The Vampire Love Story

The Vampire Love Story

BLANK❄
...නපුරු වූත් ආදරණීය වූත් ඔහුගේත් ඇගේත් හමු වීම...

Previous Episode:- https://telegra.ph/The-Vampire-Love-Story-06-12


11th Episode



"දවස් තුනයි..!" මට ගල්වලින් දෝංකාර දෙන සද්දයක් වගේ ඇහුනෙ...ඒත් කවුරුත් හිටියෙ නං නෑ...මේ රටෙත් තාක්ෂණේ දියුණු ද කොහෙද...ඈ බොල මාස ගාණක් ඉදලා මෙලෝ සසරක් දන්නෑනේ බලනකොට...


මම හිමීට බඩගාගෙන නැඟිටගත්තා..


"අහ්..." ගල් ගුහාවක් වගේ...


"කවුරුත් ඉන්නව ද...?" මම අහපු එක මට ම දෝංකාර දුන්නා...


"කවුරුත් ඉන්නව ද...ප්ලීස් මට උදව් කරන්න..." මෝඩ විදිහට තනියම මම විතරක් කතා කරන එක ගැන දැනුනෙ කියාගත නොහැකි ලැජ්ජාවක්...ඒත් ඉතින් මට විතරනෙ කියලා මමත් ස්මයිල් ඉන් ඇඹුලට වුණා...


එතනම ඉදගෙන මම ඉමක් කොනක් නොපෙනෙන මහා සාගරය වගේ විහිදිලා තියෙන මේ මහා ගල් පර්වතය මොන රජ්ජුරුවන්ගෙ කොයි කාලෙ භූත මන්දිරයක් ද කියලයි මම කල්පනා කරේ...මට දැනුනෙ මහ අමුතු බයක්...ඒක බයක් ද කියන්න මන් දන්නෑ...මට දැනුනෙ හරි ම අමුතු ෆීලින් එකක්...සමහර විට සතුටක් වගෙත් වෙන්න පුළුවන්...


"ජීවිතේ ගැන හුඟක් දේවල් මට ඔයාගෙන් ඉගෙන ගන්න පුළුවන් වුණා ක්ලවුඩියා..! ඒත් ඒ කාලෙට වඩා දැන් හරි වෙනස් නේද..?" අඩි සද්දයක් එක්ක එන ඒ අද්භූත කටහඬ එක්ක මට දැනුනෙ හුරුපුරුදු බවක්...අනික මට ක්ලවුඩියා කිව්වෙ කවුද..? කෘෘ නෙවෙයි...ආනාත් නෙවෙයි...අනිත් උන් දන්නෙත් නෑ...


මම නැඟිටලා අඩිසද්දය එන දිහාට යන්න ගත්තා..හිමින් අඩි තියමින් වටපිට බලමින්...හිතාගන්න බෑ ඒත් ඒකත් කොහෙන් ද ඇහෙන්නෙ කියලා..ඇහෙන ප්‍රමාණෙ අපිට වැඩියිලුනෙ...ඒ හින්දා හොඳයි...නැත්තන් හරියට ඒක ඇහෙන දිහාව හොයාගන්නත් බෑ...බය වුනාම අපි දුවන්නෙ පිටිපස්සට වුනාට...කුතුහලයක්, මොකක් හරි දෙයක් දැන ගන්න ආසාවක් ආවම යන්නෙ ඉස්සරහට...ඒක හැමෝටම ගොඩක් වෙලාවට වෙන දෙයක්....හා නැද්ද...?


ඒකෙන් වැඩක් නෑ...අඩි සද්දේ නැවතෙනවත් එක්ක ම මමත් එතනම නතර වුණා...මම ඇස් දෙක පියාගත්තෙ ඒ කෙනා මන් ළඟට එයි කියන විශ්වාසය එක්ක...


ඒත් නෑ ආයෙත් අඩි සද්දෙ...මම වේගෙන් ඒ දිහාට ම දුවන්න ගත්තා..අන්තිමට හති අරිමින් මම ඉස්සරහා බැලුව ම ඒ රූපෙ මට පේන්න ඇවිත්...ඈතින් ඉන්න අඳුරෙ තියෙන ඒ මූණ දිහා මන් කෙලින් බලන් හිටියා...අඳුර නිසා මට ගොඩක් එයාව පැහැදිලියි...ටිකකට කලින් ගෙදරට ඇවිත් ගියපු කෙනා නේද කියලා හිතුනම හිතේ බය තවත් අඩු වුනා නෙවේ වැඩි වුණා...


"ක්..ල..වු..ඩි..යා..." මගෙ නම ඇදලා කියමින් එයා කට කොනකට හිනාවක් නගාගත්තා...


"එහෙනං...අපි ආයෙත් හම්බවුණා.."


මම කෙලින් ඒ දිහා බලන් හිටියා විතරයි..ට්‍රාන්සිල්වේනියාවේ හැමෝම දන්න දෙයක් මම දන්නෑ වගේ හැඟීමක් මට ආවේ...


"කවුද ඔයා..?" මම ඇහුවා...


එයා ඉස්සරහට එන ගමන් ඇස් පුංචි කරලා මං දිහා බැලුවෙ...


"මාව අමතක ද..?" 


"මම නම ඇහුවෙ.."


"ඉස්සරට වඩා කට තියෙනවා වගේ.."


"කට නං ඉතින් එන යන එක නෝර්මල් දෙයක්නෙ..."


ඒ අමනුස්සයා මාව කන්න වගේ බැලුවා..


"ඔයා ක්ලවුඩියා ද...?" ඒ පාර මූ මගෙන් අහනවා...මාවත් කරකවලා මූවත් කරකවගෙන...ආවා මෙතන ක්ලවුඩියා ද අහන්න...හිටපන්කො කියනකන් තොට..


"මම අග්නගන්‍යා...අහලා තියෙයි ද..?...මෙල්ඩියර් හෝරස්ගෙ එක ම දුව..!"


එයා මන් දිහා කෙලින් බලන් හිටියා මිස වචනයක් කීවෙ නෑ...මට මොකෝ...උට බලන් ඉදලම එපාවෙයිනෙ කීයට හරි..


"මොකද ඔහොම බලන්නෙ..? කලිනුත් මාව දැක්කා නේද..තව මොනව ද බලන්නෙ...?"


"ඔයා ක්ලවුඩියා නෙවෙයි..." මන් කියපු කිසි දෙයක් ගණන් නොගෙන එයා කිව්වා...


"මම ක්ලවු..........................................................................."


එච්චරයි කියන්න හම්බුනේ...එයා අසුරක් ගහමින් අතුරුදන් වුණා..


"පො...පොඩ්ඩක් ඉන්න...පොඩ්ඩක් ඉන්න ඔයා කොහෙද ගියේ.." කවුරු හරි හිටිය හින්දා බයක්වත් නෑ...කවුරුත් නැතුව ඉන්න බයයි බන්...


"ඔයා...ඔයා කොහෙද ගියේ..." මම පස්සෙන් පස්සට ගියා...


පැය ගාණක් යනකන් කවුරුවත් එන්න නැතුව ඇති..ඒත් නිදිමත ගතියක් ආවත් මම අමාරුවෙන් ඒක පාලනය කරගත්තා...කළුවර වටපිටාව හින්දා වැඩි අවුලක් වුනේ නැහැ...මම කොච්චර ට්‍රයි කරත් මගෙ පවර් ඒ වෙලාවෙ යූස් කරගන්න මට බැරි වුණා...මොකක් හරි ඒක වැළැක්වුවා...


ඒක හින්දා බලාපොරොත්තු අත් ඇරන් මම බිම ඉදගෙනම ගල් වෙලා වගේ හිටියා...


"බඩගිනි ද..?" මට එහායින් ඇහුණෙ කටහඬක්...


"ඔව් ගොඩක්.." මම ඔලුව උස්සලා කිව්වා...


අර ගොනා ම තමයි...


"මේක බොන්න..." එයා මට දුන්නෙ ග්ලාස් එකක්...


"මට එපා...මට යන්න ඕනෙ..." 


"යන්න..? කොහෙද..?" ඇස් පුංචි කරන් එයා ඇහුවා...මගෙ ග්ලාස් එක බිමින් තියපු එයා අනිත් එක බොන්න ගත්තා...මට ඒකට කිසිම ආසාවක් ආවෙ නෑ දැන්නං...


"මට මගෙ තැනට...මොකද මාව තියන් ඉන්නෙ...?"


"මට ඔයාට ඒක කියන්න බැරි කමක් නෑ..මොකද ඔයා ට්‍රයි කරන්නත් ඇතිනෙ..?"


"මොනවද ඕනෙ මගෙන්..? බ්ලඩ් ද..?" නැඟිටින ගමන් මම ඇහුවෙ..


එයා හිනාවෙන්න ගත්තා..


"ඕහෝ...කෘෘෆ් වගේ මෝඩයෙක් නෙවේ මන්..." කියපු එයා ආයෙත් හිනාවෙන්න ගත්තා...


"එහෙනන් හෙන බුද්ධිමතා නේද..?"


ආයෙත් එයා මන් දිහා බැලුවෙ කන්න වගේ.....


"ඔයා වෙනස්..." කියපු එයා මන් දිහා අමුතු විදිහට බලන් හිටියා...


"මම වෙනස්..! ඔව් මම වෙනස් තමයි..මාව තියන් ඉන්නෙ මොකට ද කියනවා.." තව අඩි දෙකක් එයා ළඟට ගියපු මම ඇහුවා..


"මට දැනගන්න ඕනෙ ඔයා ආපු හේතුව..?"


"මොකක්...? මම ආවෙ ද..හරි මම කියන්නං ඒක...මට යන්න දෙනව ද..?"


"ඔයාව විශ්වාස කරයි කියලා ඔයා හිතනව ද..?"


"මම..? අ...ඔව්..නෑ...ඕනෙ දෙයක් හොයාගන්නවා බැරි නං..."


"ඔවූ...ඒක හොයාගත්තාම ඔයාට යන්න පුළුවන්..."


මම තරහෙන් බිම තිබ්බ බ්ලඩ් ග්ලාස් එකට පයින් ගැහුවා...


"තමුසෙ මාව දැන්ම ගෙදර අරින්න ඕනෙ.."


"හීනෙන් ද.." එයාගෙ ග්ලාස් එකට තට්ටු කරන ගමන් එයා කිව්වා...


මම ඒ ඇස් දිහා බලන් හිටියා...


"මොකද..?" එයා ඇහුවෙ කටත් ඇදකරලා..


"ඔයාගෙ නම මොකද්ද..?" මම අහක බලන් ඇහුවෙ ඒක වැඩක් නෑ වගේ..


"ඕනෙද දැනගන්න..."


"ඕනෙ හින්දනෙ ඉතින් දෙයක මිනිහෙක් අහන්නෙ නේද..?"


"ඒ මිනිහෙක්නෙ නේද...?"


"මම කොහොමත් ඒ ඝණේටත් අයිතියි.."


"ෆුල්ම නෙවේනෙ..."


"ඒක ඕනෙ නෑනේ...ඔයාගෙ නම කියනවා...මාව කවදද මෙතනින් යවන්නෙ..?"


"ඇයි ඔයාගෙ පවර් තියෙන්නෙ..?"


"ඔයා ම නේද ටික වෙලාවකට කලින් කිව්වෙ ට්‍රයි කරාට හරි ගියෙ නෑ කියලා..බලන් හිටියා වගේ.."


"මට මනසින් රූප ගන්න පුළුවන්.." 


"ඕහ්...ඉතින් නම...?"


"ඩූන් කියන්න.."


"හා..." ගස්සලා කියපු මං එයා දිහා බලන් නෝන්ඩියට වගේ හිනාවුණේ...


"ඔයා මොකටද මෙහාට ආවෙ ඉතින්...?"


"දැන් කිව්වෙ මන් කියන ඒවා විශ්වාස නෑ කියලා..."


"නිකන් දැනගන්න ඇහුවෙ..."


"මම ආවේ තාත්තාගෙ අයියලා මාව මරන්න උත්සාහ කරපු නිසා...ජීවිතය බේරගන්න.."


"මට පේන විදිහට ඔයාගෙ මතකය නැති වෙලා වගේ.."


"මගෙ...? ඔහේට පිස්සුවක්වත් හැදීගෙන එනව ද..? මගෙ පොඩි කාලෙ ඉදන් වුනු හැමදේම මට මතකයි..."


ඩූන් ටිකක් අමුතු විදිහට බලන් හිටියා...ග්ලාස් එකට තට්ටු කර කර...උෟ කොහොමත් අමුතු විදිහට ම තමයි හැම වෙලේම බලන්නෙ...


"හරි ඊට කලින් වෙච්ච දේවල් මන් අහන්නෙ..." එයා ඇහුවා...


"ඕහ්....ඔයාට ගොඩක් මොළේ තියෙනවා කිව්වා නේද...ඔයා කියන්නෙ අම්මගෙ බඩේ හැදෙන දවසෙ ඉදන් වුනු ඒව ද...හානේ ඔවුනෙ..ඕක අහන්නත් දෙයක් ද...?" මම තරහෙන් කියෝගන ගියා...මාව ජෝක් එකකට අරගෙන ද කොහෙද...


හිනාවුනු ඩූන් එතනින් හැරුණා...


"ඒයි ඉන්නවා ඩූන්..." මන් කතා කරා..


"කියන්න ගන්‍යා...!"


"ඔයා මන් ගන්‍යා කියලා දැනගෙනත් මාව මෙතන හිර කරගෙන ඉන්නෙ ඇයි...?"


"ඒක දිග කතාවක්...මට ඔයත් එක්ක බේරගන්න ලොකු ප්‍රශ්නයක් තියෙනවා...ලේසියෙන් මරන්න බැරි ක්ලවුඩියාව අභිරහස් විදිහට මැරුණෙ අපෙන් පලිගන්න ද..?"


"අභිරහස් විදිහට මැරුණෙ...? මැරුව ද..? මැරුණ ද..?"


"මැරුණා..."


"ඒක යකාගෙ කතාවක්නෙ බොල...උඹ කියන්නෙ ඒකිම ඒකි විසින් අභිරහස් විදිහට මැරුණා කියල ද..?"


"මම ඒක ගැන කියන්න දන්නෑ...ඒත් ඒ ඔයා කියලා මට ආරංචියක් ආවා..."


මගෙ නං දැන් ඇස් දෙකත්.කැරකෙනවා වගේ...


"මට ඉස්සල්ලා කියන්න...ප්ලීස්...ඔයා මට විරුද්ධ ද නැද්ද කියන්න මම දන්නෑ...මම ඔයාට කීව දේවලුත් වැඩියි...ඒකට කමක් නෑ...ඒවා අමතක කරන්න...මට කියන්න ක්ලවුඩියා කියන්නෙ කවුද...? ඇයි මෙහෙ අය මන් ඉස්සරහා එයා ගැන කතා වෙන්නෙ...? වෙනම කතා කරනවා මම දැකලා නෑ...ඒත් මගෙ ඉස්සරහට ඇවිත් මගෙන් නාමෙ ගන්න වගේ හදන්නෙ ඇයි..."


"මොකද වැම්පයර්වරුන් විශ්වාස කරනවා ක්ලවුඩියා කියන්නෙ ඔයා කියලා..."


"ඇත්තටම මට එයා ගැන දැනගන්න ඕනෙ..."


"මම මොකටද ඔයාට ඒවා කියන්නෙ..?" එහෙම කියන ගමන් එයා ග්ලාස් එක හිතලා හෝ නොහිත බිමට දැම්මා...




_____________________________________________________________________________


😒ඩූන්..


අනේහ් ගමේ ආවා..සිග්නල් ඤෑ...ඒ හින්දා ඩේටත් ඤෑ..පොටෝ එක නැති එක හිතන්න එපා..ඒක අප්ලෝඩ් වෙන්න ගියොත් අවුරුද්දක් යයි..😣


මම,

Sinaa✨



🚫❌කතෘ අවසරයකින් තොරව කතාව කොටස් වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් උපුටා ගැනීම සපුරා තහනම්🚫❌

Report Page