The Vampire Love Story
BLANK❄
Previous Episode:- https://telegra.ph/The-Vampire-Love-Story-06-17
14th Episode
මගෙ ඉස්සරහින් එකපාරම මතු වුනේ පිතෘතුමා...සන්තෝසයී....සන්තෝසයී...
"තාත්තේ...? ඇයි මේ හදිසියේම...?"
"මෙහෙ එනවා..." මාව එකපාරම ඇදගත්තු තාත්තා ගෙදරට ආවා...මාව සෙටියට තල්ලු කරලා දාලා තාත්තා ඉස්සරහින් හිටගත්තා..
"ඔයාට මොනවා වෙලා ද...?"
"ඇ...ඇයි තාත්තෙ..." මම බය වෙලා හිටියෙ අම්බානකට එවලෙ නං...කලින් කියලා තියෙනවා වගේම තාත්තගෙ යකා පිපිරුනොත් සොරි ඩොට් කොම් තමයි ඉතින්....
තාත්තා එක දිගට මන් දිහා බලන් හිටියෙ මාව වමාර වමාර කන්න වගේ...මගෙ ඇසුත් ලොකුවෙලා බයටම...මේ වෙස් මාරු කරගත්ත එකෙක් නං නෙවේ කියන්න මට සීයට දෙසීයක් ෂුවර්...
"තා....ත්.........තේ....බය නොකර කියන්නකො...මොකද්ද ප්‍රශ්නෙ...?"
"ඔයාව කවුද කිඩ්නැප් කරේ...?"
"ආහ්....?"
"ඔයාට මොකද්ද වුනේ කියනවා..." පුටුවටත් පයින් ගහගෙන....ඒකත් පෙරලගෙන....මන් ළඟට ඇවිත් මාව අතින් ඇද්ද තාත්තා එහෙම ඇහුවෙ ඒ උල් දත් දෙකෙන් මාව තවත් බය කරලා...
මට එතකොටයි මතක් වුණේ...කෘෘෆ් කරපු වැඩෙන් පස්සෙ මට තාත්තාව මීට් වුණේ නෑ කියලා...මෙහෙ ඉද්දි වෙලාව නිර්ණය කරන්න හරියටම අමාරුයි...එදිනෙදා වැඩ කටයුතු එක්ක තමයි අපි ඒක හිතාගන්නෙ...රෑ...උදේ...කියන දෙක තමයි අපිට විශේෂ..
"ගන්‍යා...මගෙ යකා අවුස්සගන්න එපා..මම ඩ්‍රැකියුලට වඩා දරුණුයි.." තාත්තා කෑ ගහද්දි මන් කන් දෙක වහගත්තා..
"අනේ තාත්තා තරහා ගන්න එපා..." මන් අඬාගන කෑ ගැහුවා...මට දුකයි...මට බනිද්දි කවුරු හරි...නිකන් බනිද්දි...වැරැද්දකට නං අවුලක් නෑ...
"මන් බිසී කියලා ඔයා දන්නවා නේද...? කෝ...? ගෙදර හිටියෙ නෑ..! හැමතැනම ඔයාව හොයන්න මට බෑ...මම මුළු දවසම කරන්නෙ මගෙ රාජකාරි බලන එක..." ටිකක් තරහා අඩුවුනත් එයා තරහින්ම කිව්වා...
"සමාවෙන්න තාත්තා...මට අමතක වුණා...ඒක එක දිගට සිද්ධ වුණේ..."
"මට තේරුණා...හොඳටම..මම ඔයාව කාමරේට දාලා වැහුවෙ ආරක්ෂාවට...ඔයා ගිහින්.." තාත්තාගෙ වචනවලින් තේරුනේ විශ්වාසෙ කඩවුණා වගේ දෙයක්...මන් කඳුළු පුරවන් එයා දිහා බැලුවා...
"එදා.................................." මට කියන්න ලැබුනෙ නෑ කිසි දෙයක්....තාත්තා අතක් උස්සලා නැවැත්තුවා කියන් ගියපු එක...
"මම හැමදේම දැනගෙනයි ආවෙ...මට කිසි දේකින් දැන් වැඩක් නෑ...ඔයා මට අගෞරව කරා...!"
"අනේහ්...තාත්තේ සමාවෙන්න...මට මොකක් හරි වෙලා...නැඟිටිද්දි මන් අමුතු තැනක හිටියෙ...පස්සෙ මන් එතනින් බේරුණා...මගෙන් බ්ලඩ්.........................."
"එහෙනං ඔයා මාව පාවලා දුන්න ද...?"
"නෑ...නෑ තාත්තා...මම බ්ලඩ් දුන්නෑ..." මම එහෙම කිව්වා...මොකද ඒක ගැන පැහැදිලි කරන්න ගියොත් විනාසයි...
"එතකොට තානාට වුනු දේ ගැන මොකද කියන්නෙ...?"
"මේකයි...තානාට වෙන මොකක් හරි වෙන්න ඇති..."
තාත්තා මන් දිහා බලන් ඉදලා පුටුවෙන් ඉදගත්තා...
"ඒකත් එහෙම ද..? මට ආරංචි වුණේ ඔයා බ්ලඩ් දුන්නා කියලා...තානා ඒකෙන් ශක්තිමත් වෙන්න අරන් කියලා..."
"එයාට එහෙම වෙන්න අරන් ද..?" එකපාරම තාත්තා ඉස්සරහට පැනපු මන් ඇහුවා..
"වෙන්න අරන් ද..? ඒ කියන්නෙ ලේ දුන්න ද..?"
"නැහැ..නැහැ ඇත්තටම මේකයි වුනේ...." කියපු මම මුල සිට අගට පැහැදිලි භාෂාවෙන් විස්තර කරා...
තාත්තා ඔලුව වැනුවා විතරයි...මමත් මුකුත් කීවේ නෑ එතනින් එහාට...
"තානා ශක්තිමත් වෙන්න අරන් නෑ...එයා දුර්වල වෙන්න අරන් තියෙන්නෙ..."
"ඕහ්...මන් බය වුණා..."
"තානා ඔයාගෙ කලින් යාළුවෙක් නේද..? ඒ වගේම පසන්..? අනිත් කෙනා කවුද..? කෘෘ ද...?"
මාව කම්පියුස් අපේ තාත්තා එහෙම අහද්දි...මට එක දෙයක් තේරුම් ගන්න පුළුවන් වුණා...ඒ තමයි මම හිතනවට වඩා තාත්තා මන් ගැන හොයනවා කියලා...මන් ගැන වගේ ම මම කරන නොකරන ආශ්‍රය කරන හැමෝවම එයා දන්නවා වගේ හැඟීමක් මට ආවෙ...
"ඔ.....යා.....කො...හො....ම..ද......ද...න්...නේ...?"
"ඔයා හිතන් ඉන්නෙ මන් කවුරු කියල ද දෝණි...?"
"අහ්...ම...න්....................."
"අමතක කරන්න එපා...මමත් මේ රට පාලනය කරන කෙනෙක්...මට ඕනෙම දෙයක් ඉක්මනින් හොයාගන්න පුළුවන්..."
"එතකොට ඔයා දන්නව ද අනික ගැනත්..?" මම කුතුහලයෙන් ඇහුවෙ...
"අනික කිව්වේ මොකක් ගැන ද....?"
"අහ්...නෑ...අර ක්ලවුඩියාගෙ ප්‍රශ්නෙ..?" ඩූන්ගෙ සිද්ධිය කියන්න මගෙ කැමැත්තක් තිබුනෙ නෑ...තාත්තා ඇහුවොත් කියනවා කියලා හිතා ගත්තා ඒ නිසා...
"ක්ලවුඩියා....? ඔයා කොහොම ද එයා ගැන දන්නෙ..?" නිහඬව ඉඳපු තාත්තා ඇහුවා...
"ඇත්තටම මට දැනගන්න ඕනෙ එයා කවුද කියලා..."
"ඇයි ඒ...?"
"මොකද ගොඩක් වැම්පයර්ස්ලා කියනවා ඒ මම කියලා..."
"අපොයි ගන්‍යා...ඔහොම මෝඩ වෙන්න එපා...කවදාවත් ඒක නං ඇත්තක් නෙවේ..."
"ගොඩක් අය කියද්දි මම කොහොම ද ඇහුන්නෑ වගේ ඉන්නෙ...? මම දැනගත්තට ප්‍රශ්නයක් නෑනේ...ඒ මම නොවුනත්..."
"ඔයාට එකපාරම මොකක් වුනා ද..? පොඩ්ඩක් ඉන්න...ඔයා ටිකක් වෙනස් වෙලා..." ඇස් පුංචි කරන් තාත්තා මන් ද්‍රහා බැලුවා...මට බය හිතුනා...මගෙ මූණට මොකක් හරි වෙලා ද...ආනාත් මාව අතඇරලා දිව්වෙ ඒ බයට නේද..
"ඇස් මේ විදිහට වුනේ කවද්ද..?"
"ඇ...ඇයි මොකද්ද..මොකද වෙලා තියෙන්නෙ..?"
"ඔයාගෙ අමුත්තක් දැනෙනවා මට.."
"තාත්තේ...මට මොකද වෙලා තියෙන්නෙ...කෙලින් කියන්න..."
"ඔයාගෙ ස්වරූපෙ වෙනස් වෙලා..."
"එතකොට වැම්පයර්ස්ලා මාව අඳුරගන්නෙ...?"
"නැහැ ඒ තරන් නෙවේ...ඒත් ළඟට බලද්දි...ඒක හොඳට පේනවා...ඔයාට කවුරු හරි ආවේශ වෙලා ද...?"
"මො...මොකක්ද...?"
"මන් ඒක හොයාගන්න ඕනෙ...ඔයා වෙනස් වෙලා..."
"තාත්තේ මට තව කෙනෙක් කිව්වා!"
"කවුද...?"
"ආනා...."
"කාව වුනත් වැඩිය ළඟින් ආශ්‍රය කරන්න එපා...මම හෙට ඔයාට ආරක්ෂාවක් දානවා....එතකන් පරිස්සම් වෙන්න...ඔයාට මොකක් හරි වෙමින් තියෙන්නෙ.."
"තාත්තෙ මොනා හරි කරන්න...මට බයයි..."
"නෑ මුකුත් වෙන්නෙ නෑ...ඒත් ඒක හරිම අමුතු සිද්ධියක්..."
"ස්තූතියි තාත්තා මන් ළඟින් ඉන්න...ප්ලීස් මාව දාලා යන්න එපා...මේ කතා කරන්නෙ මන්...මට ළඟදි ඉදලා මොකද්ද වෙනවා..මට ඒක ෆීල් වුණා..."
"මොන වගේ දෙයක් ද...?"
"ඒක මට හරියටම කියන්න අමාරුයි...මට ක්ලවුඩියා ඉන්න විකාර දේවල් පේනවා.."
"ඔයා එයාව දැකලා තියෙයි ද..?"
"හීනෙන් වගේ පෙනුන රූපෙකින්...හරිම ලස්සනයි...ක්ලවුඩියා ගැන මම දන්නෑ බිදක්වත්..ඒකයි ඔයාගෙන් ඇහුවෙ..."
"එයා හුඟක් ප්‍රසිද්ධ කෙනෙක්...ඔයාගෙ හිතේ සැකය නැති කරන්නයි මන් මේ කියන්නෙ...කිසිම වෙලාවක හිතන්න එපා ඔයා ක්ලවුඩියා කියලා...ඒ ඔයා නෙවෙයි...ඒ පිටින් දාලා ඔයාව මරන්නයි යන්නෙ...ඒත් මන් පිළිගන්නවා ඔයා අනිත් අයට වඩා වෙනස්..." කියපු තාත්තා ගෙට යන්න හැරුණෙ..
"ඒ කිව්වේ...මොකක් හරි දෙයක් හැංගිලා වගේ ද...?" තාත්තා ආයෙත් මගෙ මූණ දිහාට හැරුණා...
"ඔව් සමහරවිට ඒ වගේ..."
"මට මේ කිසිම දෙයක් තේරෙන්නෙ නෑ තාත්තේ..අනේ මාව මේවගෙන් නිදහස් කරන්න...මගෙ ඔලුවට බර වැඩියි මේ දේවල්....දැන් ඔයාගෙ මාළිගාවෙ ප්‍රශ්න කොහොම ද...?"
"වරදක් නෑ..."
"ඔයාගෙ බ්‍රදර්ස්ලා..?"
"දැන් ක්ලවුඩියා ගැන හොයන එක ට්‍රෙන්ඩ් එකක් වෙලා...එයාලත් ඒ ගැන හොයනවා....ඒත්....ක්ලවුඩියා කිසිම විශේෂ කෙනෙක් නෙවේ...එයා ලස්සනයි...පෝසත්...ඒකයි කැපී පේන්නෙ...එයා අතුරුදන් වුනේ අභිරහස් විදිහට...මැරුණා කියලයි කියන්නෙ..."
"ඔච්චර එක්කෙනෙක් ගැන විතරක් නොදැන ඉන්න හේතුව මොකද්ද...?"
"ක්ලවුඩියා මීට අවුරුදු ගාණකට කලින් ඉදපු කෙනෙක් වෙන්නැති...අනික මේ ප්‍රශ්නෙ ඇවිස්සෙනකන් කවුරු හරි බලන් ඉන්නවා....මම ඒක හොයාගන්නම්.."
"ඔයාට ගොඩක් දේවල් තේරෙනවා..."
"අවුරුදු ගාණක් ජීවත් වෙද්දි එහෙම තමයි...."
"මේ කීවෙනි අවුරුද්ද ද...?"
"හාරසීය තුන.."
"එච්චර කල්....කසාද කීයක් ද...?" මම හිනාවෙවී ඇහුවා...
"තුනක්..." තාත්තාත් හිනාවෙවීම උත්තර දුන්නා... "වැම්පයර් දෙන්නයි....ඔයාගෙ අම්මයි..." එයා ඒකට එකතු කරා..
"එයාලට දුවලා හිටියෙ නැද්ද..? පුතාලා හරි..?"
"අපිට ළමයි හම්බ වෙන එක නිශ්චය කරන්න අමාරුයි...ඔයා දෙවෙනි දුව...පුතාලා නං කවුරුත් නෑ..."
"දෙවෙනි දුව...?"
"ජෙලස් වගේ ද..?"
"අනේ නෑ තාත්තා..ඒත් කෝ දැන් එයා..?"
"මැරිලා.."
"ඕහ්...සොරි..." මිනිත්තු කීපයක් යනකන් තිබුනෙ නිහඬතාවයක්...
"එතකොට ප්‍රශ්න ආවෙ නැද්ද රජකමට..?" මම ඇහුවා...
"නැහැ අම්මලා ජීවත්ව හිටිය නිසා...ටික කාලෙකට කලින් එයා අමරණීයත්වයෙන් නෙරපුවා.."
"දෙවියනේ..? ඒ මොන අපරාධයක් ද..? තමන්ගෙ රැජිණට එහෙම කරේ කව්ද..?"
"මම...." කෙටියෙන් නමුත් සතුට මිශ්‍රිතව පිළිතුරු දුන්නු තාත්තා මන් දිහා බලලා හිනා වුණා...මට කියන්න ගියපු එකත් ගිලුණා...
"ඒ මොකද...?" මම ඇහුවා...කටහඬ වෙව්ලන්න ඇති...
"වරදට දඬුවම් දෙන්න ඕනෙ..."
"ඒත්.................................................."
"එයා නිසයි මගෙ දුවව මට නැති වුණේ.." තාත්තා දුකින් කියද්දි මට ජෙලස් වගේ...මොකද මමත් දුවක් නෙ...වැම්පයර් කෙනෙක් වෙන එකත් හොඳයි එක අතකට...අන්තඃපුරේ වගේ තමයි...
"තාත්තා...?"
"අපි මේ කතාව නවත්තමු..."
"හරි මම ආයෙ අහන්නෑ...සමාවෙන්න හිත රිදුනනම්..කියනවට ඉදගන්නකො...වෙන දේකට.."
"ඒ මොකට ද..?" කියන ගමන් තාත්තා ඉදගත්තා...
"ඔයා කවදා ඉදන් ද මෙච්චර විවෘතව කතා කරන්න ගත්තෙ...හරිම ඕපන්නෙ..."
"ඔයාට දැන් කලින්ට වඩා තේරෙනවා..."
"ඔයා හරිම ෂෝයි..." මම කිව්වම තාත්තා හිනාවුණා...
"මෙච්චර අවුරුදු ගාණක් ඉදලත් ඔයා ක්ලවුඩියා ගැන කිසි දෙයක් දන්නැද්ද...?" මම ඇහුවා..
"ආයෙ අහන්න එපා..එයා ගැන හොයන්නත් එපා...කාලය නාස්ති කිරීමක් විතරයි..."
"හොඳයි එහෙනන්...අම්මට කොහොම ද..?"
"එයා හොඳින්..."
"මම එයාව මතක් කරා කියන්න..."
"අනිවාරෙන්ම...." ඔහොම කතා කරද්දි කවුරු හරි දොරට තට්ටු කරා...
"කවුද.." කියලා තාත්තා යන්න හදද්දිම මන් නැඟිට්ටා..
"මන් බලන්නං...ඔයාට මහන්සි ඇතිනෙ..." කියපු මම ගිහින් දොර ඇරියා..
"ඔ...යා........?" මට කියවුණා...
_____________________________________________________________________________
😌කවුතේ....
මම,
🚫❌කතෘ අවසරයකින් තොරව කතාව කොටස් වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් උපුටා ගැනීම සපුරා තහනම්🚫❌