The Vampire Love Story
BLANK❄
Previous Episode:- https://telegra.ph/The-Vampire-Love-Story-06-08
08th Episode
"එන්න..."
"කොහෙ යනව ද ඕයි උඹ..?"
"එනවකො..."
ඔන්න ගිහින් ගිහින් ආවා...තියෙනවා කිව්වෙ ළඟ...මට ළඟ පෙනුනා...තරුත් එක්කම...ඇවිදගෙන ම ආවනෙ...මදැයි කොරපු වැඩේ..ආපු ගමන් දොරකට ඇන්නා...තට්ටු කරා නෙවේ ඇන්නා...මේකි නං මාව කන්න ආපු එකියක් ද කොහෙද..මහ මරුමුස් එකෙක් දොර ඇරියෙ...මේකි දැක්ක ගමන් හිනාවුණා..මට ආපහු හැරිලා දුවන්න ම රැව්වා...මම ගස්සලා අහක බලාගත්තා...
අමුතු භාෂාවකින් අහවල් එකක් ඇහුවා...ආනාත් මොනව ද දොඩලා මාව ගෙට ඇදලා ගත්තා...
"එන්න...මගෙ යාළුවට කිව්වා එනවා කියලා..ඔයා එනවා කියන්න බැරි වුනා..කමන්නෑ යමු..."
"හෝව් හෝව් හෝව්...ඔයා මෙහෙ එන්න ප්ලෑන් කරල ද ආවෙ..?"
මට ඇහැක් ගහලා හිනාවෙවී එයා ඇතුළට ම ගියා මාවත් ඇදන්..මමත් සරුංගලේ වගේනෙ...ඔහේ පාවෙලා ගියා...බලන්නකො ඉතින් කරලා තියෙන වැඩේ...
"ඒහ්...දොර අරින්ඩෝ..මන් ආවෝ.." කියපු ආනා කියන්නත් කලින් ඇතුළට ගියා...මමත් ගියා...
කාමරේ අඳුරුවට තිබ්බෙ...කෙනෙක් අපිට පිටිපස්ස හරවන් වාඩි වෙලා හිටියෙ...ලෝගුවක් දාන් හිටිය නිසා පෙනුන්නෑ වයස ද තරුණ ද තියා පිරිමි ද ගෑනු ද කියලවත්...
"ෂා ඔයා අලුත් පොත් ගොඩක් ගෙනල්ලා නේද...?" හිනාවෙලා පොත් තිබ්බ එකක් ළඟට දුවන් ගියපු ආනා කිව්වා...
අර හිටිය කෙනා නැඟිටලා අපේ දිහාවට හැරුණමයි හරියට ම මූණ දැක්කෙ..එයා මාවයි දැක්කෙ හැරුණ ගමන්...ඒ මූණට පුදුම නපුරු පාටයි...මාව දැකලා කලබල වුනා වගේ ම මන් දිහා බැලුවෙ තරහෙන්..මට වඩා ටිකක් උස බෝයි කෙනෙක්...එයා අර පලවෙනි දවසෙ දැක්ක අන්කල්ට වඩා ලස්සනයි....අනේ මට දරාගන්න බෑ වගේ..ඒත් උෟ හෙන නපුරෙක් ද කොහෙද..
"ඒ..ඒ..ඒ....ඉන්න මේ මගෙ යාළුවෙක්.." මැදට පැනපු ගමන් ආනා විස්තර කරා...හොඳ වෙලාවට...නැත්තන් අබ සරණයි පුතෝ..
ඒත් ඒ මනුස්සයා ඇස් එකට ළං කරලා බැලුවා විතරයි..නෝ කතා නෝ සිනා තමා...මමත් හිටියා ලොක්කි වගේ..කෙල්ලෙක් වුනාම ලොකුකමක් තියෙන්නත් එපෑ...
"මේ ඉන්නෙ කෘෘෆ්...මම නං කියන්නෙ කෘෘ කියලා...නේද කෘෘ...මෙයා නං ක්ලවුඩියා...ඒක ලස්සනයි නේද..?"
"හ්ම්ම්..." ඒත් කිව්වෙ උගුරෙන්...
"ඇත්තටම ඔයාලා බුම්මන් ඉන්න එපා...අද අපි යනවා හරි ද තානා ගියපු දිහා...ඊට කලින් මෙහෙ ටිකක් ඉමු හරි ද...මට පොඩි පොතක් ඕනි වෙනවා..." ආනා මට කිව්වා...
"මම අ......................................................." ඒක කියන්න කලින් කෘෘ මැදට පැන්නනේ...
"ක්ලවුඩියා කියන්නෙ කාගෙ කවුද..?" ඒ කටහඬ....!
"ඕහ්...මම................................................."
"ආයෙ ඉතින් එයා ගැන අහන්න ඕනි නෑනේ කෘෘ...ඕක අමතක කරමු...මට පොතක් ඕනෙ..හොයලා දෙන්න ප්ලීස්..."
"මට දැනගන්න ඕනෙ ක්ලවුඩියා ගැන..?"
"එයා මගෙ යාළුවනෙ ඔයාට මොකද..?"
"ඕනෙ නිසා..."
"ඕනෙ නිසා නෙවේ ඕපදූප හොයන නිසා.."
"කවුද දන්නෑ හොයන්නෙ..."
"හොයන අයවත් තමන් ගැන දන්නැති එක තමයි මට තියෙන ප්‍රශ්නෙ.."
"ඔයා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා..තව කොච්චර දේවල් තියෙනව ද ඔයාට හිතන්න..."
"මම හිතන්න ඕනෙ දේවලුත් දන්නවා හිතන්න ඕනෙ නැති දේවලුත් දන්නවා.."
"දන්නැති හින්දයි කලින් ම කිව්වේ.."
"මගෙ වැඩ ඔයාට වැඩක් නෑනේ..."
"මම ඔයාගෙ පවුලෙ කෙනෙක්නෙ..මම ඔයාට වැඩිමල්..ඒක හින්දා ඔයාගෙ වැඩ මම හොයනවා.."
"වැඩිමල් ද බාල ද කියන එක අදාළම නෑ....ඔයා කරේ වැරැද්දක් මන් ඒක කිව්වා.."
"මගෙ ගෙදරට එන අය ගැන මං නැතුව වෙන කවුද හොයන්නෙ..?"
"ඇයි සේවකයො ඉන්නෙ..?"
"ඒ ගේ ක්ලීන් කරන්න මිසක් ගෙදරට එනයන උන් ගැන ඕපදූප හොයන්න නෙවේ..."
"ඒ කියන්නෙ පිළිගන්නවා දැන් ඕපදූප හෙව්වා කියලා..?"
"මම හෙව්වොත් ඕපදූප වෙන්නෙ නෑනේ..මේක මගෙ ගෙදරනේ.."
"ඔයා නෙවේනෙ හැදුවෙ ඔයාගෙ ගේ වෙන්න.."
"අනාගතේ මටනේ...."
"ඔව් ඔයාටයි ඔයාගෙ වයිෆ්ටයි..."
"සමහර විට.."
"ආ තව ඇයි ළමයට..?"
ක්‍රීං.......ලිමිට් පැන්නා...ඔන්න දෙන්න ම දැන් දෙපැත්තට කැරකෙනවා..මන් හිතුවෙ මුන් දෙන්නා ගහගන්න යනවා කියලා..ඒත් එහෙම ඉදලා මුන් දෙන්නා එක පාරට ම ඉස්සරහට පැනලා බදාගත්තෙ නැතැයි...මට හාට්අටෑක් වගේ.....ජෝඩුව වගේ මුන් බදන් ඉන්නවා..වගේ නෙවේ ඒම ද දන්නෑ..අසරණ මට බලන් ඉන්නවා හැර කරන්න දෙයක් තිබුනෙ නෑ සුමේධ...අහක බලන්නත් බෑ බෑ වගේ...
දෙන්නම හොඳට ෆිට් කියලා මට හිතුනා හැබැයි...
"අම්මෝ ඔයා නං තව උස ගිහින්..." කෘෘගෙන් ඈත් වෙලා එයාගෙ අත් දෙක අල්ලන් ආනා කියනවා...
"මම උස යනවා තමයි කොහොමත්.."
"මම ඔයාව අගය කරාට උඩ යයි කියලා හිතුවෙ නෑ..."
"හිතන්නැති දේවල් අපේ ලෝකෙ කොච්චර වෙනව ද..?"
"අනේ මට ඇති කෘෘ..." අන්තිමට හිනාවෙවී ආනා කියනවා...කෘෘගෙ මූණෙ නං සතුට, දුක, බිය, තරහා මුකුත් නෑ...ඔහේ ඉන්නවා තලපෙ වගේ...
"අයියෝ ගන්....මේහ්...මන් කිව්වෙ ක්ලවුඩියා ඇයි ඔයා ඔතනට වෙලා ඉන්නෙ...ඇලිලවත් ද..?"
"ආහ්..ඕ..නෑ...මො...කද්ද...?"
"එන්නකො එන්නකො...මේ මනුස්සයගෙත් කිසිම ප්‍රියමනාපශීලී ගතියක් නෑනේ.."
"මන් එහෙම........................................."
"ඇති බන්...පස්සෙ රණ්ඩු වෙමු...ක්ලවුඩියාට එපා වෙයි ඔයාව.."
"වුනු දෙන්.." එයා කිව්වා..මම ගානක් නොගෙන ම එතනට ගිහින් ආනා ළඟින් හිටගත්තා...
"කෝ ඔයාගෙ කට..? කතා කරනවකො.."
විනාඩි කීපයක් ඉදලා ඉදලා බැරි ම තැන ආනා කියලා දැම්මා..
"හලෝ කොහොම ද මිත්‍රයා..?" මම හැඟීමකින් තොරව කිව්වෙ...
"අවුලක් ම නෑ.." ඕන් උත්තරේ..
"ආහ්..අපි යමු ද..?"
"යමු! ඒත්..පොත..? ඉන්න තත්පරයක්.." එහෙම කියලා ආනා දුවලා ගිහිම් පොත හොයන්න ගත්තා..මම ඉතින් අහසෙ තරු ගැන ගැන හිටියා...පඹයෙක් එක්කනෙ ජීවිතේ කියලා..
"ඔයාගෙ ඇත්ත නම මොකද්ද..?"
මම පුදුම වුනා කතා කරපු එකට ඒ මෝඩස්...
"මම ක්ලවුඩියා තමයි.."
"ඒ අවුරුදු ගානකට කලින්නෙ..දැන් එක මං අහන්නෙ..?"
"මගෙ..? අවුරුදු ගානකට..ඔ...ඔයා..මොකද්ද...කි...ව්...වේ...??" මම කම්පියුස් වෙලා ඇහුවා...ගණම් ගම්න එපා මාව කම්පියුස් වෙනවා හරියට...
"ම්ම්..නෑහ්...නෑහ් ඒක අමතක කරන්නකො..ඔයා මාව දැකලා තියේ ද...?"
"පොඩි මතකයක් තියෙනවා..ලොකු නෑ..හැබැයි සූටියි...මෙන්න මෙච්චරයි..." ඒකට නං හිනා වුනා යන්තන්..මමත් හිනාවුනා ඉතින්...ඉතිම් අපි ජොලියට කයියක් දාන් හිටියා..
"හිකි හිකි හිකි තමා...යන් දැන් හදිසිලුනේ.." ආනා දුවන් ඇවිත් කිව්වා..
"අ...නේ....."
"අනේ හනේ පනේ තමා...කලින් යන් කිව්වෙ මෙයා..දැන් කිව්වම බෑලු.."
"කොහෙද ඔයාලා යන්න හදන්නෙ..?" මැදට පැන්නෙ කෘෘ...එයා හුඟක් මිත්‍රශීලි කෙනෙක්...හැබැයි කතාව ටිකක් අඩුයි...ටිකක් නපුරුයි...ටිකක් නෙවේ හොඳට ම...
"අපි යනවා පොඩි ගමනක්.."
"කොහෙද..?"
"ළඟකට..ඔයාට ඒක ඕනි නෑනේ.."
"හා..තානාව මතක් කරා කියන්න.." අපිව පොඩ්ඩක්වත් කෙයාර් කරන්නෙ නැතුව එයා පුටුව ළඟටම ගියා...
ආනාත් මාව ඇදන් එළියට බැස්සා...හුඟක් දුර ආවට පස්සෙයි අපි කතාව පටන් ගත්තෙ..මොකද මෙහෙ අයට ඇහෙන ප්‍රමාණට වැඩියිනෙ..ඒකයි...
"මේ..කෘෘ මොනව ද ඇහුවෙ..ඔයා මෙල්ඩියර් ගැන කිව්ව ද..?"
"අනේ ඔයාට පිස්සු ද..මම ඔය මඟුල් උට කියන්න ගියෙ නෑ..එල ටොපට වැඩේ කරා.."
"එල ටොප..? ඒ මොකද්ද..?"
මන් ඉතින් 'එල' කියන එකේ සංසාරගත ජාතක දේශනාව ම දෙසන්න ගත්තා...
"එල එල..." අන්තිමට එයත් හිනාවෙවී ඒක කියනවා..
"ඒකෙනං වැඩක් නෑ..එයා ඔයාගෙ කවුද..?"
"මගෙ කවුරුත් නෙවේ..නෑයෙක්..එච්චරයි.."
"ඔය දෙන්නා හග් කරනුත් හිටියෙ නේද..?"
එතකොට මෙන්න හිනාවෙනවා..
"මගෙ බෝයිෆ්‍රෙන්ඩ් එහෙම නෙවේ...එයා මරු...මම එයාට ආසා හින්දා ඒ...ඔය එක් කෙනෙක් විතරයි...තව ගොඩක් අය ඉන්නවා ලස්සන...ඒ හින්දා රැවටෙන්න එපා...පේනවට වඩා දරුණු නපුරුකමකුත් එයාට තියෙනවා.."
"එහෙම අයත් ඉන්න ඕනිනේ.." මම කිව්වා...
"ඉන්න ඕනි තමා...ඒත් එයා සහෝදරයින්ගේ පැත්තට.." එහෙම කිව්වා විතරයි හිතේ තිබ්බ පැහැදීමයි කැමැත්තයි ඔක්කොම ලෙෆ්ට්....ගියා කියන්නෙ ඉවරෙට ම ඉවර වුනා...
"එහෙනං එයාගෙ ගෙදර යන්නෙ..?"
"මන් ඉතින් මෙල්ඩියර්ට බැන බැන ඉන්නෙ..තරහා ගන්න එපා...ඔයා ඉස්සරහා බැන්නත් එක ම දෙයයි තියෙන්නෙ..ඒ ඉවසන්න..."
"මට වැඩක් නෑ.." මම තරහෙන් කිව්වා...ආනා මුකුත් කිව්වෙත් නෑ...
"අද නං කාටවත් අහු වෙන්න බෑ...අපි හොයාගමු මෙතැන රහස.." ආනා කියනවා..
"මේ එක්ස්කියුස් මී ආනා...මගෙ යකා අවුස්සගන්න එපා..ඔයා එක්ක ආපු මෝඩකම මට දැනුයි තේරෙන්නෙ...! මට ඔයාව මල වදයක්..." මම එහෙම කියපු ගමන් ඇස් දෙක පියාගත්තා..කෙලින් ම මාව ආවෙ ගෙදරට...
"ඔයා කොහෙද හිටියෙ...?" තාත්තා කෑ ගහපු පාරට මාව අඩි පහ හයක් විසික් වෙන්නැති...
"තා...ත්..තේ......"
"අම්මා නැතුව මම ඔයාව බලාගන්නෙ අමාරුවෙන් කියලා තේරෙන්නෙ නැද්ද..."
"තා...ත්...තේ...අ..නේ...මො...ක...ද...වු...නේ.....?"
"කොහෙද ඔයා ගියේ...?" තාත්තාගෙ තරහා නිවන්න වතුර තමයි අම්මා....කෝ නෑනේ...දූගෙ මායම් වැඩ නෑ මේ වෙලාවට...
"ම...ම....ගි...යා...."
"යන්න කියපු තැනට ගියා..? ඔයාට තේරෙන්නෙ නැද්ද..? එතන යන්න ඕනෙ නැති හින්දයි ඒක වහලා තියෙන්නෙ....! කාමරේ ඇතුළට ම වෙලා ඉන්නවා එන්න කියනකන්...!" එච්චරයි කිව්වෙ..ඇදන් ගිහින් කාමරේ...
"මොකද්ද වෙලා තියෙන්නෙ..?" මං කෑ ගැහුවා...
"වෙන්න යන දේකින් බේරුණේ...එතනට යන්න එපා..මතකනෙ තානාට වුනු වැඩේ..."
"තානාට මොනවා වුනාද කියලා බලන්නයි මට ඕනි වුනේ.." මම දොරට ගගහා කෑ ගැහුවා...
"එයාගෙන් ම අහගන්න පුළුවන්නෙ.."
"එයා කෝ ඉතින්..."
"කෝ කියලා තමයි මාත් අහන්නෙ.." ඒක කීවමනං මාව ගැස්සුණා...මොනවගෙන් මොනා වුනාද කියලා...
"තාත්තේ...තා..නා....ට.....මොක...ද...වුනේ..?????????"
"තානා මැරුණා..!" මගෙ හදවත පැලුනා වගේ...
"ඒ...ඒ...ක්..කොහො...ම...ද..?"
_____________________________________________________________________________
🤒තානා..
මම,
🚫❌කතෘ අවසරයකින් තොරව කතාව කොටස් වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් උපුටා ගැනීම සපුරා තහනම්🚫❌