The Vampire Love Story
BLANK❄
Previous Episode:- https://telegra.ph/The-Vampire-Love-Story-06-10
09th Episode
"අග්නගන්‍යා නෑ?..."
"මෙල්ඩියර්ගෙ දුව අතුරුදන්..?"
"කවුද කියන්නෙ..?"
"අපේ හෝරස් උතුමාණන් දෙවියනේ!"
"එයා මැරිල ද...?"
"සමහර විට...තානාට වුනා වගේ..."
"තානාට වඩා අග්නගන්‍යා විශේෂයි..."
"මන් හිතන්නෑ තානා මැරිලා කියලා.."
"අපි මොනවද කරන්නෙ...?"
"මට තේරෙන්නෑ...වැම්පයර් රටට ගිය කල.."
"අග්නගන්‍යා හාෆ් වැම්පයර් නිසා දරාගන්නත් බෑ ගොඩක්.."
වැම්පයර් රාජධානිය පුරාම ඇහෙන්න දකින්න ලැබුනෙ මේ වගේ මිනිස්සු කතාවෙන දෙයක්...මොකද්ද මේ වෙලා තියෙන්නෙ...?
"ආහ්..." මන් ඔලුව අල්ලන් නැඟිට්ටේ...
"ආහ්.." හිමින් බඩගාගෙන හේත්තු වෙන්න තැනක් හොයාගත්තා...හිතාගන්න බැ කොහොම මෙහාට ආව ද කියලා..
"කවුද ඉන්නෙ...? ආ..නා...?" මන් කටට ආවට කිව්වෙ...
"අහ්...අනේ...කවුරුත් නැද්ද.." ඇඟම සීරිලා විතරයි...වෙන මුකුත් වෙලා නෑ...හූරලා වගේ...
"අනේහ්..තානා...." මම ඒ නම මුමුණලා ටිකක් වෙලා හිටියා...පසනයවත් මොළේට ආවා...
මම දන්නෑ කොහෙද මම ඉන්නෙ කියන්න...තාම මේ පරිසරේට මම වැඩිය හුරු නෑ...ටික කාලයක් හිටියත්...මන් කිව්වේ ට්‍රාන්සිල්වේනියාවේ පරිසරයට...
"අග්නගන්‍යා...." එතනින් මතු වුනේ කෘෘ..
"කෘෘ...? ඔ...යා.....?"
"කොහොම ද..?" එයා මගෙ ඉස්සරහින් දණිස් බිම ගහන් ඉදගත්තා...හරියට නිකන් ඒක දණ ගහනවා වගේ...ඒත් එක දණහිසක් නං නෙවේ බිම තිබ්බෙ...ඒක හින්දා මම කිව්වෙ ඉදගත්තා කියලා...
"ඔයා ක්ලවුඩියා කියලා මට ආනා කිව්වනෙ..?"
"ම්ම්..ඕහ්...ක්ලවුඩියා...ඒ ඉස්සර.." මම කටට ආපුවට කිව්වා...ඒ ආනාව හද බැතින් සිහි කරලා...
"ඉස්සර..? ක්ලවුඩියා...! ඉතින් ඔයාව ආයෙත් දකින්න ලැබෙයි කියලා මන් හිතුවෙ නෑ..."
"ම..ම...ඕහ්..ඔව්...මාත් හිතුවෙ නෑ.." මමත් දැන් තනිකර පච...මොනා කරන්න ද වෙන...මූ හතුරෙක් කිව්වනෙ ආනා..ඒකිත් මොන වෙඩිමකට මුගෙ ගෙට වඩිනව ද මට තේරෙන්නෑ...
"ඉතින් ඔයාට මතක ද සුල්වියා ව..?"
"ආ....මතකයි මතකයි...අර උස කොට කෙනානෙ.." මමත් කිව්වා...කිව්වට පස්සෙයි මතක් වුනේ උස කියන එකේ විරුද්ධ පදේ නේද කොට කියලා..හයියෝ සාම්ත..මන් මළා...
"ඔවූ...ටිකක් කොට කෙනා තමයි.." කෘෘට ඒක මීටර් වුන්නෑ...කොහෙද මුට මීටර් වෙන්න මොළයක් තියෙන්න එපැයි..ඇතුළ හිස් ද කොහෙද...මන් නෙ ඉතින් සියල්ල දත්..😌
"මන් මේ කොහෙද ඉන්නෙ..? මගෙ ඇඟම දනවා.." මම කිව්වා...
"හ්ම්...." ඔන්න ඕක තමයි මට පේන්න බැරි....
"හුම් හුම් නෙවේ කියනවා මේ කොහෙද..?"
"මාළිගාව.."
"මො...ක...ද්....ද....?"
"අපේ කොටස..."
"අපේ කොටස...? ඒ..ඒ මොකද්ද...?"
"ඒකෙන් වැඩක් නෑ...ඔයා අපිට ඔයාගෙ පවර් එක දෙන්න ඕනෙ..."
"මොන..? මොන පවර් එක ද..?"
"හාෆ් වැම්පයර් කෙනෙක් ඔයා...අපිට ඔයාගෙ බ්ලඩ් ඕනි..."
"මො...ක...ද්...ද.........." අමාරුවෙන් නැඟිටගත්තු මන් පස්සෙන් පස්සට යන්න ගත්තා...මට මතක් වුනේ අපේ ස්කූල් භාර බියන්කා සෙලෙස්ටේව...එයත් කිව්වා මට දවසත්... "හාෆ් වැම්පයර්ස්ලාගෙ බ්ලඩ් ගොඩක් වටිනවා...ඒක හින්දා ඔයා පරිස්සම් වෙන්න..." කියලා..
"මට නෙවේ..ඒත් අපිට...ඔයාගෙ බ්ලඩ් ඕනි...."
"ඔයා මගෙන් ඉල්ලන්නෙ මගෙ ලේ ද..?"
"ඔව්...මට දෙන්න.."
"ම...මම කොහොම ද..ඒ...ක...දෙන්නෙ...? බෑ බෑ...මට...බෑ...යනවා ඈතට..යනවා යනවා..."
"කලබල වෙන්න එපා...ඔයාට මම මුකුත් කරේ නෑ..." ඒ පාර මේ යකා ඇසුත් රතු කරන්...එහෙම ඉද්දියි මතක් වුනේ පලවෙනි දවසෙ වැම්පයර්ස්ලගෙ ලෝකෙට මෙලෝ සසරක් නොදැන ගොඩ බැහැපුවාම වෙච්ච සංසිද්ධිය...ඒ කොල්ලා ම නේද මේ කියලා හිතෙන්න මට වැඩි වෙලාවක් ගියෙ නෑ...ඒ වගේ ම එයා ම වෙන්නැති දවසක් මාව කොටු කරගත්තෙ කියලත් මට හිතුනා...ඒ කියන්නෙ වෙස් මාරු කරන් වගේ..!!!!
"ඔ...යා....?" මට කියවුනා...
"ඇයි...?" ආයෙත් සන්සුන් වෙනන් ට්‍රයි කරන ගමන් එයා කතා කරා..
"ඔයා නේද එදා මගෙ ඇඟේ හැප්පීගෙන ගියා...ඔයා ඒක හිතලම ද කරේ...ඔයා මගෙ බ්ලඩ් ගත්ත ද..? ටිකක් ගත්තා නේද..? මොනවද ඔයාට ඕනෙ...එපා ළඟට එන්න...මොකද්ද වෙන්නෙ මගෙ බ්ලඩ්වලින්...? ඇයි ඔයාලා ඔච්චර මෝඩ...තමුසෙලට පිස්සු ද..? මේක අපි හැමෝගෙම ලෝකෙ...දෙකට බෙදාගන්න රණ්ඩු වෙන්නෙ මොකට ද බොරුවට...?"
"ඔයාගෙ ඔය ප්‍රශ්න සේරම ඉක්මනින් විසදෙයි ක්ලවුඩියා...ඔයා ආයෙත් මෙහාට ආවෙ අපෙන් පලිගන්න කියලත් අපි හොඳට දන්නවා...ඒත් මේ පාර ඔයාව සදහට ම මෙහෙන් අපි අයින් කරලා දානවා...ආයෙ ඔයාට කවදාවත් අපේ රාජධානියට අඩිය තියන්න බැරි වෙයි..." තව කෙනෙක්ගෙ කටහඬක් මගෙ පිටුපසින් ඇහුනෙ...මම ඒ දිහා බැලුවා...මාව දැන් නං ගැහෙනවා...හරිම භයානක මොහොතක්...උල් දත් තියෙන වැම්පයර්ස්ලා කට්ටියක් තනි මාව වට කරන් ඉද්දි බය නොහිතෙන්නෙ කාට ද.....?
මන් පස්සෙන් පස්සට ගියා...
"ප..ස....න්....?"
"ඔයා හරිම ලේසියි උගුලකට අහු කරගන්න...." එයා හිනාවෙලා කිව්වා...තව දන්නැති අයත් මාව වටකරන්...දහයක් පහළොවක් ඉන්න ඇති...
"ඔ..ඔයාලා ඔයාලා මාව බය කරනව ද...නෑ නේද...අ...නේ...අනේ...තාත්තේ..අනේහ්...අම්මා..." මම කෑ ගහන්න ගත්තා..
"බය වෙන්න එපා..අපි ඔයාට මුකුත් කරන්නෑ ගන්‍යා...ඔයාට තියෙන්නෙ...බ්ලඩ් අපිට දෙන්න විතරයි..." පසන් කියනවා සන්සුන්ව...
"නෑ...නෑ...බෑ...ඔයාලට මොකක් හරි ඒකෙන් කරන්න පුළුවන්...ඒකයි ඔයාලා ඉල්ලන්නේ..."
"ඔයාගෙ බ්ලඩ් අපිට ගන්න බෑ...එදා ඔයාගෙ ඇඟේ හිතලමයි හැප්පුනේ...ඒත් මම තේරුම් ගත්තා ඔයාට අමුතු බලයක්...සුපර් පවර් එකක් තියෙනවා...ඒක අපිට දෙන්න...එච්චරයි...ඔයාට කරදරයක් වෙන්නෑ...ප්‍රොමිස්..." කෘෘ කියනවා...
"ඒත් ඔයාලා එකතු වෙලා මාව දවසකුත් අල්ලගත්තා...ඒ ඔයාලා..ඔයාලා නේද..?"
"ඔව් ඔයාගෙ තාත්තා ආවෙ නැත්තන් තානා ඒ වැඩේ හරි අපූරුවට කරන්න තිබුනා..." කෘෘ කියද්දි මාව ගැස්සුණා...
"තා....නා....? ඇ...ඇයි...ඔයා නේද....ඔයාලා නේද එයාව මැරුවේ...?"
මම හොඳට ම බය වෙලා කිව්වා...
"මන් කවද්ද ගන්‍යා මැරුණේ..?" තානාගෙ කටහඬින් පණ නැතුව ගිය මාව ඉබේම බිම ඉන්දවුනා...මට දැන් කරගන්න දෙයක් නෑ...තානා, පසන්, කෘෘ හැමෝම මට විරුද්ධ අය ද...? අනේ එතකොට...? මන් මේ ලෝකෙ තනි වෙලා වගේ..කොයි වෙලේ හරි ආනාත් ඇවිත් මාව වට කරගන ඉන්න අයට එකතු වෙයි කියලයි මගෙ හිත කිව්වෙ...මම ඒ වෙනකන් හිත සන්සුන් කරගන්න උත්සාහ කරගත්තෙ..ඊට පස්සෙ මගෙ මරණය නියතයි වගේ දැනුනු හින්දා...
"ඔයාගෙ බ්ලඩ් අපිට දෙන්න ඔයා කැමතියි නේද ගන්‍යා...?"
"කිසිම දෙයක් ඔයාට වෙන්නෑ...මන් ඒක දිවුරලා කියනවා..."
"හැබැයි මේක කාටවත් කියන්න එපා..."
"ඔ...යා...ලා...තාත්තට විරුද්ධයි නේද..?"
"ඔව් ගන්‍යා...මොකද ඔයාගෙ තාත්තා හරිම දරුණුයි...එයා මිනිස්සුන්ව යොදවලා අපිව මරනවා...ශුද්ධ ජලය......" එහෙම කියද්දි තානාව වෙවුලුවා.. "වගේ දේවල් වලින්...."
"ඔයාට ඒ වචනෙ යූස් කරන්න එපා කියලා මම කිව්වා නේද තානා...?"
"සමාවෙන්න කෘෘ...."
"මට යන්න දෙන්න...!"
"යන්න දෙන්න පුළුවන්...ඔයාගෙ බ්ලඩ් ගන්න දෙන්න...ඔයාව කොච්චර සීරුවත්...උල් ආයුධවලින් ඇන්නත්...ඔයාගෙ බ්ලඩ් අල්ලන්න තියා හිතන්නවත් බෑ...අන්න ඒකයි ඔයාගෙ පවර් එක...අපේවත් එහෙම එකක් නෑ...සහෝදරයො බෙදාගනියි රට...අපිටත් කොටස් ලැබෙනවා...ඉතින් කැමති නැද්ද...මන් කියපු දේට...?" මට කෘෘ ගැන දැනුනෙ එන්න එන්න ම පිළිකුළක්...
"මම...මම කොහොම ද දෙන්නෙ...?"
"ඔයාගෙ අතින් ම අපේ අතට දෙන්න...මේ පිහිය ගන්න...අත කපන්න...අපිට බ්ලඩ් දෙන්න..."
"බෑ...බෑ..."
"බැරි නෑ...අපිට බ්ලඩ් ඕනි විදිහකට ගන්න පුළුවන් අපේ...ඒත් ඔයාට බෑ ඔයා හාෆ් නිසා..."
"මට...මන් ළඟට එන්න...එපා...කෝ...කෝ ආනා..."
"ආනාත් එයි ටිකකින්...ඔයා අපිට දෙන්න...වැඩි වෙලාවක් නෑ...කාලය යනවා..."
"ඇයි...? ඇයි අද විශේෂ...?"
"කිසිම සටනක් නැතුව ජයග්‍රහණය කරන්න පුළුවන් එක ම දවස අද...මේකට ඕනෙ වෙන්නෙ ඔයාගෙ බ්ලඩ් විතරයි...ඒක දෙන්න...ඔයා අනිත් අයට වඩා විශේෂයි...ඔයාට තේරෙනව ද..?"
"තාත්තා මාව හොයනවා ඇති...මට යන්න ඕනෙ..."
"මෙල්ඩි මොනා කරන්න ද ගන්‍යා...එයා නපුරුයි..."
"මගෙ තාත්තාට වචනයක් කියන්න එපා තානා...මම එයාට ගොඩක් ආදරෙයි..."
"ගන්‍යා...ඉක්මන් කරන්න..අපිටත් බලයක් තියාගන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා....." තානා ඒ කියපු දෙයින් මට තේරුනා මම පරක්කු වෙන්න වෙන්න එයාලගෙ බලය අඩු වෙනවා කියලා...
"තානා කටපියාගන්නවා...උඹ පැත්තකට පලයන්...මම දන්නවා මේකිව හරෝගන්න..." තානා ඒකට බය වෙලා පස්සෙ ගියා...කෘෘ මන් ළඟට හිමින් එන්න ගද්දි වටේ හිටපු අයත් මන් ළඟට එන්න ගත්තා...
එක්වරම ආනා කොහෙද ඉදන් පාත් වුනා...එතන අයත් ටිකක් කලබල වුනා...
"කෘෘ...! නවත්තනවා නවත්තනවා ඕක..." මන් ළඟට දුවන් ඇවිත් මාව කවර් කරගෙන ආනා කෘෘව තල්ලු කරා...
"ආනා..! තමුසෙ මට පොරොන්දු වුනා.." ටිකක් පුදුමෙන් හිටපු කෘෘ තරහෙන් කෑ ගැහුවා...
"මම කිව්වා...ගන්‍යා මේ කිසි දේකට සම්බන්ධ කරගන්න ඕනි නෑ...සහෝදරවරුන්ට බලයෙන් දිනන්න කියන්න...ඇයි එයාලා ඒකට බය...මෙල්ඩියර්ට බය ඇයි...?"
"මෙල්ඩියර්ට බය නෑ...! කිව්වනෙ සැරයක්..!"
"සැරයක් දෙසරයක් නෙවේ සිය සැරයක් කිව්වත් ඒකයි ඇත්ත කෘෘ...ගන්‍යාට ඉන්න දෙනවා...අපි යන්...ගන්‍යා.." ආනා අත දික් කරත් ඒක අල්ලගන්න මගෙ කැමැත්තක් තිබුන්නෑ...වුනු දේවල් හැටියට කාවවත් විශ්වාස කරන්න මට පුලුවන් වුනෙත් නෑ...
ආනාව එකපාරම ඇදලා ගත්තෙ තානා...මගෙ හදවත එතකොටයි නැවතුනා වගේ වුනා..ආනා වේගෙන් දගලන්න ගත්තා...
"මිනිහෙක්ව ගෙන්නමු ද...?" කෘෘ එච්චරයි ඇහුවෙ...
බය, දුක, කෝපය මිශ්‍රිතව කෑ ගහපු මන් පිහියක් අරන් අත කැපුවෙ ඒ වේදනාවත් ගොඩක් දැනෙද්දි...මම ඒ ලේ මගෙ අතට අරන් කෘෘ දිහාට දික් කරා...කට කොනකින් හිනාවුනු එයා ඇවිත් අත දික් කරද්දි ම මම පිහියෙන් එයාගෙ අතට ඇන්නෙ වුනු දෙයක් වෙද්දෙන් කියලා....කලින් ඒ දේ දැනගෙන හිටියා වගේ...එයා ටක්ගාලා අත අරන්...මගෙ අතෙන් ගලන ලේ ටිකක් අරන් බොනවා මට හීනෙන් වගේ පෙනුනේ....
මාව බිමට වැටුනා...පිහිය අතින් අත ඇරෙනවා විතරයි දැනුනෙ....ලෝකෙම මන් නිසා වෙනස් වේවි ද..? මොනවගෙන් මොනවා වෙයි ද..? මගෙ හිත බයෙන් කොච්චර කෑ ගැහුවත් මට කරන්න දෙයක් තිබ්බෙ නෑ...මගෙ ජීවිතේ බේරගන්න මම කරපු දෙයක් නං මම පසුතැවෙයි...ඒත් ආනාව බේරගන්න ඒක කරපු නිසා...මම කවදාවත් පසුතැවෙන එකක් නෑ කියලා මට හිතුනා...ඒත් ආනා කරේ රඟපෑමක් නම්...??
_____________________________________________________________________________
😶🌪ඩෝං...ඉවරයි...
මම,
🚫❌කතෘ අවසරයකින් තොරව කතාව කොටස් වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් උපුටා ගැනීම සපුරා තහනම්🚫❌