The Vampire Love Story

The Vampire Love Story

BLANK❄
...නපුරු වූත් ආදරණීය වූත් ඔහුගේත් ඇගේත් හමු වීම...


Previous Episode:- https://telegra.ph/The-Vampire-Love-Story-06-20


16th Episode



දවස් කීපයක් ගෙවිලා ගියේ කිසි වෙනසක් නැතුව...මන් ස්කූල් ගියෙත් නෑ...ඒක අනිවාර්යය නෑ මෙහෙ...මරු නේද..දැන් එන්න ඕනෙ වගේ නේ..?..මම දොර ළඟට වෙලා හිටගෙන ඈත බලන් හිටියා...


"හෙට අම්මා එනවා..." තාත්තා එහෙම කියමින් මට බ්ලඩ් ග්ලාස් එක දුන්නා...


"අනේහ්...ඒක කරන්න බෑ...මම ආනා එක්ක රෑට යන්න හිතන් ඉන්නෙ..."


"කොහෙද...?"


"එහෙම හිතාගෙන නෑ....ඇයි ඔයා කිව්වෙ...ආරක්ෂාවක් දැම්ම ම යන්න දෙනවා කියලා...."


"ඒ කියන්නෙ ඔයාට දැන් අම්මව එපා වෙලා ද..?"


"අහ්...නෑ..නෑ එහෙම දෙයක්......................."


"මට නං තේරෙන්නෑ ගන්‍යා..." කියන ගමන් තාත්තා වෙන දිහාවක් බලලා ආයෙත් මන් දිහා බැලුවා...


"ඇ...ඇයි...? මොකද....?"


"ඔයා ඇස් දෙකට මොකක් හරි කරගත්ත ද...?" එක මාතෘකාවකින් කවදාවත් තවත් මාතෘකාවට යන්න එපා කාත් එක්ක හරි කතා කරද්දි...අග මුල පැටලුනෙවා...


"අනේ...මොනවද මෙච්චර ඇස්වලට වෙලා තියෙන්නෙ...මට කණ්ණාඩියක් දෙන්න මූණ බලාගන්න..." මෙහෙ තියෙන ෆැසිලිටීස් තමා...කණ්ණාඩි,ෆෝන් වැනි බහුබූත නැතිවීම...ඒක හින්දනෙ මෙහෙ මිනිස්සු ඕනි ඕනි විදිහට ඇදන් යන්නෙ...ඒකත් වෙලාව...ෂැක්...


"මන් ළඟ තියේනං දැනටමත් දීලා..." කියපු තාත්තා එතනින් ගියා...


"හෙට මම යනවා...." මම කෑ ගහලා කිව්වා පිටිපස්ස හැරිලා...තාත්තා මුකුත් කීවේ නෑ..


මම දොරත් වහගෙන ඇතුළට ඇවිත් සෙටියට පැනගත්තා...අර පොත ගැන මම තාම තාත්තාට වචනයක්වත් කියන්න ගියෙ නෑ...මොකද ඕවා කොයි විදිහට පත්තු වෙලා...කොයි විදිහට ඉවර වෙයි ද දන්නෙ නෑනේ...


ඒක ඇරගන්න මට තාම බැරි වුණා....මම සාක්කුවෙන් ඒ පොත අරන් එහෙට මෙහෙට පෙරලුවා...ඒත් ඇරගන්න බෑනේ ඉතිම් මොනාද ඇතුළෙ ලියලා තියෙන්නෙ බලන්න....උගුලක් වුනත් එකයි නැතත් එකයි මම ඒක අරින එක අරිනවා තමයි ඉතින්...හුහ්...දන්නෑ තාම මගෙ හැටි..නරුම ඩූන්...


"ලාලල ලලලා ලාලල ලල්ලලලා..." මම සිංදුවක් මුමුණ මුමුණ හිටියෙ...ඩූන්ව මතක් වෙනවා...අම්මව මතක් වෙනවා...ආනා නැතුව පාළුයි...එතකොටම වගේ ආයෙත්...කලින් වගේ ම දෙයක් සිද්ධ වෙන්න ගත්තා...මන් කොච්චර පාලනය කරගන්න ට්‍රයි කරත් මට මුකුත් කරගන්න බැරි වුණා...රූප බොදවෙන්න ගත්තා...


"ක්ලවු ඔයා හිතනව ද මේක හරි දෙයක් කියලා...?"


"ඔව් සෝලෝ...මේකෙ කිසි වැරැද්දක් නෑ..මෙතන තමයි තැන..."


"මට නං තේරෙන්නෑ මේ වගේ අවුරුදු සිය ගාණක් පරණ බංගලාවක් මොකට තාම තියනව ද කියලා.."


"මටත් ඒක හරියටම හිතාගන්න අමාරුයි.."


"අපි...! අපි ඇතුළට යමු ද..?" සෝලෝ ඇහුවෙ කුතුහලේකින් වෙන්න ඕනෙ...


"ඔව් අපි ගිහින් යන්නෙත් එකට...එන්නෙත් එකට..." කියලා ක්ලවු දොර අරින්නයි අත තිබ්බෙ...සෝලෝ එයාව වැලැක්වුවා...


"නැහැ ටිකක් ඉන්න...මම ඉස්සල්ලම යන්නං...මට කරදරයක් වුනොත්...ඔයා මන් ගැන නොබලා යන්න.."


"ඔයා මොනව ද මේ කියවන්නෙ...මම ඔයාගෙ යාළුවා නේද..මමයි ඉස්සල්ලා යන්නෙ..."


"මම කිව්වනෙ මම යන්නෙ කියලා.."


"සෝලෝ! මමයි යන්නෙ ඉස්සල්ලම...ඔයාට කරදරයක් වෙනවා දකින්න මට ඕනෙ නෑ...අනික මන් නැති වුනාට දුක් වෙන්න කවුරුත් නෑ..වෙෙර කරන්න අය විතරයි ඉන්නෙ...ඒත් ඔයාට එහෙම නෑ...ඔයාට හුඟක් අය ආදරෙයි..."


"ක්ලවු, මට කවුරුත් ආදරේ නෑ...මට ආදරේ තාත්තා විතරයි..."


"ඇයි...තව කෙනෙක් ඉන්නෙ...." හිනාවෙලා ක්ලවු කිව්වෙ..ඒත් ඊට යටින් දුකක් තිබුනා වගේ පෙනුනා...


"ඔයා කියන්නෙ කවුරු ගැන ද...? මමයි එයයි............ඇත්තටම එයා................................." ලැජ්ජාවෙන් රතු වුනු සෝලෝ කිව්වා...


"ඔව් එයා තමයි...ඔයා හරි..." කියපු ක්ලවු සෝලෝව ලාවට තල්ලු කරලා දොර ඇරලා ඇතුළට අඩිය තිබ්බා...


"ක්ලවු එපා..." සෝලෝ කෑ ගැහුවා...ඒත් කිසි දෙයක් සිද්ධ වුණේ නෑ...


"මන් බය වුණා..." කියපු සෝලෝ ඇවිත් ක්ලවුගෙ අතින් අල්ලගත්තා...ක්ලවු හැරිලා සෝලෝව බදාගත්තා..හරිම ලස්සන යාලුකමක් එතන තිබුනෙ...


"අපි එහෙනං අන්තිමේදි ආවා...මෙතන රහස හොයාගමු...අපි හොයාගමු ඇයි රජවරු මේක වහලා දැම්මෙ කියලා.." සෝලෝ කිව්වා...


"ඔයා මොන වගේ දෙයක් ද බලාපොරොත්තු වෙන්නෙ..." 


"ශාපයක් වගේ..." 


"සමහර විට..." 


"එහෙනන් මම දෙවෙනි අඩිය තියන්න ද..? ඔයා පලවෙනි අඩියනෙ.."


"එකඟයි..." 


"යේස්..." කියපු සෝලෝ අඩිය තිබ්බෙ ක්ලවුත් එයාට පස්සෙ අඩිය තියද්දි...


"අපි කොහාට ද.............................................." එච්චරයි ක්ලවුට අහගන්න පුළුවන් වුණේ....කන් බීරි කරවන කෑ ගැහීමක් ඇහුණෙ...ඔව් ඒ සෝලෝ....රූප පැහැදිලි වෙන්න ගත්තා...මට එතනින් එහාට දකින්න ඕනි වුනත් ඒක කරගන්න බැරි වුණා...


මන් ඇස් අරිද්දි දාඩිය පෙරාගෙන සෙටියෙනුත් වැටිලා...වීදුරු බඩු ටිකත් කඩාගෙන...වෙලාවට ඇඟේ නං ඇනිලා නෑ...ඇනිලා ලං රිදෙනවා නෙ...තාත්තා මන් ළඟ පවන් ගහන ගමන් හිටියෙ...ආනාත් හිටියා...


"මන් හිතුවෙ නෑ අදවත් නැඟිටියි කියලා...හොඳටම රස්නෙ..."


"තාත්තා...තාත්තා මට මේ මොකද වෙන්නෙ...?" මම නැඟිටින්න හැදුවත් එයා නැඟිටින්න දුන්නෑ...උස්සලා සෙටියෙන් තිබ්බා...එයාට ගොඩක් ශක්තිය නෙ...කොහොමත් මන් වගේ ඇට හාල්මැස්සියක්ව උස්සන එක ඒ තරන් අමාරු දෙයක් නෙවේ...


"ඇයි මොකද වුණේ...මට හිතාගන්න බෑ ඔයාට කොහොම ද මෙහෙම වුණේ කියලා..."


"මම...ක්ලවු එයා.....සෝලෝ..මන්දිරේ...මම ගිය...තානා එක්ක...බංගලාව....වවුලා..."


"ඔයා කලබලෙන් ඉන්නෙ...මම වතුර ගේන්නම්..." කියන ගමන් තාත්තා ගියා...


"ඇත්තටම ඔයාට මොකද වුණේ..." ආනා ඇහුවා...


"අහ්...අනේ ඔයා කොයි වෙලාවෙ ද ආවෙ..." ඔලුව ටික ටික හරියන බව දන්න නිසා ම මම වැඩිය ඒක ගනන් ගත්තෙ නෑ...


"මම ඇවිත් දවසක් වෙනවා..."


"මොකද්ද...????" එයා විහිලුවක් කරනවා වගේ හිතුනත් මේ වෙලාවෙ නං සීරියස් කිව්වෙ කියලා තේරුනා..


"ඔවූ...ඔයාගෙ අම්මා සෙලෙස්ටේව එක්කන් එන්න ගියා..."


"අම්මා..? එයත් ආවා ද...? මම දවස් කීයක් සිහි නැතුව හිටිය ද..?"


"සම්පූර්ණ දවසක්...ඔයාව හොලවන්නවත් බෑ...වැටුණු තැනින්...සිහිය ආවමයි ඔය උස්සලා තිබ්බෙ.."


"හොලවන්න බෑ...? ඒ ඇයි...?"


"ඔයා ගල් වෙලා හිටියෙ..."


"ඒ කියන්නෙ..? අයිස් වෙලා ද..?"


"නෑ බොල...නිකන් ගලක් වගේ හිටියා...ඇඟෙන් දුන් දානවා වගේ...දැන් එහෙම දුන් දැමීමක් වුනාද අහන්න එපා මෝඩි වගේ...වුනේ නෑ...එච්චරයි..."


තාත්තා වතුර එක ගෙනත් දුන්නා...


"දැන් නං රස්නෙ අඩුයි...අම්මා දැන් එයි..." කියපු එයා මට එහායින් වාඩිවුණා...


"හරි ඉතින්...ඒක නෙවෙයි අම්මා සෙලෙස්ටේව එක්කන් එන්න ගියා කිව්වා නේද..?"


"ඔව්..?"


"අම්මට වැම්පයර්ස්ලා කරදර කරොත්.."


"හෝරස් උතුමාණන් එයාට ආරක්ෂාවක් දාලලුනේ තියෙන්නෙ.." ආනා උත්තර දුන්නෙ ඒකට...


"ආහ්...ඕක තව ටිකක් කලින් දාන්න බැරි වුනානේ මන් අහන්නෙ නේද..."


"ඔයා මාතෘකෘව වෙන පැත්තකට හරෝනවා..." ආනා ඒකටත් මැදට පැන්නා..


"මො...මොකද්ද...?"


"මම ඔයාගෙන් අහන්නෙ මොකද්ද ඔයාට වුණේ..මොකද්ද අර ක්ලවු ගැන කිව්වෙ..?"


"ආනා! ඔයාට කවුද අයිතිය දුන්නෙ බලෙන් ප්‍රශ්න අහන්න ගන්‍යාගෙන්..." තාත්තා කිව්වා...


"තාත්තෙ..?" 


"නැහැ...ඔයාට ඒකට අවසරයක් නෑ..." තාත්තා ඒක කිව්වෙ ආවේගෙන්...ඒක ආනාටත් දැනෙන්න ඇති...


"සමාවන්න හෝරස් උතුමාණනි..වරදක් වී නම්..."


"හොඳයි...දැන් යන්න..." 


ආචාර කරපු ආනා මන් දිහා බලලා ඇහැක් ගැහුවෙ තාත්තාට පේන්නැති වෙන්න...මේකි මොන කුණුගොඩක් හංගනව ද මන්දා මගෙ අප්පේ...ඇහැ ගහපු විදිහ මට මෙව්වා වගේ පොඩ්ඩක් ඈ...මෙව්වා කිව්වෙ ඉතින් සැක...


"සෝලෝ ගැන මොනවද දන්නවා කීවේ..?" තාත්තා මන් දිහාට බරවෙලා ඇහුවා...ආනා ගිය ගමන්ම...


"මම දෙයක් දැක්කා තාත්තෙ..."


"ඒ මොකද්ද...?" 


මම තාත්තාට ක්ලවු ගැන දැකපු මුලු විස්තරේම කිව්වා...අර ගුහාවෙදි දැකපු ඒවයි...ඔක්කොම ටික...තුනම...මොකද මට විශ්වාස කරන්න පුළුවන් විදිහට හිටියෙ එයා විතරයි....අනික තාත්තා ඉස්සරට වඩා මාත් එක්ක ෆිට් වගේ මට දැනුනා...හේතුව නං මන් දන්නෑ...එයා කියන්නෙ නං මට ගොඩක් දේවල් තේරෙන හින්දලුනෙ..අම්මාගෙන් මාව ටික ටික දුරස් වෙන්න ගත්ත එකටනං දුකයි...ඒත් ඒක මන් ලබපු හැටි වෙන්න ඇති...


"ඔයා දන්නව ද...?" 


"මොකද්ද තාත්තා...?"


"සෝලෝ කියන්නෙ කවුද කියලා.."


"ඈහ්..නෑ...කවුද...ඔයා එයාව දන්නව ද.."


"ඔව්...එයා මගෙ මැරිච්ච දුව..." තාත්තා කිව්වා...


"මො....කා......ක්......." මට කෑ ගැහුණා...


"ඔව්...ඒක පුදුමයක්...ඒත් එයා ක්ලවු කියන කෙනෙක් ගැන සම්බන්ධයක් තියන් හිටියෙ නැනේ...ක්ලවුඩියා...නෑ..."


"තාත්තේ...මේකයි ඔයා මාව බය කරන්න එපා...සෝලෝ කියලා නම් තියෙන අය මේ ලෝකෙ කොච්චර ඉන්නව ද.."


"සෝලෝ කියලා නම් තියෙන අය මේ ලෝකෙ ඕනෙතරම් ඇති...ඒත් සෝලෝ කියලා නම් තියෙන අය මේ වැම්පයර් ලෝකෙ ඉන්නෙ එක් කෙනෙක් විතරයි.."


"අනේහ්...ඇයි...ඇයි ඔහොම බය කරන්නෙ..." මාව වෙව්ලනවා වගේ...මට වැහිල ද දන්නෑ සෝලෝව...එහෙම වෙන්නෙ හොල්මන් බන් හොල්මන්...මාව ම සනසගන්නවා හැර වෙන දෙයක් නෑ මිත්‍රවරුනි කරන්න....අයියෝ...දෙවියනේ...


"ගන්‍යා...ඔයාට ප්‍රශ්නයක් නෑ නේද.." දූවගන ඇවිත් අම්මා මාව බදාගත්තා...


"අම්මා ඔයා වැම්පයර් කෙනෙක් වුනේ කවද්ද..?" එයා අහසින් කඩා පාත් වුනු හින්දා මන් ඇහුවෙ...


"සෙලෙස්ටේ එක්ක ආවෙ...තාම ඉස්සර වගේමයි...ඒඒඒ...." 


"ආ...තේරුණා..." මම ලැජ්ජාවෙන් කිව්වා...අමතක වීම් හැමෝටම වෙනවනෙ...හූම් මෙතන...මන් පෞ නේත...


මාව චෙක් කරලා සෙලෙස්ටේ ගියා...යන්න කලින් එයා මන් දිහාට හැරුණා...


"මට දැනෙන දේ මම කියන්නෙ..කවුරු හරි ඔයා ගැන හොයනවා..." මම කම්පියුස් එකේ ම බලන් හිටියා...ඈ යකෝ...ඊට වඩා කීවනං හොඳයි...මන් ගැන කවුරු හරි හොයන්නැතුව ඉන්නවා කියලා...කවුද මන් ගැන හොයන්නැත්තෙ...මෙල්ඩියර්ගෙ දුව...මෙල්ඩියර්ගෙ දුව...හනේ හපොයි...ඩ්‍රැකියුලාටම ඔප්පු වෙච්චාවෙ...


"දුව ඔයාට එහෙම දැනුනෙ නැද්ද...?" අම්මා ඇහුවෙ සෙලෙස්ටේ චුත වුනාම...


"මන් ගැන නං කොච්චර අය හොයනව ද..?...හහ්...අනේ මන්දා මට නං තේරෙන්නෑ මේවා..." කියන ගමන් මම වතුර වීදුරුව උගුරට දෙකට හිස් කරා...


"මන් අහන්නත් හිටියෙ...මේක මොකද්ද..." ඩූන් දීපු පොත පෙන්නපු තාත්තා මගෙන් ප්‍රශ්න කරද්දි කට උත්තර නැතුව මම බලන් හිටියා....




_____________________________________________________________________________


තාත්තා ඔක්කොටම හපන්නෙ...ගන්‍යා ගැනමයි හොයන්නෙ...😂



මම,

Sinaa✨



🚫❌කතෘ අවසරයකින් තොරව කතාව කොටස් වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් උපුටා ගැනීම සපුරා තහනම්🚫❌





Report Page