The Vampire Love Story
BLANK❄
Previous Episode:- https://telegra.ph/The-Vampire-Love-Story-05-31
03rd Episode
මේ වෙච්ච දේවල් එක්ක මාව ටිකක් ගැස්සුණා...මම වටපිට බැලුවත් කවුරුත් හිටියෙ නෑ...
"කවුද ඩෝ මාව බය කරන්නෙ..?" මම නපුරු විදිහට කිව්වෙ...හොඳම වැඩේ මේකයි මිත්‍රවරුනි...මට හුදට රඟපාන්න පුළුවන්...
එකපාරටම මගෙ ඇඟ රිදෙන්න ගත්තෙ දරාගන්න බැරි වේදනාවක් එක්ක...ඔංචිල්ලාවෙන් මාව බිමට වැටුණෙ මම ඒක පැද පැද ඉද්දි...වැඩි උඩකින් වැටුනෙ නෑ..හොඳ වෙලාවට...
මොකද්ද කියන්න දන්නෑ...ඒත් මට යමක් මැවි මැවී පේන්න ගත්තා...හරිම අමුතු විදිහට...යම් කෙනෙක් හෝ දෙයක්...මට පැහැදිලිව ම පෙනුනේ නෑ...ඇස් බොදවෙලා වගේ...හනේ යකෝ කණ්ණාඩි දෙකක් ගන්න වෙලා ද මේ මට...ඒත් එක්කම ඒක ටිකින් ටික පැහැදිලි වෙන්න ගත්තා...
ඒ වෙලාවෙ තව මොකක් හරි වුණා...එතකොට ම වගේ පුදුම ශක්තියක් ඇඟට දැනුණා වගේ...මම ක්ලාස් එකට දුවන්න හිතුවා විතරයි...මෙන්න මම ක්ලාස් එක ඉස්සරහා හිටගෙන ඉන්නවා...
මට දැන්නං පිස්සු එකෙත් හොඳ එකෙත් හොඳ ම එක වගේ...කාටවත් මාව වැඩිය ගානක් ගිහින් තිබුණෙ නෑ...ඒ ඉන්ටර්වල් එක හින්දා වෙන්නැති...ඒත් මං කොහොම ද මෙතනට හිටපු ගමන් කඩා පාත් වුණේ...එතකොට ඔංචිල්ලාවෙන් වැටුණෙ කවුද..?
"අග්නගන්‍යා, උඹ කොහෙද හිටියෙ..?" එතනින් මතුවුණු පසන් ඇහුවා...
මම ඔලුව එක දිගට හෙලෙව්වෙ මතුවුණා ද ආව ද කියලා හිතාගන්න බැරුව...
"පසන්..මට කියනව ද...මොනව ද මේ සිද්ධ වෙන්නෙ කියලා.." අන්තිමට හති ඇර ඇර මං ඇහුවා..
"ඒ කිව්වේ...?" එයත් අන්දමන්ද වෙලා අහනවා..
"මං අහන්නෙ...උඹ...උඹ දැන් කොහොම ද මෙතෙන්ට ආවෙ...?"
"කකුල් දෙකෙන්..."
"හෑ....."
"මොකද..?"
"අර්ර්ර්...අලියෝ..මං අහන්නේ උඹ කකුල් දෙකෙන් ඇවිදගෙන ද ආවෙ කියලා..?"
"නැතුව උඹ හිතුවෙ මම අහසින් ආවා කියල ද..?"
මම ඒකට උත්තරයක් නොදී හරිම අසරණව පසනයා දිහා බලන් හිටියා...
"මොකද්ද අග්නගන්‍යා ඔයාට වෙලා තියෙන්නෙ...?" උෟ අහනවා ආයෙත්..
"ඒක තමයි මිනිහො මාත් අහන්නෙ.." තරහින් කියපු මම ක්ලාස් එක ඇතුළට ගිහින් ගස්සන් ඉදගත්තා...
පසන් ඇතුළට එයි කියලා හිතුවෙ...උෟ ආවෙ නෑ...බෙල් එක ගැහුවම ළමයි රොත්ත පිටින් ක්ලාස් එකට ආවෙ..වෙනදට මමත් ඔය ගොඩේ...අද නං මම ඔහේ බලාගත්ත අත බලන් නිදි කිර කිර හිටියා..
"හායි අග්නගන්‍යා, අද මොකෝ උඹ නිකන් මැලවිලා.."
"මැලවෙන්නැද්ද ඕයි මේ වෙන දේවල් හැටියට..?"
"ඇයි මොකෝ උඹේ බෝයි ෆ්‍රෙඩා තරහා වෙලා ද..?"
"මො....ආහ්...මේ...නෑ...ඔව්.." කල්පනාවකින් තොරව එහෙම කියපු මං ක්ලාස් එකේ දොර ළඟට දුවන් ගියා...ඒ තාත්තා දැකපු නිසා...අම්මයි තාත්තයි ලොකු කලබලේකින් වගේ හිටියෙ..
"අක්කි, අගනගායා කියලා කෙනෙක් ඉන්නව ද..?" නවයෙ වගේ පෙනුම තිබුනු එකෙක් ඇවිත් ඇහුවා..
අගනගායා...දෙන්නෙ දත් ටික බඩට යන්න..අග්නගන්‍යා යකෝ..හිතින් හිතුවා විතරයි...කියන්න ගියෙ නෑ..
"කියන්න, ඒ මන්..." හෙන පොර වගේ මන් ඉතින් පොඩි උන් ඉස්සරහා..
"අක්කිගෙ අම්මලා ඇවිත්..එන්න කිව්වා සුමේන්ද්‍රා ටීචර්..."
"හා..." මං තැන්කියු කීවෙත් නෑ..ඇයි යකෝ මෙතන නමත් විකෘති කරලා...ටින් ගාලා දිව්වා එයාලා ළඟට ගිහින්මයි නැවතුනෙ...
"ගන්‍යා..ඔයාට ප්‍රශ්නයක් නෑ නේද.." මාව දැකපු ගමන් බදාගෙන අම්මා මගෙ නළලට කිස් එකක් දුන්නා..හන්නේ යකූ මං මැරිලා වගේනෙ...
"මොකූ මේ අඬන්නේ.." මං හිනාවෙලා ඇහුවෙ..
"අඬනවා නෙවේ...ඔයාට දැන් යන්න වෙනවා ගෙදර.."
"ගෙදර..? ඇයි ඒ..?"
"පස්සෙ කතා කරමු...තෑන්ක් යූ ටීචර්..." අම්මා කියද්දි පසන් ආවෙ ආයෙත් නිකන් කොහෙදෝ ඉදලා වගේ...මං හිතන්නෙ ඒ මට හිතෙන හැටි...
"ආ.." මගෙ බෑග් එක එයා මට දුන්නා..
'ඔයා කොහොම ද දන්නෙ...?' කියලා මට අහන්න හිතුනත් මන් ඇහුවෙ නෑ..මොකද අම්මලා හිටිය නිසා..දන්නැද්ද ඉතින්..අම්මලත් මාව චාටර් කරන අවස්ථා එමටයි...
"ඇයි අපි කලින් යන්නෙ..මොකද්ද ප්‍රශ්නෙ.." කාරෙකට නැගපු ගමන් මං ඇහුවා..තාත්තා ඩ්‍රයිව් කරේ...අම්මා ඉස්සරහා සීට් එකේ..මං පිටිපස්සහා..
"ප්‍රශ්න නං ගොඩයි.."
"මොනව ද ඒ...?"
"ගොඩයි කිව්වම ගොඩයි...ආයෙ ස්කෝලෙ යන්නෑ ඔයා..."
"මොකක් කීවා...? ඒ කොහොම ද මම නොයා ඉන්නෙ...මට කොච්චර යාළුවො ඉන්නව ද...මම නිකමටවත් කිව්වෙ නෑ.." මම තරහින් කෑ ගැහුවෙ..
"කෑ ගහන්නැතුව ඉන්නවා මිනිහෙක් වගේ..ඒක අපිට සුදුසු නෑ.." තාත්තා කියනවා..
"මිනිහෙක්..? මොකද්ද.?.."
"කට වහගන්නවා.." තාත්තා සැරෙන් කිව්වෙ...මම අම්මට වඩා බය තාත්තාට...එයා මාර සැරයි තරහා ගියොත්...අම්මනං ඉතින් හැමදාම බනිනවා නෙ..ඒක මට දැන් විහිළුවක් වෙලා ඇත්තටම...
"ඔයාට අලුත් තැනක්, ස්කෝලයක් තියෙනවා හෙට ඉදන්...මේවා ඕනෙ නෑ ආය.." තාත්තා කියනවා..
"මොනව ද ඔයාලා මේ කියන්නෙ..? මට කිසි දෙයක් තේරෙන්නෑ.."
"අපි අලුත් තැනකට යනවා කියලා කියන්නෙ..." අම්මා කිව්වා..
"ෂා ඒක නං නියමයි.." නොහිතාම මට කියවුණා...මං දැක්කා තාත්තා එතකොටනං හිනාවෙනවා...හිනාවෙවී අම්මට ඇහැකුත් ගැහුවා..
"ඔයාට මේ පරිසරේට වඩා ඒක වෙනස් වෙයි..ඒත් ඔයා හොඳට විනෝද වෙයි..අලුත් යාළුවො ගොඩක් ඉඳියි..."
"වා....ව්......සෝක්......"
"එහෙ හරිම ලස්සනයි...අනික මෙහාට වඩා අඳුරුයි...ඒකෙ තියෙන්නෙ හරිම අත්භූත පෙනුමක්...හරියට නිකන් හොල්මන් කතාවල වගේ...කළුවර පෙනුමෙන් තියෙන ගෙවල්............................" අම්මා කියන් යනවා...
"ඈ..........එපා එපා එපා....මට බෑ එහෙ යන්න...මට බෑ බෑ බෑ...බෑ බෑ බෑ බෑ....බෑ බෑ බෑ බෑ....බෑ.......බෑ කිව්ව ම බෑ.....මට අවතාර එක්ක ඉන්න බෑ......බෑ බෑ මට බෑ....අම්මා...බෑ...එපා....යමු ගෙදර....අනේ...." හොල්මන් එක්ක ඉන්න කවුද හදන්නෙ යකූ...
"ඔය විහිළු...එහෙ ඔයා හිතනවට වඩා ලස්සනයි..." තාත්තා කියනවා...
"අ....නේ.................."
"ආයෙ යනකන් කතාවක් තියෙන්න බෑ...එච්චරයි..." ඒ තාත්තා...
"මො........................" කියන්න ගියපු එක මං කටටම ගිල ගත්තා...නැත්තන් ආයෙ මොනවයින් මොනා වෙයි ද දන්නෑ...දන්නවනෙ අපේ තාත්තා...ආයෙ ඉතින් ඇවිස්සුනොත් මහ සෝනා පරාදයි...
"ඇත්තම අපි මේක ටිකක් සීරියස් කතා කරමු...ගන්‍යාට එහෙ කිසි ප්‍රශ්නයක් වෙන්නෑ කියලා ඔයා මට පොරොන්දු වෙන්න ඕනෙ..."
"ඇ....ඇයි...අම්මා එන්නැද්ද...?"
ඒකට කවුරුත් මුකුත් කීවේ නෑ...
"අම්මා...මන් ඇහුවෙ ඔයා එන්නැද්ද කියලා...." තාත්තා වාහනේ නතර කරා...
"මං හිතනවා ගන්‍යා..ඔයා නිදාගත්තොත් ඔයිට වඩා හොඳ වෙයි කියලා..." මම එතනින් එහාට මුකුත් කිව්වෙ නෑ..මම නිදාගත්තා...
"දෝණි...දෝණි...නැඟිටින්න..." අම්මගෙ කටහඬ හීනෙන් වගේ ඇහුණේ..
"අ....අහ්...තව ටිකක්..." මම අනිත් පැත්තට හැරෙන ගමන් කිව්වෙ...
"ටික ටික නෙවේ...නැඟිටිනවා.." තාත්තා කියද්දි මාව උඩිම් ගිහිම් ඇහැරුණේ..
"ආව ද...?" ඇහුවෙ නැතත් කටින් පැන්න පලවෙනි ප්‍රශ්නෙ ඒක...
"ඔව්...ඉක්මනට..ඉක්මනට...තව වැඩ ගොඩයි..."
"මොනා ද..?" මම අමාරුවෙන් වාහනෙන් බැස්සා...බැස්ස තැන දැක්ක ගමන් මගෙ ඇස් ලොකූ වෙලා ගියා...
"කො...කොහෙ...ද.....මේ..."
"ලස්සනයි නේද...?"
"අනේ හරිම අමුතුයි.." මම එහෙම කියලා ටිකක් පස්සට ගියා..
"දුව, ඔයා ඉස්සරහටයි යන්න ඕනෑ...වෙනම ලස්සන තැනක් වෙයි ඒක...අලුත්ම අත්දැකීමක් වෙයි..."
"ඔයාලා...? ඔයාලා එනව ද...? මේ හොස්ට්ල් එකක් ද...? අනේ..........මො....කෙ....ද්....ද.....අ........ර......??????" මම පෙන්නුවෙ ඈතින් නිකන් පියාඹලා වගේ එන කෙනෙක්ව...
සත් දෙවි හාමුඩුරුවනේ! ඒ යකා මනුස්ස ප්‍රාණයක්....මොකද්දෝ මුමුණපු එයා හිස නමලා අපිට ආචාර කරා..අපිට කිව්වට මං හිතන්නෙ තාත්තට....
"ඔයා පියාඹ.........................." මං යමක් අහන්න යද්දිම අම්මා මගේ කට අතින් තද කරලා අර කෙනා දිහා හිනාවෙලා බැලුවා...
"ඕහෝ...කොහොම ද පුංචි නෝනා...එහෙනන් මේ අපේ එ................"
"කතා ඇති...තමුසෙ යනවා...." තාත්තා සැරෙන් කියද්දි එයා මටත් ඇහැක් ගහලා එතනින් ගියා...මේ තරුණ වයසේ ඉන්න මට ඒ වගේ සංඥාවක් කරන එක හරිම පාපයක්...මගෙ සූටි හිතේ මැවෙන දේවල්වලට කවුද වග කියන්නෙ...ඒ ගොම් බූරුවා හෙන සෝයි අන්නේ...පොඩි අවුල තාත්තාටත් වඩා නාකි හැරමිටියෙක්....
"ටිකක් වැදගත් විදිහට ඉන්න...යමු..." මං මුකුත් කියන්න කලින් තාත්තා මාව ඇදන් ගියේ...
"අද ඉදන් අම්මා නැතුව වැඩ ටික කරගෙන යන්න ඔයාට පුලුවන් වෙන්න ඕනෙ..ඔයා දැන් නියම වයසෙ ඉන්නෙ..."
ඕම් ඔය බණේ තමා මට පෙන්නන්න බැරි...මම් ආසා නෑහ්...සෑ...ඊට වඩා එක් කෝටි දස ලක්ෂයක් මෙතන නූල වගේ මාව පැටලිලා ඉද්දි තවත් කියන්නෙ මෙරිගො රවුන්ඩ් සීන් කෝන් තමා...
"හ්ම්................"
"ඇතුළට..." කවුරුත් නැති ඒ පෙදෙසින් අපි අවතීර්ණ වුණේ ජනගහනය වැඩි ප්‍රදේශයකට..මම මගෙ පියතුමා ව දැඩි සේ ග්‍රහණය කොරගත්තා...
ඒ මිනිස්සු හරි ම සාමාන්‍ය විදිහට හිටියෙ...ඒත් හරිම අඳුරුයි...
"අපි ඉන්නෙ ට්‍රාන්සිල්වේනියාවේ.."
"මො...මොකද්ද....? අපි ලංකාවේ නෙවේ කියල ද ඔයා කිව්වේ....?"
තාත්තා මං දිහාට හෙළුවෙ දරුණු බැල්මක්...
"ඔයාට හොඳට මෙහෙ ඉගෙන ගන්න වෙයි.."
"ඔයා දන්නවා මම හැමදාම පන්තියෙ අන්තිමයා...මට නින්ද යනවට විටමින් ගෙනත් දෙන්න...සුමේන්ද්‍රා මැඩම් දවසක්......................................." මං එහෙම කියන් යද්දි කවුරු හරි මගෙ ඇගේ හැප්පීගන ගියා...සුපුරුදු පරිදි මම හැරිලා බැලුවා...
ළමයෙක් වගේ එකෙක්...හරිම පුදුම ජීවියෙක්...උෟ....සෝක් ම වැඩේ උෟ කොල්ලෙක්..මට හැරිලා හිනාවුණා...මගෙ පොඩි හිත ඩබ් ඩබ් ඩබ් ඩබ් කියලා ගැහෙන්න ගත්තා...මේ මේ..වෙන දේකට නෙවෙයි..එයාගෙ උල් වුණු දත් දෙක දැකලා...යකෙක් වගේ...
"අග්නගන්‍යා, මං කිව්වා නේද මගෙන් එහාට යන්න එපා කියලා.." එහෙම කියනවා කන ළඟින් ඇහුණා අර කොල්ලට යන්නං කියන්න තියා හැරීගන්නවත් බැරි වුණා තාත්තා මාව ඇදගෙන ම ගියා...
අපි නැවතුනේ ලොකූ ගොඩනැඟිල්ලක් ළඟින්...ෂතුට මේකයි...ඒක ගොඩනැඟිල්ලක් කියන්න බෑ...හරිම අමුතු ෂේප් එකක්...ඇත්තමයි සත්තයි ඒකාන්තයි ඒ මොකක් හරි එකෙක්...අහන්න එපා...මාත් දන්නෑ...
"මේ...මොකද්ද....?"
"ඔයාගෙ අලුත් ස්කෝලෙ..."
දැක්ක ගමන් අප්පිරියා වුණා ඒක..හරිම කැතයි...ඊට වඩා හුද ඇති නගරසභාවෙ කුණු මෙව්වා එක..මුනා කරම්න ද...මම් ඉතිම් හිමින් හිමින් අඩි තිය තිය තාලෙට පැද්දි පැද්දි ආවා...
"හරි එහෙනං...මම ගියා..." මාව ඇතුළට ම එක්කගෙන ආපු තාත්තා දිහා මම බලද්දි එයා හිටියෙ නෑ...කෑ ගැහෙන්න ආපු හින්දා මම අතින් කට තද කරගත්තා...
විනීතව හැසිරියන් තෝ...ඒ..ඒත් බන් තාත්තා කොහෙද ගියේ...අන්නේ...වරෙල්ලෝ...කවුරුත් නැද්දෝ...මං මෙතන....අඩෝ....! අර කවුද අර ළමයෙක් යන්නෙ...බලනවකො මං දිහා...තොගෙ ඇස් පේන්නැද්ද ගොනෝ...ඊයා...මහ වල් සත්තු මුන් නං...කොහාට ද මේ තාත්තා මාව ගෙනත් අත ඇරියෙ...කෝ ටීචර්ලා...ළමයෙක්ට කතා කරනව ද..නැද්ද...කරනව ද...නැද්ද....කරනව ද...නැද්ද...අඩෝ...
"එක්ස්කියුස් මී...." මන් ආඩම්බරකම භාජනේකට දාලා විසි කරලා දහයට නැමිලා කතා කරේ යමින් හිටපු එකෙක්ට...
එයා අමුතු භාෂාවකින් කතා කරේ...මන් දිහා බලලා හිනා වුණා...බැලූ බැල්මට තාම පොඩි මල්ලියෙක්..කලින් වගේ උල් දත් දෙකක් චූටියට තිබ්බා..ගොඩක් දිග නැතත්..
මම ඉතින් කියන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරුව ටිකක් වෙලා හිටියෙ...එයත් එතනින් නොයා මං දිහා කම්පියුස් වෙලා බලන් ඉන්නවා...මම සන්සුන් වෙන්න හදන ගමන් ගොළු භාෂාවෙන් කතා කරන්න තීරණය කරා අන්තිමට...
අත දික් කර කර කියපු ඒවා තේරුනා ද නැද්ද දන්නෑ...ටිකක් වෙලා මං දිහා බලන් ඉදපු උෟ බකස් ගාලා හිනා වෙවී මටත් ඇඟිල්ල දික් කර කර යන්න ගියා...
"හෙණම ගහපන්..." මම ඒක ටිකක් හයියෙන් කිව්වෙ...හැමෝගෙම අවධානෙවත් ගන්න...දැන් මන් හදන්නෙ..
"හායි!" මට පිටිපස්සෙන් ඇහුනෙ මගෙ භාෂාව කතා කරන කෙනෙක්ගේ කටහඬක්...සතුට දෝරේ ගලන් යද්දි මං ඒ දිහාට හැරුණා...එයාව දැක්ක ගමන් කට ලොක්...ලබ්ඩ ඩඩබ්...ලබ්ඩ ඩඩබ්...
_____________________________________________________________________________
🤒ලබ්ඩ ඩඩබ්...ලබ්ඩ ඩඩබ්...ටිලින් ටිලින් ටාං....
මම,
🚫❌කතෘ අවසරයකින් තොරව කතාව කොටස් වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් උපුටා ගැනීම සපුරා තහනම්🚫❌