The Vampire Love Story
BLANK❄
Previous Episode:- https://telegra.ph/The-Vampire-Love-Story-06-11
10th Episode
"ඔයා මොකද්ද කරේ ගන්‍යා...ඔයාට මොනවා වෙලා ද...?"
"ඔයා කරදරේ ඉන්නවා බල බලා ඉන්නද කියන්නෙ..?"
"බලන්න දෙයක් නෑ...යන්නයි තිබුනෙ...දැන් තව ටික වෙලාවකින් මෙල්ඩියර්ට උන් හිටි තැන් නැති වෙයි...."
"මගෙ යකා අවුස්ස ගන්න එපා ආනා.."
"ඔයා දන්නවනෙ...මන් සීරියස් වෙනවා අඩුයි...ඒත් දැන්...මට කියන්න තේරෙන්නෑ..තානාට වුනේ මොකද බලන්න මම ඔයාව එක්ක ගියේ අපරාදේ...ෂිට්..."
"ඒකෙ වැරැද්ද මගෙත් තියෙනවා..මටත් ඕනෙ වුනා ඒක දැනගන්න..."
"දැනගන්න ඕනෙ කියන්නෙ කුතුහලයක්...ඕනෙ තැනට ගියෙත් නෑ...ඒත් මම ඔයාව කෘෘට හඳුන්වලා..අරවා මෙව්වා කරලා වැඩේ දෙල් කරා.."
මට කට කොනකින් හිනාවක් ගියා..
"කොහෙන් ද ඔයා ඔය වචන අල්ලගත්තෙ..?..මෙහෙ ඉන්න අනිත් අය නම් ඔය වචන කියනවා අඩුයි.."
"ඔව් ඉතින්...." කියන ගමන් එයා ජර්සියට අත් දෙක ඔබාගත්තා... "මම ඉදලා තියෙනවා මිනිස් ලෝකෙත්.."
"මොකද්ද..? ඒ කවද්ද..?" මම සෙටියෙන් ඉදගන්න ගමන් ඇහුවා...
"ගොඩක් කල්...එහෙ මිනිස්සු හරිම විනෝදයි කියලා මට වෙලාවකට හිතෙනවා ගන්‍යා...ඒත් බලන් යද්දි...ඉන්නවා තැනින් තැනින් නපුරු රාක්ෂයොත්...හරියට නිකන්...වැම්පයර් පැටව් වගේ.."
මම හිනාවුනා...
"තානා අපිට විරුද්ධයි කියලා ඔයා දන්නව ද..?"
"ම්හු...නෑ...මම දන්නෑ..මම...ඇත්තටම මම හිතුවෙ නෑ.."
"ඔයා කොහොම ද මම කෘෘ ළඟ කියලා දැනගත්තෙ..?"
"මේකනෙ...අපේ අක්කා..මන් කිව්වෙ තානා..කෘෘට කැමතියි..අපි යද්දිත් එයා එහෙ ඉදලා...මට දැනුනා ඉව වගේ..ඒත් මට හිතුන දේ මම වෙනස් කරගත්තා...ඔයා ගෙදර ගියපු ගමන් මම ඒ ගැන දුක් වෙන්නැතුව කෘෘගෙ ගෙදර ගියා...එතන හිටපු සර්වන්ට්ගෙන් තමයි විස්තරේ හොයාගත්තෙ.."
"එයා කිව්ව ද ඔයාට..?" මම සැකෙන් ඇහුවෙ..මොකද ආනාව විශ්වාස කරන්නත් බෑනේ..අනික එහෙම කියයි යෑ...නිකන් හිතන්නකො කියයි ද කියලා..නෑනේ නෑනේ....
"පිස්සු ද..! එහෙම කියනව ද..මම වශී කරා.."
"මොක කරා..?"
"වශී අප්පා..ඇයි ස්කෝලෙ කියලා දුන්නෙ.."
"අ..හ්..ඒක අපිට ගැලපෙන්නෑ..මතක ද සෙලෙස්ටේ කිව්වා.."
"ගැලපුනත් නැතත් මොකෝ...අනික දැන් කරලා ඉවරනෙ..මේ මේ...ඔය කේලම් එහෙම කියන්න එපා.."
"ඔයා දොඩනව ද මන්දා..මම මේ රත් වෙලා ඉන්නෙ දැන් තාත්තා ගැන.."
"ඒත් ඔයාගෙ මූණෙන් මට එච්චර සීරියස් වගේ පේන්නෑ...ඔයා මොකක් හරි කරා ද..?"
ආනා අහද්දි මම ඇස් කොනින් බලලා හිනාවෙවී අහක බලාගත්තා...
"ඕහ්...මන් හිතන්නෙ මේ වෙලාවට නං හොඳ...රස......" මම කියන්න ගියේ චොක්ලට් බීම එකක්...
"බ්ලඩ් ජෝගුවක් වුනත් බොන්න පුලුවන්.." ආනා මැදට පැනලා කිව්වා...
"අ..නරක ම නෑ..." මම අකමැත්තෙන් වුනත් කිව්වා..
"දුව...හ්..." අම්මා කාමරේට කඩන් වැදුනා...මාව හී ගහ වගේ වේගෙන් නැඟිට්ටවුණා..
"අම්මා..ඔ..ඔයා කොහෙද මෙහෙ...?"
"ඔයා...ඔයා මොනව ද කරේ...ඔයා මොනවද දුන්නෙ..? මොකද්ද කරේ...? මම...මම ඔයාට...ඔව් මම...අනේහ් දෙවියනේ..." අම්මා පපුවටත් අත තියන් බිමට වැටෙද්දිම ආනායි මමයි පැනලා අල්ලගත්තා..හොඳ වෙලාවට වැඩිය බර නැත්තෙ....නැත්තන් ඇටකිච්චො වගේ එන්න අපි දෙන්නා හමාරයි...
ආනා නැමීගෙන ම ඉන්න නිසා මම කතා කරා..
"ආනා...ඇයි මොකද..?"
"අ...අහ්...මේහ්..ඕ...ගන්‍යා..මේකයි මට..මට මෙතන ඉන්න බෑ...ඒක සුවඳයි..ආසයි...රසයි වගේ...මට දැනිලම නෑ ඒ තරන් සුවදක්...මම යනවා..." කියලා එයා එළියට දුවන් ගියා...මේ වගේ අමාරුවෙන් හතර හන්දි කඩන් මන් ඉද්දි ගිය එක ගැන හදවත ගැලවුනා වගේ වුනා...ඒත් මට පස්සෙ තේරුනේ එයා එහෙම කිව්වෙ අම්මගෙ ලේ බොන්න තියෙන ආසාවට කියලා...ඒත් එයා ඒ වගේ අදහස් කරේ වෙන දෙයක් කියලා මට දැනුනෙ ක්ෂණිකවම...ඒත් අඳුර ගන්න බැරි වුනා හරියට ම ඒ ගැන...
"දු....ව...."
"අම්මා මන් මුකුත් කරේ නෑ...මගෙන් වැරැද්දක් වෙන්නෑ..."
"තාත්තා හිරේ..."
"මො....ක....ද්....ද....?"
"ඔව්..ඔව් දෝණි...මාව එක්කන් ආවෙ කවුද කෙනෙක්...ඒ කවුද දන්නෑ...මම ආවා..එයා මට මනසෙන් පෙන්නුවා ඔයාට වෙන්න යන කරදරේ...ඔයා...ඔයා බ්ලඩ් දුන්නා...ඒක බීවම ශක්තිමත් වෙනවා....ඔයා ගොඩක් විශේෂයි...ඇයි ඔයා තේරුම් ගන්නැත්තෙ...ඇයි...?" අම්මා හිමින් නැඟිටගෙන ඉදගන්න ගමන් කියනවා...
"මම එහෙම කරේ නෑ..."
"මම ඇස් දෙකෙන් ම දැක්කා ඔයා ඒක කරනවා...අනේ...ඔයාගෙ තාත්තා..."
"තාත්තා හිරේ කියලා ඔයා කොහොම ද ෂුවර් කරන්නෙ.."
"ටිකකට කලින් ගියා මන් බලන්න...එයා ඔයා එක්ක තරහින් ඉන්නෙ..."
"ම්ම්...මට හිතුනා...කවුද එක්කන් ගියේ...පණිවිඩේ ගෙනාපු කෙනාම ද..?"
"ඔව්..."
"අම්මා ඔයා බය වෙන්න එපා...හැමදේකදි ම මට ගොඩක් බලපෑවේ විශ්වාසය...මට ලොකු විශ්වාසයක් තියෙනවා...මුකුත් වෙන්නෙ නෑ කියලා.."
"නැහැ හැමදේකදි ම විශ්වාසය වැදගත් නෑ...විශ්වාසය එක්ක තව හුඟක් දේවල් ඕනි.."
"අම්මා! මන් කියන දේ අහන්න...එයාලා ලේ බීවෙ නෑ...මම...මම යම් දෙයක් කරා.."
"මො...මොකද්ද...මොකද්ද ඔයා කරේ..?" වේගෙන් මන් දිහාට හැරුණු අම්මා ඇහුවා....මගෙ හිතට දැනුනෙ අමුත්තක්...මුලදිත් ඒත දැනුනත් මම කෙයාර් කරේ නෑ...ඒත් දැනුයි මට ඒක හොඳට තේරුනේ...
මේ ඉන්නෙ අම්මා නෙවෙයි...!!!
"අග්නගන්‍යා මොකද ඔයාට වුනේ..?"
"නෑ..නෑ...අම්මා...මම යම් දෙයක් කරා..."
"ඒක විෂක් ද..?"
මන් ඇස් කොනින් එයා දිහා බැලුවා...
"පොඩ්ඩක් ඉන්න..මම ඔයාට දෙයක් ගෙනත් දෙන්න.." කියන ගමන් මම කාමරෙන් නැඟිටලා එළියට ආවා...දොර ලොක් කරා...ඒත් එයාට යන්න පුළුවන් කියන්න මම දන්නවා...ඒ කවුද බලන්න මම යතුරු හිලට ඇහැ තියාගත්තා...
රූපෙ වෙනස් වුනේ කෘෘ විදිහට...
"කෘෘ..?" මම හිමින් කිව්වා...සංසාරෙ පතන් ආපු හතුරෙක් ද කොහෙද...යන යන තැන මේ හොල්මන...
"එයා එහාටත් මෙහාටත් ඇවිදින්න ගත්තා...එකපාරම එයා නැවතුනේ මොකක් හරි දැනුනා හෝ මතක් වුනා වගේ...වේගෙන් දොර ළඟට එද්දි ඇස් දෙක පියාගෙන මම 'ස්කූල්' කියලා හිතුවා...මාව නැවතුනේ ස්කෝලෙ ළඟ...
ආපු මෝඩකමක මහත කියන්නෙ යකඩෝ එතන හෙන සෙනඟ....මම ක්ෂණිකව ම නොපෙනී ඉන්න බලය යොදාගත්තා...හුද වෙලාවට ඔව්වා දන්නෙ...වැම්පයර්ලගෙ හැප්පෙන්නෙ නැතුව මම ඉස්සරහට ගියේ මොකද්ද සීන් එක බලන්න...
තානා හිටියෙ වැටිලා...
'අනේ දෙවියනේ...කෘෘෆ්...කෘෘෆ්..." මම හිතෙන් කෘෘෆ්ට කතා කරා...
'කෘෘෆ් සම්බන්ධිතයි.."
'මම අග්නගන්‍යා...මම කිව්වෙ ක්ලවුඩියා...තානාට මොකද්ද වෙලා..ඔයා මොකද්ද එයාට කලේ..?' අනේ ඇත්තට කොහෙවත් නැති ක්ලවුඩියෙක් ආවනෙ මගෙ නමට...දන්නවනං මාවත් මරලා ඒකිත් බෙල්ලෙ වැල දාගනියි...
'ඇයි තාමත් වද වෙන්නෙ තානා ගැන...ආනා ගැන වද වෙන්නකො..'
'මන් කාවවත් විශ්වාස කරන්නෙ නෑ...මොනවා කොහොම වුනත් තානා මගෙ යාළුවා...තමුසෙ මොකද කරේ එයාට...?'
'එයා කිව්වනෙ ඔයාගෙ බ්ලඩ්වලින් ශක්තිමක් වෙන්න ආසයි කියලා...ටිකක් දුන්නා..නරක ද.?'
'ත....මු....සෙ.......!!!'
'ෂ්..ගන්‍යා...එහෙනං ආයෙත් හම්බෙමු..මේ මාව රැවැට්ටුව පලවෙනි වතාව...සහ අන්තිම වතාව..'
'ඔයත් එහෙම කරපු ෆස්ට් ඇන්ඩ් ලාස්ට්..' මම හිතුවෙ තරහින්...එහෙම කරලා තානා දිහා නොබල ම එතනින් ගියා...එක අතකට මොකද එයා ගැන මම වද වෙන්නෙ...කෘෘත් හරි...
'ඕහෝ...සබැඳුම අවසන්..සුභ දවසක්!"
මම මුකුත් හිතන්න ගියෙ නෑ...හ්...ආවා මෙතන සුභ දවසක් ගාන්න..
මේ සිද්ධිය මං අතින් වුනා කියලා මට හිතෙන හින්දා වෙන්නැති ඒ...මොකද මම මන් බ්ලඩ් දෙද්දිම මොකද්ද කරලා ඒකට..
හැබැයි දැනන් කරපු දෙයක් නෙවෙයි...මට එවලෙ මොකක් හරි දැනුනා...නිකන් අමුතු කෙනෙක් ආවා වගේ..ඇඟට ආවේශ වුණා වගේ..මම දන්නෑ වැම්පයර්ලට එහෙම පුළුවන් ද කියන්න...එහෙම පුළුවන් හොල්මන්ට...දැන් වෙලා තියෙන දේ තමයි ප්‍රශ්නෙ...ඒත් මන් යම් දෙයක් කරා කියන එක මට දැනුනා..ඒත් ඒ මොකද්ද කියන්න මම දන්නෙ නෑ...දැන් පෙනෙන දෙයින් හිතුනෙ මොකක් නමුත් වෙලා කියලා තමයි..මගෙ හිතට තාත්තා ගැන හිතලා සතුටකුත් ආවා...සමහර විට ඒ තාත්තා..?..ඒත් වැම්පයර්ලව ඔය වගේ දේවලින් මරන්න බැරි නිසා තානා සදහටම ඈත් වෙන්නෑ කියන්න මම දන්නවා...
මම ආයෙත් පෙනෙන්න ආවා...වැඩිය කාටවත් පේන්නැතිව මම ඇවිදන් ගියා..
"අග්නගන්‍යා, ඔයා කොහෙද මෙහෙ..? එකපාරටම ඔහොම තැනින් තැනින් මතු වෙන්න එපා...ඇඟ හිරි වැටෙනවා.."
මාව ගැස්සිලා ගියා...
"ඔ...යා....?"
"හායි බායි..."
"ඒ මොකද්ද ඒ.." මට හිනාගියා...
"මට යන්න වෙනවා...තානා ගැන බලන්න..."
"ඔයා දන්නව ද වෙලා තියෙන දේ..?"
"ඔව්...ඔයාගෙ බ්ලඩ්වලින් ඒක වෙලා තියෙන්නෙ...කෘෘ මට කිව්වෙ.."
"කෘෘ..? ඇත්තටම එයා කවුද..? එයා අපිටත් හෙල්ප් කරනවා...අරයලටත් හෙල්ප් කරනවා...ඇයි ඒ...අනික ඔයාට දුක නැද්ද තානා ගැන...?"
"මට තානා ගැන දුකක් නෑ...අපිට හැඟීම් දැනෙනවා අඩුයි...නැත්තෙමත් නෑ...ඒත් ඉතින් මන් දුක් වෙන්නෙ මොකටද..තව කොච්චර අය ඉන්නව ද දුක් වෙන්න...මන් ගැන දුක් වෙන්න කවුරුත් නැතුවට...කෘෘ ඉතින් මගෙ යාළුවනෙ...අපි පිල් බෙදුනෙ පස්සෙ...ඒ කාලෙ එයත් හොඳයි...පවු..දැන් හරි වෙනස්.."
"අනේ මන්දා ඔයාව මට තේරුම් ගන්න අමාරුයි..."
"අම්මෝ ගන්‍යා..ඔයා කොහොමත් මාව තේරුම් ගන්න ඕනෙ නෑ.."
මන් හිනාවුණා... "ඔයා දැනන් හිටියා නේද කලින් ආවෙ කෘෘ කියලා.."
"ඔව්...දන්නව ද මන් හරි ආසයි ඔයා වීර ක්‍රියා කරනවට.."
"ඔයා නිකන් මාව කාලයක් ඉදලා දන්නවා වගේනෙ.."
"ක්ලවුඩියා හරි ප්‍රසිද්ධ කෙනෙක්නෙ.." මාවත් මොංගල් කරලා එයා කිව්වෙ..
"ඔයාට යන්න ඕනෙ කිව්වා නේද..? බායි එහෙනන්..." අන්තිමේ දි කියන්න දෙයක් හිතාගන්න බැරුව මම කිව්වා...
"ගියා.." එහෙම කියලා හිනාවෙලා අතත් වනලා ඉස්සරහට ගියා..
"පුදුම කෙල්ල!" මම මිමිණුවා...
ආයෙත් ගෙදර යද්දිත් තාත්තා නැහැ හිටියෙ...මම සෙටියෙන් වාඩි වුණා...දොරට තට්ටු කරා කවුද...?
"හා....හ්....." තඩි ඈනුමකුත් අරින ගමන් මම පැද්දි පැද්දි ගියේ...
"දොර...ඇරියා...ක..වු..දෑ...?" වචන ඇද ඇද මම ඇස් අමාරුවෙන් ඇරගෙන කිව්වෙ..නිදි මතයි මට..පුදුම කාලෙකින් එහෙම නිදි මතක් ආවෙ...නිදි කුමාරයාට මාව සහමුලින්ම අමතක වෙලා ඉදල ද කොහෙද...
එතන හිටපු කෙනා වේගෙන් මන් දිහාට මූණ දික් කරා...මාව බයට ම ගල් ගැහුනා...
"මොකද්ද ඔයා තානාට කරේ...?"
මට කතා කරගන්න බැරුව හිටියෙ...හෙනට මූණ දික් කරන්...නිකන් මුළු පාරාදීසෙම මුගෙ අම්මගෙ බූදලේ වගේනෙ යකෝ...
"එක්ස්කියුස් මී...පොඩ්ඩක් මූණ අයින් කර ගන්නව ද.." එයා එකපාරටම මාව බිත්තියට තද කරන් මගෙ බෙල්ලෙන් අල්ලගත්තා...
"කොහෙද එයා..." එතකොට නං නිදිමත ලෙෆ්ට්...
"ක....කවු....ද....?" මට නැමීගෙන ඉන්න නිල් පාට ඇස් දෙක දිහා කෙලින් බලන් ඉන්න බැරි වුනත් මට වෙන කරන්න දෙයක් තිබුන්නෑ...
"තානා කෝ..?"
"ත...තානා...තානා...ස්කෝලෙ...ස්කෝලෙ ළඟ.."
මාව අත ඇරපු එයා හිනාවෙන්න ගත්තෙ හරිම කෘෘර විදිහට...
"ඔයා එයාව ගත්තා නේද..?" නපුරු විදිහට මන් දිහා බලන් එයා අහනවා..
"ම...මම...? නෑ...මම මොකටද.." එතනින් පිටිපස්සට ගියපු මම ටිකක් ඈත ඉදන් කිව්වෙ...
"කවුද...කවුද ඔයා...?"
මන් දිහා ආයෙත් ලාවට බලපු එයා හැරිලා යන්නම ගියා...
"ඒ..ඒයි ඉන්න පොඩ්ඩක්...නම...නම කියනවා..." මම ටික දුරක් පස්සෙනුත් දිව්වා...පස්සෙයි ලැජ්ජාව තේරුනේ...ඊයා යකූ විලි සංගරයක් නෑ වගේ තෝ දිව්වා නේද අර උණහපුළුවා පස්සෙන්...මැරිහන් තෝ මැරිහන්...
ඒ...ත්...තානා...? අනේ දෙවියනේ මොනවද මේ වෙන්නෙ...
මට එතන ඉන්න වුනේ බොහොම සුළු වෙලාවයි...අදිසි හස්තයකින් මාව අදිනවා වගේ දැනුනෙ...
"අ...හ්..." මට කියවුනා...මාව කොහෙ හරි බොල් දේකට හයියෙන් වැටුනෙ ලොකු සද්දයක් එක්ක...
"අ...හ්...ම...න්...මන් කොහෙද මේ..හීනෙන් ද....?" මම වටපිට බලන්න ගත්තා...අඳුරුයි වටපිටාව...
_____________________________________________________________________________
🙄මට නං තේරෙම්නෑ මුනා වෙනෝත කියලා....
මම,
🚫❌කතෘ අවසරයකින් තොරව කතාව කොටස් වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් උපුටා ගැනීම සපුරා තහනම්🚫❌