The Vampire Love Story
BLANK ❄
Previous Episode:- https://telegra.ph/The-Vampire-Love-Story-06-23
19th Episode
"අග්නගන්‍යා මොකද වුණේ..." තානා ඇවිත් මගෙ අතින් අල්ලගත්තා..
"මේ දොර ලොක් කරන ඉබ්බා..!"
"ඇයි මොකද්ද ඒකට වෙලා තියෙන්නෙ..?" ආනා ඇහුවෙ මට ළංවෙමින්...
"ඒක.....ඒකෙ යතුර කොහෙද..?"
"ඒක ඇතුළෙනෙ...අපි එළියට ඇවිත් දොර ලොක් කරලා ඒක උඩින් විසික් කරේ...මතක ද..?"
"අනේ....අනේ මට ඒක....මට ඒක ඕනෙ..."
"මොකද්ද ගන්‍යා වුණේ...? ආයෙත් ඒක ඇතුළට යන්න ද...?" තානා ඇහුවෙ බයෙන් වෙව්ලන කටහඬින්...
"මට දෙයක් තියෙනවා....ගන්න දෙයක්..."
"ගන්‍යා ඔයා හොඳ සිහියෙන් ද...?" කියපු ආනා ඇවිත් අත අල්ලගත්තා..
"මම හොඳින්...මම හොඳ සිහියෙන්...මට යතුර ඕනෙ...එච්චරයි..."
"කොහොමද ගන්නෙ ඒත්...? ආයෙත් යන්න ද හිත...?"
"නැහැ එහෙම නෙවේ....මගෙ දේකට......................"
"හරි ඕක ඔච්චර බය වෙන්න දෙයක් නෑනේ...මම යනවා ගායිස්...ඔයාලා මට ඉබ්බා කඩන්න උදව්වක් දෙන්නකෝ.." ආනා කිව්වෙ දොර දිහාට යන ගමන්...තානා එයාව ඇදලා ගත්තා..
"පිස්සු කරන්නැතුව ඉන්නවා...ඔයාට මොකටද ගන්‍යා ඒක ඕනෙ...?"
"මගෙ පොතක ලොක් එකක් ඇරගන්න.."
"පොතක...?"
"ඔව්...මට කෙනෙක් දුන්නෙ..."
"කවුද...කෘෘ ද...?" ආනා ඇහුවා...
"ඇයි එයාද කියලා ඇහුවෙ..?"
"නෑ...නෑ මේ....නිකන්...ඇයි...? වෙන කවුරු හරි ද....?"
"මම ඒක පස්සෙ කියන්නම්..."
"මේ.......කොල්ලෙක් ද....?"
"ආනා!" මම අතුත් හරහට බැදන් කිව්වෙ...
"ඇයී ඉතින් දැනගන්නනෙ ඇහුවෙ..."
"ඔයා හිතන දෙයක් මෙතන වෙලා නෑ..!"
"මොකද්ද දැන් මම හිතුවෙ...?"
"මෙතන රණ්ඩු වෙන්න වෙලාවක් නෑ...ඕකේ...අපි මොන ක්‍රමේකින් හරි කී එක ගමු..."
"ම්ම්...මේක කඩන්න අමාරු වෙන එකක් නෑ..පොඩි ඉබ්බෙක්නෙ..." මම කිව්වා.. "ආනා...ඔයාගෙ කොණ්ඩ කටුවක් දෙනවද..?"
"කොණ්ඩ කටුවක්...? ඒ මොකටද..?" ආනා ඇහුවා..
"ඔයා මොකද්ද කරන්න යන්නෙ...?" ඒ තානා....
"පණ්ඩිතකම් නැතුව දෙන්නගෙන් එක්කෙනෙක් දෙනව ද...?"
"අහ් ආ..." කියලා ආනා දුන්නා අර අති විශාල එකක්...මට ඉතින් ෆීලින් ඕසම්...මල් තියලා වදින්න හිතුනා අමරෙට සත්තයි එවලෙනං...
"මම ගන්නං..." කියපු මම ආනා ළඟට ගිහින් කොණ්ඩ කටුවක් ඇදලා ගත්තා...
"ආව්..."
"ඔය මොකද කරන්නෙ...?" මම කොණ්ඩ කටුවෙන් ඉබ්බා ගලවද්දි එයාලා අහනවා...
"මේක චූටි ඉබ්බෙක් වුනු එක හොඳයි..නැත්තන් වැඩේ සීරියස්..." කියන ගමන් මම ඒක කරකවලා කරකවලා කඩලා දැම්මා...
"ඕහ්...ඔයා ඒක කරා..." ඉබ්බාව ගත්තු එයාලා කිව්වා...
හිනාවුනු මට ඇතුළට යන්න චකිතයක් දැනුනෙ...
"ඔයාට බය නං මම යන්නං..." ආනා කිව්වා..
"මම බය නෑ...මම යනවා..."
"ඒත් ගන්‍යා.............................................."
"කිව්වනෙ...මට ප්‍රශ්නයක් වෙන් නැහැ..." කියලා මම එකපාරම දුවලා ගිහින් බිම තිබුනු යතුර අරන් එළියට ආවා...අපි තුන් දෙනාම ටිකක් කතා නැතුව හිටියෙ මොකක් හරි වෙයි ද කියලා හිතලා...ඒත් එහෙම කිසි දෙයක් වුණු නෑ...
එකපාරටම අපිට හිනායන්න ගත්තා...
"අයියෝ අපි වගේ මෝඩයො තුන් දෙනෙක්.....කරදරයක් වෙනකන් බකන් නෙලාගෙන ඉන්නවා..." ආනා හිනාවෙවී කිව්වා...
මම දොර ලොක් කරලා ඉබ්බා දාලා සාක්කුවෙන් පොත එළියට ගත්තා...
"ඒ......යී..........." ආනා කතා කරා...
"ඇයි...?"
"ඕක ඔයා ළඟ තිබුන ද..? මම හිතුවෙ ගෙදර කියලා..."
"තිබුනා අනේ..." කියන ගමන් මන් ලොක් එක අරින්න යතුර දාන්නයි හැදුවෙ...
"එහෙනං විශේෂ කෙනෙක් දීලා වගේ...." ආනා ඒක කියලා ඉවර වෙනවත් එක්කම..., "හලෝ ගන්‍යා රෑ සවාරි ඇවිත් වගේ..."
ඩූන්......මන් ඇස් හරෝලා බැලුවා...ඩූන් ඇවිත්...ආනායි තානායි කලබල වෙලා එයා ඉස්සරහා දණක් නමා ගත්තා... "එසේය..." දෙන්නම කිව්වා....
මන් හිතාගන්න බැරුව කටත් ඇරන් බලන් හිටියෙ...මෙයාට දණ ගහන්න මූ මොන හැලපය ද...
"නැඟිටින්න...." ඒ දෙන්නා නැඟිටගත්තා..
ඩූන් මං දිහා බලන් හිටියෙ අමුතු විදිහට..කට කොනකින් හිනාවකුත් දාන්....උෟ කොහොමත් බලන්නෙ එහෙම කියල මන් කලින් කියලා ඇතිනෙ...ආයෙ කියන්න ඕනෙ යෑ...රිලා මූණෙ හැටි විතරක්...සත්තුවත්තෙ වැද්දා වගේ...
"ආචාර කරන්න දන්නැද්ද..?"
"මොකා...?"
"මේ ඩෙඩුනෝලි ගන්‍යයෝ...වැදපන්..." ආනා මගෙ අත අල්ලලා හිමීට කිව්වා...
"පිස්සු ද...? මේ යකාට වදින්න....හ්...තමුසෙ හිතුව ද මම තමුසෙට හතර හන්දි නමාගෙන දණින් වැටෙයි............................"
තානා මගෙ කට වහගත්තා..
"එයා...මෙහෙට අලුත්..."
"එහෙම ද...? එයාට මෙහෙ ගැන කියලා දෙන්න..."
"...ඇයි මේ පැත්තෙ...?" ආනා ඇහුවෙ ඔලුව නමලා...
"කෙනෙක්ගෙ මොළේ හම්බුනාට සුභ පතන්න..."
"ඒයි...දැන් තමුසෙ කියන්නෙ මට මේ යතුර හම්බුනු එක ද..?" තානාගෙ අත ගසා දාලා එයා ඉස්සරහට පැනපු මන් ඇහුවා...උෟ හිනාව තද කරන් ඉන්නවා...
"මම ඔයා කියලා කිව්වෙ නෑනේ..."
"තමුසෙ එහෙම නොකිව්වට මම ඒක දන්නවා..."
"අග්නගන්‍යා....!" තානා කතා කරා....
"ඇයි....?" මන් තානා දිහාට හැරුණා...යකාගෙ මූඩ් ගහලා හිටියෙ මට...මට මොළේ නෑ කියල ද හිතන් ඉන්නෙ....
"සුපර් පවර් තියෙන අයත් මේ ලෝකෙ ඉන්නවා..." මගෙ මොළේ අවුල් වෙන කතාවක් කියාගෙන එයා දිගටම ඇවිදන් ගියා...ගාඩ්ලා වගේ සෙට් එකකුත් පිටිපස්සෙන් දිව්වා...
"ඔයාට මොනා වෙලා ද..?"
"මේ බංගලාවට ගිහින් මෙයාලෙ මොළේට මොකද්ද වෙලා..."
"මොනවද දැන් තමුසෙලා කියන්නෙ..." මන් හයියෙන් බෙරිහන් දීලා තරහටම පොත පොළේ ගැහුවා...
"වටින දේවල් එහෙ මෙහෙ දාන එක හොඳ වැඩක් නෙවෙයි නේද කාල්ස්..." ඩූන් කියනවා මට ඇහුනා...
"මට ඇහෙන්න ඒ කිව්වේ...කෝ ඔය පොත මෙහාට දෙනවා..." ආනා ඇහිද ගත්ත පොතත් උදුරන් මම එතනම බිම වාඩි වුණා...
"ඔයා එයාව දන්නව ද...?" කලින් වොයිස් එක වෙනස් කරගත්තු ආනා මගෙ ළඟින් ඉදගන්න ගමන් ඇහුවෙ...
"ඔව්..." මම තරහින්ම කිව්වා...
"ඒ කොහොමද...? ඒක නෙවෙයි...ඔතන බිම ඉදගන්න එපා..." ඒ තානා..
"අනේ මේ අක්කෙ...ඔයාට ඕන්නං ඔයා හිටගෙන ඉන්න...අපිට කොහෙත් එකයි...කියන්නකො ගන්‍යා...ඔයා එයාව කොහොම ද දන්නෙ...?"
තානාත් මට එහා පැත්තෙන් ඉදගත්තා...තානායි...ආනායි...දෙන්නා මැද මම...අපි දැන් එකට ගුලි වෙලා වගේ...
" එයා අපේ ගෙදර ආවා....මට ඔය යකාව දැක්කත් ඇති තරහා යනවා..."
"එයා නරකයි...එයාව ආශ්‍රෙ කරන්න එපා..." තානා කිව්වා...
"ඒ කිව්වෙ...?" මම කලබලෙන් ඒ දිහාට හැරුණා...
"මෙහෙමනෙ...වැම්පයර්වරු නපුරුයි කිව්වට එහෙම නෑ...ඒත් නපුරු අයත් කොනින් කනෙන් ඉන්නවා...උදාහරණයක් විදිහට ගත්තොත් කෘෘ...වගේ අය..."
"ඩූන් නපුරුයි කියන්නෙ ඇයි...?"
"ඩූ.......න්...........?" ආනා කියනවා...
"න්..නැ...නැ...මන් කිව්වේ...ඩෙඩුනෝලි....අයියෝ වැරදියට හිතන්න එපා...එයා මට කිව්වෙ ඩූන් කියන එක..."
"හරි...එයාව දන්නවා කියමුකො...එතකොට යතුර ගැන එයා දන්නෙ කොහොම ද...?"
"ඒකනං මන් දන්නෑ..." ඇඟිලි අතරෙ රැන්දිලා තිබුනු යතුර දිහා බලන් මන් කිව්වෙ...
"එයාද ඕක දුන්නේ....??"
"ඔව්...හුම්....ගිෆ්ට් එකක් නෙවේ....අපි ඇරලා බලමු ද...?"
"අහන්නේ අනේ ඉක්මනින් අරින්නකො..."
"මට ඔය දෙන්නා ප්‍රොමිස් වෙන්න ඕනෙ...මේකෙ මොනවා දැක්කත් කාටවත් ඒවා කියන්නෑ කියලා..."
"ප්‍රොමිස්..."
"මට ඔයාලට බිලීව් කරන්න පුළුවන් ද..?"
"වැම්පයර්වරු පොරොන්දු කඩ කරන්නෑ කියලා හිතන්න..." ආනා කෙදිරි ගෑවා...
"හරී...එහෙනන්....ඇරියා..." පොත අරන් මම ලොක් එක ඇරියා...
"වාහ්....අත් අකුරු මාර ම ලස්සනයි..."
"ඔව් නේද...ඒයි මේක දිනපොතක් ද..."
"ඒ වගේ...."
"ඉන්න..අන්තිම පිටුව බලන්න...කාගෙද බලමු..."
"සෝලෝ....සෝලෝගෙ...කවුද ඒ..?" ආනා කියනවත් එක්කම මම ඉදන් හිටපු තැනින් ඊ ගහ වගේ නැඟිට්ටා...
"ගුඩ් බායි...මට යන්න වෙලාව ඇවිත්...ඔයාලා පරිස්සමින් යන්න..."
"අහ්...මෙ....අපි......" ඒ ටික කියන්න කලින් මම එතනින් ගියා....ගෙදර ඇවිත් කාමරේට එනවවත් කවුරුත් දන්නෑ....
මම පොත පෙරලගෙන ජනේලෙට හේත්තු වුණා...දැන් වෙන්නෙ මොනවද හිතන්නවත් මට වෙලාවක් නෑ...ගොඩාක් පරණ පොතක්....හැබැයි මුලු පොතේම ලියලා තිබුනෙ නෑ...තරමක් විශේෂ දවස් විතරක් ලියලා තිබුනු බවයි පෙනුනේ....
"මම අද ඩිටීලගෙ ගෙදර ගියා...එයා ඩෙඩුනෝලි පවුලෙනෙ....එයා මට කැමතියි කියලා දැනන් හිටියත් මූණටම කිව්වෙ නෑ...අද නං ඒක සිද්ධ වුණා....මම මොකටද ඉතින් අකමැති වෙන්නෙ නේද...?"
"මගෙ නම තියෙන වෙන කෙනෙකුත් වැම්පයර් ලෝකෙ හිටියා කියලා චෝදනා එනවා....ඒ කල්වුඩියා කියලා කෙනෙක් ආශ්‍රය කරලලු....මට රෑට රෑට පේන එක එක විකාර හීනත් දැන් මාව අවුල් කරනවා..."
"අද තාත්තා මගෙ උපන්දිනේට විශේෂ තෑග්ගක් දුන්නා...ඒ තමයි ලොකූ පාටි එකක්..ඩිටීත් ආවා..මම කිසි දවසක ඒ වගේ දෙයක් නං හිතුවෙවත් නෑ....මමනෙ එයාට ලැබුනු පලවෙනි දරුවා වුනේ...මට සතුටුයි...ආදරෙයි තාත්තේ...මෙල්ඩියර්❤.."
"මම ඩිටීට කැමතියි කියලා අම්මට කියන්නයි ඉන්නෙ....එයා කැමති වෙයි නේද...? අම්මා කොහොමත් මන් ගැනමනෙ හිතන්නෙ.."
"මමයි ඩිටීයි යාළුයි කියලා කවුද අම්මට කියලා...ඒ වුනාට මට ඒක වැඩක් නෑ...අම්මාගෙ අකමැත්තකුත් නෑ වගේ..ඊටත් වඩා දැන් පේන හීන තව තව භයානක වෙනවා...ඉස්සර කලාතුරකින් පෙනුනු ඒවා දැන් හැමදාම පේනවා..තාම කාටවත් කිව්වෙත් නෑ...කියන්නත් බයයි..."
"අනේ අද නං හරිම මූසල දවසක්...."
"මාව මැරෙනවා දැක්කා...." ඒක ලියලා තිබුනෙ වෙව්ලන අත් අකුරින්...ඊට එහා කිසිම දෙයක් ලියලා තිබුන්නෑ....මම කොච්චර පෙරලුවත් හොයාගන්න බැරි වුණා....
ඒත් එක තැනක පොඩි ම පොඩි කූඹි කකුල් වගේ අත් අකුරින් මෙහෙම ලියලා තිබුනා....ඒ සෝලෝගෙ අත් අකුරු කියලා අඳුර ගන්න මට වැඩි වෙලාවක් ගියෙ නෑ...ඒත් මං හිතන්නෙ එයා ඒක ලියලා තිබුනෙ හිත නිදහස් කරගන්න වෙන්න ඕනෙ....
_____________________________________________________________________________
මොකක් වෙන්නැති ද..? 🙄
මම,
🚫❌කතෘ අවසරයකින් තොරව කතාව කොටස් වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් උපුටා ගැනීම සපුරා තහනම්🚫❌