The Vampire Love Story
BLANK ❄
Previous Episode:- https://telegra.ph/The-Vampire-Love-Story-06-26
20th Episode
"ආදරය යනු පරිත්‍යාගයකි." අපිළිවෙළට වුනත් ලියලා තිබුනා...මම ඔහේ ඒක දිහා බලන් හිටියා...එයා ඒකෙන් අදහස් කරේ මොකද්ද කියන්න මට හරියටම පැහැදිලි වුනේ නැහැ...
"සමහර විට ඩිටී එයාව ප්‍රතික්ෂේප කරන්න ඇති..." මගෙ කන ළඟින් ඇහුණු අර යකා හෙවත් ඩූන්ගෙ කටහඬ හින්දා මාව උඩ පැන්නවිලා අහකට විසික් වුණා...
"ත....මු.......සෙ......????"
"හායි ගන්‍යා ආයෙත් හම්බුනා..."
"ත...තමුසෙ...මොනවද..කෙල්ලන්ගෙ කාමරවල කරන්නෙ...?"
"ඔත්තු බලනවා..."
"චිකේයියා...තමුසෙට ලැජ්ජාවක් නැද්ද..?"
"නෑ..."
"ආ....?"
"නෑ කියලයි කිව්වෙ...ඇයි...?"
"අ..අහ්...මුකුත් මුකුත් නෑ..." එයා ළඟට එද්දි මං කිව්වා...
"මං තමුසෙව බය කරන්න ආවෙ නෑ..." ඩූන් නැවතිලා කිව්වා....
"එහෙනං මොකටද තමුසෙ ආවෙ...?"
"ඔය පොත ඉල්ලන් යන්න..."
"බෑ...මේක දෙන්නෑ..."
"ඕක මමනෙ දුන්නෙ...දැන් දෙනවා..."
"මේකෙ ලොක් එක ඇරගන්න ද ඕනෙ වුනේ.."
"සමහර විට..."
"ත...තමුසෙ...තමුසෙ නේද කිව්වෙ...මොළේ තියෙන පණ්ඩිතයෙක් කියලා..."
"ඔයානෙ කිව්වෙ...මම සත්‍යාපනය කරා..."
"මොන රෙද්දක් කියනවනව ද මන්දා...ආ ගන්නවා..." කියලා මම ඒක එයාට දික් කරා....
"දෙනවා...." කියලා එයා ඒක ඇදලා ගත්තා.....
"ඕකෙ ඇති වෙඩිමක් නෑ...ඩෙඩුනෝලිගෙ පවුලෙ කෙනෙක් හින්දා දන්නවා ඇතිනෙ ඩිටී ගැන නේ...?"
"දැනගත්තත් නැතත් තමුසෙට ඒකෙන් වැඩක් නෑනේ..." කියපු එයා පුටුවෙන් ඉදගෙන ෂූස් දෙක ගලවන්න ගත්තා...
"තමුසේ...තමුසෙ මොනවද ඔය කරන්නෙ..?"
"ගලෝනවා.."
"අ...අහ්...එ...එපා....ඇඳුම් ගලවන්නෙපා.."
ෂූස් පැත්තකින් තියලා මේස් ගලවමින් හිටිය එයා ඇසුත් ලොකු කරන් මං දිහා බැලුවා...
"කවුද මම එහෙම කරනවා කිව්වෙ...?" යකා නැඟලා වගේ එයා ඇහුවා...
"තමුසෙනේ කිව්වේ...." මම තරහින් කිව්වා..ඩූන් මන් දිහා බලන් හිටියෙ දත් මිටි කකා...උෟ මොකෝ තරහා ගන්නෙ...මම නෙ තරහා ගන්න ඕනෙ...විකාර..
"ඇ....ඇයි....ඇයි....බලන්නේ....ම...න්...කෑ ගහනවා....හරි....ද....."
"හා..."
"ආ..?"
"හා ඉතින් කෑ ගහනවා..."
"එතකොට ඔයාව අල්ලගනියි අපේ තාත්තා..." මම බය කරන්න වගේ කිව්වෙ..බොළඳ කේස් තමා...මන් ඒමනෙ...හිකිස්...
"ඉතින්...?"
"ඔයාට දැගලුවට ගැලවෙන්න බැරි වෙයි හරි ද...?"
"හරි..."
"තමුසෙට බය නැද්ද...?"
"ඒ මොකටද....?" ෂිට් විතරක්...
"තමුසෙ මෙතනින් යනවකො...එතකොට ඔක්කොම ඉවරයිනෙ..." මූණ දෙල් කරන් මන් කිව්වෙ..
"පොඩ්ඩක් ඉන්නවා....තමුසෙ ඉස්සල්ලම මට තමුසෙ ගාන එක නතර කරගන්නවා...ඊට පස්සෙ කෑ ගහනවා..."
"මන් මොකටද එහෙම කරන්නෙ...මට ඕන්නං මං කියනවා...ඕන්නැත්තං නොකියා ඉන්නවා..."
"කිව්වම අහලා නවත්තනවා..."
"බෑ....!"
"තමුසෙ දන්නව ද මන් කවුද කියලා..."
"ඔව් ඩෙඩුනෝලි..."
"ඩෙඩුනෝලි තුමන්...!" ඩූන් කිව්වා...
"ඔව් එයා...."
"මම තමයි අන්තිම කෙනා ඒ පවුලෙ.."
"ඉතින්...? මට මොකද..? තමුසෙ අන්තිමයා වුනත් එකයි...පලවෙ........................" මන් කියන් ආපු එක නැවතුනේ එයා එතනින් නැඟිට්ට හින්දා...කට තිබ්බට වැඩ බැරි මට ඒ බැල්මට බය හිතුනා මිත්‍රවරුනි....
"කිව්වා නේද එකපාරක්...! මට තමුසෙ කියන එක නවත්තනවා...මම වැදගත් පවුලක කෙනෙක්..."
"වැදගත් පවුලක කෙනෙක් නං වැදගත් විදිහට ඉන්නවා..."
"මම වැදගත් විදිහට තමයි ඉන්නෙ.." එයා තරහින් කිව්වා...
"වැදගත්කම පේනවා...එක එකාගෙ කාමරවල රිංගද්දි...."
"තමුසෙ....මම....."
"ඇයි මං බොරුද කිව්වේ..? දැන් පාච්චල් නොවී යනවා..."
තරහෙන් රතු වෙච්ච මූණෙන්ම බිම බලාගෙන මේස් දෙක ගලෝගත්ත එයා ට්‍රවුසර් එකේ සාක්කුවෙන් කාඩ් එකක් ගත්තා...ආයෙත් මේසුයි ෂූසුයි දාගන්නකන් මං වචනයක්වත් කිව්වෙ නැත්තෙ ඒ කාඩ් එකේ මොනාද කියලා දැනගන්න තිබ්බ කුතුහලේට...හැබැයි මොන එකකට මෙතන ෂූස් ගැලෙව්වද කියන එක නං මම දන්නෑ...ඕනෙ දෙයක් මට මොකෝ.....කියන්න සතුටුයි ඒක අතට අරන් මං දිහා බලන්නෙවත් නැතුව ඒ නපුරා අතුරුදන් වුණා...
"ඒයි මෝඩයා...." මට කියවුනා... "කාඩ් එක..." ඒත් ආයෙ නං ආවෙ නෑ....පුහ්..ඊළඟ වාරෙ ආවම දනී කරන දේ....සැකේ උඹ උෟ තව වාරයක් එනකන් බලන් ඉන්නව ද...ඉකේ....ෂිට්....අපරාදෙ එක්කො උට අර පොත දුන්නෙ....හුම් මෙතන...මගෙ අක්කගෙ එකනෙ....දැන්නෙ උඹටත් ඕක මතක් වුණේ...ටියුබ් ලයිටයක්නෙ තෝත්...අයින්න තිබුනෙ දෙකක් හොම්බට හතර හන්දි ඇඹරෙන්න...ඒක වෙන්නෙ කොහොම ද අහන්න එපා...මාත් තාම දන්නෑ...හච්චූම්....
මම කාමරේ දොර ඇරන් සාලෙ දිහාට ගියා....කවුරුත් ගෙදර ඉන්න පාටක්වත් නෑ...ඒක හින්දමයි අම්මගෙ කාමරේ පැත්තට ගියේ...
මම දොරට තට්ටු කරාම අම්මා ඇවිත් දොර ඇරියා...
"දුව..."
"අම්මා...කෝ තාත්තා...?"
"එයානං වැඩකට ගිහින්....ඔයා ඇවිත් කාලා නිදියයි කියලා මං හිතුවෙ...කෑම මේසෙ ඩිනර් එක ඇති..."
"අපි නිදියන්නෙ දවල්ටනෙ බබෝ..."
"මෙහෙ ඉද්දි කොහොමත් එකයිනෙ ඉතින්..." අම්මත් දන්නවා වගේ කියනවා...මම හිනාවෙලා කාමරේ ඇතුළට ආවා...සම්පූර්ණ වෙනස්....ඇඳයි කොට්ටෙයි...දැකපු ගමන් පැනලා දිගා වුණා..සෝයි සැප....මන් හිතුවෙ මට එතනම නින්ද යයි කියලා....
"විස්තර හම්බුනාද කියලා අහන්නෑ...ඔයා කැමති නෑනේ ඔයාගෙ වැඩවලට ඇඟිලි ගහනවට..."
"අනේ එහෙම දෙයක් නෑ...මන් යාළුවො මිට් වෙන්නනෙ ගියේ...ඒත් විස්තරයක් නං ලැබුනා...ඔයා කොහොමද දන්නෙ..."
"මම දන්නවා...." අම්මා කීවා...එතනින් එහාට අපි අතර කතාවක් තිබුනෙ නෑ...මම නැඟිටලා ඇවිත් කාලා ජනෙල් දොරවල් හොඳයි ලොක් කරලා දැම්මා...කොයි වෙලේ අර වසංගතේ මෙතන පාදූර්භූත වෙයි ද දන්නෑනේ...දැන්නං ලැජ්ජයි වගේ වැම්පයර් කෙනෙක් වුනු එක ගැන....හෝව් හෝව්...මන් හාෆ් වැම්පයර් කෙනෙක් ගයිස් ඕකේ...කොහොම වුනත් කොච්චර ලොක් කරත් කඩාගෙන හරි එන්න බැරි නෑනේ...දුක තමා...කමක් නෑ....මන් දො ගත්තා සැපේ...මිනීපෙට්ටියෙ පියන් දෙකත් වහගෙන...
පා වෙනවා වගේ දැනුනා...
"ඔයා කියන කියන දේවල් කරන්න කියල ද මට කියන්නෙ...?" ක්ලවු හයියෙන් කෑ ගැහුවා....
"ඇයි බැරි...?"
"මම තේරෙන විදිහට කිව්වනෙ...! සෝලෝ කියන්නෙ මගෙ යාළුවා...."
"එයා අපේ පැලැන්තියට ගැලපෙන්නෑ කියලා ඔයා දන්නවනෙ..."
"මගේ යකා අවුස්සගන්න එපා අම්මා..." ළඟ තිබ්බ වීදුරුවටත් හයියෙන් අතින් එකක් ගහන ගමන් ක්ලවු බෙරිහන් දුන්නා....ඒ ක්ලවුගෙ අම්මා කියන්න එතකොටයි මීටර් වුණේ...ඒත් මෙච්චර ලස්සන ළමයෙක්ට එහෙම නපුරු අම්මෙක් ඉන්නවා කියලනං හීනෙන්වත් හිතුවෙ නෑ...
"දුව...ප්ලීස් තේරුම්ගන්න...සෝලෝ ඔයාට හුඟක් හෙල්ප් කරනවා...කරලා තියෙනවා...මම එයාව දන්නවා...එයා හොඳයි...ඒත් එයා ගැන අඳුරු අනාවැකි තියෙන්නෙ...එහෙම අයව ආශ්‍රය නොකරන එක හොඳයි..." නපුරු වුනත් හොඳ පැත්තකුත් තියෙනවා වගේ...
"මේ අහගන්න...එයාව මම කිසිම විදිහකට අත අරින්නෙ නෑ..මම ක්ලවුඩියා නං එයා මගෙ හෙවනැල්ල...එයා සෝලෝ නං මම එයාගෙ හෙවනැල්ල...අපි ඒ තරං සමීපයි...ඔයාට තේරෙනව ද...?"
"දුව...මම කියන්නෙ මේකයි..ඒ අනාවැකි................."
"ඔයා හිතනවද මම ඔය මෝඩ අනාවැකි විශ්වාස කරනවා කියලා...." ආයෙත් ක්ලවු බෙරිහන් දුන්නා...
"විශ්වාස කරන්න වෙනවා..! ඒවගෙ කියන විදිහට...අනාගතෙත් සෝලෝ කියලා කෙනෙක් එනවලු...එයා හදිසි විදිහට මැරෙනවලු...ඒ ඔයාගෙ යාළුවගෙ අතීත බලපෑම හින්දා...මන් කියන්නෙ...ඔයා හොඳටම දන්නවනෙ...වැම්පයර් ලෝකෙ එක නමක් තියෙන එක වැම්පයර් කෙනයි ඉන්න ඕනෙ කියලා..."
"අපි නම් ඉපදෙද්දි අරන් එන්නෙ නෑ කියලත් ඔයා හොඳටම දන්නවනෙ අම්මා..? නම්වලින් වැම්පයර්වරුන්ගේ පවර් එක මනින්න බෑ...මට ඔය වගේ දේවල් කියන්න එපා...වෙන අය ගැන කිව්වත්...කිසිම වෙලාවක සෝලෝ ගැන නං එපා..." ක්ලවු නැඟිටලා යන්නයි ගියේ...
"දුව ඒත්...ඔයා දන්නවද...සෝලෝ කියන කෙල්ල නරක විදිහට ප්‍රසිද්ධ වෙනවලු...එයා ආශ්‍රය කරන අයත්..."
"ප්‍රසිද්ධ වෙන එක කොච්චර හොඳ ද..මං ඉපදුනාම ඔය වගේ මෝඩ දේවල් කිව්වෙ නැද්ද.....?"
"ඒත්..............."
"ඕක නවත්තන්න අම්මා...තවත් ඕවා කියන්න එපා.." කියපු එයා එතනින් ගියා..
"ඔයා කවදහරි අමාරුවෙ වැටෙන්නෙත් යාළුවො හින්දා..." ක්ලවුගෙ අම්මා මිමිණුවෙ ක්ලවු නොපෙනී යද්දිමයි...ඒකට ප්‍රතිචාරයක් විදිහට ක්ලවු දොර දඩාස් ගාලා වහලා දැම්මා....
"අහ්...." මට එක පාරටම ඇහැරුණා...පියන් දෙකත් ඇරපු මම ටිකක් වෙලා හති දාමින්ම හිටියා...
"අයියෝ මට මේ මොකද වෙන්නෙ...?" මන් තනියම කියවන්න ගත්තා..
"අනේ මට මොනවා වෙලා ද...? සෝලෝ..නෑ මේ සෝලෝ මගෙ අක්කා නෙවේ...මේ වෙන සෝලෝ කෙනෙක්...අක්කා මැරුණෙ ක්ලවුගෙ යාළුවා හින්දයි එතකොට...නම් දෙක එක වගේ අය හිටියොත් පස්සෙ ඉපදෙන කෙනා මැරෙනව ද...? මම ඒක දැනගන්න ඕනෙ කොහොම හරි..." මම මුමුණගත්තා...ටික වෙලාවක් එහෙම හිතමින් ඉද්දි ඔලුව රිදිල්ලයි ඇඟේ අමාරුවයි අඩු වුනා...
මම එතනම වාඩි වුණා...ජනේලෙ ළඟට ගිහින් තිර රෙද්ද පොඩ්ඩක් ඈත් කරලා ජනෙල් පියන ඇරියා...කළුවර අපේ පෙනීමට බාධාවක් නෙවේ කියලා මම කියලා තිනෝනේ...
එතන පඩියෙ කාඩ් එකක් තිබුනා...මම පුදුම වුනා...අඩෝ හුළඟෙ යයි...හිත එසේ කීමත් සමඟම මම ටක්ගාලා ඒක ගත්තා...එත පැත්තක් හිස්...අනිත් පැත්තෙ මොකද්දො ලියලා තිබ්බා අෆ්ෆා...
අංක හයයි හතර වැම්පයර් නිවාසය, ඩෙඩුනෝලි, බ්ලා බ්ලා බ්ලා.....
"අර්ර්...මේ ගොනා මේක මට දුන්නෙ මොකටද...?" කිව්වට මන් ඒක පොඩි කරලා වාෂ්ප කරේ නං නෑ...පොතක් අස්සට කාලා සුරක්ෂිතව තිබ්බා...
හුළං ඇඟේ වදිද්දි සනීපයි....අමුතු සිසිලක් දැනුනෙ...මෙහෙ ඇවිත් අවුරුදු දහයක්වත් ගත නොවුනත් කොච්චර දේවල් මේ ටිකට වුනාද....මට වෙලාවකට හිතෙනවා ඇයි මම ක්ලවුඩියා ගැන හොයන්නෙ කියලා...
"කෘෘ...." මම බය වෙලා කිව්වෙ ඉස්සරහින් මතු වුනු රූපෙ දැකලා...
"කෘෘ...කෘෘ...ඇයි මෙහෙ....?" මට ගොතත් ගැහෙනවා...මේ ගොතේ හින්දා තමා කවද හරි මගෙ නම්බුව බම්බුව වෙන්නෙ..එච්චරයි මන් දන්නෙ...නම්බුවක් තියා බම්බුවක්වත් දැනට නං නැති මම...ෆීලින් ඕසම්...ඕසම්...කමක් නෑ...අනාගතේ එයිනෙ නේද....ඒකට පෙර සූදානම...චියර්ස්.....
"මට ආනාගෙන් මල කරදරේ..ඒකි මගෙ ඔලුව කනවා ගන්‍යා පරිස්සමින් ගෙදර ආව ද බලන්න කියලා...ඔයාව සම්බන්ධ කරගන්න බෑ...මොකක් හරි ප්‍රශ්නයක්..සැහැල්ලුවෙන් ඉන්නෙ නැති තරමට අනිත් අයව කන්ටෑක්ට් කරගන්න බැරි වෙයි.."එච්චරක් කියපු කෘෘ අතුරුදහන් වුණා...
මම හැම වෙලේ ම ඉන්නෙ කම්පියුස් වෙච්ච ගමන්නෙ...දැනුත් කම්පියුස්...මූ මොකද මං ගැන හොයන්නෙ..මගෙ හතුරෙක් ද මිතුරෙක් ද...ඈ යකෝ....මම ඔලුව ටිකක් හෙලෙව්වෙ මම නෙප්චූන්වලට සෙන්ඩ් වෙලා ද බලන්න...නෑ නෑ...පෘථිවියේ ම තමා...
"මට මොකක් හරි වෙලා ද..නැත්තන් වැම්පයර්වරුන්ට ළඟදි ඉදන් අසනීපයක් හැදීගෙන එනව ද..?" මම මට ම කියාගත්තා...
හතුරො කියන්නෙ හැමවෙලේම අනිකට වෙෙර කරන....උන්ව පාගලා දාන උන්ටනෙ....මේ කොට්ඨාසෙට වෙනම නීතියක් ද...
අහෝ දෙවියනේ....මේන් වැන්දා ඕන් කිව්වා....මගෙ මොළේ වයර් ටික තිබුනු තත්ත්වයට පත් කරන්න...මට කිසි දෙයක් අදහාගන්න බෑ.....කාරුණික ඉල්ලීමකි...
_____________________________________________________________________________
😒😂මාර ප්‍රශ්න පෙන්ස් තියෙන්නෙ...
මම,
🚫❌කතෘ අවසරයකින් තොරව කතාව කොටස් වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් උපුටා ගැනීම සපුරා තහනම්🚫❌