The Vampire Love Story
BLANK❄
Intoduction:- https://telegra.ph/The-Vampire-Love-Story-05-29
01st Episode
"ඕයි...ඕයි...මේ උඹ නිදි ද...?"
"ම්හ්...තව ටිකක්.." කස කස උස්සපු ඔලුව ආයෙ කඩා වැටුණා..හෙන සද්දයක්නෙ ආවෙ..හප්පට බොල ඇඳ විට්ටමේ ද ඉන්නෙ..නිදිමරගාතෙම හිමීට ඇස් අරිද්දිම කවුදෝ මගෙ කෙනිත්තුවනෙ..
"ආ...වූ..." මං හයියෙන් කෑ ගැහුවා..
"අග්නගන්‍යා...මොකද්ද හැබෑට ම ඔය ළමයට වෙලා තියෙන්නෙ..?"
හෑහ්..වෙන්න බෑ..ඒ ටීචර් ද...හුම්ටා! මාව කරන්ට් එකක් වැදුනා වගේ කෙලින් වුණේ..ටීචර් මං දිහා අත් දෙකත් බැදන් බලන් ඉන්නවා...ඇඳ විට්ටමේ නෙවේ යකූ ඩෙස්ක් එකේ ඔලුව තිබිලා තියෙන්නෙ..ළමයි හැමෝම හිනා වෙනවා..ලැජ්ජාවේ විලි සංසාරේ බෑ...
"ට්..ටී...ච........ර්............"
"ටීච..ටීච තමා..ඉදගන්නවා..බැලුවොත් නිදි....රෑට නිදියන්නෙ නැද්ද දරුවා..?"
ආහ් ඕකනෙ බැරි...නින්ද යනු මගෙ ජීවිතයයි..ඊට ඉහළින් කිසිවක් මා තබන්නේ නැත..වරෙව් කඩුවත් අරන් එළියට..අභීත මද්දුමගෙ ශක්තිය එන්න කලියෙන් ටීචර් මං ළඟට එද්දි වහා ක්‍රියාත්මක වුණු අහිම්සක මන් හතරට පහට නැවුණා...මේ ටීචර් හරිම සැරයි..කොච්චි ආච්චියෙක්...මං ඉතින් කිරිකැටි හිනාවක් දැම්මා...
"විරිත්තන්න නෙවේ කිව්වේ..කෝ ගන්නවා ලියාපු ටික.."
හත්දෙවියනේ! අනේ දෙවියනේ මට වුනු වියෝයා...එකක්වත් ලියලා නෑ සාම්ත..ගෙදර වැඩ කරෙත් නෑ..හන්නේ...තිස් තුන් කෝටියක් දෙවිවරු මුළු හිතින් ම සිහි කරන ගමන් මං ටීචර්ට පොත දුන්නා..
"ඔය බලනවා..ඔය බලනවා.." කියලා ටීචර් මගෙ කන ඇද්දා...
"ආව්..ආව්.." මට ඉතින් රිදුනා..ඉහි ඉහි...මං පවූ..මගෙ කන දික් වෙයි ටීචර්..ඉහි ඉහි...ඉහි ඉහි ඉහි...කෝ දෙවියනේ ඔබ...මේ අසරණීට වද දෙනවා...ඉහි ඉහි..
"ආ..හෙට බලමුකො පොත...කිසිම වැඩක් කරලා නෑ...හෙට පන්තියේ හැමෝගෙම පොත් බලනවා.." එහෙම කියද්දි බෙල් එක ගැහුවා...අනේ යකෝ ටිකක් කලින් ඕක ඔබන්න බැරි වුණා ද මං අහන්නේ..
"හරි ළමයි...හෙට අග්නගන්යාගෙ පොත කම්ප්ලීට් වෙලා තියෙන්න ඕනි.." මාත් ඉතින් ඔලුව නමාගෙන හිටියා..
"ආයුබෝවන් ළමායි!" කියලා ටීචර් ගියා විතරයි අපේ පන්තියේ සෙට් එකම මාව කන්න හදනවා..
"ඕයි තමුසෙ කෑවා යකෝ අපිව.."
"සිරාම තමා..හෙට අපෙත් පොත් බලනවනෙ.."
"මම කිසි වැඩක් කරේ නෑ යකෝ.."
"උඹව නං මරන් කන්න වටිනවා"
"අනේ අග්නගන්‍යා තොගෙ නින්ද තමයි මේ සේරටම මුල.."
මට ඉතින් මේ වගේ අවස්ථාවක දුකට සැපට ඉන්න යාළුවෙක් එහෙම හිටියෙ නෑ..මුළු ඉස්කෝලෙම කොල්ලො කෙල්ලො සේරම මගෙ යාළුවො...උන් හැමෝටම මාව හුදට මතකයි..ඒ යන යන හැමතැනම මාව හයිලයිට් වෙලා නවතින හින්දා වෙන්නැති..හිකිස්...මං ඉතින් මුනිවත රැකගෙන හිටියා...ගොම් හිනාවකුත් දාගෙන..
ආහ් කියන්ට බැරි වුණා...මම අග්නගන්‍යා තුමාන්ජලී..නම නං ඉතින් අමුතුයි තමා..මොනා කරන්න ද..ඒක තමයි මගෙ නම...
මම ඉතින් පුටුවෙ හරිබරි ගැහිලා ඉදගෙන හොඳ ළමයා වගේ හිටියා...මන් කෝමත් ඒමනෙ ඉතිම් නේත..හේ හේ...
"ආව්ස් අම්මා...අද ඇවරිවත්ත ඇවිල්ලා නෑලු..නෑලු...ඕ...යේ....ඕ...යේ..." ක්ලාස් මොනිටරයා දුවන් ඇවිත් කිව්වා..
"ජින්ගි චිකා...ජින්ගි චිකා..." ළමයි කෑ ගහන්න ගත්තා...මාත් ඉතින් ඒ අතර ඉන්නවා කියලා අමුතුවෙන් කියන්න ඕන යෑ...
ඇවරිවත්ත කියන්නෙ අපේ කෙසෙල් දත් සෙට් එකක් තියෙන ටීචර්...ඒක සිරාවටම ඇවරි ලුක් ඈ...ඒක හින්ද ඉතින් කෙල්ලො කොල්ලො එක්කහු වෙලා ටීචර්ට ඔය නම දැම්මා...ටීචරයා එහෙම ඕවා දන්නෑ..දන්නවනං අපි සුනේ සුන්..
"ෂ්......ෂටප් උයර් හැකර මවුත්..." මොනිටරයා නැඟිටලා කිව්වා..
"දඩබ්බර කොණ්ඩ කැවුම්.." ඒ තව එකෙක්...ඕවා මොන විහිළු ද ගයිස්...කිචි කැව්වත් මූඩ් තමයි කිව්වලු..කොහොම වුනත් පන්තිය මීයට පිම්බා වගේ නිශ්ශබ්ද වුනා අන්තිමට...
මට එක තැන ඉදලා පුරුදු ම නෑ...ඒකයි මගෙ විශේෂත්වය...එක්සිට් කාඩ් එකත් බෙල්ලෙ දාන්...වොෂ් රූම් යනවා කියලා මොනිටර්ටත් කියලා...මං පන්තියෙන් එළියට පැන්නා...මොනිටරයා වුනත් දන්නවා මම යන වොෂ් රූම් එක...මන් ඉන්නෙ එකොළහෙ..ඒත් තාම සිඟිති මානසිකත්වයක් තිබුනෙ..හිකිස්...
කෙලින් ම දිව්වෙ පහ වසරෙ පොඩි උන් අපිට පාට් දදා නටන සීසෝ එකට...උනුත් එක්කම මන් එල ටොපට ආතල් ගත්තා...ඊළඟ පීරියඩ් එකට බෙල් ගැහුවත් යන්න නිච්චි නෑ..ළමයෙක් ඇවිල්ලා කියනකන් මම ඒ ගැන දන්නේ නෑ ඕං..අන්තිමේ දි ගිහින් ඒ ටීචර්ගෙනුත් බැනුම් ඇහුවා...හැමදාම එහෙමනෙ...මට පුරුදුයි...
ටීචර් දැන් පාඩම උගන්වනවා..මන් නිදි කිරද්දි එහා පැත්තෙ එකා මට අනිනවා..
"හරි ළමයි...කියමු බලන්න...ඔයාලා පොඩි කාලෙ ඉදන් ඉගෙන ගෙන තියෙනවනෙ..සැහැල්ලු ද්‍රව්‍ය..ඒවා කියමු ටිකක්.."
"මේ මොනවද බන් මේ අහන සිඟිති ප්‍රශ්න.." එහා පැත්තෙ එකා තව එකෙක්ට කියනවා..
"අග්නගන්‍යා කියමු එහෙනං.." ටීචර් කියද්දි මාව උඩ ගිහින් ඇහැරුනා...
"ඔව්..කියන්න බලන්න.." ටීචර් කියනවා..
"අහ්...අහ්...මේ....මේ....අ....ර්....."
"ටීච..අපේ අග්නගන්යාත් ඒකට අයිතියි.." තව ළමයෙක් හයියෙන් කියද්දි නිදා වැටෙන මාව ආයෙ ඇහැරුණා...ෂිට් විතරක්...මුන්ටනං හොඳක් වෙන්නෑ ඇත්තමයි..
ටීචර්ත් හිනාවෙවී ආයෙත් පාඩම ගැන කතා කරන්න ගත්තා..මම සුපුරුදු ලෙස ම ටීචර්ට මුවා වෙලා නිදි යන්න හැදුවෙ...වැඩේ හරිගියෙ නං නෑ...
ඔන්න ඔහොම ඉද්දි හරි අමුතු දෙයක් සිද්ධ වෙන්න ගත්තා...එකපාරට ම අහස ගොරවන්න ගත්තා...වැඩි යමකට නෙවේ යකූ...වහින්න....අද කාලගුණේ බලන එකා කිව්වෙ පායනවා පෑවිල්ලක් නියඟෙ වගේ කියලා...මේ බලපල්ලකො දැන් වහිනවා...එසේ මෙසේ නෙවේ අම්බානට වහිනවා...මුන්ට හෙණ ගහන්න ඕනි පච කෙලිනවට..
ස්කෝලෙ ඉවර වෙච්ච හැටියෙ මම දුවන්න හැදුවෙ ලොකු ගේට්ටුවට...මම එළියට පනින්න යද්දි ම අපේ පන්තියේ හිටපු එකෙක් මාව ඇද්දා...රූස් ගාලා මාව ඇදිලා ගියා..මම කෙට්ටු කියන්නෙ ඇටකෝටු...කෘෂයි ද කොහෙද මන්..
මම උගෙ ජාතිය අමතන්න සැරසෙන ගමන් බැලුවෙ මොකාද මේ කියලා..
"අඩෝ පසනයා...මොකද තෝ මාව ඇද්දෙ ගෙම්බො.." උෟ තමා පන්තියෙ අහිංසක ම පොර...කාත් එක්කවත් වැඩි කතා නෑ..මට ඉතින් පුදුමත් හිතුනා..
"හිටපන්..වැස්ස පායනකන්.."
"වැස්ස පායනකන්??..තොට බාලගිරි දෝසෙ ද...මේක ඉවර වෙන එකක් නෙවේ..මට නිදි මතයි යකෝ.."
"ඉදින්කො කීවම..."
යකඩෝ මූ බලාපල්ලකො..මූ මගෙ කිරි මුත්තා වගේනෙ හැසිරෙන්නෙ...හුහ්..රෙද්ද ගහේ...ගෙඩිය වැලේ කිව්වලු...
"මොකද්ද උඹට වුනේ බන්..? සල්ලි කීයක් හරි ඕනෙ ද..?" මම තමා හිටපු පෝසත් ම එකා...ඉතින් කාට හරි සල්ලි ඕන්නං දෙන්නෙත් මන් ම තමා...මන් හුදයි නේත...හැබැයි පොලිය එක්ක..හී හී...
"සල්ලි...? නෑ ඕයි...උඹ මෙතන වෙලා හිටපන් දැන් වැස්ස ඉවර වෙයි...!" මූ නං විශ්වකර්මයෙක් ද කොහෙද...කිව්ව ගමන් වැස්ස ලෙෆ්ට් කියපන්කො...එකපාරම අඩු වුනේ නැති වුනත්...ටික ටික අඩු වෙලා නැති වෙලා ම ගියා...
"උඹ මැජික් දන්නව ද කොහෙද බන්...ඒකෙන් කාරි නෑ...අපි කැපුනා මචන්..බායි.." කියලා මම උෟ දිහා නොබලා ම දුවන් ගියා...මට හොඳට ම පරක්කු වෙලා තිබුනෙ...අම්මයි තාත්තයි හොඳටම බය වෙලා ඇති...
"අග්නගන්‍යා...අග්නගන්‍යා.." ටීචර් කෙනෙක් දුවන් ආවා මන් ළඟට..
"ටී....ච.....ර්....?"
"පුතේ අම්මා කෝල් කරා...කාරෙක ඇවිත්ලු..ඔයා යන්නෙ නැද්ද..?"
"යනවා ටීච...යනවා...මේන් ගියා...බායි බායි.." කියලා අත් දෙක එකතු කරලා වඳින ගමන් මං දුවන් ගියා...ප්‍රින්සිපල්ගෙන් කේස් එකක් කියලා මට හීන් දාඩිය දැම්මෙ...හනේ යකෝ මෙහෙමත් බය කරනව ද...මුන් නං අමනුස්සයො ම තමා..
කාරෙකට නගින්න ඩ්‍රයිවරයා ඇවිත් දොර ඇරියම ඒක ඇතුළට පැනපු මම සීට් එකේ ම දිගා වෙලා නිදාගත්තා..
"අද චූටි නෝනා පරක්කුයි නේද..?" ඩ්‍රයිවරයා කියනවා..
"අනේ පීස්...මන් නිදි.." එහෙම කියපු මන් හුදට ඇලවෙලා සාන්තව නිදාගත්තා..
ගෙදරින් කාරෙක නැවැත්තුවම ඇහැරිලා "දෝණි..." අම්මා කතා කරද්දි මන් නිදිමරගාතෙම හැප්පි හැප්පි ගෙට ගියේ..
"අද වැස්සා නේද හොඳටම..එළියට ගියා ද..නැටුව ද...මම කියලා තිබුනා යන්න එපා කියලා...කෝ අහනව ද...දැන් තාත්තයි දුවයි බලාගන්න එකයි ඇත්තෙ...මන් දන්නෑ ඕවගෙ තියරි...." එකදිගට අම්මා බැන ගෙන බැන ගෙන ගියේ මන් දිහාවත් නොබලා...
"මොනාද අප්පා...මට නිදිමතයි..." කිව්වා විතරයි මට මොනා වුනා ද මන් දන්නෑ...නින්ද ගිහින් බිම වැටෙන්න ඇති...
කලින් කිව්වට මෙච්චර නින්ද යන එකෙක් කියලා හිතුවෙ නෑ නේත...ආන් වැරදුන තැන...මට නින්ද යනවා ඉතින් මාරෙට...ඉස්සර එහෙම නෑ...නවයෙ වගේ ඉදන් ඕක ලෙඩක් මට හැදුනු...අපේ තාත්තාගෙන් බෝවුන එකක් ද කොහෙද...එයත් එහෙමයි නිදි යනවා ඉතින් ආයෙ මලාට නැඟිටින්නෑ...
අපේ අම්මා රෑට නිදි යනවා අම්බානකට...කොහෙද යකූ ඕන් බලපන්කො ඒකෙත් හැටි...රෑට මට නින්ද යන්නෑනේ...හනේ හනේ..කාට කියන්න ද මේ අවනඩු...ඒකෙන් වැඩක් නෑ...ගෙදර ෆෝන් එක රින්ග් වෙද්දි මන් තමා ආන්ස්වර් කරේ..එවලෙ අම්මයි තාත්තයි නෑ...
"හලෝ කියන්න.." මම කිව්වේ පැහැදිලි කටහඬින්...දැන් හවස නෙ..මතේ නෑ දැන් මට...හැබැයි මේ...ඒකත් මරු නේත...
"අංක බිංදුවයි හතර වැම්පයර් නිවාසය, මෙල්ඩියර් හෝරස්, සම්බන්ධිතයි"
අංක බිංදුවයි හතර...? වැම්පයර්..? මෙල්ඩියර්...? හෝරස්...? සම්බන්ධිත..? මොන මඟුලක් ද යකෝ....
"තොගෙ අප්පට හාල් ගරන්න $@#%" කුණුහරුපෙකුත් කියන ගමන් මන් ඒක තිබ්බා...ඔහොම මෝඩ කෝල්වලින් කාලෙ නාස්ති කරගන්න ළමයි නෙවේ අපි..මන් ඉතිම් ඕවා වැඩිය කෙයාර් කරන්නෑ...
කෝම හරි මන් අපේ කොච්චි කැලේ ටීචර්ගෙ වැඩ ටික බදාගෙන කොරන්න ගත්තා...කම්මැලියි ඉතින් මොනා කරන්න ද...කර කර ඉද්දි තාත්තලා ආවේ..
"මට මොනව ද ගෙනාවේ...?" දත් තිස් දෙක ම කැටි කරගත් වශී වෙන හිනාවක් දාගෙන මන් ඇහුවෙ...
"අම්...අහ්...මේ තියෙන්නෙ.." බබ්ල්ස් චොක්ලට් එකක් දුන්නා තාත්තා මට...මාත් ඉතින් රස කර කර කෑවා...වෙනදට වඩා රසයි...මාර රසයි...
"අම්මට ඕන ද..?"
"ඈක්කා මට එපා.." මම අන්දමන්ද වුනා වගේ..
"අම්මට මොකද වුනේ..මේ චොක්ලට් නෙ..අම්මා කන්නෙ.." කියන ගමන් මන් අම්මගෙ කටේ එබුවා...අම්මා ආසයි මගේ...බබ්ල්ස් චෝකෝ කන්න..
අතින් කටත් වහගෙන අම්මා වොෂ් රූම් දිව්වෙ මට මුකුත් හිතාගන්න බැරුව ඉද්දි..
"තාත්තෙ..?" මං තාත්තා දිහාට හැරුණා..කල් ඉකුත් වීමේ දිනේ බලද්දි හුටා යකෝ ඒක නෑ..!!!
"හරි රසයි පුතේ ඕක..." කියන ගමන් තාත්තා ඇවිත් මගෙ එකෙන් කෑලි කීපයක් ම කාපු පාර ඔය ක්ලෝසින් ඩේට්වත් අම්මට වුනු වැඩේවත් මතක නෑ...විනාඩි පහෙන් ඔක්කොම බඩේ...අන්න ඒමයි...අපි මල් වම්ගේ ළමයි...යෝ යෝ...නෑ නෑ රෑටත් ඉතින් තුන හතරක් තියා ගත්තා..
"දුව!" අම්මා කතා කරා...කරපු විදිහ නං ඇල්ලුවෙ නෑ..
"අ..ම්.....මා..............." මන් ඉතින් කටුව අස්සට රිංගන්න හදන ගොළුබෙල්ලෙක් වගේ ඒ මොහොතේ...අම්මගෙ ඔය නපුරු වොයිස් එකට තමයි මම් ආසම නැත්තෙ..
මොනා වෙයි ද කවුද දන්නෙ...?......
_____________________________________________________________________________
😬මොකද දන්නෑ...
කතාව කෝම ද...හිතුව විදිහට තිබුන ද...නැද්ද...👀💜
මම,
🚫❌කතෘ අවසරයකින් තොරව කතාව කොටස් වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් උපුටා ගැනීම සපුරා තහනම්🚫❌