The Vampire Love Story
BLANK❄
Previous Episode:- https://telegra.ph/The-Vampire-Love-Story-06-02
04th Episode
"හලෝ?"
"අ...අ...මේ...ඔව් ඔව් හායි..ගුඩ් මේ...ගුඩ්...ගුඩ් ඊවිනින්.." තියෙන පරිසරේ එක්ක හිතාගන්න බෑ...ඊවිනින් කියන්න ද..මෝනින් කියන්න ද...කියලා...මට ඇති ගණිතඥ මොළේ අනුව කල්පනා කරලා මම ඉතින් ඒක හොයාගත්තෙ...ආඩම්බරයි නේත...
"ඔයා මෙහාට අලුත් වගේ...?"
"ම....න්....ඔව්....මේ..."
"ඉන්න මන් ඔයාට උදව් කරන්නම්...ඇයි බය වෙලා.."
"න්...නෑ..."
ඒ උල් දත් හරිම තියුණුයි..ඒ අර මගෙ ඇඟේ හැප්පුණු ලස්සන කොල්ලා..ඒකට තමා හුඟක් බය හිතුනෙ...කලින්ට වඩා ඒක ළඟට පෙනුනා...අනික මං එවලෙ හිතුවෙ ඒක මැවුණු දෙයක් කියලා..මට එතකොට මතක් වුණේ යාළුවො කියන එක එක ඩ්‍රැකියුලගෙ කතා....මූ....ඩ්‍රැකියුලෙක් වගේ තනිකර..සිරා...
මෙහෙ හුඟක් අයගෙ එහෙම තිබුණා...ඒක මට පෙනුණා...මාව ගැහෙන්න ඇති අම්බානට ඉතින් කොහෙද මෙහෙ ඉන්න කිසිම මනුස්සයෙක්ට මිනිස් හැඟීම් තේරෙන්නැද්ද කොහෙද...උන් උන්ගෙ වැඩ කර කර ආතල් එකේ ඉන්නවා...
"මෙහෙ හරිම ලස්සනයි..ඔයා අර්ධ ද..?"
"මොකක්..." මන් යකා නැඟලා ඇහුවෙ..
ඈ යකෝ මුගෙ මොළේ අවුල් ද..? මම භාගයක් ද අහන්නෙ..උඩ කෑල්ල නැතුව ද..නැත්තන් යට කෑල්ල ද...
"අර්ධ වැම්පයර් කෙනෙක් ද..?"
මම හිටි තැනම නතර වුණා..
"ඕහ්...මන් ඒක ඇහුවෙ ඇත්තටම මට ඒක දැනුණා..."
මගෙ කකුලුත් ගැහෙනවා දැන්නං...කොහෙද මේ තාත්තලා මාව ගෙනත් අත ඇරියෙ...මේක පිස්සන් කොටුවක් ද කොහෙද...ට්‍රාන්සාව ද මොකද්ද මඟුලකුත් කියලා..
"ඔයා මං කියන දේ අහගෙන ද ඉන්නෙ...?" කියලා අරූ මගෙ අත ඇල්ලුවා විතරයි..කරන්ට් එක වැදුනා වගේ...මම බෙරිහන් දීගෙන පිටිපස්ස හැරිලා දුවන්න ගත්තා...බලන් හිටිය උන් ගැන හිතන්න දැන් වෙලාවක් නෑ...මට ඕනෙ වුණේ මේ පිස්සන් කොටුවෙන් පැනගන්න විතරයි..
වැඩිය යන්න බැරි වුණා...අර කොල්ලා එක පාරටම මං ළඟින් ලෑන්ඩ් කරා...මාව අඩි දෙක තුනක් පිටිපස්සට විසික් වුණා...
"ඔයාට මොකද වෙලා තියෙන්නෙ.." එයා ඇහුවෙ තරහා ගිහින් වගේ...රතු පාටට හුරු කළු වෙලා මුලු ඇඟම...මගෙ තොල වේගෙන් ගැහෙන්න ගත්තා..මම එක මොහොතකට මේක හීනයක් කියලා හිතුවා...
"මේ අග්නගන්‍යා ද..?" එහෙම අහගෙන එතනට කෙනෙක් දුවගෙන ආවා...හරිම වැදගත් පෙනුමෙන්...උල් දත් තිබුන්නෑ එයාගෙ...ලොකුම දේ එයා මගෙ භාෂාව කතා කරපු එක..
"ඔව්...අනේ මෙයා..." මම ඇඟිල්ල දික් කරලා මොකක් හරි කියන්නයි ගියේ...
"ප්‍රශ්නයක් නෑ...එන්න...මම ඔයාව හැමතැනම හෙව්වේ...."
"මො...කට...ද...ඒ...?"
"මේ පාසල භාරව ඉන්නෙ මම...මාව ඔයාට හඳුන්වලා දෙන්නම් ඇතුළට ගියාම..." එයා ඇවිදන් යන ගමන් කියනවා...මම එයාට අඩි කීපයක් පිටිපස්සෙන් ගමන් කරේ...බයට....
"ඔයාගෙ තාත්තා මෙල්ඩියර් හෝරස්................................."
"මොකක් කියල ද කිව්වේ..?"
"ඕහ්...සමාවෙන්න..හරි...අපි මෙහෙම කියමුකො..ඔයාගෙ............................"
"නෑ මට ඒ නම කොහෙදි හරි හොඳට අහලා........................" එච්චරයි කියන්න ඕනෙ වුණේ මට ටීන් ගාලා මතක් වුණා..
"මෙල්ඩියර් හෝරස්..? ක...කවුද ඒ..."
"ඔයාට කියන්න ගොඩක් දේවල් තියෙනවා...ඒ වගේ ම අඳුරගන්නත්...අද තවත් අලුත් අය ඒවි..කොහොමත් අද ඔයාට යාළුවො අඳුරගන්න වෙන්නෑ...කොහොමත් අර දැන් ඔයා කතා කර කර හිටිය කෙනා වගේ නොදන්න අය එක්ක වැඩි කතාවට යන්න එපා............................."
"ඔයත් නොදන්න කෙනෙක් තමා.." මම කිව්වෙ එතන ම නැවතිලා...
එයා ඒක ගණන් නොගෙන ම කතා කරා...ඕකට තමයි ඉතින් මට යකා නඟින්නෙ...
"ඔයාගෙ තාත්තා මට ඔයාව භාර දුන්නෙ ලොකු වගකීමක් එක්ක...මං හිතනවා ඒක හරියට කරගන්න මට පුළුවන් වෙයි කියලා.................."
"මේ කොහෙද...මම කවදාවත් මෙහෙට ඇවිල්ලත් නෑ...අපේ තාත්ත ද මේ රටේ ප්‍රසිඩන්ට්..." මම තරහෙන් කිව්වේ...සමච්චලේට වගේ...
"කට...වහ ගන්න......"
මම මුකුත් කීවේ නෑ....
අපි තවත් බිල්ඩින් එකක් ඇතුළට ගියා...
"වාඩිවෙන්න..." මම වාඩිවුණේ නෑ...
"වාඩිවෙන්න අග්නගන්‍යා..." මම වාඩි වුණා....
"මම බියන්කා සෙලෙස්ටේ..." එයා හිනාවෙලා කිව්වා...
"මම දන්නෑ මිස් ඔයා කවුද කියන්න...මට ඉස්සලා කියන්න මන් මේ කොහෙද ඉන්නෙ..?"
"ඔයා ඉන්නෙ ට්‍රාන්සිල්වේනියාවේ.."
"ට්‍රාන්සිල්වේනියා...ඒ නම මම අදමයි ඇහුවෙ...මොකද්ද ඒ...?"
"ඒක නගරයක නමක්..."
"ඉතින්....මට කොළඹට යාගන්න ඕනෙ ආයෙත්..."
"මොකද්ද...?"
"කොළඹට..."
"කොළඹ..? ඒ මොකද්ද...?"
"මොකද්ද...?"
"කොළඹ කියන්නෙ මොකද්ද..?"
"මේ ලංකාව නෙවේ ද...?"
"මේ රුමේනියාව.."
"මොකාක්....!!!!!!!!!!!!!! ඒක ද වෙන භාෂාවක්???..."
"ඔව්...."
"එ...තකොට...ශ්‍රී ලංකාවට මෙහෙ ඉදන් කොච්චර දුර ද..?"
"මොකද්ද...?"
"ලංකාවට දුර..?"
"ම...න්...දන්නෑ.."
"එතකොට ඔයා ප්‍රින්සිපල් කිව්වේ.."
"කවුරු...?"
"විදුහල්පති.."
"මම...?"
"ඔව්..."
"කොයි වෙලේ ද..?"
"දැන් ටිකකට කලින්..!"
"මම මේකෙ භාරකරු...පාලනය කරන්න ගොඩක් අය ඉන්නවා...ඒකනං ඇහුවෙ...?"
"ඕහ්...අමුතුයි...මෙහෙ මිනිස්සුන්ගෙ දත් දිගයි..."
"මොකද්ද...?"
"දත්...දිගාාායි..."
"හරි...හරි...ඇති...මම ඔයාට සේරම කියන්නම්..."
"මොනව ද...? මට මුකුත් කියන්න එපා...මාව ඉක්මනට අම්මා ගාවට අරින්න...තාත්තා මාව දාලා ගියා.." මම ඇහැ කඳුළින් පුරවන් කිව්වේ..
"තාත්තා බිසී ඒකයි ඒ..ඒ කොහොම වුනත්...ඔයා අහලා තියේ ද වැම්පයර්ලා ගැන.."
"එයාලා ගැන වැඩිය දන්නෑ...ඩ්‍රැකියුලා ගැන....මෙහෙ අයගෙ දත් ඒවගේ...සමහර අයගෙ විතරයි.."
"හොඳයි...මිනිස්සු හිතන් ඉන්නවා වැම්පවර්වරුන් කියන්නෙ හරි ප්‍රබන්ධයක් එහෙම නැත්නම් කටකතාවක් විතරයි කියලා...ඒත් ඇත්තට ම එහෙම අය හිටියොත් මොකක් වෙයි ද?...වැම්පයර්වරුන් ගැන අතීත කතා හුඟක් තියෙනවා...එයාලා නපුරුයි කියන එක බොරුවක්...නපුරු අය හිටියත් හොඳ අයත් ඒ අතර ඉන්නවා.................................."
මම හරිම ආසාවෙන් අහන් හිටියෙ...
"...............හරියට මිනිස්සු වගේමයි...එයාලගෙත් ඉන්නවා නපුරු අය වගේ ම හොඳ අය...ඒත් වැම්පයර්ලා ලේ බොමින් ජීවත් වන හින්දා ගොඩක් අය හිතනවා ඒ අය නපුරුයි කියලා...තව දෙයක්...වැම්පයර්වරුන් කවදාවත් තමන්ව පාවා දෙන්නෑ මිනිස්සුන්ට...ඒ කියන්නෙ වැම්පයර්වරුන් කියන්නෙ නිකන් ම කටකතා විතරක් විදිහට ම තියෙන එක හොඳයි...ඒක කාටවත් නොකියන්නත් ඔවුන් වග බලා ගත යුතු ම වෙනවා........................"
"වැම්පයර්ලා නපුරුයි කියන්නෙ එයාලා ලේ බොන නිසා...ඒත් ලේ නැතුව එයාලට ඉන්න බෑ....ඒක අවශ්‍යමයි අපිට...හුඟාක්...ඕනි...එයාලට මිනිස්සු එක්ක ඉන්න වෙන්න බැරි නිසා වෙන ම රාජධානියක් හදාගත්තා..ඉස්සර කාලේ...ඉතින් ඒ තමයි................................"
"..............ඒ තමයි රුමේනියාවේ ට්‍රාන්සිල්වේනියාව..."
මගෙ කටත් බාගෙට ඇරිලා තිබ්බෙ...මාව ගැස්සුණා ඒකෙන්..
"මොකද්ද ඔයා කියන්නෙ..?"
"අපි හැමෝම වැම්පයර්ස්ලා...මෙහෙ ජීවත් වෙන්න පුළුවන් වැම්පයර්ස්ලට විතරයි...වැම්පයර්ලා ලේ බොන අයනෙ...ඉතින් එයාලා මිනිස් ලේ බොනවා...මිනිස්සු මෙහෙ හිටියොත් අපි එයාලගෙ ලේ බොනවා...ඒක නිසා මෙහෙ වැම්පයර්ලා විතරයි...ට්‍රාන්සිල්වේනියාව කියන්නෙ තනිකර ම වැම්පයර් රාජධානියක්..."
මම පුටුවෙම ඇලිලා...හනී යකඩෝ පුටුවම කාගෙන මැරෙනවනම් මීට වඩා හොඳයි...මූ මගෙ ලේ බොන්න ද කොහෙද යන්නෙ..මන් දැනන් හිටියෙ එක දෙයයි...එක්කෝ මේක ඇත්තක්..නැත්තන් මුන්ට පිස්සු..ඒත් මේ සේරම ප්‍රබන්ධ නෙවේ ද..?????
"ඒ වගේ ම අර්ධ වැම්පයර්ලාගෙ ලේ හරිම වටිනවා...ඒකයි ඔයා පරිස්සම් වෙන්න ඕනෙ...මොකද ඔයත් අර්ධ වැම්පයර් කෙනෙක්..."
"ම...ම....??"
"ම්ම්ම්...ඔව්..ඔයාගෙ අම්මා මිනිස් ගැහැනියක්...ඔයාගෙ තාත්තා වැම්පයර් රාජධානියේ රජුගේ පදවිය ලබන්න ඕනෙ කෙනෙක්...ඒත් දැන් ගොඩක් ප්‍රශ්න පටන්ගෙන අපේ රටේ...කලින් හැමදේම හොඳට සිද්ධ වුණා...දැන් ඔයාගෙ තාත්තාගෙ සහෝදරවරු එක්ක ගොඩක් ප්‍රශ්න පැන නැඟිලා..."
"තාත්තාගෙ සහෝදරයො..? කවද්ද තාත්තට සහෝදරයො හිටියෙ..?"
"මිනිස් ලෝකෙ හිටියෙ නෑ දරුවා...මේ වැම්පයර්වරුන්ට අයිති ලෝකෙයි එයාලා ඉන්නේ..."
"ඇ...ඇයි ඉතින් ප්‍රශ්න.."
"ඔයා නිසා....!!!!" ඒක මගෙ හිතට ම කා වැදිලා ගියා...හිතේ කෙටුවා වගේ නිකන්..
"සමාවෙන්න එහෙම කියන්න වුණාට...කලින් හැමෝම සමාදානෙන් පාලනය කරා...දැන් සහෝදරවරු තනි අයිතිය ඉල්ලනවා...හරිම අසාධාරණයි.."
"සහෝදරවරු...කීයක් ඉන්නව ද...?"
"තුන් දෙනෙක්...හරියට ම තුන් දෙනෙක්..ගොඩක් රජවරු පාලනය කරන වැම්පයර් රාජධානියක්නෙ...ඉතින් තනි අයිතිය ඉල්ලද්දි දරුවො ඉන්න කෙනාට තනි අයිතිය යනවා...ඒක සාමාන්‍ය නීතියක්...ඒ වුණාට බලේ පෙන්නලයි ඔයාගෙ මාමලා ඒක අල්ලගන්න හදන්නෙ..එහෙම බලේ පෙන්නලා ගන්න පුළුවන් ළමයි කාටවත් නැති වුනොත් විතරයි..ඒ සහෝදරවරු හරිම දරුණුයි..."
"ඇයි ඒ..?"
"බල තණ්හාව...! වැම්පයර් රජෙකු තනි අයිතිය ලබා ගත්තොත් එයාට වරප්‍රසාද හුඟක් ලැබෙනවා...එයාලට ළමයි නැති එකයි ලොකුම ප්‍රශ්නෙ.."
මම ලොකු හුස්මක් ගත්තා...
"මම කොහොම ද මිස් විශ්වාස කරන්නෙ මම ඉන්නෙ ලේ බොන වැම්පයර්ලගෙ තැනක කියලා...මේක හීනයක්...එක්කො මට පිස්සු..." 'නැත්තන් උඹලට පිස්සු' හිතුවා විතරයි කීවේ නෑ...
"අනික මට තව ප්‍රශ්න කෝටියක් තියෙනවා..."
"දැන් ඔයාට යන්න වෙලාව හරි..." මගෙ අත පපුවට ගියා...මට මැරෙන්න වෙලාව..??...මම වේගෙන් එතනින් නැඟිට්ටා...
"එහෙනන් මගෙ අත අල්ලගන්න...අපි ගෙදර යමු...එහෙදි තව විස්තර ඔයාට දැනගන්න පුලුවන් වෙයි.." මගෙ පපුව ස්ලෝ වෙන්න ගත්තෙ එතකොට...මන් හිතුවෙ තාත්තට චිතකෙ දල්වන්න වෙයි කියලා..
මම ඇස් පියාගෙන එයාගෙ අත අල්ලගත්තා...
_____________________________________________________________________________
😫අවුල් ගියා ද මන්දා ටිකක්...
අපේ ගෙදර වයිෆයි එක මන් ඔන්ලයින් එනවට කේස් අප්පා..😒
මම,
🚫❌කතෘ අවසරයකින් තොරව කතාව කොටස් වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් උපුටා ගැනීම සපුරා තහනම්🚫❌