The Scream

The Scream

Akila lakmal

වියරුවේ රාත්‍රිය 2,"කෑ ගැසීම"


   

  Powerd by, Diganthaya💕



                      22 කොටස



🃏පෙර කොටසට🃏



"අම්මේ මොකද අනේ වේලාසනින් එන්න කිව්වෙ, මම මධූ එක්කනෙ ගියේ නේද මධූ?"


"ඔව් ඉතින්, ඒත් අම්මා හරිනෙ දෙව්නක ඔයා ජොබ් එකක් නැතිව ගෙදරට වෙලා ඉන්න එකේ ටිකක් කලින් එන්න ගෙදර."


"අපෝ ඇති ඇති මැඩම් කියවිල්ල අදත් මගෙ කන කන්න්ද ඔය හදන්නෙ.. අම්මේ ඇයි කියන්නකො එන්න කිව්වෙ, කෝ නර්ථනා?"


"නර්ථනා කුස්සියේ, එයා තමයි එන්න කියන්න කිව්වෙ වේලසනින්."


"මොකක් හරි මරාලයක් සෙට් උනාද අම්මේ.. එහෙම නම් කියනවකො, ඔයා හොඳ අම්මනේ."


"මම කියන්නෑ එයාගෙන්ම අහගන්න, මම එවන්නම්කො එයාව.. සුදු මැණිකේ..."


"ඒකත් එහෙමද.. මධූ ඔයා දන්නෙත් නැද්ද මොකක්ද කේස් එක කියලා?"


"ඇයි බූරුන්නාන්සේ මම කොහොම දැන ගන්නද, මම හිටියෙ ඔයත් එක්කනෙ."


"ඔව්නෙ.. සොරි සොරි ඈ.. ගනන් ගන්නෙපා."


"හරි හරි මනුස්සයෝ ආන් එනවා දැන් අහගන්නවකො."


"කෝ එනවද.. මේහ් අවුලක් උනොත් මාව බේරගන්නව හරිය.."


"ඇයි ඇයි මොකෝ ඔය තරම් බය වෙලා? කට්ට කයිරාටික වැඩක් වත් කරාද?"


"පිස්සුද අප්පා එහෙම මුකුත් කරේ නෑ, ඒත් කියන්න බෑනෙ මොන කුණු ගොඩක් අවුස්සගෙනද කියලා."


"මොන කුණුද දෙව්නක?"


"නෑ නර්ථනා මුකුත් නෑ, ඒක මේ අපේ පොඩි කතාවක්."


"ආ දැන් එහෙම ඒවත් තියෙනවද? බලාගන්නන්කො මම."


"ඔන්න ඉතින් කෑගහන්න පොටක් හොයාගත්තා.. ඕක පැත්තකට දාලා කියන්නකො මොකක්ද ඔයාලට කියන්න තියෙන්නෙ කියලා."


"මුකුත් නෑ, ඕන කෙනෙක්ගෙන් අහගන්නවකො, මධූ වාඩි වෙනෝ අනේ හිටන් ඉන්නෙ."


"හරි හරි, ඔන්න ඔය රණ්ඩුව නවත්තලා කියන්නකො නර්ථනා."


"කියන්නම් කියන්නම්."


"මේ දුෂ්ඨයා ඔයා කිව්වත් කියන්නැත්නම් වැඩක් නෑ මධූ මම යනව යන්න."


"ඒයි දෙව්නක කොහෙද යන්නෙ?"


"කොහෙ ගියහම මොකටද ඔයාලට?"


"හරි එහෙනම් යනවකො, ශෝක් නල්ලමලේ තාත්තා."


"ඉතින් ඔයාට මොකෝ නර්ථනා?"


"නර්ථනා.. මොකක්ද ඔයා කිව්වෙ.. තාත්තා?"


"ඔව් මධූ ඔයා නැන්දා කෙනෙක් ඔන්න."


"ඇත්තටමද ඔය කියන්නෙ?"


"හ්ම්.. හ්ම්.. ඔව් මධූ මම ප්‍රෙට්නට්."


"වාව් වාව්.. සුබ පැතුම් හොඳේ.."


"තෑන්ක් මධූ.. ඒත් බලන්නකො අර මනුස්සයා අච්චර කියලත් ගියානෙ තේරුන් ගන්නැතුව මෝඩයා වගේ."


"ඒක නේන්නම් මාත් බැලුවෙ, ඉන්නකො මම බලන්න.. දෙව්නක.. දෙව්නක.. ඒයි බූරුන්නාන්සේ.. කෝ මෙහාට එනවා.. දෙව්නක.."


"මොකද මධූ?"


"ඇයි බූරුවෝ ඇහුනෙ නැද්ද නර්ථනා අන්තිමට කිව්වෙ මොකක්ද කියලා?"


"මොකක්ද?"


"ඇයි මනුස්සයෝ නල්ලමලේ තාත්තා කියලා කිව්වෙ.''


"ඉතින්?"


"ඉතින් ගාන්නෙ හිතනවා පොඩ්ඩක්."


''ම්ම්.. ඇහ්! මොකක්! තාත්තා.. ඒ කිව්වෙ..?"


"ඔව් ඔව් දෙව්නක ඔයා තාත්තෙක් වෙන්නලු යන්නෙ."


"මේ..හ්.. මධූ..."


🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏


"හෂිනි මිස්.. හෂිනි මිස්.."


"ඕ ෂාන් මම මෙහේ.. ඇයි?"


"නෑ ඔයාගෙ යාලුවෙක් එක්කන් ආවා ඇවිත් බලන්නකො."


"යාලුවෙක්? කව්ද ශාන් ඒ?"


"මේ ඉන්නෙ.."


"ශ්..ශ්..ශාන්.. මේ.. මේ රංග!"


"ඔව් ඔව් මිස්, රංග තමා.. කුඩු රංග."


"ඒත්.. ඒත්.. ඇ.. ඇ.. ඇයි මෙයා.."


"මිස් දන්නවනෙ ඇයි කියලා."


"කු..කුඩු නේද?"


"ඔව් ඒකත් එකක් තමයි මිස්, අනිත් එක තමයි මිස්ව බ්ලැක්මේල් කරපු එක."


"මො..මොකක්!"


"ඔව් මිස්, මිස් නොකිව්වට ඒක අපි හොයාගත්තා, ඒ කොහොමද කියලා හිතන්න එපා මිස්, මිස් දැන් බය නොවී ඉන්නකො, මේකා ආයි එන්නෙ නෑ මිස් එක්ක සෙල්ලම් කරන්න."


"ඒ..ත් ශා..න්..."


"මම කිව්වනෙ මිස්, මිස් බය වෙන්න එපා කියලා, මධූ මිස් ඒවි තව ටිකකින්, මිස් ආවම බලාගනීවි මූ ගැන."


🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏


"නර්ථනා.. ඔයා තරහෙන්ද?"


"නෑ.. දුකෙන්."


"දුකෙන්.. ඒ මොකෝ ඒ මැණිකේ.."


"ඔයා වගේ මෝඩ මනුස්සයෙක් බැඳගත්ත එකට."


"යකෝ ඒක කිව්වලු, අනේ මැණිකේ ඉතින් ඒක මීටර් උන්නෑ මට."


"අනේ මේ දෙව්නක එන්න එපා මට මැණිකේ මැණිකේ ගාගෙන හරිද."


"සෙල්වි කිව්වා වගේ අයියෝ කඩවුලේ බලන්නකො මධූ මෙයා."


"අනේ මේ මාව ඕවට අල්ල ගන්න එපා, ඕවට මම වග නෑ."


"ආ ඒකත් එහෙමද, ඔයා ගැන පස්සෙ බලාගන්නම් හොඳේ මධූ.. නර්ථනා මේ.. ඔය ඉතින් දැක්කනෙ ගස්සල දාල ගියා.. ශික් විතරක් පුදුම යකින්නක් තමයි.


"හොඳ වැඩේ ඔයාට."


"මේ මධූ මගෙන් අහගන්නෙපා හොඳේ."


"මොනව අහන්නද මෝඩයෝ.. මම බයවෙයි."


"ඒයී..."


"පුතා මොකද මේ, ඔය ළමයා මැරෙයි හොඳේ, ඕක නවත්තලා මෙන්න මේ ෆෝන් එක බලන්න කෝල් එකක් ආවා."


"කෝ දෙන්නකො අම්මෙ.. ම්.. ඩොක්ටර් මෙත්මා අරන් තියෙන්නෙ මොකද දන්නෑ."


"අරගෙන බලන්න."


"ම්.. රින්ස් යනවා ආ.. හෙලෝ ඩොක්ටර් මොකද අවුල කෝල් එකක් ගත්තෙ?"


"මි.. මි..ස්ටර්.. දෙව්නක.."


"ඩොක්ටර් ඔයා අඬනවද?"


"ඇයි දෙව්නක.. දාන්නකො ස්පීකර්, මෙත්මා මොකද ඔයා අඬන්නෙ මොමොකක්ද උනේ?"


"අනේ මධූ.. ඩේ කෙයා එකේ.."


"ඩේ කෙයා එකේ මොකද?"


"ඒකෙ.. ඒකෙ හිටපු දරුවෙක් නෑ.."


"මොකක්!"



වියරුවේ රාත්‍රිය දෙවන අදීරය "කෑ ගැසීමේ" (The Scream) පළමු වෙළුම මෙතනින් අවසන් බව මෙසේ දැනුම් දෙමි. ඉක්මනින් එන්නම් දෙවන වෙළුම අරගෙන..

Akila lakmal 💕

🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤




Report Page