The Vampire Love Story
BLANK❄
Previous Episode:- https://telegra.ph/The-Vampire-Love-Story-06-05
06th Episode
මම ඉතින් පොඩ්ඩක් එහාට ගියා...එහෙ හරි ම අමුතුයි...අමුතු ලස්සනකුත් නැතුවා නෙවෙයි...නැතුවා කියන්නෙ ඉතින් ඇතුවා තමයි...ටිකක් වෙනස්...කරුවලයි...රෑ නිසා...මටත් ලේසියි ඒ නිසා..
මම කල්පනා කර කර ගියේ ඉතින් මගෙ ජීවිතේ වෙනස් වුණු තත්පර ගාණ...මට හිටිය යාළුවො පෞ...උන්ට වද දුන්නු මන් ඊට වඩා පෞ...මට එයාලා නැතුව ඉන්න බෑ වගේ...හෙට ඉදලා මට ඉන්න වෙන්නෙ මේ අමනුස්ස පැටව් ටිකක් එක්ක නේද...
අග්නගන්‍යයෝ උඹ මෙහෙන් පැනලා පල..ළමා මොළේ තියන් හිකි හිකි ගගා ඉදලා හරියන්නෑ...ඉහි ඉහි..මගෙ කොච්චි මැඩම්......
ඒහ්..ෂිට්...එකපාරම කල්පනාවෙන් සිහියට ආවෙ දැනුයි...එතකොටයි මට තේරුනේ මන් හුඟක් දුර බඩගාලා කියලා...හුද වෙලාවට කෙලින් එන්න ඇත්තෙ..හැබැයි ඉතින් මම හැමවෙලේම ගියේ ඇද ගහලා...ඒකයි තියෙන අවුල...බිකෝස් මට නින්ද යනවනෙ...නෑ නින්ද යන්නනම් නැතුව ඇති....ඒමවත් හිතමු...
එතන කට්ටිය මාව වැඩිය කෙයාර් කරෙත් නෑ...එක එක විදිහට ඇඳුම් ඇදන් හිටියෙ..උඩ යටත් මාරු කරලා සමහර ඒවා..එතන හිටිය කිසි කෙනෙක් ඒ දිහා බැලුවෙ නෑ..මන් නං කටත් ඇරගෙන උඩ පහළ බැලුවා..
පිරිලා නෑ මිනිස්සු වැඩිය...මන් හුළඟින්නෙ ආවෙ අර බියන්කා ද කවුද ලොක්කි එක්ක..හුළඟින් ද මොකෙන් ද මන්දා මොන විදියකින් හරි කඩා පාත් වුණානෙ එක පාර ම ගෙදරට..තනි ඇහැට ඇඬෙනවා ඉතින්...මන් එකැස්නෙ...සමහර වෙලාවට විතරයි ඈ...
මම ඔහේ දිගට ම ඉස්සරහට ඇවිදන් ගියා...එන්න එන්න ම ලස්සනයි වගේ..ඒ සයිඩ් එක...දන්නව ද...මට කට තියන් ඉන්න බෑ කියලා...වෙලාවකට අපේ අම්මා කියන්නෙ මං වාචාලයි ලු...ඊ...මන් නං කැමති නෑ ඒම වෙන්න..ඒත් කටකාරකම ඕනි නේත සූටි ළමයිට මම් වගේ...අම්නේ...
"හායි!" මන් ඉංග්ලිෂ් ටිකක් දන්නවා හරි ත..මන් දක්සයි නේත..යෝ යෝ...
"හායි!" ඒ කෙල්ලෙක්...වයස නං අනේ මන්දා....
"කොහොම ද..? මම මෙහෙට අලුත් කෙනෙක්.."
"අලුත්..? ඕහ්..අඳුනාගැනීම සතුටක්..!" ටිකක් පුදුමෙන් වුනත් එයා කිව්වා..
මම හිනාවුණා...හරිම ෆ්‍රෙන්ඩ්ලි වගේ..
"ඉතින් ඔයාගෙ නම මොකද්ද..?" එයා ඇහුවා..
"මම අග්නගන්‍යා.."
"සොරි..?"
"අ...ග්...න...ග...න්....යා....." මට හරි අප්සෙට් අප්පා නම දෙසරෙ අහද්දි...ඇහෙන විදිහට කතා කරපන්කො මං කියන්නෙ..ඒත් විකෘති නොකර...හිකිස්...
"ෂා..ලස්සනයි.."
"තෑන්ක් යූ..ඔයාගෙ නම..?"
"තානා.."
"තානා..ඒක නියමයි.."
එයා හිනාවුණා..
"ඔයා කොහෙද ඉන්නෙ..? මෙහෙ කෙනෙක් නෙවේ වගේ..?"
"ම්ම් නැහැ..මම කළම්බො.."
"මොකද්ද..?"
"මන් කිව්වෙ...මම ඉන්නෙ ශ්‍රී ලංකාවේ.."
"ම...මන් අහලා තියෙනවා..ඒ..නම...ඔ..යා..වැම්පයර් නෙවේ ද..?"
මන් මොකක් කියන්න ද කියලා හිතාගන්න බැරුව මොහොතකට ගොළු වුණා..තානා සෝක් වගේ හිතුනෙ...එයාව යාළුවෙක් කරගන්න එක හොඳයි කියලා හිතුනෙ ඒකමයි...
"මේ...මේකයි මම හාෆ්..හාෆ් වැම්පයර්.."
"ඕහ්..මන් බය වුණා.."
"බය වෙන්න එපා..මමත් වැම්පයර් කෙනෙක්.."
"ඔයා අර රටක් ගැන මොකද්ද කිව්වේ..?"
"ආ...ඒ මේ..අපේ නෑදැයො.."
"ඕහ්.." තානා එහෙම කිව්වට එයාට තේරුනේ නං නැද්ද කොහෙද..මට මොකෝ...ඕන්නං ආයෙ අහන්නැතෑ කියලා මාත් හිටියා...
"මම දැන් යන්න ඕනෙ...රෑ වෙලාවෙ නිදා......................." එතකොටයි සීන් එක ආයෙ මතක් වුණේ... "මන් කිව්වෙ මට රෑට තාත්තව මීට් වෙන්න ඕනෙ.." මන් කියලා දැම්මා..
"හරි හොඳයි...ආයෙත් දවසක හම්බෙමු.."
"අනිවාරෙන්ම..ඕහ් ඔයාගෙ ඒජ් කීය ද කිව්වේ..?" මන් ආයෙත් හැරිලා ඇහුවා..
එයා ටිකක් වෙලා බලන් හිටියා..
"ම්ම්..ඒජ්..? ඒජ්..? අර්...මට මතක නෑ..හරියට ම.."
"මො...කා....ද්ද..?????"
"මට යන්න හදිස්සියි...මම ඔයාව හෙට හම්බෙන්නම්.." ඈ බොල දැන් යනවා කිව්වෙ මන්...යන්න හදිස්සි මේකිට...කාට කියන්න ද මේවා...
"හරේ..මගෙ තාත්තා මෙල්ඩියර් හෝරස්...!" මම කෑ ගහලා කිව්වේ එයා අතුරුදහන් වෙන්න කලින්...හැමෝටම ඇහුන ද දන්නෑ......කමන්නෑ එක්කො ඇහුනත් මට මොකූ...
එයා ගැස්සිලා මං දිහා බැලුවා...
'ඔයා ඉක්මනට මෙතනින් යන්න' ඒක මට ඇහුනෙ හිතෙන් කියනවා වගේ...තානාගෙ කටහඬින්...මම වටපිට බැලුවෙ නිකන් තත්ත්වය දැනගන්න...සමහර අය මන් දිහා කන්න වගේ බලන් හිටියෙ...පස්සෙන් පස්සට ගියපු මම පිටුපස හැරිලා වේගෙන් දුවන්න ගත්තා..
'මාව ගෙදරට...ගෙදරට යවන්න...ගෙදරට යවන්න..' මම එහෙම හිතද්දි කලින් දවසක ස්කෝලෙ දි වුනා වගේ ම මාව ගෙදර ළඟට ම එයි කියලයි මම හිතුවෙ...කලින් වගේ නෙවේ මට යනවා වගෙත් දැනුණා...ඒත් මං හිතන්නෙ කොහෙන් හරි නැවතුනා..මට දැනුනෙ නිකන් කවුරු හරි මාව බලෙන් ඇදලා නැවැත්තුවා වගේ...
මගෙ මොළේ වයර් ටික චේන්ජ් වෙලා ද කොහෙද...කිව්වෙ එකක්..වුනේ එකක්...
මම කැරකුනේ ඒ ප්‍රදේශෙවත් අඳුරගන්න...මොන බල්ලෙක්වත් නෑ යකූ පාරෙ..බල්ලෙක් තියා කූඹියෙක් ඉදපන්කො මන් කියන්නෙ...කූඹියෙක් කෙසේ වෙතත් අර ලේ බොන්නෙක් හරි...
"හලෝ? සුභ දවසක්! කොහෙ ද මේ..?" මම හිමින් මිමිණුවා...මොකාට හරි ඇහෙන්න..උන් පේන්නැතුව ඉන්නව ද දන්නෑනේ..අනික මං මොකට ද බය වෙන්නෙ...කෙල්ලෙක් වුනා ම එඩිතර වෙන්න ඕනෙහ්.....හූම්...
"මෙහෙ ට්‍රාන්සිල්වේනියාවනේ..." මට පිටිපස්සෙන් ඇහුනෙ කටහඬක්...හොල්මන් ත මන්දා සංසාරේ...මගේ භාෂාවනෙ මුකූ...
එයා මගෙ ඉස්සරහට ආවා...මාව ගැස්සිලා ගියා..එයාගෙ දත් නං හෙන බය පාටයි...මූ ඩ්‍රැකියුලගෙ අන්ත පරම්පරාවෙ පොරක් ද කොහෙද...ආ...යේස්...කොල්ලෙක්...සුදුයි උෟ..උසයි...ඒත් වැඩි ලස්සනක් එහෙම නෑ..ඉන්නම් වාලේ නටමු ද ගීත ගයාලා වගේ පොරක්...හරියට මං වගේ..මං ඉන්නෙ කන්නෝන බොන්නෝන ආතල් එකේ ඉන්නෝන කියන තියරි එකේනෙ...
මන් ඒත් හිනාවුණා...ඒ නපුරට බයේ මන් මුළු ගැහෙන්න ඕනි යෑ...
එයා ඇස් උස්සලා අමුතු විදිහට බැලුවා...
"ෂා! ඔයා කොහොම ද එහෙම කළේ...?" මන් ඉතිම් හෙන ඉන්ටරෙස්ට් වගේ ඇහුවා...එයා ආයෙත් එහෙම කරා...මට ඇති කැමැත්තක් නෑ...මුගෙන් ඈතට දුවන්නයි ඕනෙ..
"මරු මරු...ඒක මරු...ආයෙ කරන්න.." මන් කිව්වා...
එයා ආයෙ කරලා හිනාවුණා...ඒ හිනාව නපුරු ද හොඳ ද කියලා හිතාගන්න බෑ..දත් උල් කීව ම ඔයාලා හිතන්න එපා නිකන් ඉදිකටු වගේ තුනී කියලා...ඒක හුඟක් කැපිලා පේන්නෑ...ඒත් මන් උවමනාවෙන් ම බලන නිසා දැන් දැනෙනවා...ඒකයි මම හිතන්නෙ මට එහෙම හෙන අමුත්තකට වගේ ඒක පේන්නෙ...
"ඔයා අග්නගන්‍යාලු නේද..?"
මගෙ මොළේට එකපාරට ම ආවෙ නෑ නම කොහොම ද දන්නෙ කියන එක...මම එවලෙ මුකුත් හිතන මානසික මට්ටමක හිටියෙ නෑ...මෙතනින් යන්න ඕනි වුණේ...
"ආහ්...ඔව්...ඔයා කවුද දන්නෑ එතකොට..?"
'දන්නෑ' කියන්න වගේ ඒ කොල්ලා හෙවත් වැම්පයර් පැටියා උරිස් ගැස්සුවා..හුහ්...මේකගෙ තියෙන පාට් එක...
එතකොටයි මොළේට සෙන්ට් වුණේ.. 'අග්නගන්යෝ තොගෙ පරම්පරාගත වැදිරි නාමය මේ ඔටුවා කෝම ද දැනගත්තේ....' කියලා..
"ඔයා...ඔයා කොහොම ද මගෙ නම දන්නෙ..?"
"මම ඔයාගෙ තාත්තව අඳුරනවා.."
"අහ්..."
"ඔයා කොච්චර කල් මෙහෙ ඉන්නව ද..?" කලින් ට වඩා ළං වෙනවා වැඩියි වගේ ළඟට...මට හිතිනු හැටි ද කියන්න අමාරුයි...ඒ හින්ද ම මම අඩියක් දෙකක් පස්සට ගියා...
"ඇයි..?" එයා ඇහුවා..
"ඕහ් නෑ නිකන්..." එයා හිටපු තැන ම කියලා පෙනුනු නිසා මම හිනාවෙලා කිව්වා...හැබැයි සැකේනුත් වගේ..
"මම ටික කාලයක් ඉන්නවා.." මම කිව්වා..
"ඔයාට කොහොමත් ටික කාලයක් ඉන්න වෙන්නෙ...?" කියපු එයා මගෙ දිහාට පැන්නා...
මම මූණත් වහගෙන පැත්තකට පැනගත්තා...එතන අපි දෙන්නට වඩා තව කට්ටිය ඉන්නවා...ඒ හැමෝම මාව වට කරලා වගේ...මගෙ හිතට දැනුනෙ මහ අමුත්තක්...ඒක මට විතරක් දැනුනා කියලා නොහිතුනේ හිටපු අයත් අන්දමන්ද වුන නිසා...
කවුරු හරි මාව අල්ලගත්තා...ඇදිලා යනවා දැනුනා...මට හිතුවෙ මං මැරෙන ගමන් කියලා...
ඒත්...
"ගන්‍යා, ඔයා කොහෙද ගියේ..?" හති අරිමින් තාත්තා මං ළඟින් දණ ගහගත්තා...
"තාත්තේ..." මම සතුටට ම වෙන්නැති එයාව බදාගත්තෙ...මගෙ ඔලුව ටිකක් අතගාලා එයා මාව ඈත් කරා..
"ඔයා මොකට ද එහෙට ගියේ..? මම ඔයාට රාජධානි හරියෙ යන්න එපා කිව්වා.."
මම විස්තරේ සාරාංශගතව නෙවේ සවිස්තරාත්මකව එක දෙක කරලා දෙක තුන කරලා තුන හතර කරලා කිව්වෙ...කොහොමත් ගෑනු කතාවක් කියද්දි ඒමලුනේ...ඒවා ඉතින් අතීතයේ හිටපු මානව කෙල්ල කරපු ගොම් වැඩ තමා..ජාන ජාන...
"කොහොමත් ඒ පැත්තට ආයෙ යන්න එපා.."
"ඒ මොකට ද..? මම කිව්වනේ මම ගියෙ නෑ..ඒක නොදැනීම වුනේ කියලා..."
"නොදැනීම වුනත් නොවුනත් ඔයා ආයෙ කොහෙවත් යන්න ඕනෙ නෑ.."
"මට යාළුවො ගොඩක් හම්බුණා..ඔයා කියන්නෙ මට මෙහෙ ගොළුවෙක් වගේ ඉන්න කියල ද...මෙහෙට වෙලා ගොළුවෙක් වගේ ගේ අස්සට වෙලා ඉන්නැතුව අරෙහෙ හිටියනං........................................" එච්චරයි කිව්වෙ...ඔය දන්නෙ නැද්ද පොඩ්ඩ පොඩ්ඩ...තාත්තගෙ කෝපයේ ලිමිට් එක අන්තිම දශමෙ වගේ...
"මට කිසි ම කතාවකින් වැඩක් නෑ...මං කියන විදිහට ඉන්න ඕනෙ...මම ඔයාව මෙහාට ගෙනාවෙ ආරක්ෂා කරගන්න මිසක් බිලි දෙන්න නෙවෙයි.."
"කවුද දන්නෙ.....?" සමාවෙන්න දෙවිඳුනේ...කිව්වා නොව කියවුනා...ආහ්...ඇන්නා අනේ ඔලුවට එකක්...ඉම්හි...
අපි ගෙදරට ඇවිත් නෙවේ හිටියෙ...වෙන මොකක් හරි තැනක හිටියෙ...
"මාව අල්ලගන්න අපි යන්.."
මම තාත්තව අල්ලගත්තා...තත්පරෙන් ගෙදර...
"අම්මා.............." වචනයයි කිව්වෙ ගේම හෙල්ලුනා වගේ..
කොහොම හරි...ඔහොම ඔහොම දැන් ස්කෝලෙත් ගිහින් දවස් ගත වුනේ හරි ම වේගෙන්...මම ගෙදර ඇතුළට ම වෙලා පොත් කියව කියව හිටියා...මන් හිතන්නෙ මගෙ දැනුම නං වැඩි වෙන්න ඕනෙ මොක නොවුනත්...අම්මා කලාතුරකින් තාත්තා එක්ක ආවා ගියා...ඒත් ගොඩාක් ප්ලෑන් හදලා එයාලා ඒක කරන්නෙ...එන්න එන්න රටේ තත්ත්වයත් දරුණුයි ද කියලා මට හිතෙනවා...
හැබැයි මට හිතෙනවා විතර ද කොහෙද...ලංකාවේ නිදි කිර කිර ඉගෙන ගන්නවට වඩා මෙහෙට වෙලා ෂැපේ ඉන්න එක ෂෝයි අම්නේ...
මම කාමරේ ඇතුළට වෙලා පොතක් දිහා බලන් කකුලුත් හොලව හොලව හිටියා...
"අග්නගන්‍යා!" අම්මගෙත් නොවූ තාත්තාගෙත් නොවූ වොයිස් එකක්...
මම පුදුමෙන් බැලුවෙ...කවුද කියලා...??
_____________________________________________________________________________
කවුතේ👀
අම්ද මේ සූම්ටි මූම්ඩ මම් වූ ඔම්බේ සිම්නාගේ උපම්දිනය😌💚 පහළ තිබෙන කේක් එක කම්න...😌💚

මම,
🚫❌කතෘ අවසරයකින් තොරව කතාව කොටස් වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් උපුටා ගැනීම සපුරා තහනම්🚫❌