The Vampire Love Story

The Vampire Love Story

BLANK❄

Previous Episdoe:- https://telegra.ph/The-Vampire-Love-Story-06-18


15th Episode



මට එයාව දැකපු ගමන් බය හිතුනා...කෑම හොයන් යන්න ඕනෙ මේ අඳුරු වෙලාවෙ...ඒත් තාත්තා ඇතුළෙ හිටපු නිසා මට මුකුත් කරන්න කාටවත් බෑ කියන්න මම දන්නවා...මොකද එයා ඉන්න වෙලාවට ගෙදර බලවත් වෙන හින්දා....ලේසියෙන් දෙයක් කරන්න අමාරුයි එවලෙට...ඒ ගෙදර ඉන්න කෙනාට...එදා කෘෘ මාව අල්ලගන්න ඇත්තෙත් තාත්තා කෑමට ගිය වෙලාවක කියලා මට හිතුණා...


"හායි..." ඒ ඩූන්....යැයි යැයි තමා උෟ තමා වැඩලා තියෙන්නෙ...


"මොකක්...?"


"හායි කියලයි කිව්වෙ..."


"ඕහ්..ඒක දන්නවා...හිතුව ද මම ඒකවත් දන්නෙ නෑ කියලා...ඔයා මොකද ආයෙත් මගෙ ගෙදරට ආවෙ...?"


"මගේ ජොබ් එක කරන්න.."


"ඇත්තට...? මොන වගේ ජොබ් එකක් ද ඒ...?"


"දුව..? කවුද ඇවිත් තියෙන්නෙ...ඇතුළට එන්න කියන්න..." තාත්තාගෙ කටහඬ ඇහුණෙ...


"දැක්කා නේද..? අමුත්තෙකුට මෙහෙම සලකන එක හරි මදි නේද...?"


"ඔයා මට කියලා දෙන්න එන්න එපා අමුත්තන්ට සලකන හැටි ගැන...මටත් සැලකුවෙ මේ විදිහටනෙ.." කියපු මම දොර ඇරියා...


එයා මාව ගණනකට නොගෙන ඇතුළට ගියේ හරියට එයාගෙම ගෙදරට ආවා වගේ...පුහ්...ඒකත් යස වැඩේ තමා...


"ඉන්නවා ඔහොම පොඩ්ඩක්..................." කියපු මම ඇතුළට යද්දි මේකා තාත්තා ළඟ දණක් නමක් හිටියෙ...


"ඔය මොකද...?" මම ඇහුවා...


මන් දිහා බලපු එයා නැඟිට ගත්තා...


"මේ ඉන්නෙ ඩෙඩුනෝලි තුමන්..." තාත්තා කිව්වා...හැබැයි සතුටකින් හිටියා කියලා පෙනුනෙ නෑ...


"ඩෙඩුනෝලි...? අහ්...අහලා පුරුදුයි නෙ..." මම තාත්තා දිහා බලන් කිව්වා...මට හොඳ මතකයක් තිබුණා ඒක අහලා තිබුණු බවක්...


"නෑහී තියෙන්න විදිහකුත් නෑ..ඩෙඩුනෝලි හුඟක් ප්‍රසිද්ධ කෙනෙක්...ශිල්ප ඔක්කොම වගේ පුළුවන්..." ඒක අගය කිරීමක් කියන්නත් අමාරුයි..ඒත් තාත්තා ඒම කිව්වා...ඒත් මූ මට කීවේ වෙන නමක්නෙ...ඒක ෂෝට් නේම් එක ද...


"ස්තූතියි හෝරස් උතුමාණනි..මම අග්නගන්‍යාව හමුවෙන්නයි ආවේ..." 


"ඔයා කොහොම ද අග්නගන්‍යාව දන්නේ.." තාත්තා ඇහුවා...


"අපි මීට කලින් හම්බෙලා තියෙනවා..." කියපු එයා මන් දිහා බැලුවා..මම ගස්සලා අහක බලාගත්තා...


"ඒ කවදද ගන්‍යා...?" තාත්තා ඒක ඇහුවෙ මගෙන්....පත්තු වුණා...මට තමයි ඔය මරාලෙ කඩා වැටෙන්න යන්නෙ...ඒකත් සුමුදු සුමට වොයිස් එකක් නෙවේ...


"මට එයාව හම්බුණේ එයා තානා ගැන හොයන්න අපේ ගෙදර ආවානෙ...තව ක්ලවුඩියා ගැනත් විස්තර මගෙන් ඇහුවනේ..." මම කෙලින්ම කිව්වා...ආය මේ වට වක්‍ර වෙන්න ගිහින් මම කාගන්නෙ මොකද මාවම....


"ක්ලවුඩියා....?" තාත්තාට තානා ගැන නෙවේ ක්ලවු ගැනයි මීටරේට වැටුණේ...


"හරි ඔයාලා කතා කරගන්නකො..." කියපු තාත්තා එතනින් ගියා...එයා ගෙදර ම ඉන්නවා කියලා මම දන්න නිසා බය දැනුනත් පෙන්නුවෙ නෑ...


"ගන්‍යා ඔයා කෘෘගෙ ගෙදර ගියා ද අද...?"


"ආ...?....." බලාපොරොත්තු වුනේ නැති ඒ ප්‍රශ්නය හින්දා මාව ටිකක් විතර කලබල වෙන්න ඇති..


"මට ආරංචියක් ආවා...දැනගන්නයි ඇහුවෙ..."


"නෑ...." මම උත්තර දුන්නා.. "මම කෘෘගෙ ගෙදර යන්නෙ මොකට ද..? මම ගියෙ නෑ..." මම එහෙම කිව්වේ කෘෘ තමන්ගෙ ගෙදරට මාව ඇතුල් කරගත්තා කීවොත් එයාට ප්‍රශ්න වෙනවා කියලා දන්න නිසාමයි...මම දන්නෙ නෑ මටත් වඩා මම යාළුවන් ගැන හිතන්නෙ ඇයි කියලා...අනික යාළුවොත් නෙවේ...මගේ ම හතුරො...


"අනික ඔයාට මොකට ද ඒකෙන්...?" මන් දිහා බලන් ඉන්න ඩූන්ට මම කිව්වා...


"මට නං ප්‍රශ්නයක් නැහැ...ආරංචියේ ඇත්ත නැත්ත දැනගන්නයි ඇහුවෙ..."


"හරියට නිකන් චීත්තයක් වගේ තමයි.." මම මිමිණුවා...


"මොකද්ද...?"


"නෑහ් මුකුත් නෑ...ආවෙ ඇයි කියනව ද...?" බොරු හිනාවක් මවා ගෙන මම කතා කරේ....


"මේක දෙන්න..." ජැකට් එක අස්සෙන් මොකද්ද ගත්තු එයා මට ඒක දුන්නා...ඒක පොතක්...මම ඒක බය නැතුව අතට ගත්තෙ එයාට ඒ පොත ඇල්ලුවට මුකුත් වුනේ එහෙම නෑනේ...ඒ හින්දා...


"මොකද්ද මේ..?" පොත එහෙට මෙහෙට පෙරලලා මම එයා දිහා බැලුවා...


"පොතක්.."


"හිතුව ද ඒකවත් පේන්නෑ කියලා..?.."


"හිතුවෙ නෑ...ඒත් දැන් දන්නවා..."


"මොකද්ද..." කියපු මම පොතෙන් ම එයාට දමලා ගැහුවා...


"ඒහ්..." කියපු එයා ඒක වැටෙන්න නොදී අල්ලගත්තා... "පොත් විසික් කරන්න ඉගැන්නුවෙ කවුද...?" එහෙම අහද්දි නං ලැජ්ජත් වගේ...පොත් විසික් කරන්නෙ නරක ළමයිලුනේ...මන් හුද ළමේක්නෙ..


"මෙහෙ දෙනවා ඕක..." කියපු මම ඒක ඇදලා අරන් "කොහොම ද මේක අරින්නෙ..." කියලා ඇහුවා...


"හිතලා බලන්න..."


"මොකක්ද..?"


"මොළේ තියේනම් හිතලා බලන්න කියලයි කිව්වෙ.." 


"ඕහ්...හරි..." මම කිව්වෙ කොණ්ඩෙත් මොඩ් එකට පැත්තකට දාගන්න ගමන්...


"ඔයා මට කියනව ද තානා දැන් කොහෙද ඉන්නෙ කියලා..."


"ඒක මොකට ද ඔයාට...?" ඇස් කරකවලා මම ඇහුවා...


"නැහැ නිකන්...ඔයා තානාට බ්ලඩ් දුන්නනෙ...එදා මොකද වුණේ ඇත්තටම...?" ඩූන් සාමාන්‍ය විදිහට අහනවා...ඒත් මට ඇල්ලුවෙ නෑ...මට ඕකව කොහොමත් අල්ලන්නෑ...


"ඔයා මොකද මගෙන් ඔච්චර ප්‍රශ්න අහන්නෙ...?" මම සැකෙන් ඇහුවා..


"අපි යාළුවො වෙමු ද අහන්න..." 


"කොහෙත්ම ඕනෙ නෑ...මේ විදිහ හොඳයි..." මම එයාට ගැලපෙන තාලෙටම උත්තර දුන්නා...මොකක් හරි යටි කූට්ටු වැඩක් ඩූන්ගෙ මොළේ වැඩ කරනවා කියලා තේරුන් ගන්න ඕනි මෝඩයෙකුට පුළුවන්...හුහ්...හිතේ නං හෙන මොළේ කියලා...මැටි ද කොහෙද ඇතුළෙ...කයිවාරුව විතරයි..


"ඒකටමත් නෙවේ මන් ආවෙ...."


"කියන දෙයක් ඉක්මනට කියලා ගියොත් හොඳයි..." කියන ගමන් මම සෙටියෙන් ඉදගත්තෙ කකුලක් පිට කකුලක් දාගෙන...අර පොත පැත්තකින් තිබ්බෙ ඒක වැඩිය ගණන් ගන්නෑ වගේ පෙන්නන්න...ඒත් මට බලන්නමයි හිතුනෙ ඒක ඇරගෙන...ඒ වුනාට ඒක උගුලක් නම්...???


ඩූන්ට මන් වාඩිවෙන්න සංඥා කරත් එයා ඉදගත්තෙ නෑ...මට මොකූ...ලොකු සීන්...හිටගෙන ඉදලා කකුල් දෙක ගැලවිලාම පලයන් පුළුවන්නං....


"විශේෂ දේකට නෙවෙයි...ඔයා කේව් එකෙන් යන දවසෙ මොකක් හරි දෙයක් සිද්ධ වුණා ද..? මං අහන්නෙ සුවිශේෂී දෙයක්...?"


"ආ.........නෑ...ඇයි ඒකෙ වෙනසක් වෙලා ද..?"


"නෑ...ඒ කේව් එක සදහටම වැහිලා ගිහින්.."


"මොකක්..? මොකක් කියල ද කිව්වේ..?"


"ඔයාට ඇහුණනෙ.."


"ඔව් ඒ වුනත්...ඔයා කොහොම ද එළියට ආවෙ..."


"අමතක වීමේ ලෙඩක් ද..?"


"මොකද්ද...?"


"දන්නෙ නැද්ද වැම්පයර්ස්ලට අතුරුදහන් වෙන්න පුළුවන් කියලා..."


"අහ්...අ...ඔව් හරි ඉතින්...එහෙනං සදහටම වැහිලා ගියා කිව්වෙ...හරියට නිකන් ආයෙ යන්න බෑ වගේනෙ.."


"හැමෝම එළියට ආවත් ආයෙ ඇතුළට යන්න බෑ...ඔයා මොකක් හරි කරානම් කරුණාකරලා ඒක අයින් කර ගන්න...නැත්තන් මන් හෝරස් උතුමාණන්ට පැමිණිලි කරනවා..."


"ඕහ්...හරි ෂෝක් විහිලුව...ඔයා හිතුව ද මට පිස්සු කියලා...ඔය වගේ ගොන් පාට කේව් එකක් වහලා දාන්න..පුහ්...ඒකෙන් මන් ලබන සතුට මොකද්ද....අං එනව ද මන්දා ඔයාට...ආහ්...සමාවෙන්න ඩෙඩුනෝලි තුමන්ට..." මම නෝන්ඩියට වගේ කියන් ගියා...


"ඔයාට පේන්නෙ ඒක විහිළුවක් වගේ ද..? ඉස්සර නගරෙ තිබුනු ප්‍රධානම තැනක් ඒක...දැන් පාළුවට ගිහින් තිබුනට..."


"ඒ වගේ තැනක මාව තියන්න කලින් ඔයාට තව පාරක් හිතන්න තිබුනා නේද...?"


"මොකද්ද...?"


"ඔව්...මං කියන්නෙ ඔයා කරපු ඒ මෝඩ වැඩේ අග්‍ර ඵලය තමයි දැන් පේන්නෙ...ප්ලීස් මට නිදහසේ ඉන්න දීලා දැන් ම යනව ද..? මට තව වැඩ තියෙනවා..."


මාව කන්න වගේ මන් දිහා බලන් ඉදපු එයා නැඟිට්ටා...


"හෝව් පොඩ්ඩක් ඉන්න...ඔයා කිව්වා නේද අපේ හතුරෙක් කියලා...? ඉතින් අපේ තාත්තා එතකොට ඔයාව ඇතුළට ගත්තෙ මොකද...?"


"එයාගෙන්ම අහගන්න එකයි ඇත්තේ.."


"අ...අහ් පුළුවන් මට..." මම කියාගත්තා...


ඩූන් යද්දිත් සාලෙ මැදින් මම එයාට කතා කරා...


"එක්ස්කියුස් මී ඩූන්..."


"කියන්න..." දොර හැඩලයට අත තියන් එයා ඇහුවා...


"ඔයා දන්නව ද වැම්පයර්වරුන්ට කන් ඇහෙන ප්‍රමාණය මිනිසුන්ට වඩා වැඩියි කියලා..?"


"මට වැම්පයර්ස්ලා ගැන උගන්වන්න ද හදන්නෙ..." කියපු එයා දොරත් ඇරන් එීයට අඩිය තිබ්බා...


"ඉන්න ඉන්න...ටිකක් ඉන්න....නෑ එහෙම දෙයක් නෙවේ...උගන්වන්න නෙවේ...අපි කතා කරපුවා තාත්තාට ඇහෙන්න ඇති..නේද..?"


"ඇහුනත් එකයි නැතත් එකයි...මට මොකද..." කියපු එයා මාව තඹ සතේකට මායිම් නොකර පාර දිගේ ඇවිදන් ගිහින් අතුරුදහන් වුණා...මම ගෙට පැනලා දොර වහගත්තා...


"මේ යකා වසංගතයක් වුණානේ..." කියපු මම තාත්තා ළඟට යන්න හදද්දිම තාත්තා ආවා...


"එයා මොනව ද කිව්වේ..."


"අනේ...ඔයාට ඇහෙන්න ඇතිනෙ..."


"එහෙම ද මන් ගැන හිතන්නෙ කෙල්ල ආ...?" කියන ගමන් තාත්තා මට ඇබ දෙකක් පෙන්නුවා..


"ඔයා ඒවත් ගත්ත ද..? ඕවා පසාරු කරන් ඇහෙන්නෙ නැද්ද...?"


"කොහෙත්ම නෑ...ඔයාටත් ඕනෙ ද..?" 


"තෑන්ක් යූ සුදු ඩැඩෝ...මට නං එපා..." මම හිනාවෙවී කිව්වා...ආයෙත් කවුද දොරට තට්ටු කරා...


"අර්ර්ර්...අර යකා තමයි..." කියපු මම හැඩලෙට අත තිබ්බා... "ඔහේට ඇත්තටම අපේ ගෙදර එනවා තියා වෙන වැඩක් නැද්ද...එනවා එනවා යකෝ මේකෙ සීමාවක් නෑනේ...වෙලාවක් කලාවක් නෑ..............."


"ගන්‍යා මොකද...?" මම ඔලුව හොලවලා බැලුවෙ ඒ කටහඬ හින්දා...හම්මට...කිරි ටොෆි...ආනා ඇවිත්...


"මොකද වුනේ...?" ඒ තාත්තා..


"ආනා ඇවිත්...තාත්තා ගෙදර..." 


"අම්...කමක් නෑ...මම ඔයාගෙ තාත්තාව හම්බවෙන්නයි ආවෙ..."


"ඒ මොකටද...?" මම ඇහුවෙ කුතුහලයෙන්..


"පොඩි විස්තරයක් කියන්න තියෙනවා..."


"ඇතුළට එන්න...හැබැයි ආනා මම ඉන්නෙ ඔයත් එක්ක තරහෙන්...හවස ගියාට..."


"අයිම් සෝ සොරි ඩාලින්...ඒත් ප්‍රොමිස් නං ප්‍රොමිස්...කඩ කිරීම් නෑනේ..අද අපි එකට රෑ සවාරි යමු...කතා වුණා වගේම.."


"මගෙ නං වැඩි කැමැත්තක් නෑ...ඒත් කමක් නෑ...හැබැයි අද නෙවේ...හෙට දවල් ඔයා නිදාගත්තම ආරක්ෂාව දානවා...ඊට පස්සෙ පුළුවන්..." තාත්තා කිව්වා...මම හිතුවෙ ආනා ආව එකටත් එයා ලෙඩේ අදියි කියලා...හැබැයි ඉතින් ආනා ගියාම ඒකත් මගෙ පිටම වැටෙයි...


"ම්ම්ම්...කමක් නෑ...උතුමාණන්ගේ කැමැත්තක්...මට ඔබ සමඟ කතා කරනන් පුළුවන් ද...කරුණාකර.."


"අනිවාරෙන්ම එන්න...කවුරු ආවත් දොර අරින්න එපා ගන්‍යා..." කියපු තාත්තා එක්ක ආනා ඇතුළට ගියා...ආනා යන ගමන් මගෙ අත අල්ලලා මට හිනාවක් දාලායි ගියේ...මට හිතුණා ඒ කතාව අහගන්න...නරක වැඩක් වුනත්..


ඒ වුනාට ඉතිම් මම් ඒම කලේ නෑ...ආනා එනකන්ම කකුල් වන වන මගේ ඈත තිබුනු කාමරේ මිනී පෙට්ටියට වෙලා නිදාගත්තා...තාත්තා මට ඇහැරෙව්වෙ කෑමට...


"කෝ ආනා..?"


"එයා ගිහින් හුඟක් වෙලා...මම ඔයාගෙන් අහන්න හිටිය දේවල් සේරම අමතක වුණා.."


"ඒ මොනව ද තාත්තෙ.." ඇස් පිහදපු මම බ්ලඩ් ජෝගුව අතට ගත්තා...


"ක්ලවුඩියා ගැන ඩෙඩුනෝලි ඔයාගෙන් ප්‍රශ්න කරා ද..?"


"ඔව්...ගුහාවකට එක්ක ගිහින්..."


"එහෙනන් එයාලා එන්නෙ එහෙම ද..?"


"ඒ කිව්වේ...?"


"නැහැ මට තේරුණා ඔයාගෙ ලොකු තාත්තලා මාමලා නටන නාඩගම...! ක්ලවු කියන්නෙ ඔයා කියලා ඔප්පු කරන්නයි එයාලා හදන්නෙ..."


"ඒකෙන් මොකද වෙන්නෙ...?"


"මුන් ඔයාව මරයි..." මට හික් ගෑවුණා...





_____________________________________________________________________________


😌කවුතේ....



මම,

Sinaa✨



🚫❌කතෘ අවසරයකින් තොරව කතාව කොටස් වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් උපුටා ගැනීම සපුරා තහනම්🚫❌

Report Page