The Scream

The Scream

Akila lakmal

වියරුවේ රාත්‍රිය 2,"කෑ ගැසීම"


   

  Powerd by, Diganthaya💕



                      21 කොටස



🃏පෙර කොටසට🃏



"දෙව්නක මොකක් හරි ප්‍රශ්නයක්ද ඇයි මට එන්න කිව්වෙ?"


"මුකුත් ප්‍රශ්නයක් නෑ මධූ, මට පොඩි දේවල් ටිකක් හම්බවුනා ඒකයි එන්න කිව්වෙ."


"පොඩි දේවල්.. මොනවද ඒ?"


"ඔයා දන්නවද මේ දාම ඝාතකයාට මොකක් හරි අසාධාරණයක් වෙලා තියෙනවා.".


"අසාධාරණයක්! මේ මේ මිනී මරුවට.. ඒකානෙ කරන්න පුලුවන් ඔක්කොම අසාධාරනකම් කරන්නෙ."


"නෑ මධූ ඒ මනුස්සය මෙහෙම කරන්න මොකක් හරි හේතුවක් තියෙන්න එපැයි, මට අසහනයක් තියෙන සයිකෝ කාරයෙක් විදියට පේන්නෙ නෑ මේ මිනිහව."


"ඇයි එහෙම කියන්නෙ දෙව්නක?"


"මේකයි මධූ ඔය දැනට මරලා තියෙන හතර දෙනාගෙන් දෙන්නෙක්ම එච්චර හොඳ මිනිස්සු නෙමෙයි."


"ඒ කිව්වෙ?"


"ඉන්නකො.. මේක බලන්නකො, කිලර් දෙවෙනියට මරපු දර්ශන දැනට අවුරුදු දහ අට කට කලින් කන්තලේ පැත්තෙ පදිංචි වෙලා ඉන්න කොට ඒ පැත්තෙ හිටපු අවුරුදු විසි තුනක ශානිකා කියන ගෑනු කෙනාව දූෂණය කරලා තියෙනවා ඒකට අවුරුදු දොළහක් හිරේ ඉඳල තමයි දියතලාවට ඇවිල්ල තියෙන්නෙ, කට්ටිය කියන විදියට සල්ලි දීල තමා ප්‍රයිවට් ස්කූල් එකේ උගන්නන්න ගිහින් තියෙන්නෙ, මිනිහා උපාසකයා වගේලු ගමේ හිටියෙත්, මැරි කරන්න අකමැත්තෙන් ඉඳල තියෙන්නෙ."


"ඔච්චර විස්තරයක් කලින් අපිට කවුරුත් කිව්වෙ නෑනෙ දෙව්නක, ඔයා කොහොමද මේ දේවල් හොයා ගත්තෙ?"


"හොයාගන්න නම් ඉතින් මට ක්‍රම සහ විදිද නැත්තෙ මධූ, වැඩේ කියන්නෙ අපේ සර්ලා මේවා ගැන හොයල නෑ නිසා තමා මේවා දැන ගන්න මෙච්චර කාලයක් ගියේ."


"ඒකනෙ, හරි එතකොට කව්ද අනිත් කෙනා?"


"අනිත් කෙනා තමා අමිල."


"අමිල! දෙයියනේ පොඩියට ඉඳගෙන ඒ කොල්ලා මොනවද කරල තියෙන්නෙ."


"අපිට පොඩියි කියල පෙනුනට මධූ උන් පොඩි නෑ, මේ.. මට විනාඩි පහක් දෙනවද අපි දෙන්නට බොන්න තේ දෙකක් හදන් එනකන්."


"අයියෝ ඔයා ඉන්න මම හදාගෙන එන්නම්, ඒක නෙමේ නර්ථනාලා නැද්ද ගෙදර?"


"නෑ මධූ නිලූ අර සීන් එක නිසා අපේ ලොකු අම්මලහ ටික දවසක් ඉන්නවා කියල අද උදේ ගියා, ඔයාට ගන්නන් කිව්වා කෝල් එකක්."


"ආ ඒක තමා මිස් එකක් තිබුනෙ මට ආයි කෝල් බැක් කරන්න අමතක උනානෙ, එතකොට අම්මයි නර්ථනයි?"


"නර්ථනාට සනීප නැද්ද මොකක්ද කියලා අම්මත් එක්ක බෙහෙත් ගන්න ගියා නිලූව ඇරලවන ගමන්."


"සනීප නැද්ද මොකක්ද ගාන්නෙ ශෝක් මනුස්සයා, ඒ තමන්ගෙ වයිෆ් නේද මනුස්සයෝ."


"වයිෆ් කියල ඉතින් ඔක්කොම කරන්න බෑනෙ මධූ අම්මල දූල බලා ගන්නෙ නැතෑ, කියව කියව ඉන්නෙ නැතුව ගිහින් තේ දෙක හදන් එනවකො ඉතින්."


"ආ.. කියවනකොට රිදෙනො නේද.. හිටපියකො නර්ථනා එනකන්."


🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏


".....මම දැන් මොකක්ද තමුන්ට කරන්න ඕන කියනවා, කවද්ද ඔය වීඩියෝ එක ඩිලීට් කරලා මාව මේකෙන් නිදහස් කරන්නෙ?"

"............................"

"මොකක්ද ඒකෙ තේරුම මම කොහොමද එහෙම කරන්නෙ, මොකක්ද ඔය තරමට දෙව්නකයි, මධුයි එක්ක තියෙන තරහ තමුසෙට රංග?"

"……………...……"

"තමුන් වගේ ජරා මිනිහෙක්.. මට බෑ ඔය වැඩේ කරන්න, තමුන්ගෙ තරහ කාරයො උනාට ඒ මගේ යාලුවො."

"................................."

"නෑ නෑ එපා මම කරන්නම්, ඒත් මතක තියා ගනින් තමුන්ට හොඳක් නම් වෙන්නෙ නෑ මේ කරන ජාරා වැඩේට."

"………………………"

"තියනවා ෆෝන් එක මනුස්සයෝ.. හොඳක් වෙන්නෙපා දෙයියනේ.."


"කාටද හොඳක් වෙන්නෙපා කිව්වෙ මිස්?"


"අහ්.. නි.. නි.. නිමල්, මම කියල තියෙනව නේද අනුන්ගෙ කතා අහන් ඉන්න එපා කියලා."


"සොරි මැඩම්.."


"ඉට්ස් ඕකේ, ඇයි දැන් ආවෙ?"


"මෙන්න මේ ෆයිල් එක මිස්ට චෙක් කරන්න දෙන්න කිව්වා අපේ අලුත් ඔෆෙසර් මංජුල."


"අනේ මන්දන්නෙ නෑ මේ ප්‍රශ්න අස්සෙ මේ මනුස්සයත් වද දෙනවනෙ, පුදුම වදකාරයෙක් මේ නම්."


"ඒක නම් ඇත්ත මිස්, මිස් දන්නවද දෙව්නක සර් ඉන්නකොට සර් එක්ක අපේ ටීම් එකේ හිටපු තවත් තුන් දෙනෙක්ව ඇයින් කරලා, මට පේන හැටියට මිස්වයි මාවයිත් ඇයින් කරාවි වගේ."


"පුදුම වැඩක්නෙ යකෝ මේක, හරියට අපි කිලර් වගේනෙ අපිට වද දෙන්නෙ මේ මනුස්සයා, එක අතකට හොඳයි අපිවත් ඇයින් කරල දානවනම්."


"හපොයි ඔව් මිස්, වද දෙනවා කියන්නෙ, අන්න අද උදේ ඉඳගෙනම ශාන්ව මරාගෙන කන්න හදනවා මොකක්ද එකක් හොයාගන්න බැරුව."


"එයාට මේක විසඳගන්න බැරි නිසා අපිව බයිට් එකට අරගෙනද කොහෙ."


"ඒකනෙ මිස්.. මාත් එහෙනම් යන්නම්, නැත්නම් ඊළඟට මරාගෙන කන්නෙ මාව මෙච්චර වෙලා ගියා කියල ෆයිල් එක දෙන්න."


"හපෝ යන්න යන්න මාත් මේක ඉක්මනට චෙක් කරලා එවන්නම්."


🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏


"දැන් අවුලක් නෑනෙ නර්ථනා මේ බෙහෙත් ටික බිව්වහම හරියාවි."


"දැන්නම් අවුලක් නෑ එක පාරම මොනව උනාද මන්දා."


"අනේ දරුවෝ මුකුත් ලෙඩක් නෑ නේද ඔය පරීක්ෂණ කරේ?"


"මොන ලෙඩද අම්මෙ වෙන ඩොක්ටර්ලා ලෙඩක් තියෙනවනම් රිපෝර්ට් එක බල බල හිනා වෙවී ඉඳීවිද."


"නෑ නෑ ආන්ටි, එහෙම ලෙඩක් නෑ හැබැයි ඔන්න ආන්ටි ආච්චි කෙනෙක් වෙන්නයි යන්නෙ."


"ආච්චි කෙනෙක්!"


"ඔව් ආන්ටි, ආන්ටි ආච්චි කෙනෙක් වෙන්න යන්නෙ."


"අනේ ඒක කොච්චර දෙයක්ද දරුවෝ.."


"මෙත්මා.. ඔය බොරු නේද?"


"බොරු නෙමේ නර්ථනා ඇත්තටම කියන්නෙ, ඕන නම් ආ බලන්නකො රිපෝර්ට් එක."


"ඊ.. මට මොකක්ද වගේ අනේ.."


"අම්මෝ කෙල්ලගෙ ලැජ්ජාව, ඔහොම බෑ හොඳේ, දැන් මිස්ටර් දෙව්නකට ඕක කිව්වහම එයා ඔයිට හපන් වේවිද දන්නෑ ආන්ටි."


"ඒක ඇත්ත දරුවො, ඉන්නකො මම කෝල් එකක් අර ගන්න."


"නෑ නෑ අම්මෙ දැන් ගන්බ එපා අපි ගිහිල්ලා රිපෝර්ට් එකම දෙමු බොරුවක් කියලා."


"හරි හරි මේ නැන්දම්මාල දුවල ඕන එකක් කර ගන්න ගෙදර ගිහින්, ඊට කලින් මෙන්න මේ ටික ෆාමසියෙන් අරගෙන ඉන්න."


"තෑන්ක්‍යූ මෙත්මා, එහෙනම් අපි ගිහින් එන්නම් හොඳේ, අනිත් මිනිස්සු බලනව ඇති බෙහෙත් ගන්න අලුත් ඩොක්ටර් ගාවට ගියපු අම්මයි දුවයි කෝ කියලා."


"හරි හරි එහෙනම් පරිස්සමට ගිහින් එන්නකෝ, කොහොමත් මට අරකට වඩා මේ ජොබ් එක හොඳයි, පොඩ්ඩක් හරි නිදහස තියෙනවනෙ."


"ඒකනෙ ඒකනෙ."


"ආ.. මේ දැන් ඔය කේන්ති ගන්න එක ටිකක් අඩු කරානම් හොඳයි හොඳේ."


"හාන්කො ඩොක්ටර් මැඩම්."


🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏


"දෙව්නක ඒ කියන්නෙ අමිල එයාගෙ පංතියෙ කෙල්ලො එක්ක.."


"ඔව් ඉතින් ආයි අහන්න දෙයක් නෑ, ඒ කෙල්ලන්ගෙ කටවල් ඇරිල තියෙන්නෙ අමිල මැරුනට පස්සෙ."


"මෝඩ කෙල්ලොනෙ, දැන් කාලෙ එවුන්ට තියෙනව කොහොමත් හොඳ විසයක්, අපරාධෙ ජීවිත නාස්ති කර ගන්නවා මේ වගේ කපටි කොල්ලන්ට රැවටිලා."


"එහෙමෙයි කියලා කොල්ලගෙ පිටම වැරැද්ද දාන්න බෑ මධූ."


"හ්ම් ඔව්, කෙල්ලො බබාල නෙමේනෙ හය හතර නොදන්න."


"දැන් තියෙන්නෙ ඉතුරු දෙන්නා ගැනත් හොයලා බලන්න."


"ඇයි ඔයාට එයාලා ගැන හම්බ වුනේ නැද්ද විස්තර?"


"හම්බවුනා, ඒත් ඒ මදී තව ටිකක් හොයලා බලන්න ඕන."


"ඒකත් හරී කියමුකෝ, ඔයා කිව්වනෙ මේ කිලර්ට අසාධාරණයක් වෙලා ඇති කියලා?"


"ඔව්.."


"එතකොට මේ අයගෙයි කිලර්ගෙයි අතර තියෙන සම්බන්ධය මොකක්ද?"


"ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නෙ, හැබැයි අනිවාර්යයෙන් මොකක් හරි තියෙනවා.. මොකද ඔය මරපු හැමෝගෙම ලිංගික ප්‍රදේශ පුච්චපු එකෙන් එහෙම සම්බන්ධයක් ගැන හිතෙනවා මට."


"ඔව්, ඒත් අනේ මන්දා.."


"හරි හරි අපි බලමුකෝ."


"ආ.. තව අවුලක් තියෙනවා දෙව්නක."


"ඒ මොකක්ද මධූ?"


"කිලර් දැන් ටික කාලයක් සද්ද නැතුව ඉන්නවනෙ, එයාගෙ ඊළඟ සැලැස්ම මොකක් වෙන්න ඇතිද?"


"වැඩි දෙයක් නෑ මධූ ඉපදිලා අවුරුද්දක් විතර වෙන ළමයෙක්ව මරන්න හොයනවා ඇති, ඒත්..."


"ඇයි ඒත්?"


"ඉපදුණ ළමයෙක් ගෙන් එයාට අසාධාරණයක් වෙන්නත් බැහැ නිසා, සමහර විට ආපහු විස්සෙ අන්තරයෙන් අවුරුදු අසූවක් හරි සීයක් හරි කිට්ටු කෙනෙක්ව නැත්නම් අවුරුදු හතළිහක වගේ කෙනෙක්ව හොයනව ඇති."


"ඔව් නේද, විස්සක කෙනෙක් මැරුව නිසා වැඩිවෙන පිළිවෙලට හතළිහක කෙනෙක් හරි, නැත්නම් ආපහු මුල ඉඳන් පටන් ගන්න විදියට කෙනෙක් හරි."


"හ්ම්ම්."



🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏


🃏කාලෙකින් දිග කොටසකින් කතාව ගෙනාවා..

🃏ඉක්මනින් කතාව ඉවර වෙයිදත් මන්දා..

🃏ඔන්න අලුත් සාමාජිකයෙක් එන්නයි යන්නේ..

🃏දෙව්නක ඒ පාර යන පාර හරිද?

🃏බලමු නේද?


ගිහින් එන්නාම්..

මම,

Akila lakmal

Sub Owner Of Diganthaya💕

Report Page