විසි වැනි බර්ත් ඩේ පාටි එකලු....විස්සෙන් පස්සෙ ආයෙ මෙහෙ ස්කෝලෙ එන්න බෑ..ඉතින්...ස්කූල් ගිහින් එතනින්ම පාටි එකට යන්න අපි කතා වුනා...අපි කිව්වේ...ආනා, තානා, මන් කියන කස්ටිය....
"පරිස්සමින් දෝණී රෑට කලින් එන්න..." අම්මා කෑ ගහලා කිව්වා...
"හරේ...." කියාගෙන මන් සයිඩ් බෑග් එකත් අල්ලන් පිම්මේ දිව්වා...අතුරුදන් වෙලා මතුවෙනවට වඩා දුවලා ගිහින් ස්කෝලෙට යන එක මගෙ හොබී එක...කොණ්ඩෙ එහෙම වැනෙද්දි මාර සනීපයි....ඉස්සර කාරෙකේමනෙ...දැන් ඉතින් පයින්ම දුවනවා...
"ඒයි ඉන්නවා ඔහොම..." මට පිටිපස්සෙන් කවුරු හරි හති දදා ඈතින් කතා කරනවා ඇහුනම මම හැරිලා බැලුවා...
ඔලුවත් නමන් හති දදා දණිස් දෙකත් අල්ලන් බිමට නැමිලා හිටියෙ..
"ඔයාට ප්‍රශ්නයක් නෑ නේද...?" මම ඇහුවෙ එයා ළඟට යන ගමන්....
"තමුසෙ ඇවිදිනව ද දුවනව ද...?" එකපාරම ඔලුව ඉස්සුව ඩූන් තරහෙන් කෑ ගැහුවා...
"ආපෝ....තමුසෙ ද..." මම ඇද කරලා ඇහුවා....
"ඔව් මන් තමා...ඇයි මැජික් වගේ බලන් ඉන්නෙ..."
"මුකුත් නෑ....ඇයි මන් පස්සෙන් දුවන් ආවෙ....?"
"තමුසෙ පාටියට එනව ද අහන්න..."
"ආවත් නැතත් තමුසෙට මොකෝ..."
"තමුසෙ ඔය තමුසෙ කියන කෑල්ල අයින් කරගන්නෙම නෑ නේද...?"
"නෑ ඇයි මොකද...? තමුසෙ මට කියන්න කලින් ඒක මට කියන එක නවත්තනවකො...ඊට පස්සෙ සලකා බලන්නම්..."
"මම නෙවේනෙ..ඉස්සල්ලම ඔයා පටන්ගත්තෙ...හරි නැවැත්තුවා..."
"හරි ඔයා නැවැත්තුවා...මාත් නැවැත්තුවා...පටන් ගත්තෙ කවුරු වුනත් දැන් ඒක ඉවරයි..."
"හා..." තරහින්ම ඩූන් කිව්වා...
"එන්න දැන් යමු..."
"කවුද දැන් ඔයත් එක්ක ජෝඩු දාලා යන්න එනවා කිව්වෙ...?"
සැක්...වුනු ලැජ්ජාව....හතර අපායටවත් නොවේවා මේ වගේ සංහදියක්...
"මම....මම යනවා....ඔහෙත් යන දිහාවක යනවා..හරි.." කියාගෙන මම ගියා...
"ඒයි මට උත්තරේ දුන්නෑ...."
"මොකේට ද...?" මම හැරිලා කෑ ගහලා ඇහුවා...
"පාටියට එනව ද...?"
"නෑ..."
ඩූන්ව එකපාරම ගොළු වුනා වගේ..එයා අදහගන්න බැරුව වගේ මූඩ් එකකින් මන් දිහා බලන් ඉද්දි මම තනියම හිතින් හිනාවෙවී ස්කෝලෙට දිව්වා...
"මම හිතුවෙ හෙට වෙයි කියලා..." ආනා ළඟින් ඉදගද්දිම එයා කිව්වා...
"හෙට නෙවේ තව පොඩ්ඩෙන් එන්න වෙන්නෙ අනිද්දා..."
"ඒ මොකෝ..." ඩෙස් එක උඩ ඉදගෙන කියව කියව හිටිය පොත උඩින් බලලා තානා ඇහුවෙ...
"චාටර් වැඩේ වුනේ..."
"චාටර්....?" ඒ තානා...එයා ඕවා දන්නෑනේ..
"හරි හරි බන්...මාව නෝන්ඩි වුනා.."
"හප්පට මොකෝ...මොකෝ කේස් එක..." ආනා හෙන උනන්දුවෙන් අහන්නෙ කර කර හිටපු වැඩෙත් නවත්තලා...ඩෙස් එකෙන් බිමට පැන්න තානාත් ඇවිත් මං ළඟින් වාඩිවුණා...මුන් මාව විනිශ්චය කරන්න වගේනෙ යකූ....මාව නෝන්ඩි වුනු හැටි අහන්න තියන උනන්දුව විතරක්...
"ඩූන්ව හම්බුනා දුවගෙන එද්දි..." ටයි එක කරකව කරකව මම කිව්වෙ..
"ඉතින් උෟ කිස් එකක්වත් දුන්න ද...?"
"මොකක්....?" මාව ඊ ගහ වගේ එතනින් නැඟිට්ටවුණා...
"ඒයි ඉදගන්නවා..හයිලයිට් නොවී..." කියපු ආනා මාව ඇද්දා...මාව ආයෙත් ඉන්දවුනා..
"ඔයාලා මාව වැරදියට තේරුම් අරන්...මම තරහායි...ඉහි ඉහි...." මම මූණ බෙරි කරන් කිව්වා...
"අයියෝ කෝලං නොකර විස්තරේ කියනවකො..."
"අනේ මේ ඔහේ හිතන ඉටි ගෙඩියක් එතන වුනේ නෑ..." ගස්සලා නැඟිට්ට මම කිව්වා...ඒ පාර තානා මාව ඇද්දා...
"ඩෙඩුනෝලි තුමා මොකද කිව්වෙ...? හම්බෙලා...?" එයා ඇහුවා..
"ආන් එහෙම අහන්න ඔයත්..." ආනාටත් පඬිකමට කියන ගමන් මම ඇහි බිම් උඩට කරා...
"හරි හරි කියන්නකො අප්පා විජහට..."
"මම පාටියට එනවද ඇහුවා........................"
"එහෙනන් වැඩේ හරි..අත්පුඩියයි වඩයයි ප්ලේන්ටියයි..." ආනා කිව්වෙ අත්පුඩියක් ගහලා...
"මොන වැඩේ ද...?" මන් ඇහුවා...
"ඔ...................................."
"ආනා කටපියාගන්නවා...තමුසෙට වගේ විසයක් නෑ ගන්‍යාට...ඉතින් මොකද වුනේ ගන්‍යා ඊට පස්සෙ...?" මම විස්තරේ අග මුල සවිස්තරාත්මකව පැහැදිලි කරා...
"ඒක අවුලක් නෑ...ගනන් ගන්න එපා..." තානා හිනාවෙලා කිව්වා...මම හිනාවුනා...ආනාත් හිනාවුනා....අපි එකම පවුලක් වගේ....ඊට පස්සෙ ඉතින් පොත් ටිකක් පෙරලන් අරවා මේවා කරන්න ගත්තෙ ටීචර් කෙනෙක් එනකන්...
"මේ කෘෘ හොඳ වීගෙන යනව ද...?" ලිය ලියා හිටපු පොත පැත්තකට කරන ගමන් මන් ඇහුවා..
ආනායි තානායි මූණෙන් මූණ බලාගත්තා..
"ඔයා ඇයි එකපාරම එහෙම දෙයක් ඇහුවෙ..?" ආනා ඇහුවා...
"නෑ නිකන් දැනගන්න...ඇයි ඒ වගේ ඔයාලටත් හිතුන ද..?"
"එයා වෙනස් වෙයි කියලා හිතෙන්නෑ...ඒත් මොකද්දෝ වෙලා තියෙනවා වගේ නං තේරෙනවා...." තානා කිව්වා...
"අපි ඕවා නොහිතා ඉමු නේද...?" මම කිව්වෙ කලකිරීමෙන්....ප්‍රශ්න ඔක්කොම එක පිට වැටිලා තියෙන නිසා මට දැනුනෙ මාව හිරකරලා දාලා වගේ...
"ඔව් ඒක තමයි හොඳම දේ...කොහොමටත් එයාට අපිට මුකුත් කරන්න බෑනේ..."
"ඔව් අපි තුන්දෙනාම එකටනෙ..." මම හිනාවෙලා කිව්වා..
"අග්නගන්‍යා....ඔයාට බියන්කා සෙලෙස්ටේ කතා කරා...." අපි ඉන්න තැනට ආපු ළමයෙක් මට කිව්වා...
"මොකක් හරි කඩා වැටෙන්නයි යන්නෙ...ගිහින් එන්නම්..." කියපු මම එතනින් නැඟිටලා සෙලෙස්ටේගෙ රූම් එකට ගියා..
"එන්න...! මම ඔයාට උදේ ඉදන් පණිවිඩයක් දෙන්න බලන් හිටියෙ..." මම ගිහින් ආචාර කරලා ඉදගත්තා...
"ප්‍රශ්නයක් ද මිස්...?" මැඩම්, ටීචර්, මිස් කියන තුනෙන් ම අපි ගුරුවරුන්ව හැඳින්වුවා...
"නැහැ....ඔයාගෙ තාත්තාගෙ කීමකටයි ආයෙත් ඔයාට මේ විදිහට මාත් එක්ක කතා කරන්න අවස්ථාවක් ලැබුනේ..."
"මොකක් සම්බන්ධයෙන් ද...?" මම පුදුමයෙන් කිව්වෙ...
"ඔයා ආශ්‍රය කරන පිරිස සීමිතයි කියලා එයා කියන්නෙ..."
"ඒ කිව්වේ...?"
"ටික දෙනෙක්ව විතරලු ආශ්‍රය කරන්නෙ.." ඒක ඇහුවමනං බොරු කියන්න ඕන්නෑනේ මගෙ හිත රිදුනා...කැඩුනා...දිය වෙලාම ගියා...හැමෝම වගෙ යාළුවො වෙනවටයි මං ආසා වුනේ...මම ගල් වෙලා වගේ ඉදගෙනම හිටියා...
"ඉතින් තාත්තා කැමතියි ඔයා හැමෝවම ආශ්‍රය කරලා කලින් වගේ ඉන්නවටලු..."
"මැඩම්..මේ.....මන්..."
"දන්නව ද එකමත් එක කාලෙක හිටියා හරි ලස්සන කුමාරිකාවක්....එයා ලස්සන ගැන ආඩම්බර වුණා...උඩඟු වුණා...යාළුවො ඇසුරට ගියෙ නැහැ...තමන්ගෙ ලස්සන ගැන ම හිතමින් ජීවත් වුණා...කුමාරයෙකු තෝර ගන්න උත්සවයක් ආරම්භ වුණා...කුමාරිකාවත් හොඳට ඇද පැලදන් ඒකට සහභාගී වුණා...දුප්පත් නමුත් ලස්සන තරුණියකුත් ඒකට සහභාගී වුණා...කුමාරයා කැමති වුනේ තරුණියට...ඒ මොකද දන්නව ද...ආඩම්බරකම නැති හින්දා......"
"අනේ...මැඩම්....සොරි...මම එහෙම හිතුවෙ නෑ..ඒත්........................"
"හැමෝම අපිට කැමති වෙන්නෙ අපි ලස්සන නෙවේ ප්‍රියමනාප වුනොත්...ආඩම්බර නෙවේ නිහතමානී වුනොත්...ඒ වගේ ම පෝසත්කමවත් දුප්පත්කමවත් යාළුකමට, ආදරේට බාධාවක් නෙවේ...තේරුනා ද...?" එහෙම හිනාවෙලා කියපු සෙලෙස්ටේ මගෙත් පිටට තට්ටුවක් දාන් එතනින් ගියා....
"අයියෝ..." මන් ඔලුවෙ අත ගහගත්තා...අලි මදිවට හරක් කිව්වලු...ප්‍රශ්න මදිවට තව ප්‍රශ්න....මන් කොහොමත් ප්‍රියමනාපව තමයි ඉන්නෙ...නිහතමානියි තමයි...සෙලෙස්ටේට පිස්සු...කවුරුත් මාත් එක්ක කතා නොකෙරුවෙ මන් මක් කරන්න ද...ඕනි එකක් කරගන්න එකයි ඇත්තෙ...
තරහින් නැඟිටපු මන් දොර හැඩ්ල් එකට අත තියලා දොර අරිද්දිම එළියෙ හිටපු කෙනෙකුත් එවලෙම දොර ඇරියා...
එතන හිටියෙ මං බලාපොරොත්තු නොවූ කෙනෙක්....
"මැඩම් ඔයාට..............................." සෙලෙස්ටේට යමක් කියන්න හිතන් ආවා වගේ පෙනුනු එයා කියන්න ගියපු එක ගිලගත්තා...
"ප....ස.......න්....." එයා මුකුත් කීවේ නෑ...මගෙ මූණ දිහා බැලුවෙත් නෑ...
"පසන් ඔයා හොඳින් ද...?" කියපු මම එයාගෙ අත අල්ලගත්තා...
"මන් හොඳින්..." කියපු එයා එයාගෙ අත ඉක්මනින් එතනින් ගත්තා...එතනින් හැරුණු එයා යද්දි මං එයා පස්සෙන් දුවන් ගියා...
"ඒහ්...ටිකක් ඉන්න....පසන්....ඉන්න....මන් කතා කරනෝ...ඉන්නෝ..." මන් ලංකා භාෂාවෙන් කෑ ගැහුවෙ එතකොට එයා නවතියි කියලා හිතලා...හිතුව විදිහටම එයා නැවතුනා..
"මොකද දුවන්නෙ..? මන් උඹව ගිලියි කියලා හිතුව ද..?" එයාගෙ මූණට එබිලා මං ඇහුවා...එයා අහක බලාගත්තා..
"පසන්...."
"මේ අහගෙන ද ඉන්නෙ..?" මම ම කතා කරේ එයාගෙන් ප්‍රතිචාරයක් නැති හින්දා...
"හරි ඔයා අහගෙන හරි ඉන්නකො...ඔයා මට වැරැද්දක් කරන්න ඇති...එදා මම ගොඩක් බය වුනා...ඔයාට සමාව දෙනවා කියන්න නං නෙවේ මම හදන්නෙ...ඔයාට හොඳ කෙනෙක් වෙන්න පුළුවන්නෙ...ඇයි ඔයා මෙල්ඩියර්ට විරුද්ධ වෙන්නෙ...?"
"එයා මගෙ අම්මව මැරුවා...මරාගෙන කෑවා..." මන් දිහාට හැරුණු එයා මම නොහිතූ විදිහට එහෙම කියද්දි මාව බයටම අඩි දෙක තුනක් ආපස්සට යැවුනා...
"අහගත්ත ද හොඳට...නැත්තන් ආයෙත් කියන්න ඕනෙද..එයා මගෙ අම්මව නොමරා මැරුවා....ප්ලීස්...ප්ලීස් අග්නගන්‍යා...ආයෙමත් මගෙ ඉස්සරහට එන්න එපා...ප්ලීස්....මොකද අපි අතරෙත් ප්‍රශ්න ඕනෙ නෑ....මේ වෙන දේවල් හොඳටම ඇති.." අත් දෙක එකතු කරලා මට කියපු එයා එතින්න වේගෙන් ඈතට ගියා....
_____________________________________________________________________________
😶එහෙම කරන්න ඇති ද...?
ඩූන්ට වගේ වැඩි මනාපෙ🙊❤බලමු හුදේ...ඔයාලා හරිද කියලා...😉Thank You සහයෝගෙ දුන්නු අයට..❤❤
මම,
🚫❌කතෘ අවසරයකින් තොරව කතාව කොටස් වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් උපුටා ගැනීම සපුරා තහනම්🚫❌