The Vampire Love Story
BLANK ❄
Previous Episode:- https://telegra.ph/The-Vampire-Love-Story-06-22
18th Episode
"මොනවද දුව ඔයා මේ හිතන්නෙ...පිස්සු හැදීගෙන එනව ද..?" අම්මා කෑ ගැහුවෙ මගෙ කන් දෙක බීරි වෙන්න...
"අනේ නෑ නෑ විහිළුවට කිව්වේ..." මම ඒම කිව්වා...නැත්තන් බෑනි නේද...
"ඔයා නං ඇත්තමයි.....ඒක නෙවෙයි...ක්ලවුඩියා පෝසත් වැදගත් කෙනෙක් ලු...එයාගෙ තාත්තා රන් හොරකමකට අහු වෙලා ඉදලා...තාත්තාව අමරණීයත්වයෙන් නෙරපලා ඒකට දඬුවම විදිහට...එයා මැරිලා පස්සෙ...පවුලම කඩා වැටිලා...ඔය ක්ලවුගෙ අම්මා තමයි පවුල ගොඩ අරන් තියෙන්නෙ...එයාගෙ අම්මයි තාත්තායි දෙන්නම මැරිලා තියෙන්නෙ සටනකින්ලු...මම හිතන්නෙ අම්මගෙයි තාත්තාගෙයි එච්චර හොඳ සම්බන්ධයක් තිබිලා නෑ..." මම ඒකෙන් පුදුම වුණා කියන්නත් බෑ...ඒත් විස්තර හොයාගත්ත එක ගැන සතුටක් දැනුනා...
"එච්චර විස්තර දන්නෙ කොහොමද අම්මා.."
"මම කිව්වනේ මම ඒවා හෙව්වා කියලා..."
"තාත්තාවත් දන්නෙ නැති දේවල් ඔයා දන්නවා..." මම හිනා වෙලා කිව්වෙ...
"මම කලිනුත් කිව්වනේ...තාත්තා ඔයා හිතනවට වඩා වෙනස් කියලා...මම එයාව ආශ්‍රය කරපු කාලෙට ඒක හොඳට අඳුරගත්තා..එයා හැමදේම දන්නවා...හැබැයි කියන්නෑ....මොකද එයා ඔයාට ගොඩක් ආදරෙයි කියන්න මන් දන්නවා...ඒක නිසා එයා බයයි ඔයා ඒවා හොයන්න ගිහින් කරදරේක පැටලෙයි කියලා...එයා කියන දේ අහන්න..."
"හරී අම්මා...ස්තූතියි..." මම කිව්වා...
'කාලයක් ළඟ හිටියෙ නැතත් හැමදාම හිතට ළං වුනේ ඔයා විතරයි...' ඒක කියන්න ඕනෙ වුනත් මට ඒක කියාගන්න තරන් ශක්තියක් තිබ්බෙ නෑ..අනික ඒක නිකන් ආදර වගන්තියක් වගේනෙ...
"තාත්තා කීයට ද එනවා කිව්වෙ..." රෑ වෙලත් වගේ නිසා පුටුවට හේත්තු වෙලා මන් ඇහුවා...
"දැන් එයි නේද..?"
"අම්මා...මට ගමනක් යන්නත් තියෙනවා...."
"කොහෙද...?"
"මේ........ආ...කෑම හොයන්න..."
"ඔයා හැමදාම යනව ද..?" ඔන්න පොට අල්ලගත්තා...අම්මා දන්නෑ වගේ පේනවා මිත්‍රවරුනි...මාගේ ප්ලෑන සක්සස් වන බවක් දෑස් ඉදිරිපිට පෙනී යනවා...නිහතමානී ආඩම්බරකමින් උඩ යන්න මා ඔන්න මෙන්නයි සිටින්නේ...
"දුව...? මොකද කන්න වගේ බලන් ඉන්නෙ..."
"එහෙම නෑ අනේ...මන් මේ බැලුවෙ තාත්තා ඒකවත් කියලා නැද්ද කියලා...හැමදාම අපි රෑටනෙ කෑම හොයන්න යන්නෙ...ඉතින් මම අද යන එක ස්පෙශල් නෑ...අයියෝ අම්මත් ඉතින්..."
"කොහෙ යන්න ද හදන්නෙ ගන්‍යා..." තාත්තාගෙ කටහඬින් මාව ගැස්සිලා ගියා...
"තාත්තේ මන් මේ......................"
"දුව කෑම හොයන්න යනවලුනෙ..." තාත්තාගෙ කෝට් එක ගලවගන්න උදව් කරන ගමන් අම්මා මන් වෙනුවට උත්තර දුන්නා...
"කවදා ඉදන් ද ඒකට හුරු වුනේ..." සෙටියෙන් වාඩිවෙන ගමන් තාත්තා ඇහුවා...මන් දිහාමයි ඒ ඇස් තිබුනෙ...ඕහ් ෂිට්...මගෙ හිත කියවලද කොහෙද...අයියෝ...මාත් බුම්මැට්ටා වගේ තාත්තා දිහාම බලන් හිටියනෙ...ගොනී ගොනී තෝ...අමු ගොනී...
"මේකයි...අද....මට හිතුණා අද හරිම ලස්සන දවසක් කියලා..."
"කවුද ඩූන් කියන්නෙ...." මාව ගණනකට නොගෙන තාත්තා ඇහුවා...
"ඈහ්.........?"
"ඩූන් කියන්නෙ කවුද...?" එක දෙයක් දෙසරෙකට වඩා අහන අවස්ථා සීමිත හින්දා මට දැනුනේ කියාගන්න බැරි තරන් සතුටක්....බටර් ගාලා බංගලාවෙ සවාරි යන්න තිබුනු ආතල් කාලෙ මැකෙනවා නේද....හීන මුහුදෙ...කමක් නෑ දුකක් නෑ...
"මේ....ඕ....අපේ...අපේ ස්කෝලෙ එයා...තාත්තා කොහොම ද එයාව දන්නෙ...?"
"මේ පොත කියෙව්ව ද...?" තාත්තා මට අර පොත උස්සලා අහද්දි පුටුව ළඟින් එහාට වුණු මන් දුවන් ගිහින් ඒක උදුරලා ගත්තා...
"ඔයා මොකටද ඒක ගත්තෙ...?"
"දුවගෙ දේවල් තාත්තාටත් අයිතියිනෙ..කවදා ඉදන් ද මේ කොල්ලා එක්ක යාළු වුනේ..?"
මට උත්තරයක්වත් දීගන්න බැරුව කට ලොක් වෙලා වගේ හිටියෙ...තාත්තා මෙහෙම කෙලින් ප්‍රශ්න කරනවා කියලා දන්නවා වුනත් මෙච්චර කෙලින් අහයි කියලනං මම හිතුවෙ නෑ..
"මට නං ඔයාලා කියන කිසිම දෙයක් තේරෙන්නෑ...මොකද්ද වුනේ...?" අම්මා ඇහුවා...
"පොඩ්ඩක් ඉන්න...මම ඔයාට පස්සෙ කියන්නම්...." තාත්තා කියද්දි අම්මා පැත්තකට වුණා...
"ඔව් ගන්‍යා ඉතින්....? මට දැනගන්න පුළුවන් ද කවුද ඒ කියලා...?"
"එහෙම....එහෙම දෙයක්...."
"කමෝන් ගන්‍යා...ඔයා කියන්න යන්නෙ එහෙම දෙයක් ඔයාලා අතර නෑ කියලනං මම ඒක නෙමෙයි ඔයාගෙන් අහන්නෙ..."
"එහෙනං...??"
"මට දැනගන්න ඕනෙ ඩූන් කියන්නෙ කවුද කියන එකයි මේ පොතේ තියන ඒවා කියෙව්ව ද කියන එකයි.."
"පොතේ ඒවා කියෙව්වෙ නෑ...යතුරක් නෑ..." මම කියලා එතනින් සේපෙ දාන්නයි හැදුවෙ....ඔච්චර මේ පොතේ මොන රෙද්දක් ලියලද මන්දා...එක්කො මට මේක පුච්චන්නයි තිබුනෙ...පොත් පුච්චන එක පවුලු ඉතින්...🤒
"හා හොඳයි...එතකොට ඩූන්...?"
"එයා...එයා මට දවසක් හම්බවුණු කෙනෙක්..."
"මම දන්නවා එයා ඔයාට දවසක් හම්බවුණු කෙනෙක් කියන්න...ඒ වගේම මම දන්නවා ඒ ඩෙඩුනෝලි කියන්නත්...මම දන්නවා ඔයාට එයා මෙහෙ ආපු දවසෙ පොත දුන්නා කියන්නත්...." තාත්තා කියාගෙන යද්දි බයටම මගෙ පොත අතින් අත ඇරුණා...
"ඔයා......කොහො.....ම...ද.....හැමදේම...ද.....න්නෙ...?"
"මේ දේවල් හොයාගන්න එක මට එච්චර අමාරු වැඩක් නෙවෙයි ගන්‍යා...ඔයා යන එන කියන කරන හැමදේම මම හොයනවා....අද යන්න හදන තැනත් මම දන්නවා..."
"මොකද්ද...?"
"තානාව මීට් වෙන්න බංගලාවට යන එක..!"
"තාත්තේ...." මට කෑ ගැහුණා...මන් ගැන මෙච්චර දේවල්...ඒත් ඒකනං හිත කියවලා වෙන්නැති...කොහොම වුණත් අනේ...
"ඔයා හිතන් ඉන්නෙ මන් කවුරු කියල ද දූ...මට දෙපාරක් වැරදි හදන්න තියන්න එපා..ඔයාට ඕනෙ දෙයක් කරන්න පුළුවන්...ඔයා මේක විසදනවා බලන්න මම කැමති නිසා ඒ...හැබැයි කරදරේ වැටිලා මාව රත් කරන්න එපා...දැන් ගමන යන්න..."
"ආහ්...." පුදුමෙන් මට කියවුණා...අද තාත්තාට පෛඩි ජොලියක්වත් ගිහින් ද...
"කීව දේ ඇහුණනේ..."
"ස්තූතියි තාත්තා...ප්‍රොමිස්...බායි මමී" ඒක කියපු මම මිනිත්තුවක්වත් එතන නොහිට පොතත් සාක්කුවට ඔබාගෙන දිව්වා...තාත්තාට මොනවා වෙලා ද...එයාට පිස්සු ද...? මට බැනගෙන බැනගෙන ගිහින් ගමනත් යන්නලු....මම ප්‍රශ්නයක් විසදන්න යනවා කිව්වෙ...ඒක ඇත්තද..? මමවත් නොදන්න මම විසදන්න යන ප්‍රශ්නෙ...මරු හැබැයි ඒකත්...
මම බංගලාවට කෙලින්ම ආවා...තානාව විශ්වාස නං නෑ...ඒත් ළමයි අතර ප්‍රශ්න ඇති වෙන එක මට පෙනුනේ ජෝක් එකක් වගේ...ඒක කොහොමත් ජෝක් එකක් තමා...
"ගන්‍යා ඔයා ඇවිත් කලින්ම...මම හිතුවෙ නැහැ ඔයා එයි කියලා..." තානා කිව්වා..
"ආනා ආවද..?"
"එයා ආවනං මෙතන නිස්කලංක නෑ මෙච්චර.."
"ඔව් හැබැයි..." මම හිනාවෙලා කිව්වා... "ඉතින් එදා මොකද වුනේ..ඇත්තටම..?" වැඩිය පරක්කු නොවී මම ඇහුවා...මොකද අපි හිටියෙ අපේ ජිවිත වෙනස් කරපු බංගලාව ළඟ හින්දා...
"ආනා ඒක දැක්කද කියන්න මම දන්නෑ...එයා ඒක නොදැක්ක විදිහට ඉන්නවද දන්නෙත් නෑ...ඔයාගෙ අත ඔයාම කපා ගත්තෙ...එවලෙ හරි පුදුම දෙයක් වුණේ.."
"ඒ මොකද්ද...?"
"ඔයා ක්ලවුඩියා විදිහට වෙනස් වුණා..."
"ආහ්....!"
"ඔයා ක්ලවුඩියා ගැන දන්නවා කියලා මම ආනාගෙන් අහලා තියෙනවා...ටිකක් හරි දන්නවා නේද...මිනිස්සු කියන දේ ඇත්ත...ඔයා තමයි ක්ලවුඩියා..."
"තානා...! ඔයා ජෝක් එකක් නේද කරන්නෙ.."
"නෑ ගන්‍යා ඇත්ත...ඔයා ක්ලවුඩියා වුණා...ඒක මම මගෙ ඇස් දෙකින්මයි දැක්කෙ..."
"මොනවද මේ සිද්ධ වෙන්නෙ..."
"ඒකනං මටත් හිතාගන්න අමාරුයි...ඒක දැක්කට පස්සෙ මගෙ හිත වෙනස් වෙන්න ගත්තා...මට වශියක් වගේ කරලා තියෙන්න ඇත්තෙ...කෘෘ හරිම දරුණුයි..ඒත් මගෙ නංගි තවම එයා පස්සෙ දුවනවා..."
"ඒ මොකද එයා කැමති ද කෘෘට...?"
"අම්බෝ නෑ...එයාට පේන්න බෑ...ඒත් ආනා යන්නෙම එහෙ.."
"එයාව තේරුම් ගන්න බෑ..."
"ඔව් අමුතුයි..."
"ඔයත් එහෙම තමයි..."
"මට වෙච්ච දේට සමාව........................"
"ඒකනං කවදාවත් වෙන්නෑ...ඔයා හිතනවා ඇති මම නපුරුයි කියලා..ඒත් මට ඒක කරන්න බෑ..." තරමක නිහැඬියාවක් තිබ්බෙ...
"ඔයාට මතකද කලින් දාක අපි මෙතනට ආවා..."
"ඔව්...මෙතනදි මොකක් හරි වුනා වගේ මට දැනුනා..."
"ඔයාට ඒක දැනුනද ඇත්තටම...??"
"ඔව්..මට දැනුනෙ මගෙ පවුලට මාව එපා වගේ...මට ඉදලා වැඩක් නෑ වගේ...කොහොම හරි දැන්නං ඒක අවුලක් නෑ.."
"මටත් එහෙම එකක් වුනේ....ඒක නොහිතා ඉමු නේද...හරි යාගෙන යන්නෙ මටත් දැන්.."
"ඔව් කොහොමත් අපි ආයෙ මෙතන ඇතුළට යන්න හොඳ නෑ...හම්බෙන්න විතරක් මෙතන හොඳයි..."
"මමත් එකඟයි...ඇත්තටම ඔයා මගෙ බ්ලඩ් බීවද...?"
"ඔව්...! කෘෘ බොන්න ගිහින්...මට දුන්නෙ...සැක වගේ හිතිලා...මම අකමැත්තෙන් බිව්වෙ...මොකද මට එවලෙ ඕනි වුනේ ඔයා ළඟට එන්න...ප්ලීස් මාව තේරුම් ගන්න හොඳ ද..."
"ම්ම්...බලමුකො....ඒක නෙවෙයි...කෘෘ දන්නවද ඔයා මට එකතු වුනා කියලා.."
"එයා දැනගත්තත් කරන්න දෙයක් නෑ...මම ඔයාට උදව් කරනවා...නැත්තන් රට විනාශ වෙයි..."
"මට තාම ඔය මෝඩ ගොන් රජවරු ටික සෙට් වුන්නෑනේ..."
"සෙට්...?"
"මන් කිව්වේ...හම්බුන්නෑනේ..."
"එයාලා නං ඔයාට මීට් වෙන එකක් නෑ..."
"ඒ ඇයි...?"
"ඔයා විශේෂ කෙනෙක් කියලා පිළිගන්න එයාලා අකමැති නිසා..."
"විශේෂ...?"
"ඔයා හාෆ් වැම්පයර් කෙනෙක් වුනත්....ඔයාගෙ බලයන් අපිට වඩා වැඩි එකයි හේතුව..."
"ඔයාලට වඩා...??"
"ඔව්....!"
මම තානා දිහා ඇස් පිල්ලන් නොගහා බලන් හිටියා...තාත්තා දවසක් කිව්වා මට කිසි බලයක් නෑලු...ඒත් මන් ඇහැරන් කියලා දැනගෙන....තානා දැන් මූණ ඉස්සරහටම ඇවිත් කියනවා එයාලට වඩා මගෙ බලයන් වැඩියිලු...තානා මගෙ එනිමි කෙනෙක් එක අතකින්...එහෙම කියන්නමත් බෑ..මම කාවද ඇත්තටම විශ්වාස කරන්නෙ...?
"ඔයාලාගෙ කතාව හරිම රසවත්නෙ..." ආනා එතනට කඩා පැන්නා...
"ඔයා....?" තානා පුදුමෙන් ඇහුවෙ..
"මම නං හිතුවා ඔහේ කොහෙ හරි ඉදන් මෙතනට සැපත් වෙයි කියලා..." මම කිව්වා...
"මන් නැතුව ඔයාට බෑනේ...ඒක නෙවෙයි...ක්ලවුඩියා ගැන කියපු එක වැරදියි තානා හරිද.."
"ඔයා ඒක දැනගෙනද හිටියෙ..." මම ඇහුවා...
"නැතුව කොහොම ද.."
"අනේ මන්දා...මාත් එක්ක එයාගෙ විස්තර හොයමු කීවා..හැමදේම දන්නවා බලද්දි.."
"අනේ මගෙන් මුකුත් අහගන්න එපා..ඔයාට හැමදාම සිහි නැති වෙලා..එක්කො ගෙදරින් කේස්...බෑනේ කරන්න...මම ස්ව කැපවීමෙන් ජයගත්තා..."
"පේනවා..." මම මිමිණුවා...
"ඔයාලා කතා කරන වචන අමුතුයි කියලා හිතෙනවා වෙලාවකට..." තානා කිව්වෙ හිනාවෙලා..
"ඔයා ඉතින් මිනිස් ලෝකෙ සවාරි ගැහුවෙ නැතුවට අපි පලි ද...?" ආනා ඇහුවා..
"ඔයත් එක්ක කටගහගෙන දිනන්න බෑ.." තානා කිව්වෙ අතුත් බැදගෙන...
"ඒයි ඔයා කොහෙද බලන් ඉන්නෙ..." ආනා ඇහුවත් මගෙ අවධානෙ එවලෙ රැදිලා තිබුනෙ වෙන දෙයක....
'ඔයා මේක විසදනවා බලන්න මම කැමති නිසා ඒ....ඔයා මේක විසදනවා බලන්න මම කැමති නිසා ඒ' මට ඒ වචන දෝංකාර දෙනවා වගේ....
_____________________________________________________________________________
🤔මොකද්ද මේ බෝම්බෙ...?
(සුට්ටක් පහළට යන්න හුදේ..👇)
මම,
🚫❌කතෘ අවසරයකින් තොරව කතාව කොටස් වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් උපුටා ගැනීම සපුරා තහනම්🚫❌
