The Vampire Love Story
BLANK ❄
Previous Episode:- https://telegra.ph/The-Vampire-Love-Story-06-21
17th Episode
"මේහ්...ඕ...ක......"
"මොකද්ද ඒ...?" කියපු අම්මා ගිහින් ඒක තාත්තා අතින් ගත්තා...
"පොතක්නෙ...ඇයි ඔයා මේක ගැන මෙච්චර හොයන්නෙ...?"
තාත්තා පුටුවෙ වාඩිවෙලා මන් දිහා කෙලින් බැලුවා...මගෙ ඇගේ කූඹි දුවනවා වගේ...කුචු අප්පා...එහෙම බලද්දි...
"මන් හොයන්නෑ...මම ඔයාට එහෙම එකක් ගෙනත් දුන්නෑනේ...ඒකයි ඇහුවෙ කවුද තෑගි ගෙනත් දෙන්නෙ අහන්න..? අනික අපිටත් හොරෙන්.." තාත්තා අහන් එන පොට මට තේරුණා..
"අනේ...නෑ නෑ මේක ලයිබ්රි පොතක්...!" මම කලබලෙන් කියලා ඒක අම්මා අතින් ඇදලා ගත්තා...
"දුව...?"
"ප්‍රශ්නයක් නෑ අම්මා..හෙට හම්බෙමු..." කියපු මම කාමරේට ගිහින් ලොක් එක දාගත්තා...මට වරදකාරී හැඟීමක් දැනුනත් මම එයාලට ඒ ගැන කියන්න ගියෙ නෑ...මට මේ ලෝකෙ කොච්චරක් අය වෙෙර කරනවා ඇති ද...කිසිම හේතුවක් නැතුව....ඒ කවුරුත් නිසා නෙවෙයි තාත්තා නිසා...මෙල්ඩියර් හෝරස් නිසා...!
"කන්න එන්න..." දොරට තට්ටු කරපු අම්මා ඇහුවා...මම එළියට ආවත් අම්මා දිහා බලන්න නැවතුනේ නෑ..කෙලින්ම කෑම මේසෙට ගිහින් ඉදගත්තා...
"තාත්තා මට විස්තරේ කිව්වා...ඔයා ඒක හිතන්න එපා...ඒ වෙලාවෙ කලබලයි වගේ නොපෙන්නුවට මම හොඳටම බය වෙලා හිටියෙ දෝණි ඔයා ගැන..." අම්මා කිව්වෙ මට වීදුරුවක් දෙන ගමන්...
"දැන් කමුද...මට බඩගිනියි..." කියපු මම ගෑරුප්පුවයි හැන්දයි අරන් කන්න ගත්තා...ඒ විදිහට එතන හැසිරුණේ ඇයි කියන්න මමවත් දන්නැහැ...
"ඔයා අම්මව නොසලකා හරින්නෙ ඇයි..?" තාත්තා මගෙන් ඇහුවෙ..
"එයාට කොහොමත් මාව වැඩක් නෑ..ඒ නිසා මටත් ඕනි නෑ.." මම කන ගමන්ම උත්තර දුන්නා..
"මොකද්ද දෝණි........................." අම්මා කියන් ආපු එක තාත්තා අතක් උස්සලා නැවැත්තුවා...
"ඔයාට මොනව ද වෙලා තියෙන්නෙ..?"
"මට මුකුත් වෙලා නෑ තාත්තා...ඔයාලට මොනවා වෙලා ද කියලයි මම අහන්න ඕනෙ.."
"මොකද්ද...?"
"ඔයාලා මොනව ද ඔච්චර මගෙන් හංගන්නෙ...මන් පොඩි කාලෙ ඉදලම කරේ ඔයාලා මගෙන් හැමදේම හංගපු එක..සෝලෝ කොහොමද නැති වුණේ තාත්තා..?" අදාළ නැති ප්‍රශ්නයක් මම එකපාරම ඇහුවා....
"ඔයාට දැන් ඒක ද දැනගන්න ඕනෙ..."
"ඔව්...!"
"මෙච්චර කාලෙකට අපේ කෑම මේසෙ ප්‍රශ්න ඇති වෙලා නෑ...ඒත් ඔයාට මොකක් වෙලා ද...මම ඔයාව අත ඇරලා දාලා නැනේ.." අම්මා කිව්වා..
"ඔව් අත ඇරලා දාලා නෑ...මන් අම්මට නෙවෙයි බනින්නේ...තාත්තාට...එයා නිසයි මේ හැම ප්‍රශ්නයක්ම...ඔයා වැම්පයර් කෙනෙක් වුණු නිසයි පවුලට අවාසනාව ආවෙ...මිනිස්සු මට වෙෙර කරන්නෙත් ඔයා හින්දා...බනින්නෙත් ඔයා හින්දා...මන් ක්ලවුඩියා කියලා හිතන්නෙත් ඔයා හින්දා...ඒක හින්දයි මේ හැම ප්‍රශ්නයක්ම...මගෙ ජීවිතේ මට තිබ්බ නිදහසත් නැති වුණේ ඔයා හින්දා තාත්තේ...ඔයා....කවදාවත් ඒ ගැන හිතුවෙ නැද්ද...?" කටට ආවෙ මොනවද කිව්වෙ මොනවද කියන්න මමවත් දන්නෑ...මම වතුර වේගෙන් බීගෙන ගිහින් එතනින් නැඟිටලා ගියා....අම්මයි තාත්තායි මූණෙන් මූණ බලාගන්නවා විතරක් මම දකින්න ඇති...
මම කාමරේට ආවත් එයාලා සාලෙ ඉදන් කතා කරන ඒවා ඇහුණා...
"මම......................"
"දූට මොකක් හරි වෙලා..."
"එයාට ඕක වෙන්න ගත්තෙ අර පරණ බංගලාවට ගිය දා ඉදන්...එතකන් එයා හොඳට හිටියා..."
"මොන බංගලාව ද..? හරි මන් ටික කාලයක් මෙහෙ ඉන්න එකේ...එයාව බලාගන්නම්...ඔයා ඒ ගැන කරදර වෙන්න එපා..."
"ඒ බංගලාවට එයා ගියේ ඇයි....."
"මොනවා ගැනද ඔයා මේ කියවන්නෙ..." අම්මා ඇහුවා...පුටු අදින සද්දෙයි නැඟිටින සද්දෙයි විතරයි ඊළඟට ඇහුණේ...
"ගන්‍යා...ගන්‍යා නැඟිටින්න..."
"ආහ්...මොකද..." ඇස් අමාරුවෙන් ඇරගෙන මන් ඇහුවා...
"දැන් නිදාගත්තා ඇති..."
"හා......හ්..........." ඈනුමකුත් අරින ගමන් මම මිනීපෙට්ටියෙන් එළියට බඩගෑවා...
"ඔහොම ඈනුම් අරින්න හොඳ නෑ ගෑනු ළමයි..."
"හරි ඉතින් අදට විතරනේ..." මම කිව්වා...
මන් ඇදගෙන ඒම සාලෙට අම්මත් ඉන්නවා....
"කෝ තාත්තා...?" මම ටිකක් ලැජ්ජාවෙන් ඇහුවෙ...තාත්තාට එහෙම කතා කරපු එක වැරදියි කියන්න මම දන්නවා...
"ඊයෙ ඔයා කියපු දේට එයාගෙ හිත රිදිලා.."
"අනේ සමාවෙන්න අම්මා...මම හිතලා කිව්වෙ නෑ..."
"ඔයා දන්නව ද ගන්‍යා...ඕනි කෙනෙක්ගෙ හිත රිදවලා සමාව ගත්තට ඒ හිතේ තියෙන දුක අඩු වෙන්නෑ කියලා..."
"අම්මා......."
"හරි දැන් ඕවා අමතක කරලා මේක බොන්නකො..." මගෙ කම්මුල් දිගේ කඳුළු ගලන් යන්න ගත්තා...මට දැනුනෙ මහා දුකක්...මම මගෙ තාත්තාට ගොඩක් ආදරෙයි අම්මට වඩා....ඒත් මට පාලනය කරගන්න බැරි වුණේ ඇයි...
"දැන් මොකද අඬන්නෙ.." අම්මා අහද්දි මම කඳුළු පිහදාගත්තා...
"අම්මා මම එළියට යන්න ද...?"
"මට ඔයාව යවන්න බයයි..."
"අනේ අම්මා ප්ලීස්...මට තාත්තාට මූණ දෙන්න බෑ...ඊට කලින් හිතහදාගන්න ඕනෙ..."
"අහ්...හොඳයි...ළඟකට ගිහින් ඉක්මනට එන්න...ඔයා නැති වුනොත් තාත්තා මට බනියි...ඒක හින්දා ඉක්මනින් එන එක හොඳයි..."
"හරී...තෑන්ක් යූ සුදු අම්මි බෝලේ..." කියලා අම්මට කිස් එකකුත් දීලා මන් පාරට බැස්සා...
"ගන්‍යා....!" මට ඇහුණෙ හීන් කටහඬක්...හුම්ටා පෙම්වත...ඒ තානා නේද...
"තානා..." කියන ගමන් මන් හැරුණා...
හොඳටම ඇදිලා ගිහින් සුදුමැලි වෙලා..මම ලාවට හිනා වුනා...මම නොහිතුවත් එයා මට හිනා වුණා...ඒ හිනාවෙ තිබුණෙ ලොකු දුකක්...
එයා ඇවිදන් මන් ළඟට ආවා...මම අඩියක්වත් හෙලවුනේ නෑ...ළඟටම ආපු එයා පැනලා මාව බදාගත්තා...මම එහෙම්මම හිටගෙන හිටියා...හැඟීම් ප්‍රගාශ කිරීමෙන් වැළකිලා..
"මට සමාවෙන්න...මම ඒක...හිතලා කරේ නෑ..."
"ඒහ් තානා..." කවුද කෙනෙක් ඇවිත් තානාව එකපාරම මගෙ ඇඟෙන් ඇදලා දැම්මා..
"ආහ්..." එයාව බිමට වැටුණා..
"ආනා මෝඩි තමුසෙ ඒ මොකද්ද කරේ..." තානා කෑ ගැහුවා..
"මට ඕනි දේ කරේ සුද්දො..තනියම නැඟිටලා පරිස්සමට ගෙදර යන්න හරිද..."
මම හිනාවුණා...දෙන්නම මන් දිහා බැලුවා..
"තානා මට ඔයත් එක්ක කතා කරන්න පුළුවන් ද.."
"අහ් ඔව්..." කියපු එයා නැඟිටගත්තා...ආනා එහෙම ඔහොම බිම වැටුනනං මාවත් වට්ටගෙන ඒකිත් පෙරලිලා මෙතන සිංහරාජෙ නටනවා...දෙන්නා හොඳටම වෙනස්...
"ඔයා ඇත්තටම ඒක හිතලා නෙවේ ද කරේ..." මම ඇහුවා..
"කෘෘත් එක්ක හිටිය එකද..අ...මම ආයෙ එයත් එක්ක ඉන්නෑ...ඔයාට ප්‍රොමිස් වෙනවා...සොරි..."
"මෙයා කියන ඒවා ඔයා විශ්වාස කරන්න යන්න නං එපා...කරදරේ වැටෙයි ආයෙත්.." ආනා කියනවා..
"එයා මගෙ යාළුවනෙ.." මම කිව්වා...
"ඕහ්...රියලි...? එතකොට මන් කවුද..." කියපු ආනා එතනින් යද්දිම මම එයාගෙ අතින් ඇද්දා...
"හෝව් පොඩ්ඩක් ඉන්න...රණ්ඩු වෙන්න එපා...ආනා....." එයාට එයාගෙ නම කීවම මන් කලින් කියපු දෙයක් මතක් වෙන්න ඇති...මට ඕනෙ වුණේ තානාට ඇත්තටම මොකද වුනේ කියලා දැනගන්නයි...අර බංගලාවට ගියාට පස්සෙ අපි දෙන්නටම මොකක් හරි වෙලා තියෙනවා කියන්න නං මට හොඳටම තේරුණා...
"මට කියනව ද...? ඔයා ඇයි කෘෘගෙ පැත්තට ගියේ..."
"මම....ඇත්තටම...මම...එයාට කැමතියි...ඒක නිසයි මට එයා කියන දේට...පිටින් යන්න බැරි වුණේ..."
"එයා ද ඔයාට බොන්න බල කරේ.."
"ඔව්...එවලෙ වෙනස් දෙයක් වුණා...මම හිතුවෙ...ඔයා ඒක දැක්කා කියලා......"
"ඔයාට ඒක කියන්න එපා කියලා මම කිව්වනේ..." ආනා මැදට පැන්නා...
"ආ...? මොනවද හංගන්නෙ..." මන් ඇහුවට මම දන්නවා ආනා දන්න දෙයක් නෑ කියන්න...ඕකිට ඕනි මේ සූටි මාව අවුස්සන්න...
"ඒක ඔයාට මොකටද ආ කියනවා බලන්න.." ආනා ගේමට වගේ...කරාටි ගහන්නද කොහෙද හදන්නෙ...හිකිස් මන් බය වෙයි...
"ඇයි..? ඇයි ඔයා..." කියපු මාත් ඒ විදිහටම එයාට උත්තර දුන්නා..
"ඔය දෙන්නා හුඟක් ළං වෙලානෙ..." තානා කිව්වෙ...
"අම්...මේ ඔව්..ටිකක් විතර...හී..." මම කිව්වා...
"අහ් ඒක නං අවුලක් නැහැ...අපිට ඒක මෙතන කතා කරන්න බෑ නේද..කාට හරි ඇහුනොත්...රෑට හම්බෙමු ද...?"
"ඕහ් තානා...මන් කොහොම ද ඔයාව විශ්වාස කරන්නෙ..?"
"ආන්න ඒක තමයි මාත් කියන්නෙ.." ආයෙත් පැන්නා...ආ....නා....
"ආනෝ....! කටවහගනින්..." මම රවලා කිව්වෙ...
"පුහ්....."
"මට ඔයාව විශ්වාස කරන්න බෑ ඇත්තටම........"
"මම කියන්නෙත්..................................."
"ආනා ඔයා ළඟ සෙලෝටේප් තියේ ද..?"
"මොකක්ද..?"
"තියේනං අලෝගන්නව ද...පින් සිද්ධ වෙයි..." කියපු මම ලොකු හුස්මක් පාතට දාන් තානා දිහාට හැරුණා...
"කොහෙදිද හම්බවෙන්න ඕනෙ..."
"බංගලාවෙදි..."
"ඔයාට පිස්සු හැදීගෙන එනව ද...?" මම අහද්දිම ආනා "අනේ මාත් ආසයි..." කියලා කිව්වා... "එතකොට ඉතින් ඔයාට බය වෙන්න දේකුත් නෑනේ අග්නගන්‍යයෝ...මන් ඉන්නවනෙ...." එයා එකතු කරා..
"මට හුඟක් සතුටුයි..." මූණ දෙල් කරගෙන මම කිව්වෙ....
"හරිම කියුටි මූණ..." ආනා කිව්වෙ දත් තිස් දෙකම පෙන්නගෙන...
"එක්ස්කියුස් මී ආනා...තානා...මට යන්න ඕනෙ..." කියපු මම එතනින් යද්දිම "අද රෑට එනව ද...?" තානා ඇහුවා..
"ඔව්...අනිවාරෙන් එනවා...ළමයි කවුරුත් එකිනෙකාට වෙෙර කරන්නෑ කියලා මම හිතනවා..." කියන්න ඕනෙ දේ වක්‍රාකාරයෙන් කියපු මම දෙන්නටම හිනාවෙලා ඇවිදන් ගියා....ආපහු ගේ දිහාට...
මට දොර ළඟට එද්දිත් තනියම හිනා යනවා....අම්මා මන් එනකන්ද කොහෙද බලන් හිටියා...
"මම බය වුණා..."
"මුකුත් වුණේ නෑ අම්මා...තාත්තා ආරක්ෂාවකුත් දාලා නේ.."
"ඔයා දැන් මාව වැඩිය ගණන් ගන්නෑනේ...ඒකයි මම ඔයා ගැන මෙච්චර හොයන්නෙ..."
"අනේ අම්මා..ඇත්තටම ඊයෙ කියපු දේවල් ගැන කිසි දෙයක් හිතන්නවත් එපා...මට සැරින් සැරේට මාව පාලනය කරගන්න බැරුව යනවා.."
"ඉදගන්නකො..තාත්තා තාම ආවෙ නෑ..."
අපි දෙන්නම ඉදගත්තා...අම්මා මගෙ අත් දෙක අල්ලගත්තා...
"සැරින් සැරේට වෙනවා කිව්වේ...මොකක් වගේ ද ඔයාට දැනෙන්නේ..."
"මේකයි අම්මා...මම දවසක් තානා එක්ක බංගලාවකට ගියා...මගෙ කුතුහලේට...එයාටත් මොකක් හරි වෙලා...මට නං හිතාගන්න බෑ..එයා මට විරුද්ධ වුනෙත් ඊට පස්සෙ...ඒ බංගලාව හරියට නිකන්...හීනෙදි දැක්ක එක වගේ..."
"හීනේ...? අර තාත්තා කිව්ව එක නේද.."
"ඔව්...මන් දැනගන්න ඕනෙ සෝලෝ මැරුණෙත් ඒ විදිහටම ද කියලා...? මෙතන දැන්නැති දෙයක් වෙන්නෙ...එක්කො දැනගෙන දන්නෑ වගේ අගවනවා...'
"ම්ම්...මේකයි ඔයා ඕවා ගැන වදවෙන්න යන්න එපා...තාත්තා රට බේරගත්තම අපි ලංකාවට යනවා...එතකොට කිසි ප්‍රශ්නයක් නෑනේ හොඳ ද..."
"මන් යන්න කලින් හැමදේම විසඳන් යන්න ඕනෙ..."
"ඔයත් හරියට ඔයාගෙ තාත්තා වවගේමයි.."
"ඇත්ත ද...?" මම හිනාවෙලා ඇහුවෙ..අම්මා හිනාවෙන්ම උත්තර දුන්නෙ ඔව් කියලා අඟවමින්..
"මම ඔයාට දන්න දෙයක් කියන්න ද..?"
"ඒ මොකද්ද අම්මා...?"
"මම තාත්තාව මැරි කරනවා කියලා දැනගත්තම රජ පවුලෙ අය ඒකට කැමැති වුනේ නැහැ...එයාලා ඒකටත් කටකතා යැව්වා...මම ක්ලවුඩියා...මම වැම්පයර් කෙනෙක් කියලා...මම විස්තර හෙව්වෙ ඒ කාලෙ දැනුනු කුතුහලේට..ඒත් ඔයාට වගේ හීන පෙනුන්නෑ..ඒකයි ප්‍රශ්නෙ...තාත්තා මේක දන්නෑ..තව දෙයක්..කරන දෙයක් තාත්තාට නොකියා කරන්න...ඔයා දකින හීන වුනත් තාත්තාට කියන්න යන්න එපා...ඔහොම හිටියට එයා ගොඩක් වෙනස්..."
"මොකද්ද..ඔයා කිව්වෙ...තාත්තා මාව මරනවා වගේ එකක් එහෙම නෙවේ නේ ද...?" මට බය හිතුණා...මම හැමෝටම විවෘත වෙනවා වැඩිද...මම තනිවෙලා ද...මේක නපුරු හීනයක් නේද...?
_____________________________________________________________________________
🤐අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිමි...
මම,
🚫❌කතෘ අවසරයකින් තොරව කතාව කොටස් වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් උපුටා ගැනීම සපුරා තහනම්🚫❌