The Vampire Love Story

The Vampire Love Story

BLANK❄
...නපුරු වූත් ආදරණීය වූත් ඔහුගේත් ඇගේත් හමු වීම...

Previous Episode:- https://telegra.ph/The-Vampire-Love-Story-06-15-2


13th Episode



"මමත් ඔය ගැන වැඩි විස්තරයක් දන්නෑ...අපේ අම්මයි තාත්තයි එදා ක්ලවුඩියා ගැන කතා වුනාට පස්සෙ මන් එයා ගැන දැනගත්තෙ...එවලෙ වැඩිය හිතුවෙ නෑ...ඒත් හිතුණ නිසා මන් විස්තර ටිකක් හොයාගත්තා...මමත් ඒ ටික විතරයි දන්නෙ..."


"මොනවා හරි කමක් නෑ ආනා...දන්න ටික කියන්න...මගෙ මොළේ අවුල් වෙලා තියෙන්නෙ දැන්...ඔයා දන්නවනෙ මට ගොඩක් අත්දැකීම් නෑ ඔයාලා වගේ අය එක්ක ඉදලා..."


"ඔව් නේද...? පොත්පත්වත් තිබුනා නං හොයාගන්න තිබුනා..මම කීප දෙනෙක්ගෙන් ඇහුණු කතා එකතු කරලා එයා ගැන දැනගත්තෙ.."


"ක්ලවුඩියා කියන්නෙ මන් කියලලු හුඟක් දෙනා කියන්නෙ..."


"ඔව්...ඔයාව අල්ලගත්තු කෙනා ආයෙ ඔයාව හොයන් එයි...මට ඒක දැනෙනවා..ඒත් බය වෙන්න එපා...හැමදේටම මූණ දෙන්න ඕනෙ හොඳට..."


"හරි ආනා...මට ඩූන් ගැන විස්තරත් හොයාගන්න ඕනෙ.."


"මන් නං කියන්නෙ අපි ක්ලවුඩියා ගැන දැනගමු...මොකද ඔයා පස්සෙ නෙවේ මාළිගාවෙ අය පන්නන්නෙ මට හිතෙන විදිහට...මේ වෙන දේවල් එක්ක මං හිතන්නෙ එයාලා හොයන්නෙ ක්ලවුඩියාව.."


"ඔච්චර තරහක් ඇයි..?"


"මටත් ඒක තේරුම් ගන්න අමාරුයි...ඒත් මාළිගාවෙ අය එක්ක ක්ලවුඩියාට ප්‍රශ්නයක් තිබුනා කියලා මන් අහලා නෑ.."


"අපි ඩූන් ගැනයි..මාළිගාවෙ අයගෙ ඇත්ත පසුබිමයි හැමදේම හොයාගමු..ඊට කලින් මට කියන්න තානා හොඳින් ද...?"


"මට නං තේරෙන්නෑ ඇයි ඔයා තානා ගැන ඔච්චර වද වෙන්නෙ කියලා.." තරහෙන් ආනා කිව්වා..


"මන් දන්නෑ..තානා මොකක් හරි දන්නවා...ඒකයි එයා එහෙම...මාත් එක්ක ඉස්සර එයා කතා කරේ සීරියස්...හැබැයි කෘෘෆ් කියන කතාවලින් එහෙම හිතන්න බෑ..ඒත් මොකක් හරි එයාට වුනා..ඒ අතනට ගියාම මිස ඊට කලින් නෙවේ...."


"අර පරණ මන්දිරේට ද..?"


"ඔව්..."


"හ්ම්..ඔයාට හිතුනු එක මටත් හිතුණා..." 


"අපි බලමු..." කියපු මන් නිහඬ වුණා..


"ඒක අමතක කරන්න..." කියපු ආනා ඇවිත් මගෙ කරට අත දාගත්තා...මන් හිනා වුනා..


"මට ක්ලවුඩියා ගැන ඔයා දන්න ටික කියන්නකො.."


"ම්ම්...එහෙම ගොඩක් දන්නෑ...එයාගෙ අම්මයි තාත්තායි මුලින් ම මැරිලා තියෙනවා..ක්ලවුඩියාට කියන්නෙ ක්ලවු කියලලු.."


"ක්ලවු...??" මාව ගැස්සුණා...මන් අර දැක්කෙ...නෑ නෑ...වෙන්න බෑ..ඒක හිතේ මවාගත්තු එකක්...


"ඒහ්..." ආනා මගෙ ඉස්සරහින් අසුරක් ගැහුවා..


මම කලබලෙන් එයා දිහා බැලුවා...


"කොහෙද ගියේ...?"


"නැහ්..නිකන්..මට දෙයක් මතක් වුණා.."


"ඒ මොකද්ද...?"


"ක්ලවු කියලා යාළුවෙක් හිටියා මට...ඒකයි..."


"ආහ්...වැම්පයර් ද...?"


"ආපෝ නෑ...එයා කලින් ස්කෝලෙ.." ඇති එකෙකුත් නෑ එහෙම...මම ඉතින් බොරුවක් කිව්වා...ගැම්මක් තමයි ඉතිම්...ඕවා හුරුයි..මේ සූටි මට..


"ආ...හරි හරි...ක්ලවුගෙ අම්මව මරලා කියලයි හැමෝම කියන්නෙ...කවුද තව පවුලකින්ලු ඒක කරේ..ක්ලවු කියන්නෙ ඒ කාලෙ හොඳ පෝසත් පවුලක දුවෙක්ලු..එයාගෙ තාත්තා ගැන මම කිසි දෙයක් දන්නෑ...අපිට ඒවා හොයාගන්නයි වෙන්නෙ..."


"අම්මව මරලා තියෙන්නෙ ඇයි..."


"ඒකටත් හේතුවක් ඇති...මම දන්නෑ...හොයාගන්න වෙනවා..."


"ඉතින් කියන් යන්නකො..."


"ක්ලවු කියන කෙල්ල ඒකට පලිගැනීමක් කරන්න කවුද මැරුව අයගෙන් පලිගත්තලු....බ්ලේසෙ කියන එයාගෙ ටීචර්වත් මරලා දාලා..."


"බ්ලේසෙ කියල ද ඔයා කිව්වෙ..." ආයෙත් ගැස්සුණු මන් ඇහුවා...


"ඇයි...?" එයා සැකෙන් බැලුවෙ... "ඔයාගෙ ස්කොලෙ යාළුවෙක් ද...?"


"අහ්...අ...නෑ...අහලා පුරුදුයි..." ආනාට සැක නං හිතුන ද මන්දා...ඔහෙ කමක් නෑ...හිකිස්...


"හ්ම්ම්...කොහොම හරි එක දවසක ක්ලවුඩියා අතුරුදන් වෙලා තියෙනවා...ඒ ගැන කවුරුත් තාම හරි විස්තරයක් දන්නෑ.."


"එයා ආයෙත් ඇවිල්ලා ද...?"


"නෑ ආයෙ ඇවිත් නෑ...හැබැයි දැන් ඇවිත්...ලූ...."


"හෝහ්...ඒ කියන්නෙ දැන් කට්ටිය ඒ මම කියලා කියන්නෙ මම මෙල්ඩියර්ගෙ දුව නිසා...!"


"ඔව් මන් හිතන්නෙ..."


"ඒක යකාගෙ කතාවක්නෙ බොල...මුන්ව හම ගහන්න ඕනෙ...අර ක්ලවු ද බ්ලවු ද හින්දා මටත් මගෙ ළමා කාලෙ විදින්න නෑ...ඇයි යකෝ..."


"ෂ්...ෂ්...ඔයාගෙ තාත්තාට එහෙම ඕවා කියන්න එපා...අද මන් මෙහෙ ඉන්නං..."


"මෙහෙ...? ඒ මොකටද...?"


"රෑට කෑම හොයන් ඇවිත්...උදේට අපි යමු එක එක අයව හම්බවෙන්න...හම්බවෙලා විස්තර දැනගමු..."


"නිකන් හම්බුනාම එහෙම කියයිද...?"


"වශී කර.............................."


"කතා කරන්න එපා..." කියන ගමන් මන් එතනින් එහාට වුනා...


"ඔයා තවමත් අර නාකි සෙලෙස්ටේ ගැන හිතනවා..."


"එයා හොඳයි ඔයාලා එයාට බැන්නට.."


"දන්න දේ තමයි...සෙලෙස්ටේ ඔයාට සලකන්නෙ ඔයා මෙල්ඩියර්ගෙ දුව හින්දා.."


"මොකක්...?"


"ඔව්...ළමයි ඔයාට සලකන්නෙත් වෙෙර කරන්නෙත් මෙල්ඩියර් හින්දා..."


"ඒ වගේ ම ක්ලවුඩියා මන් කියලා හිතන්නෙත්..."


"ඔව් ඉතින්...අපි හොයාගමු විස්තරේ...ඔයා මොකද ඩූන් ගැන හිතන්නෙ..."


"මොකා වුනා ම මට මොකෝ...?" 


"අමෝ ඔයා මොකද මේ..?" කියපු ආනා හයියෙන් හිනාවෙන්න ගත්තා..


"මොකද...?"


ආනා ඒකටත් හිනාවුනු එකයි කරේ...එයා දිහා රවලා බැලුවට මටත් ඉබේම පොඩි හිනාවක් ගියා...හේ හේ...


"ඒයි ගන්‍යා..."


"ඈ..................."


"ඇත්තටම ඩූන් කියන්නෙ කවුද...?"


"අපිට විරුද්ධයි...එතනින් එහාට මමත් කිසි දෙයක් දන්නෑ..."


"ඒ මිනිහගෙ ඒජ් කොහොමද දන්නෑ.."


"අපිට කී කාලයක් ඉන්න පුලුවන් ද මිනිස්සු නැත්තන්..." මන් කීවෙ ඒකට උත්තරයක් විදිහට...


"තමා තමා..."


"ඒක නෙවේ..ඔයා මොකද හිතන්නෙ මට එහෙ කාලය වේගෙන් යනවා දැනුනු එකට...! අනික මට මගෙ කිසිම පවර් එකක් යූස් කරන්න බැරි වුණා..."


"ඔයාට හිතෙන් නැද්ද ඒකෙ මොකක් හරි දෙයක් හැංගිලා තියෙනවා කියලා.."


"මොන වගේ දෙයක් ද...? අතීතයක් වගේ..." 


ආනා ඇස් කරකවලා මන් දිහා බැලුවා...


"ඔයා මොනව ද මගෙන් හංගන්නෙ...?"


"නෑ එහෙම නෑ..."


"නැත්තෙ කොහෙ ද..?" 


"ඒක වැඩක් නෑ..." මන් කියන්න ගත්තෙ එහාට මෙහාට ඇවිදින ගමන්...


"ඇයි...? තව මොකද වුනේ ඒකෙ...?"


"නෑ එහෙම දෙයක් නෙවෙයි...මොකක් හරි පෙනුනා මට....එවලෙ දැනුනෙත් මහ අමුතු හැඟීමක්..දැන් මතක් වෙද්දි බය හිතෙනවා..." 


"ඇයි...ඇයි මොකද්ද වුනේ...මොකද්ද..." ආනා ඇහුව විදිහට මට තවත් බය හිතුනා...කවුරු වුනත් වැඩිය විශ්වාස කරන්න එපා කියලා අම්මා කියනවා මැවි මැවී පේනවා..ආනා වුනත් එහෙම නේද...? එකපාරටමයි ළං වුනේ...? හේතුවක් නැතුව...?


"ගන්‍යා ඔයා ප්‍රශ්නෙක ද..?"


"නෑහ්...නෑහ් මන් ඒක...ඔයාට පස්සෙ කියන්නම්...ප්ලීස් දැන් අහන්න එපා...මට මහන්සියි..." කියන් ගියපු මම සෙටියෙන් ඉදගෙන ඇස් දෙක පියාගත්තා...


"ගන්‍යා ඔයාට මොනවා හරි වෙලා..? මට ඒක දැනෙනවා.."


මම වේගෙන් නැඟිට්ටා..


"මොනවගේ දෙයක් ද..? මොකද්ද ඔයාට පේන්නෙ..?"


"ඔයා වෙනස් වෙලා.." මගෙ ඇස් දිහා එකදිගට බලන් ආනා මුමුණනවා..


"ඇයි..ඇයි...මට මොකක් වෙලා ද..?" මම බයෙන් ඇහුවෙ මූණත් අල්ලගෙන...


ඔලුව දෙපැත්තට වනපු එයා කෝට් එක වනලා අසුරක් ගහලා එතනින් අතුරුදහන් වුණා..


"ආනා...ආනා..." මගෙ ඔලුවත් කැරකෙනවා වගේ...මම ඔලුවත් අල්ලගෙන සෙටියට හේත්තු වුණා...


"ක්ලවු දුවන්න...දුවන්න..." ඩෙස් උඩින් පැනගෙන දුවන් ආවෙ සෝලෝ කියන ළමයා...ඒක බැලූ බැල්මට ස්කෝලයක් වගේ..


"මොකද වෙලා තියෙන්නෙ..?" කලබලෙන් ක්ලවු හැරිලා බැලුවා...අනිත් ළමයිත් ඒ දිහා බලන්...


"බ්ලේසෙ ගැන දැනගෙන...යන්න..මේක වෙලාව..." සෝලෝ වේගෙන් කියනවා...ක්ලවු සෝලෝ දිහා බැලුවෙ හැඟීමක් නැතුව...


"මම අදහස වෙනස් කරගත්තා.." ක්ලවු කිව්වා...


"මොකක්...?" සෝලෝ ඇහුවා..


"එයාලට මූණ දෙන්න ඕනෙ..මම හැංගිලා පැනලා ගියොත් මිනිස්සු හිතනවා මම පලිය අරන් බේරිලා ගියා..බයගුල්ලෙක් කියලා..මන් අම්මා වගේ වෙන්න ඕනෙ.."


"අම්මා වගේ වෙලා මැරෙන්න ද ඕනෙ.." සෝලෝ තරහෙන් කෑ ගැහුවෙ..


"ක්ලවු යන්න.." එතනට ආපු ළමයෙක් කිව්වා...


"ඕහ් ඔයා මොකද දැන්..." ක්ලවු ඒක නෝන්ඩියට වගේ ඇහුවා විතරයි...එක්වරම ක්ලවුව ඇදගෙන ඈතට දුවන් ගියපු සෝලෝ එයාගෙ මූණ දිහා එක දිගට බලන් හිටියා...ක්ලවුට මොකක් හරි කරා වගේ දැක්කෙ...ඒක හරියටම පැහැදිලි නෑ...


සෝලෝ මොකක් හරි එයාගෙ ඇස් දිහා බලන් කරා...ඒ එක්කම වගේ ක්ලවුව අතුරුදහන් වුණා...සෝලෝත් අතුරුදහන් වුණා...


මාව බිම පතබෑ වුණා...ඔලුව ගිනි අරන් වගේ...


"ආහ්..." කලින් වගේ ම ටිකක් වෙලා එහෙම ඉද්දි ඔලුව රිදිල්ල හරි ගියා...


"මට මේ මොකද වෙන්නෙ...? ක්ලවු...සෝලෝ....." මම තනියම කියාගත්තා..


එතනින් බඩගාගෙන නැඟිටගත්තු මන් කෙලින්ම දොර ඇරන් එළියට ගියා...දොර වහන්නවත් මම නැවතුනේ නෑ...මම දුකින්, තනිකමින් වගේ ඉද්දි මට මේ දේවල් පේනවා කියලා මට හිතුනු හින්දයි මම එහෙම කරේ...


මම දිගටම ඇවිදගෙන ගියා...වැම්පයර්ස්ලා මන් දිහා බැලුවට මට ඒක හිතන්න වෙලාවක් තිබුන්නෑ...මම ආනාගෙ ගෙවලුත් පහු කරන් කෘෘෆ්ගෙ ගෙදරට ගියා...ආනාව හම්බ නොවුනු එකමයි හොඳ...හම්බුනා නං මන් ඒකිගෙ චිතකෙ දල්වනවා...මෙහෙම සැරින් සැරේ මාව එකපාරම අතෑරලා දාලා දුවනවට..


මම දොරට තට්ටු කරේ විලුඹ ළඟට දිග කෝට් එකෙන් ඔලුවෙ ඉදන් වහගෙන...අද දොර ඇරියෙ කෘෘෆ්මයි..


"කවුද...?" 


"මම..." එයාගෙ කටහඬ ඇහුණු ගමන් කෝට් එක පාතට දාපු මම කෘෘෆ් දිහා බලලා හිනා වුණා...එයා හොඳටම පුදුම වුණා...


ඇස් උස්සපු කෘෘෆ් "ඉතින්...හදිසියේ ම...?" කියලා ඇහුවෙ දොරකඩට හේත්තු වෙලා...


"ඕහ්...නිකන්...පුදුම ඇති නේද...මන් ආපු එකට..." කෝට් එකේ සාක්කු දෙකට අත් දෙක ඔබාගෙන මම ඇහුවා..


"පුදුම වෙන්න ඕනෙ නෙ...එනිමි කෙනෙක් කියලා දැන දැනත් එයාගෙම ගෙදරට එනකොට...."


"ආනා එන්නෙ...මන් ආවම මොකද වෙන්නෙ.."


"වෙනසක් තියෙනවා...ආනා මාව හුඟක් කල් ඉදලා දන්නවා...ඒත් ඔයාව හම්බුනේ දවස් පහ හයකට කලින්නෙ.."


"ඕ..ඒ ටිකට අපි ෆිට් වුනානෙ.."


"නෑ.."


"හොඳයි කැමැත්තක් හිතා ගන්නවා..." මම තරහෙන් මිමිණුවා...


"ඉතින්...ඇයි ආවෙ...?" කෘෘෆ් ඇහුවා..


"හ්ම්....මට පොතක් හොයාගන්න තියෙනවා..."


"ඇතුළට එන්න බය නැද්ද...?"


"බය නැති නිසයි ආවෙ...අනික මට අත තියන්නවත් ඔයාලට බෑ...ඔයාටම ඒක තේරුනානේ මගෙන් බ්ලඩ් ගන්න යද්දි..."


"ඕහ්...ඒක ගැන වැඩිය උඩ යන්න එපා...කොහොම වුනත් ඔයාට දොර ඇරෙන්නෙ නෑ මෙහෙ...දැන් යන්න..."


"මට පොතක් ගන්න දෙන්න...ආයෙත් එන්නෙ නෑ..." 


"හොඳයි මොන පොත ද..?"


"ඒක...මට හොයලා බලන්න ඕනෙ..."


"ගන්‍යා...ඔයා මගෙ ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෙවේ...අනික...මම ඔයාව මගෙ ගෙට ගත්තා කියලා වෙන කවුරු හරි දැනගත්තොත් මටත් හොඳක් වෙන්නෑ...ආනාටත් දැන් මගෙ ගෙදර තහනම්...ඔයාට කරදරයක් කරන්න බැරි වුනත් හිර කරලා මරලා දාන්න බැරි කමක් නෑ...ඒ හින්දා...පරිස්සම් වෙනවා අපෙන්...ලොකුකමට පුළුවන් කියලා එහෙ මෙහෙ යන්න ගිහින් අනාගන්න එපා...!" වේගෙන් කියන් ගියපු කෘෘෆ් දොර මූණටම වහලා දැම්මා...


"හාහ්...අපි බලමු එහෙනම්..." කියපු මම ආයෙත් හැරිලා යන්න ගත්තා...


මන් මෙහෙම එහෙ මෙහෙ යන එක භයානකයි කියලත් මම දන්නවා...මොන විසේ තිබුනත් මම කල්පනාවෙන් ඉන්නෙ...ඒත් ඉතින් මුන් මාව පැහැරගන්නෙ අහසින් කඩා වැටිලනෙ..හනේ දෙවියනේ...ඒ හින්දම ටිකක් වේගෙන් මම ඇවිදන් ගියා...




_____________________________________________________________________________


😁අනාගතය අභිරහසකි...



මම,

Sinaa✨



🚫❌කතෘ අවසරයකින් තොරව කතාව කොටස් වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් උපුටා ගැනීම සපුරා තහනම්🚫❌

Report Page