The Vampire Love Story
BLANK❄
Previous Episode:- https://telegra.ph/The-Vampire-Love-Story-06-15
12th Episode
Bonus Episode (2)
"ආහ්...ඔයා මට ඒවා කියන්නෙ ද..? ඒකට ඉතින් හේතු කොච්චරක් තියෙනව ද..?" මට ඕනෙ වුනේ ඩූන් මාත් එක්ක කතා කර කර ඉන්නවට...මොකද තනියම ඉන්න බයයි අනේහ්...මේ කවුරුත් නැති, පවර් යූස් කරන්න බැරි ගුහාවෙ...
"ඇත්තට...? කියමු එහෙනං..." කියන ගමන් එයා අත් දෙක බැද ගත්තා...හරියට නිකන් පහසුවෙන් ඉන්නවා වගේ...
"අහ්..එක...ඔයා මාව හිරකරගෙන ඉන්නෙ මන් ක්ලවුඩියා ද කියලා දැනගන්නකන්...දෙක...ඔයා මන් ක්ලවුඩියා වුනොත් මට මොනවා කරයි ද කියන සාධාරණ සැකය...තුන...ක්ලවුඩියා මොකී වුනත් හැමෝම ඒ මම කියලා කිව්වත් මන් ඒකි ගැන කිසි දෙයක් දන්නැති එක...හතර...ක්ලවුඩියා කියන කෙනා වැම්පයර්වරුන් අතර ප්‍රසිද්ධ ඇයි...පහ...මන් ක්ලවුඩියා කියලා හිතන්න මට එයත් එක්ක තියෙන සමානකම්...ඔය ඔය වගේ දේවල් එක් කෝටි දසලක්ෂයක් ඇති විසඳගන්න මට..."
"සීයට දෙසීයක් ම වැඩකට නැති දේවල්.." හිනාවුනු එයා යන්න හැරුණා...
"එක්ස්කියුස් මී ඩූන්..." කියපු මම දුවන් ගිහින් එයාගෙ අතින් අල්ලගත්තා..
"මට කියන්න ඔයා මෙල්ඩියර්ට විරුද්ධ ද..?"
"ඔව්..!" ඒක හෙණයක් පිපිරුවා වගේ කියලා දැම්මා...
"හේතුව..?" මම ඇහුවෙ එයා දිහා කෙලින් බලාගෙන...
"හේතු කොච්චරක් තියෙනව ද..?" මම කලින් දුන්නා වගේ ම උත්තරයක් එයා දුන්නෙ...මම ඩූන්ගෙ මනස කියවන්න උත්සාහ කරේ...ඒත් මට බැරි වුනා..
"අත ගන්නව ද..?" එයා අහද්දි මන් ටක්ගාලා ඩූන්ගෙ අත අතඇරියා..
"සොරි.."
"ඉට්ස් ඕකේ.." කියපු එයා එතනින් ඇවිදන් ගියා...
"ක්ලවුඩියා මොන සයිඩ් කෙනෙක් ද..?"
ඩූන් නැවතුනා...
"ක්ලවුඩියා කියන්නෙ මගෙ හතුරෙක්..එච්චරයි...ඊට එහා අහන්න එපා.." ඒක අණක් වගේ...එතකොටයි තානාව මතක් වුනේ...
"තානාට මොකක් වෙලා ද..?" මම එකපාරටම ඇහුවා..
"එයා මැරිලා නෑ..." කියපු ඩූන් නොනැවතීම ඉදිරියට ගියා...පුහ්...මුගෙ ලොකුකම බලාපල්ලකො...එහෙම මැරෙනවනං මටත් සැප තමා..රෙද්දක් කියවනවා..මම ඒ දිහා බලන් හිටියෙ හිතේ දහසකුත් දේවල් ගොඩනැඟෙද්දි...
හැමදාම මේ කරුවල ගුහාවෙ නැමීගෙන ඉන්න වුනොත්..? ෂා...ෂැප තමා ඉතිම්...
ක්ලවුඩියා කියන වචනෙ ඉස්සල්ලම මගෙ මූණටම කිව්වෙ ආනා...එයා එවලෙ ඒ ගැන දන්නෑ කිව්වත් පස්සෙ එයා නිකන් රඟපෑවේ මාව හොඳට දන්නවා වගේ නෙවේ ද..? එතකොට..කෘෘට කියද්දි එයා වැඩිය කෙයාර් කරේ නෑ...එයාත් එවලෙ දන්නැතුව ද හිටියෙ...ඒ කොහොම වුනත් මේ කටකතාව ළඟදි ආපු එකක්...අනේ මන්දා මට මේ මුකුත් හිතාගන්න බෑ...අම්මලා මාව මෙහෙම එකපාරම දන්නැති ලෝකෙකට අතඇරිය එකට මට පොඩි තරහකුත් හිතේ තිබුනා...
ඒකෙන් කරදර මට වෙන්නෑ කිව්වත් මට ම නෙවේද කරදර වෙන්නෙ...!
මම බිමින් ඉදන් දණහිස නමාගත්තා..අත් ඇඟිලිවලින් කකුලට තට්ටු කරන ගමන් මම වේගෙන් හුස්ම ගත්තා...ලෙඩකට නෙවේ...ඒක නිකන්මයි වුනේ...රූප බොඳ වෙන්න ගත්තා...මට දැනුනෙ පාවෙනවා වගේ...
හුරුපුරුදු වෙනත් ලස්සන පසුබිමක් පේන්න ගත්තා...ඒත් වැඩි වේලාවක් යන්න කලින් මට තේරුනා ඒ මේ ගුහාවමයි නේද කියලා..ඒත් මට පාලනය කරගන්න බෑ...මට දැනුනෙ මන් වෙනම ම ජීවත් වෙන්න ගියා වගේ..
දැන් පාළුවට තිබ්බට ඉස්සර හරිම ලස්සනට තිබිලා...මිනිස්සු ගොඩයි...එතන නට නට හිටිය ළමයි කට්ටිය ළඟටයි මගෙ අවධානෙ යොමු වුනේ...
"ක්ලවු...අහන්න..." ඒ ගෑනු ළමයෙක්...ක්ලවු කිව්වෙ...? ක්ලවුඩියා ද..? මොකද්ද මට මේ වේගන එන්නෙ...? මේක පිස්සන්ගෙ ලක්ෂණයක් ද..?
"මොකද...?" හරිම ලස්සන තවත් ගෑනු ළමයෙක් උත්තර දුන්නෙ හිනාවෙලා...
"බ්ලේසෙට වුනු වැඩේ ගැන ඔයාට දුකක් නැද්ද...?"
"ඔයා දැන් ඒක ද හිතන්නෙ...ඕක අමතක කරන්න අයියො..."
"හ්ම්...අමතක කරන්න තිබුනා ඔයා මේකට සම්බන්ධ නැත්තම්..?"
මම එයා දිහා බලලා අහක බලාගත්තා...
"එන්නකො පොඩ්ඩක්.." කියපු ඒ ගෑනු ළමයා ක්ලවුවත් ඇදන් යන්න ගත්තා...
"මොකද්ද ක්ලවුඩියා ඔයාට වුනේ..? බ්ලේසෙට ඔයා මොකද කරේ...?"
"මම දන්නෑ...මගෙන් අහන්නත් එපා...මම එයාව මැරුවෙ නෑ..."
"මම හොඳටම දන්නවා ඒක කරේ ඔයා කියන්න..."
"ඔයා කොහොම ද සෝලෝ එහෙම කියන්නෙ...!" ක්ලවු තරහෙන් කෑ ගැහුවා...හිනාව ලස්සනයි වගේ ම තරහා ගියාම නපුරු පෙනුමකුත් එයාට ගානට ගැලපුනා...
"මම ඔයාව හොඳට අඳුරන හින්දා...මොකද්ද බ්ලේසෙ ඔයාට කරේ...? ඔයාගෙ පවුලෙ වැරැද්දකට ඔයා ඔහොම හැසිරෙන එක හරි ද...?"
"එයා මැරුවෙ මට හිටිය එකම කෙනා මේ ලෝකෙ..."
"එයා මැරුවෙ නෑ...මිනිහෙක් ඒක කරේ.."
"මගෙ අම්මව මැරුවෙ බ්ලේසෙ...බ්ලේසෙ...බ්ලේසෙ...ඔයා දන්නෑ සෝලෝ...මම ඒක හොයාගත්තා...හැමදේම මම දන්නවා...හැමදේම...! මමත් එයාව ඉවරයක් කරා...ඒ මිනිහා ලවාම....ඔයා දන්නවා...මට ඒක අමාරු දෙයක් නෙවෙයි..."
"ක්ලවු...ඔයා පරිස්සන් වෙන්න...මේක මාළිගාවෙ අය දැනගත්තොත්...!"
"එයාලා දැනටමත් දන්නවනෙ...කවුද කෙනා කියලා හොයන එකයි කරන්නෙ..."
"ඔයා කියලා හොයාගත්තොත්...?"
"මට මොකද..?" කියපු ක්ලවු හිනාවක් නගාගත්තා..
"මට ඕනෙ තැනදි අහිංසක වෙන්නත්...ඕනෙ තැනදි නපුරු වෙන්නත්...හොඳට පුලුවන්..." ක්ලවු ඒකට එකතු කරා..
"එයාලා ඔයාව මරන්න ඕනෙ නෑ...මට පුළුවන් ඔයාට ඕනෙ උදව්වක් කරන්න.."
"ඔයා දන්නව ද සෝලෝ...කිසිම කෙනෙක්ට මේ ක්ලවුඩියාට අතක් තියන්නවත් බෑ...මාව එයාලා හොයාගත්තොත් ඒකෙන් ගැලවෙන්න මම අතුරුදන් වෙනවා...මාව හොයන්න එපා..."
"ක්ලවු................................"
"පොඩ්ඩක් ඉන්න සෝලෝ...ඒත් මම ආයෙත් එනවා...මම කියන දේ හොඳට අහගන්න...මම විනෝදෙන් ඉන්න කෙනෙක්...ඒත් මේ වෙලාව ගොඩක් වැදගත්...මාළිගාවෙ අය මන් ගැන දැනගත්තොත්...උන් මාව අල්ලගන්න කලින්...මම යනවා..අහන්න එපා ඒ ගැන වචනයක්වත්...ඒත්....මම ආයෙත් එනවා...අනිවාරෙන්ම රටේ ලොකු පරිවර්තනයක් වෙනවා...මාව ඕනෙම කාලෙට මම එනවා...අපේ අම්මා, තාත්තා වගේ ම මමත් ට්‍රාන්සිල්වේනියාවට සේවය කරනවා...කවද හරි...මම ගියොත්...මම ආයෙත් එනවා...නිකන් නෙවේ...දරුණු පලිගැනීමක් හිතේ තියාගෙන..බ්ලේසෙව මැරුවා වගේ ම ඩෙඩුනෝලිගෙ පවුලෙ එක එකාව විනාශ කරනවා..උන් මගෙ පවුලෙ අයව විනාශ කරා...ඔයාට ඒ වගේ දෙයක් වුනාම දැනෙයි සෝලෝ...මට අම්මගෙ ආදරේ නැති වුනේ උන් නිසා...මම එන්නෙ එයාලව හොයාගෙන..මොකද...තාම එයාලගෙන් ඒ පලිය ගන්න මම පොඩි වැඩියි..අනික..එයාලගෙ අර අහිංසක ළමයා ඉන්නවනෙ..එයාවත් මතක් වුනා මට.." කියපු ක්ලවු හිනාවෙන්න ගත්තා...ඒක ලස්සනයි..භයානක පෙනුමක් නෙවෙයි..
ඒත් එක්කම මගෙ ඔලුව රිදෙන්න ගත්තා...මම හයියෙන් ඔලුව අල්ලගත්තා...ගිනි ගහනවා ඔලුවෙන්...පට්ටෙට රස්නෙයි...උණ ඩබල් වෙලා..ඇස් ඇරගන්නවත් බෑ...මට කෙඳිරි ගෑවුණා..
"ගන්‍යා...මොකද්ද ප්‍රශ්නෙ..." ඩූන් මන් ළඟට එන්න ඇති...
මම හිමින් ඇස් ඇරියා...
"අහ්...මට...මන්...එ...යා....ව දැක්...කා..."
"කාව ද.." යාර පහක් විතර ඈතින් ඉදන් අරූ විමසද්දි ඉතින් මට කුණුහරුප කියන්න හිතුනා...හතුරෙක් වුනත් කරදරේක ඉද්දි උදව් කරන්න ඕනෙ කියන ලෝකෙ ජාති නේද මේ...නල්ල මලේ තමයි...මිතුරවත් වලට දාන සසර හතුරො මුන්...
මම උත්තර නොදීම ඇස් පියාගත්තා...
"ගන්‍යා...?"
"මට....මට වතුර..."
"වතුර ඕනෙ ද...?"
"ඔව්..."
ටිකකින් කෙනෙක් මට වතුර ගෙනත් දුන්නා...මම ඒක බීගෙන බීගෙන ගියා...
"අහ්...මට යන්න දෙන්නෙ නැද්ද...?"
"යන්න දෙන්නයි හදන්නෙ...ඔයා ක්ලවුඩියා නෙවෙයි....මට එයත් එක්ක වෙනම හැප්පෙන්න ඕනෙ..."
"හරි...අරින්න මාව...හිටපු තැනට..."
"කොහෙත්ම බෑ...මෙතනින් එළියට..." කියද්දිම මම එළියෙ...යන්න තැනක් දන්නෙත් නෑ...වෙනම තැනක...මන් නිකන් පිටසක්වලින් ගොඩ බැහැලා වගේ...
'ආනා..' මම එයාව කන්ටෑක්ට් කරගන්න ට්‍රයි කරේ..
'ආනෝ...කතා කරපාන්..'
මට ඉතින් සතුටේ බෑ...තනියම වැඩ කරන එක නං හුදයි...හැබැයි තව මොන මරාල කඩා වැටෙයි ද දන්නෑ..ඇඟේ යන ඒවත් ඔලුවෙ ගහගන්නවට මටත් හුද පාඩම...
මම මගෙ පවර් යූස් කරන්න හැදුවත් බෑ...ආයෙත් ආනට කතා කරන්න හිත හදාගත්තා විතරයි...එයා මාව සම්බන්ධ කරගත්තා..
'අර්ර්...ඔයා මෙච්චර වෙලා අහවල් දෙයක් කරා ද..'
'අනේහ් සොරි ඩාලා...තානා ගැන පොඩි ආරංචියක් ආවා..'
'ඒ මොකද්ද..?'
'තානාට මොකක් හරි දරුණු දේක බලපෑමක් නිසාලු එහෙම වුනේ...එයාව අතුරුදන් වෙලානෙ හිටියෙ...එයාට හුඟක් ප්‍රශ්න ආවා..දැන් නං ගෙදර ඉන්නෙ...ඒත් සිහිය නෑ...ආයෙ සිහි සදහටම නැති වෙලානං හොඳයි...'
'ඇයි එහෙම කියන්නෙ...'
'එයාව සදහටම අපේ ලෝකෙන් ඈත් කරන්න කරපු දෙයක්ලු...හුඟක් අය කියන්නෙ මේක ක්ලවුඩියාගෙ වැඩක් කියලා..'
'ඔයා මට එයා ගැන කියලා නෑ...ඒක නෙවෙයි මට ලොකු ප්‍රශ්නයක් වුණා...මන් මේ ඉස්සරහට යන ගමන්...කොහෙද ඉන්නෙ කියලා හිතාගන්නත් බෑ...'
'හොඳ වැඩේ...තැනින් තැනින් මතු වෙවී ආතල් ගන්න යනවට...'
'යැයි යැයි තමා...ඇවිත් මාව බේරගනින් යකෝ..යාළුවාට උදව් කරන්න හිතක් පපුවක් නැද්ද..'
'හරි ඩෝ ඉන්න..කොයි වගේ ද තැන...?'
මන් ඉතින් විස්තර කරලා කරලා ගෙන්නගත්තා...ඒකි හිතලා තියෙන්නෙ මන් විනෝද වෙන්න මතු වෙවී යනවා කියලා..මට වුනු දේ කිව්වම කට කනේ...තාත්තා හොඳටම කලබලෙන් කියලා මං හිතුවෙ...ඒත් අරකෙ අවුරුද්දක් වගේ ගෙවුනු කාලෙ පැය කීපයයි වගේ ගිහින් තියෙන්නෙ...එයාට වගේ වගක් නෑ වගේ..ගෙදර කවුරුත් නෑ එවලෙ...මමයි ආනයි හීන් සැරේ කාමරේට රිංගගත්තා...
පස්සෙයි විස්තරේ දිග ඇරියෙ..
"මොකද...?" මන් ඇහුවා..බකල් වෙලා වගේ මන් දිහා බලන් ඉන්න හින්දා..
"බය හිතුන්නැද්ද ඔයාට...? පැය කීපයක් හින්දා හොඳා..."
"ඔව් නේද...ඒත් බය හිතුන්නැත්තන් මම එහාට වෙලාම ඉන්නවනෙ..."
"මට නං කිසි දෙයක් හිතාගන්න බෑ...ක්ලවුඩියා ඔයා වුනත් ඩූන්ට තියෙන ප්‍රශ්නෙ මොකද්ද...?"
"ඒක තමයි මමත් අහන්නෙ...ඉස්සල්ලම මට දැනගන්න ඕනෙ ක්ලවුඩියා ගැන..." මම අර හීනෙන් වගේ දැකපු එක කියන්න ගියෙ නෑ ඉතින්...තාම...
"ඉන්න..." කියපු එයා මගෙ කාමරේ දොර වැහුවා...
_____________________________________________________________________________
අභිරහස් ක්ලවුඩියා😶
මම,
🚫❌කතෘ අවසරයකින් තොරව කතාව කොටස් වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් උපුටා ගැනීම සපුරා තහනම්🚫❌