The Vampire Love Story
BLANK❄
Previous Episode:- https://telegra.ph/The-Vampire-Love-Story-06-04
05th Episode
ගෙදර කිව්වට ඒක මාලිගාවක් වගේ..මෙහෙ හැම ගෙදරක් ම ඒ වගේ ද කොහෙදෝ...ඉදලා ඉදලා වැටිලා තියෙන්නෙ සල්ලි ලන්තෙට ද මන්දා...අම්මත් හිටියා...
"මම හැමදේම පුළුවන් විදිහට විස්තර කරා හෝරස් උතුමාණෙනි.."
"යන්න පුළුවන්..."
ඒ පාසල භාර කෙනා ගියා විතරයි මම මගෙ ප්‍රශ්න පත්තරේ දිග අරින්න ගත්තා..
"අම්මා මෙහෙ අයට පිස්සු ද...?"
"ඔව් සාමාන්‍යයෙන් තියෙනවා.." අම්මා හිනාවෙවී කියනවා..
"අම්මා......!!! මන් මේ ඇත්තටම අහන්නෙ...මොකද්ද අර ගෑනි මට වැම්පයර්ලගෙ කතාවක් කියවන්නෙ.."
"ෂ්...ගෑනි කියන්න එපා..එයාට රෙස්පෙක්ට් කරන්න..." අම්මා කිව්වා...
"ඒක ඇත්ත...ඔයාට ඒක පිළිගන්න වෙනවා..." තාත්තා කියනවා...
"ඔයා කියන්නෙ තාත්තේ මට මන් වැම්පයර් කෙනෙක් කියලා පිළිගන්න කියල ද..?"
"හාපෝ නෑ...ඔයා වැම්පයර් කෙනෙක් නෙවේ...ඔයා අර්ධ වැම්පයර් කෙනෙක්..."
"හරි කවුරු වුනත් මට ලේ ඕනිලු එයා කියපු විදිහට...? මම ලේ ගත්ත ද..? කෝ මන් වැම්පයර් කියන්න සාක්ෂි.."
"සාක්ෂි ද..? සාක්ෂි නං නෑ...ඔයාට තේරෙයි ඒක...ලේ දැක්කම දැනෙන අමුතු හැඟීම.."
මම ටිකක් නිහඬ වුණේ පසන් එක්ක වුණු දේ මතක් වෙලා..ලේ ටික ඕනි කියලා හිතුනු එක..ඒත් ඒ දියසායම් නම්..?
"එහෙම වෙලා තියේ ද ඔයාට..?" අම්මා ඇහුවත් මන් ඒකට හිස් බැල්මක් හෙලලා තවත් ප්‍රශ්නයක් එයාලට යොමු කරා..
"එතකොට ලේ නැතුව ඉන්න බෑලු වැම්පයර්ලට...ඒත් මම හිටියෙ යස අගේට...කිරි පුතා වගේ.."
"ඒ අර්ධ වැම්පයර් නිසා..ඔයාගෙ කෑමවලට ලේ මිශ්‍ර කරලා අපි දුන්නෙ...ඔයාට ඕනි දෙයක් කාලා ඉන්න පුළුවන් අර්ධ කෙනෙක් නිසා..."
"එතකොට අම්මට ට්‍රාන්සිල්වේනියාවේ ඉන්න බැරි නම් එයා මේ ඉන්නෙ..?"
"අද විතරයි ගන්‍යා! දිගට ම හිටියොත් මට ප්‍රශ්න වෙනවා..."
"ඔයා කොහොම ද තනියම ඉන්නෙ..? නෑ නෑ නෑ...මම කොහොමත් මේකෙ ඉන්නෑ.."
"ඒක එවලෙට බලමුකො.."
"තා...ත්...තේ....ඔයා වැම්පයර් නං...කෝ ඔයාගෙ උල් දත්...අනික මට නෑ එහෙම..?"
"මේ තියෙන්නෙ..." කියන ගමන් තාත්තා හිනාවෙලා මං දිහා බැලුවා...ඒත් එක්කම මතු වුණේ උල් දත් දෙකක්...ආයෙත් ඒ දෙක නැති වුණා..
"ම...ම...ඒක කවදාවත් දැක්කෙ නෑ..."
"ඔයා ඒක දකින්න විදිහකුත් නෑ..මට ඕනි වෙලාවකට ඒවා අතුරුදන් කරන්න පුළුවන්.."
"එතකොට එහෙම අයගෙ ද ඒ නැත්තෙ..?"
"ඔව්...පොඩි අයගෙ එන්නෙ පස්සෙ.."
"කෝ මගෙ.."
"ඒක ටිකක් තියෙනවා..ඒත් ඔයාගෙ ඒක පේන්නෙ නෑ...හොඳට බැලුවොත් පෙනෙයි...පිරිමි වැම්පයර්ලට වඩා ගැහැනු වැම්පයර්ලගෙ උල් දත් වැඩෙන වේගය අඩුයි..."
"ඒකත් හා කියමු...එතකොට ඔයාගෙ බ්‍රදස්ලා..?"
"ඕහ්...."
"කෝ එයාලා...?"
"එයාලා ගැන කතා කරනවට මම කැමති නෑ..ඒ වුනත් දැනගන්න කියන්නං...එයාලට රජකම ඕනෙ...ඒකයි ඔයාව මරන්න හදන්නෙ..මටත් ළමයි නැති වුණාම...කැමති කෙනෙක්ට බලයෙන් දිනන්න පුළුවන් නිසා...."
"මම කොහොම ද මේක විශ්වාස කරන්නෙ..?"
"ඔයාට මේක විශ්වාස කරන්න ම වෙනවා..!"
"ඇයි ඔයාලා මේවා මට කිව්වෙ නැත්තෙ..?"
"අපි හිතුවෙ ඔයාව මිනිස් ලෝකෙම හදාගන්න...ඒත් ඔයා ටිකින් ටික වෙනස් වෙන්න ගත්තා..ඒකයි...අනික හුඟක් කරදර ඔයාට වෙන්න ගත්තා.."
"මට..? මොනව ද වුණු කරදර..?"
"ඔංචිල්ලාවෙන් වැටුණු එක වගේ සිද්ධි.."
"ඔයාලා කොහොම ද ඒක දන්නෙ..?"
"අපි නොදන්නෙ මොනව ද..?" තාත්තා හිනාවෙනවා..
"ඒත් ඒක සාමාන්‍ය දෙයක්.." මම තරහින් නැඟිට්ටේ..
"ඔයාලා ඕනෙ එකක් හිතාගන්න...මගෙ ඔලුවට විතරක් ඔය වැම්පයර් මනස්ගාත දාන්න එපා...පුළුවන් ඉක්මනට ලංකාවට යමු..." මම තරහින් කෑ ගහලා ඇතුළට ගියා...මගින් හම්බුනු දොරක් තල්ලු කරන් මම ඇතුළට ගියා...
ඒකෙ ඇදක් තිබුන නං හොඳයි...ඒත් තිබුනෙ ඇදක් නෙවෙයි...මිනී පෙට්ටියක්!! මරු හැබැයි...මුන්ට හොඳට ම පිස්සු...එච්චරයි...මට තේරුණේ...මට බයක් දැනුන්නෑ...ඒක පුදුමයක්...මම කෙලින් ම ගිහින් ඒක දෑතින් ම විවෘත කරා...සුභ මොහොතින්...
මට ඒකත් එක්ක මාර බැඳීමක් දැනුනේ...මන් දන්නෑ මොකද්ද කියන්න...මගෙ මිනී පෙට්ටිය වගේ...මම ඒකට පැන්නා...මට නින්ද යන්න ඇති.....
"අග්නගන්‍යාට කිසි ම ප්‍රශ්නයක් වෙන්නෑ කියලා ඔයාට ෂුවර් ද...?" මට ඇහැරෙද්දි ම වගේ ඇහුනෙ මගෙ මව් මෑණියගේ ඔය වචන ටික...
"අපි එහෙම හිතමු නේද..?"
"හිතමු කියලා බෑ...දුවට කරදරයක් වෙනවට මම කැමති නෑ.."
"ඔයා බය නොවී ඉන්නකො..."
"අයියලා මුකුත් කරොත්..!"
"කවුද මගෙ ද..?"
"විහිළු ඕනි නෑනේ..මට අයියලා නෑ.."
"හරි හරි...ප්‍රශ්නයක් වෙන්නෑ...මම ප්‍රොමිස් වෙනවා..ඔයාගෙ දුව වගේ ම ගන්‍යා මගෙත් දුව.."
"ම්ම්...."
"ඔයාට දුක ඇති නේද...?"
"ම්ම්....."
"එයා වැම්පයර් කෙනෙක්...අර්ධ වැම්පයර් කෙනෙක්...එයා බලවත් නොවුණත්...එයාට පුළුවන් අපිව බේරගන්න හැමදේකින්ම.."
"ඒත්...ඒ...ත්....එ..යා..! මැරුණොත්!"
"මැරුණොත් ද..? වැඩේ කියන්නෙ මේකයි..ඔයාට පොඩි දෙයක් අමතක වෙලා..වැම්පයර් කෙනෙක් එහෙම ලේසියෙන් මැරෙන්නෑ.."
"ලේසියෙන් නොවුනත් කොයි විදිහකින් හරි ඒක වෙන්න පුළුවන්...!" තරහින් කියපු අම්මා වේගෙන් අඩි තිය තිය යනවා තමයි මට ඊළඟට ඇහුනේ...
"එහෙනං ගන්‍යා, ඔයා හැමදේම අහගෙන නිදි වගේ ඉන්නවා නේද...හොර කෙල්ල.." තාත්තා මට කියනවා..
"තා....ත්.....තේ.....?"
"හා..හා...නැඟිටලා අම්මව යාළු කරලා දෙන්න මට..."
"ඔ....යා.....කොහොම ද දන්නේ....ම...න්...ඇහැරිලා කි....ය....ලා......"
"දැනීම තමයි...දැනෙනවා අපිට පොඩි දෙයක් වුනත්..."
මරු හැබැයි ඒකත්...මට ඔය මෙලෝ මඟුලක් දැනෙන්නෑ...
"අග්නගන්‍යාට ඇහැරවන්න දූගෙ අප්පච්චි.....යාලුවෙක් ඇවිත් එයාව මීට් වෙන්න.."
"අන්න...අම්මා අඬගැහුවා...යන්න..දුවන්න.." මම අරකෙන් බඩගාලා එළියට ආවේ...ඒක නිකන් බෙංගාල බොක්ක වගේ..
"අනේ තාත්තෙ පීස්...මට හෙට සැප මෙට්ටයක් එක්ක ඇදක් ගෙනත් තියන්න...එච්චරයි.." එහෙම කියලා මං එතනින් දිව්වා..
"එහෙනං ඔයා මෙහෙ නැවතින්න කැමතියි..." තාත්තා හයියෙන් කියනවා ඇහුනත් මං ආයෙ මුකුත් කියන්න ගියෙ නෑ...මන් නං කැමති නෑ මේ ඉලව්වගෙ ලගින්න..ඊට වඩා හොඳයි බලු කූඩුව කිව්වලු...
කවුද දන්නෑ ආපු යාළුවා..අර ස්කෝලෙ හම්බුණු කොල්ල ද...ඒත් උෟ දන්නෙ කොහොම ද ගෙදර...! හේ හේ ගයිස්...මට එයාව ඉතින් මතක් වෙනවා...හච්චූම්..
"කවුද අම්............................" 'මා' කියන්න හම්බුන්නෑ..
"අග්නගන්‍යා..." පසනයා ඇවිත් මට හිනාවුණානෙ..
"ප....සා.....න්.......??" මම කම්පියුස් දැන්...
"හායි හූයි...කොහොම ද..?" එයා හිනාවෙලා කතා කරා...
".........." මන් හිස් බැල්මකින් හිනා වුණා...
"අග්නගන්‍යා..?"
"මන් මේ...කල්පනා කරේ...මට මොකද වෙලා තියෙන්නෙ කියලා..?"
"ඇයි...? ඇයි...?"
"ඇත්තටම පසන් උඹ දැන් මගෙ ඉස්සරහා ඉන්නව ද...?" මම මොංගල් හිනාවක් දාන් ඇහුවෙ...ජෝක් එකට නෙවේ හැබැයි...
"මොනව ද දුව අහන්නේ...ඔතනින් ඉදගන්න...ඔයාලට මොනවා හරි දෙන්නත් නෑ.."
"කමක්නෙ නැහැ..." පසන් ලාවට කිව්වා...
අම්මා හිනාවෙලා එතනින් ගියා...
"පසන් උඹ කොහොම ද මෙහෙට ආවෙ..? එක්කො තාත්තා ගේ පිටින් ම ලංකාවට උස්සන් ආව ද...? අනේ පසන්...ඒක හීනයක් ද කොහෙද...ඒත් ටිකකට කලින් මන් මිනී පෙට්ටියක හිටියෙ...මන් හිතෙන්නෙ මං මැරෙන්න ළඟයි...ප...ස....න්....ඔයා අහගෙන ද ඉ...න්...නේ....????????"
"අහ්...අ....ඔව්...අග්නගන්‍යා, ඔයා කලබල වෙලානෙ අප්පා..."
"කලබල..?"
"හරි හරි හරි...ඔහොම ඉන්නකො...මමත් වැම්පයර් කෙනෙක්..." මාව උඩ ගිහින් පුටුවෙන් නැඟිට්ටවෙලා එයාගෙන් යාරයක් දුරට යැවුනෙ ඉබේටම...
"පසනයෝ තෝ මගෙත් එක්ක ආතල් ගන් එන්න එපා...උඹ..උඹ දන්නෑ මගෙ හැටි තව ම..."
පොරගෙ සද්දයක් නෑ ඒ පාර...අයියෝ බුම්මගෙන ද කොහෙද...සෑ බන්..පිරිමි වුනාම ජැන්ඩියට ඉන්න එපෑ..ටුහ් විතරක්...
"පසනයෝ...?"
"සොරි අග්නගන්‍යා...මම තව හුඟක් අය එක්ක මේ වෙලාවෙ සම්බන්ධිතව ඉන්නෙ.."
"මොකද්ද...????"
"ඕහ්...අග්නගන්‍යා, මට යන්න වෙනවා...ස්කෝලෙදි හම්බෙමු.." පසන් නැඟිටලා අතුරුදන් වුණා...අනේ මොකද්ද ඒ වුණේ..
"අනේ තෝ ස්කොලෙටත් මං පස්සෙන් එන්න එපා වස්සෝ..." මං හයියෙන් කෑ ගහලා කිව්වෙ හිස් අවකාශෙට ද කොහෙද..උෟ හරි අහන් හිටියනෙ...පොසිටිව් තින්කින්...හිකිස්..
ඒකෙන් වැඩක් නෑ..පසනයා හිටිය ටිකේ කයියක්වත් දාන් හිටියා..දැන් කවුරුත් නෑ...
"මෙයාට ඉගෙන ගන්න වෙයි ද මෙහෙ භාෂා...?" ඒ රාත්‍රී මාතෘකාව...මේ වුනු දේවල්වල හැටියට නං දැන් මට මාස පහ හයක් ගිහින් වගේ..
"මොන...?...තාත්තෙ ඔයාට ද මොනවා වෙලා ද..? ඔයාලා මාව මෙහෙ පැලපදියම් කරන්න ද හදන්නෙ..?"
"ඔයාට ඉන්න හොඳ මෙතැන තමා.."
"අනේ අම්මා...තාත්තා...මන් ඔය දෙන්නට ම මේ කියන්නෙ..මෙහෙ හිටියොත් මටත් මුන්ට තියෙන පිස්සුව හැදෙයි...ඔයාලත් ඔය එක එක විකාර මගෙ ඔලුවට ඔබන්න එපා...තාත්තට අයියලා මල්ලිලා ඉන්නවලු...උන් නපුරුලු...මාව මරන්න හදනවලු...එහෙමයි කිය කියා මාව මේ ට්‍රාන්සිල්වේනියිවේයාව ද මොකද්ද මන්දා එකේ හිර කරන්නෙ..? ඔය බාප්පලා ලොකු තාත්තලා ටික ඉන්නෙ මෙහෙ නෙවේ ද..? මොකද්ද අනේ වෙලා තියෙන්නෙ...? මට පේන්නෙ මනෝ වෙෙද්‍ය කෙනෙක් ගාවට ඔයාලව.................................................................."
එච්චරයි කියන්න හම්බුණේ...
"කටවහගන්නවා දුව...!" වේගෙන් කියමින් අම්මා පුටුවෙන් නැඟිට්ටා...
"උඹට පේන්නෙ අපිට මෙන්ටල් ප්‍රොබ්ලම් කියල ද....? මගෙ යකා අවුස්සගන්න එපා...ඇවිස්සුනොත් ආයි චව් චව් ගාගෙන එන්න එපා ඇල වෙන්න..කියපු දේ කරනවා...මෙහෙ ඉන්නවා...තාත්තගෙ සහෝදරයො මෙහෙ හිටියට උන්ට මෙහෙදි මුකුත් කරන්න බෑ උඹට බූරුවො.."
ටාං...ටාං...ටාං....අම්මගෙ මව් භාෂාවේ සුන්දර සුපිරිසිදු වදන් ගලන වෙලාවයි මේ....අලංකාරයි නේත....හරිම සුන්දරයි...ෆීලින් ඕසම් දැන්....මගෙ සූටි හිත ඩිංග ඩිංග....ඩිංග ඩිංග නෙවේ අම්මගෙ ලස්සන වචනවලින් ඩාං ගාලා කූල් වුණා...
තව මොනව ද මන්දා ටිකක් කියලා...නැඟිටලා යන්න ගියා...
"තා...ත්....තේ....?"
"මෙහෙ නවතිනව ද...?" තාත්තා ඇහුවා..
"හ්ම්..."
"ස්ථිරයි..."
"හ්ම්..."
"හොඳයි..."
"ම්ම්..."
"ඔයා ඉංග්‍රීසියෙන් ඉගෙනීම් කටයුතු කරන්න...වටපිටාවේ අය එක්ක ඉංග්‍රිසියෙන් කතා කරන්න.."
"හ්ම්..."
"ආහ්...කියන්න..."
"මොකද්ද...?" මම ඇහුවා..
"ඔව් සම්බන්ධිතයි...මෙල්ඩියර් හෝරස්.."
ඈක්කා...මන් කර....මට නෙවේ ද කොහෙද කතා කරලා තියෙන්න....අයියෝ...ලැජ්ජාවේ බෑ...අනේ....
තාත්තා ඒ පණිවිඩෙන් පස්සෙ මන් දිහා බැලුවෙ..
"ඔයා කොහොම ද ඒක කරේ...?"
"මනසින්..."
"ඈ...?"
"පොඩි ප්‍රශ්නයක්..! මට යන්න වෙනවා...හම්බෙමු.." එච්චරයි කිව්වෙ...තාත්තත් ලෙෆ්ට්...
අම්මත් එක්කත් වලි දාන් දැන් තනියම ඉදපන්කො😒
කම්මැලිකම යන්නත් එක්ක මන් ටිකක් එළියට බැස්සා....ඇවිදින්න හිතාගෙන නං නෙවේ හැබැයි...මෙහෙ ඉන්න මල පෙරේතයො එක්ක...නෑ නෑ ලේ පෙරේතයො එක්ක ඉන්න එක මට කීයටවත් පුළුවන් දෙයක් නෙවෙයි...ඒකනං අන්තෙට ම දන්නවා මොනා නැතත්...
_____________________________________________________________________________
😏අග්නගන්‍යාට මක් වෙයි ද...
මම,
🚫❌කතෘ අවසරයකින් තොරව කතාව කොටස් වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් උපුටා ගැනීම සපුරා තහනම්🚫❌