The Vampire Love Story

The Vampire Love Story

BLANK❄
...නපුරු වූත් ආදරණීය වූත් ඔහුගේත් ඇගේත් හමු වීම...

Previous Episode:- https://telegra.ph/The-Vampire-Love-Story-05-30


02nd Episode



"කවුරු හරි හවස කෝල් කරා ද..?" 


හයියෝ...ඕක අහන්නද කතා කරේ හප්පා..


"අනේ...ඔවූ....අර කොහෙද හිටපු පිස්සෙක්.."

"කවුද කතා කරේ..?" මාව ගණන් ගත්තෙ නැතුව අම්මා මගෙන් ඇහුවෙ..


"මන් කිව්වනේ...ඔය මෝල්ඩි..........මේ...මොකද්ද....නෑ නෑ...මෙල්ඩි..............."


"මෙල්ඩියර් හෝරස්..!" එහෙම කියන ගමන් තාත්තා අකුණක් වගේ පුටුවෙන් ඉස්සුණේ..


"ආන්න හරි...ඒක ත......හෑහ්..? තාත්තා කොහොම ද දන්නෙ...?" මන් කියන්න ගියපු එකත් නවත්තලා තාත්තා දිහා බලාගත්තා..මොනවා වෙනව ද මන්දා...අද හරිම පිස්සු හැදෙන දවසක්...


"ම...ම...ආ...ඔව් මේ..........."


"ප්‍රශ්න නෑ..කතා නෑ...යනවා ගිහින් වැඩක් බලා ගන්නවා.." තාත්තා කියන් යද්දි මැදට පැනපු අම්මා ඒකටත් මටමයි බැන්නෙ...ඕක තමා මට පේන්නම බැරි..


"හැමදේටම මට බනින්නේ..? මං මොනවා කරන්න ද..?" මමත් තරහින් කිව්වා... 


දැවී අළුවී යන නපුරු බැල්මක් අම්මා මට දාද්දි මං කුටු කුටු ගගා එතනින් ආවා...ඕක තමා අපේ පවුල් පසුබිම...හරි විනෝදයි නේත...විනෝදෙ පෙනෙයි අම්මගෙ මකරා පැන්නොත්...පෘථිවිය ම ලෙෆ්ට් එහෙනං..


කුතුහලේ කියන එක අපේ ජීවිතේ තියෙනවා නේ...මටත් ඉතින් හිතට ආවෙ කුතුහලයක්...එයාලා කෝම ද කෝල් එක ගැන දැනගත්තෙ...කොහොම ද මෙල්ඩියර් ද මොකාද එකා ගැන දන්නෙ...ඇයි එයාලා බය වෙලා...තරහා ගිහිල්ලා ඉන්නෙ...


මගේ පළමු මෙහෙයුම දියත් කරන්නයි මේ සූදානම...


හෙමින් සැරේ මන් ආයෙත් ගියා එයාලා ඉන්න තැනට..දැඩි නිස්සබ්දතාවක්..සුට්ටක් එබිලා බැලුවෙ මොකදෝ වෙලා තියෙන්නෙ කියලා...මෙන්න බොලේ..දෙන්නා ඇස් දිහා බලන් හරිම අමුතු විදිහට බලන් ඉන්නවා...


"මේ මොකෝ...?" සටනට පැනපු එළාරයා වගේ මම එතනට කඩා වැදුනා...කියන්න සතුටුයි...කවුරුවත් මාව තැකුවේ නෑ අඹ ඇටයක්වත්..තකන්න ඉතින් උන්ට පණ තියෙන්න එපැයි...මං ටිකක් ළඟට ගිහාම තමයි දැක්කෙ...මේ ඉන්නෙ පණ තියෙන දෙන්නෙක් නෙවෙයි කියලා...


මගේ කට බාගෙට ඇරුණා...අම්මයි තාත්තයි වගේමයි...මොනවගෙන් හදල ද මන්දා...හනේ...මේ මොනාද වෙන්නෙ...මට හිතාගන්න බැරුව තත්පරයක් දෙකක් එතනම ගල් වෙලා හිටියා...


මං පස්සෙන් පස්සට යන්න ගත්තෙ නොදැනුවත්මයි...කොච්චර කට තිබ්බත් වැඩ බෑ කියනවනෙ...මාත් ඒකෙන් කෙනෙක් තමා ඉතිම්...කට තිබ්බට වැඩ බෑ...හැමදාම ස්කෝලෙ ග්‍රේඩ් එකෙන් අන්තිමයා වුණේ මම...මම තමයිලු ඉතිහාසෙ පළවෙනි වතාවට ඒම වුණේ...ඉතින් මට තියෙන්නෙ...නිහතමානී ආඩම්බරයක්...හච්චූම්...


පස්සෙන් පස්සට ගිහින් හැරුණ ගමන් මම දූවන් ගියා පුළුවන් වේගෙන්...කොහෙ යනව ද දන්නෑ...බයෙන් හිටිය නිසා මට කිසි දෙයක් මීටර් නෑ...ගෙයින් එළියට අඩිය තිබ්බා විතරයි මතක...හවස පහට වගේ ඇති..ඊට පස්සෙ මොනා වුණා ද දන්නෑ...


"මෙයාට තුවාල ද..?"


"නෑ එහෙම නෑ නේද...?"


"මොකද්ද කලබලේ...?"


"මොකද්ද වුණේ දැන්..?"


"කවුරු හරි පහර දුන්න ද..?"


"කෝ මෙල්ඩියර්...?"


"මෙල්ඩියර් කොහෙද..?"


"පොඩ්ඩක් ඉන්න...පොඩ්ඩක් ඉන්න..එයාට සිහිය එනවා...හැමෝම යන්න.."


මට පෙනුනේ මහා අන්ධකාර පරිසරයක්..හරිම කරුවලයි...මම වටපිට බලන්න ගත්තෙ එතැනින් නැඟිටින ගමන්..මුළු ඇඟම රිදෙනවා වගේ..ළමා මනස කපා හැරලා යෞවන මනසට අවතීර්ණ වෙන වෙලාවයි මේ...


දැකලා පුරුදු හරියක් නෙවේ නිසා පොඩ්ඩක් මෙව්වා වුණා මාව...ඒත් මට හොඳට කළුවරේ ඇස් පේනවා..ඒකට මට ඔය ටෝර්ච් අරවා..මේවා..ඕනෙ නෑ...මන් ආසත් කළුවරේ ඉන්න..ඒක හරිම සෝක්...එහෙම ඉද්දි මට දැනෙන්නෙ මාරම සැප පහසුවක්..එළිය තැනක ඉද්දි මගෙ ඇඟට දැනෙන්නෙ හරිම වෙහෙසක්..ඒ වගේ ම පෙනීමත් අඩුයි..නිදිමතත් වැඩි ඒ හින්දා වෙන්නැති...


ඒව කොහොම වුනත් කවුරුත් හිටියෙ නෑ එතැන..හැතැප්ම ගානක් ගෙදරක් පේන්නෑ...ටික්කට කලින් අපේ ගෙදරට වෙලා බබ්ල්ස් චෝකෝ කකා හිටපු මට වෙච්ච සංහදියක්..දෙයියොම දකින්න ඕනෙ මේවා....අම්මටයි තාත්තටයි වෙලා තිබ්බ දේ..? මේ වෙන දේවල්..? මාව තනිකර කරකවලා අත ඇරියා වගේ..


"මීට වඩා හොඳයි මෙරිගො රවුන්ඩ් එකේ ගියානං.." මට කියවුණා..


"එයා කතා කරනවා..ඔව්..එයා සනීපෙන්.." මගෙ එහා පැත්තෙන් කවුද කතා කරනවා ඇහිලා මාව උඩ පැන්නවුණේ...නයිට් ඩ්‍රෙස් එක පිටින් ඉන්න මේ වෙලාවෙ කවුරු ආතල් දෙනව ද මන්දා...හයි හයියෝ..මන් බැලුවා එතන කවුරුත් නෑ...අම්මා එක්ක බලපු හොල්මන් කතා එක දිගට මැවෙනවා..


දැන්වත් හිතපන් අග්නගන්‍යයෝ...තෝ මොනවද ඔතනට වෙලා අහස ගැටලන්නේ....පලයන් යකෝ...මගෙ හිතත් මට බනිනවා ඉවරයක් නෑ...මොකද මන් බය වෙන වෙන සැරේට ඒ මඟුලනෙ ගැහෙන්නෙ හෝ ගාලා....උටත් බිසීනෙ එතකොට..


ඇත්තටම පෙන්ස් මේකයි...මට දැන් කරන්නෙ මොකද්ද කියලා හිතාගන්න බෑ...නිකන් ඔහේ තියෙනවා මේ පළාත...මම කලින් දැකපු හුරුවක්වත් නෑ...මම එතනම ඉදගත්තෙ ඒකයි..


"දුව...?" මම බයේ ගැහි ගැහී ඉද්දි තාත්තගෙ වොයිස් එක ඇහුනෙ..මන් ඇහුන්නෑ වගේ හිටියා...හොල්මනක් නං එහෙම...අනේ තාත්තේ ඔයාගෙ දුවට වෙච්ච දෙයක්...බේරගනියෝ...කවුරුත් නැද්දෝ...කියලා කෑ ගහන්නත් හිතුනා මට..


"දුව...?" කියන ගමන් තාත්තා ආයෙ කතා කරද්දි මන් ටක්ගාලා හැරුණා...ඇත්තටම තාත්තා හිටියෙ...


"මොනවද මෙහෙ කරන්නෙ..." පේන විදිහට එයා හිටියෙ ගොඩක් තරහා ගිහින්..


"ම....ම.....?? ඔයා මොකද මෙහෙ කරන්නෙ.."


"මම මෙහෙ තමයි ඉන්නෙ..." තරහෙන් පිපිරෙමින් කියපු තාත්තාගෙ අත වේගෙන් දික් වෙන්න ගත්තා ඉදපු තැන ඉදන්...මට බයටම සිහි නැති වෙන්න ඇති...වෙච්ච දේවල් කිසි දෙයක් දන්නෑ...


"ගන්‍යා...ගන්‍යා.." අම්මා කතා කරද්දි මන් එහෙට මෙහෙට පෙරලි පෙරලි ඇහැරුණේ..අග්නගන්‍යා කියන එක කෙටි කරලා තමයි අම්මා එහෙම කතා කරන්නෙ...


"ළමයො මොනවා වෙලා ද..?" අම්මා කතා කරද්දි ඊළඟ පාර මාව ගැස්සිලා නැඟිට්ටවුණා..ඒ එක දිගට ඊයෙ දේවල් මතක් වෙන්න ගත්ත හින්දා...


මම ඇදෙන් බිමට පැනලා අම්මගෙන් ඈතට ගිහින් වොෂ් රූම් එකට දුවන් ගියා...ඊයෙ ස්කෝලෙ ගිහින් ඇවිත් ඇදගත්තු ඇඳුම පිටින් ම මම හිටියෙ...කණ්ණාඩියෙන් මන් දිහා ම මම බලන් හිටියා...අම්මා දොරට තට්ටු කරද්දියි ආයෙ මේ ලෝකෙට ආවෙ..මන් අම්බානකට බය වෙලා හිටියෙ..


"තාත්තෙ ඔයා ඊයෙ අත දික් කරා.." එයාව දැක්ක ගමන් මන් කිව්වා..ඒක මහ මෝඩ වැඩක් වගේ පෙනෙයි...ඒත් ඇස් දෙකෙන් දැකපු දේ නෑ කියන්න පුළුවන් කාට ද..??


තාත්තා කලබල වුණා මන් හොඳටම දැක්කා...


"තාත්තාට අත දික් නොකර අකුලන් ඉන්න ද කියන්නෙ..." ඒක විහිළුවකට අරන් හිනාවෙවී අම්මා කියනවා...ඒත් ඒ හිනාව තනිකර බොරුවක් වගෙයි මට පෙනුනේ...


"අනේ මට නං මේ ගෙදර ඉදලා ඇති වෙලා..සමහර දවස්වලට මහ අමුතු දේවල් වෙනවා...මොකද්ද වෙලා තියෙන්නෙ ඔයාලට..." වේගෙන් එහෙම කියපු මං කෑම නොකා ම කාමරේට ගියා...


මං ඇදෙන් ඉදගෙන කකුල් දෙකත් හොලෝ හොලෝ ඉද්දි අම්මා කාමරේට ආවේ...


"දෝණි...මොකද්ද ප්‍රශ්නෙ..?"


"මට ඊයෙ වුණු දේ ගැන මං හිතන්නෙ.." රවාගෙන මම කිව්වා..


"මොකද්ද වුණේ..." අම්මා ඇහුවෙ මං ළඟින් වාඩි වෙන ගමන්...


මම ඔක්කොම අම්මට කියලා ඉවර වෙලා.. "ඔයා මේවා ඔක්කොම දන්නවා කියලත් මං දන්නවා.." කියලා කිව්වා...


ටිකක් වෙලා යනකන් අම්මා මුකුත් කීවෙ නෑ...


"ඔයා හීනයක් දකින්න ඇති දූ...එහෙම අත දික් කරන්නෙ කොහොම ද තාත්තා..? අපි ගල් වෙලා හිටියෙත් නෑ..." අම්මා කියනවා...


"ඒක මමයි ඔයාලගෙන් අහන්න ඕනි.." එහෙම කියලා නැඟිටලා මං එතනින් ගියා...ස්කූල් යන්න රෙඩි වෙන්නත් ඕනෙ නිසා...


ඇත්තටම ඒක හීනයක් ද...? ඒත් එතකොට හවස වුණු දේවල් කිසි දෙයක් මට මතක නෑනේ..ඒත් තාත්තා කොහොම ද එහෙම කරේ...?? අම්මයි තාත්තයි පිළිම වගේ හිටියෙ නැද්ද..! මම ඒක හිතලා හිතලා අන්තිමට අමතක කරලා දාන්න හිතුවා...


ස්කූල් යන්න ලෑස්ති වෙලා ඉවර වෙලා ඉතුරු වැඩ ටිකත් කරගෙනයි මන් කාරෙකට නැඟලා ඉස්කෝලෙ ආවෙ...පුදුමෙට වගේ අද තාත්තත් මාත් එකක් ආවා...ඒකට මං වැඩිය කැමති වුණෙත් නෑ....


"ඒ..තාත්තෙ...නැඟිටින්න...මේ ස්කෝලෙට ආවා.." තාත්තටත් ඇහැරවලා යන්නං කියලා වැදලා පුදලා කරලා ඔක්කොම ඉවර වෙලා මම ක්ලාස් එකට ආවා...ඉතුරු වෙලා තිබ්බ චොක්ලට් කෑලි ටිකකුත් කාලා ඉවර වෙලා ආවෙ...නැත්තන් පන්තියෙ උන්ටත් පුදන්න වෙනවනෙ..


"ගුඩ් මෝනිම් ගයිස්...කොහොම ද ඔයාලට..?" එහෙම කියන ගමන් මන් ක්ලාස් එකට රිංගුවේ...නැව ගිලුනත් බෑන් චූන් සීන් එකේ ඉන්න පොරක්නෙ මන්...


"ඒයි උඹේ කටේ මොනා ද ඔය..?"


"ඇයි මොකෝ.." කියන ගමන් මන් කට පිහදැම්මේ අතින්...අත දිහා බලද්දි ලේ ගෑවිලා..මම ඒ දිහා ඇස් පිය නොහෙලා බලන් හිටියෙ...ආසා හිතුනා...ආසයි කිව්වේ මොකටද කියන්න මන් දන්නෑ...ඒ ටික ඕනෙ කියලා හිතුනා...මෙතනට ඒක ආව හැටි මම හිතන්න ගියෙ නෑ..මට ඕනි වුනේ ඒ ටික විතරයි...


අත කට ළඟට ළං කරද්දිම "ඕයි.." කියන ගමන් පසන් මගෙ අත අල්ලගත්තා..


"ඊයෙ මන් උඹෙ ගෙදර ඇවිත් කරපු දියසායම් වැඩේ කරලා උඹ අත හෝදගෙනවත් නෑ...ඔය කටෙත් ගාගෙන...වරෙන් වරෙන්.." කියන ගමන් මාවත් ඇදගෙන උෟ ටැප් එක ළඟට ආවෙ..


මගෙ මූණට වතුර ගහනකන් මන් මේ ලෝකෙ නෙවෙයි හිටියෙ...


"ඒ..ඒ..ඒ...පසනයා...උඹ කවද්ද දියසායම් වැඩේකට මගෙ ගෙදර ආවෙ..?" මොළේට සමනල ගැටේ වැටිලා දැන්නං..


"ඔය අත හෝදගෙන එනවා විජහට..පන්තියෙ උන් අපිට කතා හදලත් ඇති දැන්.." ඒකට උත්තර නොදී උෟ කිව්වා..


"කතා නෙවේ ජාතක කතා.." එහෙම කියලා දුකින් වුනත් අර ලේ ටික පිහලා අතයි කටයි හෝදන් පසන් එක්කම පන්තියට ආවා...මගෙ ඔලුවෙ වැඩ කොහොම ලේ ආව ද කටට කියලා...


"වසරේ කපල් එක.." ඔන්න ගිය හැටියෙම පිළිගත් විදිහ...පසන් ලැජ්ජාවේ ඉන්නවා..


"තෑන්ක් යූ...තෑන්ක් යූ...සෝ...මච්..." මන් නං එහෙම කියන ගමන් ඇතුළට ආවෙ...පන්තියෙ උන්ටත් හෙන ආතල් ඉතින්...මටත් සේම් ඈ...


ක්ලාස් එකේ ඉන්න ගමන් මන් නිකන් පසන් දිහා බැලුවා...හම්මට...පොරත් මන් දිහා බලන් ඉන්නවා මේන්...මන් දැක්ක ගමන් උෟ අහක බලාගත්තා...ඉන්ටර්වල් එකේ මන් බත් එකත් උස්සන් උෟ ළඟට ගියා...යාළුවෙක් නැති අහින්සක මන් උෟ මගෙ යාළුවා වෙනවටයි කැමති වුනේ....


"හලෝ පසන්...ගුඩ් ආෆ්ටර්නූන්...අපි එකට කමු ද..?" 


පසන් හිතාගන්න බැරුව වගේ ටිකක් වෙලා හිටියා...


"ම්ම්...හා..." අන්තිමේ දි උෟ මොළේ ගැලවෙන්නම හිතුවට පස්සෙයි කිව්වෙ...එයාගෙ කෑම මට වඩා රසයි...මම හරිම ආසාවෙන් ඒක කෑවේ..


"ඔයාගෙ කෑම හරිම රසයි.." මම කිව්වා..


"ඔයාගෙත්.." 


"තෑන්ක්ස්...තෑන්ක්ස් ඉතින්...ආ මේ අර උදේ වුනු කේස් එක...මට හෙන පුදුමයි බන්..මගෙ තොල පැලිලා වගේ.."


"ආ...ආ....ඕ......බලන්න....ගිහිල්ලා...කාලා ඉවරයි.." කිව්ව ගහන් උෟ වාෂ්ප වුණා වගේ...එහෙ බලලා මෙහෙ බලද්දි මූ නෑ..මම ටිකක් ඇස්පිල්ලන් ගැහුවෙ හිතාගන්න බැරුව...


මමත් ඉතින් කෑම එක බෑග් එකට දාන් පන්තියෙන් එළියට පැන්නෙ ඔංචිල්ලා පදින්න යන්න...මං යද්දි එක වසරේ උන් දෙන්නෙක් තුන්දෙනෙක් හිටියෙ...


"ඒ නංගි...පොඩ්ඩක් අයින් වෙන්න..මන් එකොළහෙ..." එහෙම කිව්වා විතරයි හිටපු සේරම දිව්වා...එකොළහෙ කීවම පොඩි උන් හෙන බයයි අපිට....


ඔංචිල්ලාව පැද පැද මං හිතන්න ගත්තෙ කටේ ලේ තිබුණු හැටි...


ඈ බන්...තෝ කොහොම ද දන්නෙ ඒ ලේ කියලා...සිරාවටම ඊයෙ වෙච්ච දේවල් මට මතක නෑ...පසනයා අපේ ගෙදරත් ඇවිත්...අඩෝ නෝ...! දියසායම්...! 


"අග්නගන්‍යා...අග්නගන්‍යා..." මට ඇහුනෙ කවුරු හරි කතා කරන කටහඬක්...ඒක හරිම අත්භූත විදිහට ඇහුනෙ...




_____________________________________________________________________________


😳😳කව්ත ඒ...

 



මම,

Sinaa✨



🚫❌කතෘ අවසරයකින් තොරව කතාව කොටස් වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් උපුටා ගැනීම සපුරා තහනම්🚫❌



Report Page