The Vampire Love Story

The Vampire Love Story

BLANK❄
...නපුරු වූත් ආදරණීය වූත් ඔහුගේත් ඇගේත් හමු වීම...

Previous Episode:- https://telegra.ph/The-Vampire-Love-Story-06-07


07th Episode

Bonus Episode (1)



"අග්නගන්‍යා..." ආයෙත් කතා කරද්දි මං ටීන් ගාලා හැරුණා...ඔලු කට්ට වැදුනා වැදිල්ලක්...ජනේලෙ...


"ආහ්..." මන් අත අරන් කිව්වෙ...


"ඔයා නේද ක්ලවුඩියා...?" එතන හිටපු කෙල්ල ඇහුවෙ..ජනේලෙ ළඟ හිටිය කෙල්ලෙක්...


"මොකා..?"


"ක්ලවුඩියා..?"


ඒ මොන මල පෙරේතියක් ද ඒ...ඈ යකෝ මේකි මගෙ නමින් ම මට කතා කරලා කොහෙවත් ඉන්න වළාකුළත් ගැන අහනවා..ඔය වෙලාවට තමයි ඉතින් නැති වචනත් එක්ක මතක් වෙන්නෙ...


"නෑ..මම අග්නගන්‍යා.." මම් හොඳ ළමේක් වගේ ඉන්නෙ...මෙහෙ විතරයි...යූ නෝ නේ.....


එයා ප්‍රශ්නාර්ථ බැල්මකින් මං දිහා බැලුවා....ඒ මූණ ස්කෝලෙදිත් දැකලා හුරුයි...


"ඔයා ස්කූල් එනව ද..?"


"ඔව් මතක ද..? මම ආනා.."


"හන්නේ..මට දැන් මතක් වුණේ..." මම එයා ළඟට ළං වෙලා කිව්වෙ..


"ඔව් තානා ඔයාව මතක් කරා කියන්න.."


"එයා හොඳින් ද නේද..? වුනු ප්‍රශ්නෙන් පස්සෙ..?"


"ඔව් මේ ප්‍රශ්නවලට දැන් මිනිස්සුත් සම්බන්ධ වෙලා ද කොහෙද..?"


"අපේ තාත්තාත් ඒක තමයි කිව්වේ..ඒක නෙවෙයි..ඔයා කවුද අර ක්ලවුඩියා ගැන මොකද්ද ඇහුවෙ..?"


"නැහැ මට ඊයෙ අපේ ගෙදර කතා වෙනවා ඇහුනා දෙයක් ඒකයි...ඒක හිතන්න එපා...මට දැනගන්න හිතුනා.."


"මොකක් ද කතා වුනේ..?"


"එයාලා කතා වුනේ අග්නගන්‍යා කියන්නෙ ක්ලවුඩියාටමයි කියලා.."


"ක්ලවුඩියා..? ම්ම්..ඒ කවුද...?"


"මම නං ඒක ගැන හරියට ම දන්නෑ..තානාට කිව්වෙත් නෑ...එයාට කියන්න එපා මම ඇහුවා කියලා..මට බනියි.."


"ඔයා එයාට බය ද..?" මන් හිනාවෙවී ඇහුවෙ...


"ආපෝ කවුද මේ මන්..? ඔයා දන්න දේ තමා...එයානෙ මට බය.." මන් හයියෙන් හිනාවුණා...තානාගෙ නංගි තමයි ආනා...මන් එයාව අදයි දැක්කෙ හරියට ම...එයා තානාට වඩා ලස්සනයි...දෙන්නා නිවුන්නො නෙවේ ෂරිත...


"ආහ්...මම ඔයාට ගෙට එන්න කිව්වෙත් නෑ...."


"අයියෝ ඕක මොකද්ද..? දැන් කවුරුවත් ගෙදර ඉන්නව ද..?"


"නෑ දැන්නම් නෑ තාත්තා ගිහින්..."


"ඔයාගෙ තාත්තා මෙල්ඩියර් හෝරස් නේද..? මන් ඒ නමට ආසයි..."


"ඔව් එයා තමයි...මමත් ආසායි..."


"ඒක නෙවෙයි..ඔයාගෙ නම දිගයි...මට ඒක කියන එක එපා වෙනවා අප්පා..අපි කෙටි කරමු නේද..?"


"කරමු කරමු...මොකක් වගේ ද..?" මට කලින් වගේ තරහා ගියේ නෑ හැබැයි..


"ඕහ් ඔයා කැමති කොහොම ද..? තානා නං කිව්වේ ඔයාට මාරෙට තරහා යනවා කියලා...." එයා අතුත් වන වන කියද්දි මාර සෝයි අනේ...එයා හරි ම සෝක් ඇත්තටම...


"එයා එහෙම කිව්ව ද..? ඔය ඇත්තම ද..?"


"කිව්වා නේන්නම්.."


"හරි මං ඒක එයත් එක්ක හෙට බලාගන්නම්කො..."


"ආ...මන් තානාගෙන් අරන් ආපු පණිවිඩේ දැන් මතක් වුනේ..ඊට කලින් කියන්න ඕනෙ...ඔයා හෙට එයාට ගහන්න අල්ලගෙන...එයා ගුටිකද්දි මට බ්ලඩ් ලැබුනා වගේ තමා...."


මම ඒකටත් හිනාවුණා..


"මට ගන්‍යා කියන්න..අම්මයි තාත්තයි කෙටියෙන් කියන්නෙ ඒමයි....ඒකට වඩා කියන්නකො ඉතින් ඔයාගෙ සුවිසල් පණිවිඩේ...?"


"මට එයා දෙන පණිවිඩ සුවිසල් වුනේ කොහොම ද..? හරි හරි කොහොම හරි එයා මට කිව්වා ඊයෙ ගියපු තැනට ම ඔයාට එන්න කියන්න කියලා...එයාටයි ඔයාටයි සම්බන්ධ වෙන්න බෑලු...මොකක් හරි බාධාවක් අප්පා..." කිව්වා විතරයි මේකි යන්න ලෑස්තිය... "බායි ගන්‍යා...."


"ඈ...පොඩ්ඩක් ඉන්න..ඒහ්...ඔයාට හොඳට ම ෂුවර් ද...ආ.....නා........?????" මං හයියෙන් කෑ ගැහුවා...කොහෙද මේකි චුත වෙලා...


දැන් ඉතින් යන්න වෙනවා...කොහෙද පච ද දන්නෑ...ඕකි මුචලින් ද කියලා කිව්වෙ තානා නං...දෙන්නා නයි වෙෙර එකේ ඔහොම පණිවිඩ මට උස්සන් එයි ද...? වෙන කවුරු හරි බයිට් කරා ද දන්නෑ වෙස් වලාන මතු වෙලා...අනික යකෝ තානා මේ හතර හන්දි කඩන් ඉද්දි මගෙ ඒවත් කඩන්න ද දන්නෑ ට්‍රයි එක...දැන් තමයි සිද්ධාලේප අන්කල්ව මතක් වෙන්නෙ...


'ෆියෝ ෆේලිස් සම්බන්ධිතයි'


'පසනයෝ උඹ කොහෙද යකෝ' 


'ගන්‍යා මොකද'


'මුකුත් නෑ බන්..මට කම්මැලියි'


'ඒ බන් වැඩක්...මීට් යූ ලේටර්'


ඔය කොරේ ලස්සනට...මට ඉතින් එතකොට තමයි.................අර්ර්ර්ර්ර්.....කම්මැලි කමට මනෝ පාරක් ගහන්න හිතන් මිනී පෙට්ටියට පැන්නා...තාත්තා ඇදක් ගෙනත් දුන්නෑ කකුල් දෙක වැදලා ඉල්ලුවත්...බලන්නකො මේ දූට තියෙන කෙනෙහිලිකම්..හරි ම අසාධාරණයි...ලොකු වෙලා ප්‍රසිඩන්ට් වෙන්න හිතන් හිටිය මට වෙච්ච අගතිය...අහෝ දුකකි ඉරකි තිත් ගොඩකි.....


මනෝ පාරෙ මැවෙන්නෙ ඉතින් දැන් තියෙන තරුණ වියේ අදහස් තමා...හනේ මට මොන වගේ කොල්ලෙක් හම්බෙයි ද දන්නෑ..උෟ මට ලව් කරයි ද දන්නෑ...මට උෟට හතරට නැවෙන්න වෙයි ද..හතරට නෙවේ මම දෙකට නැවෙන්නෑ...මගෙ උල් දත් දැක්ක ම උෟ දහයට ම නැවෙයි...උට හන්දිපත් රුදාව හැදෙයි ද දන්නෑ හැබැයි දහයට නැවිලා..ඒක උගෙ වැඩක් නෙ...මට මොකෝ...


ඊළඟට....ලොකු වෙලා මොනා නැතත් මන් මේ ලේ බොන වැම්පයර් පැටව් එක්ක ඉන්නෑ කියලා හිතන් ඉවරයි...මෙහෙ ඉද්දි නින්ද වැඩිය නාවත් නිදි කිර කිර හරි අරහෙට වෙලා ජොලියෙ හිටියනෙ..මෙහෙ මුකුත් නෑ තම්බපු මැටි ගුලිය වගේ ඉන්නයි තියෙන්නෙ...


ඕවා හිත හිතා ඉද්දි ඉතින් දන්නෙ ම නැතුව නින්ද ඇවිත් මාව පැහැරගෙන...ගැලවෙන්නත් බෑ ඉතින්...මට ඇහැරෙද්දි රෑ......මම ඉතින් කම්මැලි කඩ කඩ නැඟිට්ටා...සාලෙට යද්දි දැක්කෙ තාත්තා ඇවිල්ලා..


"ඔයා ආව ද..?"


"ඔව්...ඔයා නිදිනෙ..මම කතා කරේ නෑ.."


"මොකද තාත්තෙ නිකන් සසර කල කිරිලා වගේ.."


"මම හිතුවා හරි...මිනිස්සුත් මේ ඕන්නැති ඒවට ඇඟිලි ගහනවා..අපි වැම්පයර්ලා කියලා දැනගත්තොත් ඉවරයි...කරන්න දෙයක් නෑ මට කෙනෙක්ව වැම්පයර් කෙනෙක් කරන්න වුණා..." 


"අනේහ්..! පවු.."


"මට කරන්න දෙයක් නෑ...ඒක මිනිස්සු අතරෙත් ගියොත් ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ..."


"හ්ම්..අම්මට කොහොම ද..?"


"හොඳින්...මම කතා කරා එයාට.."


"එහෙනන් හොඳයි..."


"ඔව් ගන්‍යා ඔයා කලින් වගේ කොහෙවත් ගිහින් එහෙම අහු වෙන්නෑ.." ඕන් කිව්වා...තාත්තා හිත කියවයි කියලා බයට ම මන් තානාගෙ සීන් එක පාලනය කරගත්තා..


"හිතන් ඉන්නවා එහෙම නෙවේ නෙ.."


"නෑ..!"


"මගෙ අයියලා ඔයාව බලන්න කැමතිලු.."


"මාව..?" 


"ඕ ඒත් ඔයාව එහෙ එක්කන් යන්නෑ..එයාලා මෙහෙ එන්නෙත් නෑ.."


"හේතුව..?"


"හේතුව එයාලට එන්න බෑ...ඔයා දැන් වැඩක් කරගන්න...හෙට හම්බෙමු...මම රෑ කෑම හොයන්න යනවා...ඔයා යනව ද..? මම ගේන්න ද..?"


"ඔයා ගේන්න.."


"පුරුදු වෙනවනම් හොඳයි...කමක් නැ අදට විතරයි.." හැමදාම ඉතින් කියනවා විතරයි...ඔය කිව්වට මගෙ ඩැඩා මට හෙන ආදරෙයි....තාත්තලා වැඩියෙන් ආදරේ දූලටනේ...හැට හතර දැම්ම ම ඉතිම් ඕනි එකක් කරගම්න පුළුවන්..අත්දැකීමවලින් පරිපූර්ණව කියන්නෙ...අම්මලාත් එක්ක නං ලේසි නෑ...හැමෝම දන්නවනෙ ඒකනං කිව්වත් නැතත්...


හෙට ගමන යන්න මට මාර ආසාවක් තිබ්බෙ..එහෙ කොච්චර කරදරකාරී තැනත් වුනත් ඒ ලබන විනෝදෙ නං මෙච්චරයි කියන්න බෑ...තානාව කන්ටෑක්ට් කරගන්න බැරි ම තැන මම ආනාව කන්ටෑක්ට් කරගත්තා...


'ආනෝ...'


'අඩේ අග්නගන්‍යා'


'මට හෙට එන්න බෑ..තාත්තා කේස්..'


'තාත්තා..? අනේ මෙල්ඩි ද..එයාව කපන්න..අපේ ගමන අපි යන්..'


'අපේ ගමන..? ඔයා ද එන්නෙ..? තානා කෝ..?'


'ඕ...නෑ...නෑ...මන් කිව්වෙ තානා ගැන තමා...එයා මෙතන ඉන්නවා...'


'මතක් කරා කියන්න...'


'හා හා පස්සෙ බැරියැ..'


'එහෙනං වලියක් ඇදලා වගේ..'


'වගේ නෙවේ...තමා...වලියක් ඇද්දා..එයා ඉස්සල්ලා කරේ...'


'මට ඒකෙන් වැඩක් නෑ....අහන්නකො..මම හෙට ගෙදරට හොරෙන් එන්නෙ...තාත්තා එන්න කලින් පැනගන්න ඕනෙ...'


'ආ සුළු දෙයක්...වැඩි වෙලාවක් යන එකක් නෑ නේද..'


'මේ මට උඹව සත පහකට විශ්වාස නෑ..ඔයා ද මන්දා එන්න හදන්නෙ...'


'මොකා හරි..අන්න අක්කා මාව අමතනවා...මම ගියා...' කියලා මේකි ලෙෆ්ට් ම තමා..


දැන්නං සැකේ වැඩියි වගේ...රෑ පියාණන් සුභ ගමනින් ආව ම කෑම බීම කාලා බීලා ටිකක් එළියට වෙලා ඉදලා ආයෙ ඇතුළට ඇවිත් හෙට ගෙනියන්න ඕනෙ දේවල් ටිකත් හොරන් ම ලෑස්ති කරගත්තා...අහුවුනොත් නං පුතෝ කන්න වෙනවා රස පරිප්පුවක්...


අපි එදා ගියෙත් අමුතු තැනකට..ඒකට ගියේනං අහම්බෙන්...දැන් යන්නෙ හිතල ම...අහලත් නෙවේ ඒකත් හොරෙන්...මරු නේතෙ...


තාත්තා යනවනෙ උදේට ගොඩක් වෙලාවට ගෙදරින්...හැම වෙලේ ම ගිහින් මොනවා කරනව ද කියලා හිතෙනවා මට වෙලාවකට...ඕවගේ භාරදූර බිසී ජොබ් තමා මන් අප්‍රසන්නම...ඈහ්...ආස ම නෑ ආයෙ ඉතිම්...එන්නෙත් දවල් වෙලා..දවල් නිදියලා..ආයෙ රෑ නෑ...බලන්නකො ඉතින්...මොන කරුම ද කියලා...සැප තමා...


"ඔයා පරක්කුයි.." මම තානා කියලා කතා කරන්න කට ඇරියා විතරයි ආනා එළියට බැස්සා...


"ඔයා..?" මට එයා දකින හැම වෙලාවෙ ම හිනා යනවා අප්පා...


"මොකෝ හිනාවෙන්නෙ...ඔයාට තරහා යනවට වඩා මට පේන්නෙ හිනා යනවා වගේ...දැන් ම යමු නේද..හෙන බඩු තොගයක් උස්සන් ඇවිත්..."


"පොඩ්ඩක් ඉන්න කෝ තානා...?"


"ඇයි මන් නරක ද..?"


"ඔයා හොඳයි...ඒත්......................"


"ෂ්...තානා ගෙදර නෑ...කවුරුත් නෑ...මාත් මේ හොරෙන් යන්නෙ...ඉක්මනට යමු.." කියලා දිව්වෙනැතැ'යි ඉස්සරහට....හප්පේ...මට ම හරියන කෙනා...තානා හෙන නීති...ඒකට මෙයා...මන් වගේමයි...


"මම හිතුවා මට ඔයා එක්ක යන්න වෙයි කියලා.." මම හෙන ගැම්මට කිව්වෙ...


"මට හිතුනා ඔයා ඒ හින්දමයි ආවෙ කියලා.." එයා හිනාවෙවී කියනවා...


"ඒ හින්ද ම තමා..." මමත් හිනාවෙවී ම උත්තර දුන්නා...


"මේහ්...හාෆ් වැම්පයර් කෙනෙක් වුනා නම් හොඳයි කියලා මට හිතෙනවා.."


"ඒත් ඔයා එහෙම නෙවේනෙ.."


"ඔවූ...ඒත් ආසයි..."


"ඒ ඔයාට ඒක දැනගන්න ආසා නිසා..." 


"වෙන්න ඇති.." එයා ඔලුවෙ දාන් ඉදන් හැට් එක එහෙ මෙහෙ කරන ගමන් කිව්වෙ..


"ඔයා නීට් එකට ඇවිත්....මම තමයි අපායෙ කැලැන්ඩරේ වගේ ඉන්නෙ.." 


"ඔයා නීට් එකට එන්න එපෑ ගන්‍යා ඉතින්..." මම හිනා වුණා..


"ඔයා හරි ජොලි..." එයා එකපාරට ම කිව්වා.....


"ඒ ඔයත් එක්ක ඉද්දි..." මම හිනාවුණා..


"ඔයා හිනාවෙද්දි කම්මුල් වල ගැහෙනවා නේද..? ඒක හරිම ලස්සනයි.." මාව රතු වුණා...


"ත්..තැ..තෑ...න්...න්..ක්...ස්..."


එයා හයියෙන් හිනා වුණා... "හරිම විනෝදයි.." එයා හිමින් මුමුණගත්තා...


"ඒ පොඩ්ඩක් ඉන්න...මෙතනින් ඉන්න..මට කෙනෙක්ව හම්බෙන්න තියෙනවා..ඔයත් එනව ද..?"


"මොකද්ද...? කාව ද..? බෑ බෑ අනේ කාවවත් හම්බෙන්න බෑ යමු...තාත්තා දැනගත්තොත් මාව මරයි.." බය නොව සැකයයි....


"අඳුරන යාළුවෙක්...ඔයා එනවනම් එන්න..තාත්තා දැනගන්නෑ.."


අන්තිමට කියලා කියලා මාව අකමැත්තෙන් වුනත් එකඟ කරගත්තා...ඒවට නං දක්ෂයි මොනා නැතත්...


"මේ හිතේ තියෙන දේවල් පෙන්නන්න එපා..ඔයා ඒක පාලනය කරන්න දන්නවනෙ.."


"ඔව්...ඇයි මේ හතුරො ද..?"


"කෑ ගහන්න එපා...තාත්තා මෙල්ඩියර් කියන්න එපා..ඔයා මගෙ අක්කා...හරි ද.."


"හ්ම්..."


ආපු තරහා මං බොහොම අමාරුවෙන් පාලනය කරගත්තෙ...ආනා කරන්නෙ හරි ම අනතුරුදායක වැඩනෙ...උගුලකට ද පැන්නෙ..???


හැබැයි මට කරදරයක් කරන්න කාටවත් බැරිලු මෙහෙ ඉද්දි...මට මොකක් හරි බලයක්වත් ඇති...තාත්තා කිව්වෙ...අම්මා කිව්වොත් නං ඉතින් හිත සනසන්නනෙ...තාත්තා සීරියස් නෙ..




_____________________________________________________________________________


😂❤මරු යාළුවා හැබැයි...


උපම්දිනේට විශ් කළ ඔබ සැමට මාගේ හදපිරි මෙව්වා එක...❤😁

 



මම,

Sinaa✨



🚫❌කතෘ අවසරයකින් තොරව කතාව කොටස් වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් උපුටා ගැනීම සපුරා තහනම්🚫❌



Report Page