The Revenge and desire...
Pari🖤
පෙර කොටසට....
https://telegra.ph/The-Revenge-and-Desire-01-02
තුන්වන කොටස....
ඒ ආපු කෙල්ල දැක්කේ ඇඳ උඩ කවුද ඉඳගෙන ඉන්නවා...
" ඈ..........."
ඒ පාර ඇඳේ හිටපු එකා දුවන් ඇවිත් කෙල්ලව බිත්තියට තද කරලා,
" කෑගහන්න එපා ගෑනියේ... තමුසේ නිකන් යකෙක් දැක්කා වගේනේ කෑගහන්නේ..." කිව්වා.
කෙල්ල ඊටපස්සේ ඒ කෙනාගේ අත කොනිත්තලා කටින් අත අයින් කරා.
" ආව් යකෝ..."
කෙල්ල ඊටපස්සේ ඒ කෙනාගේ ඔලුවේ ඉඳන් කකුල් දෙකටම බලලා,
" ඈ තඩි වලහෝ... මං වගේ චූටි ගෑණු ළමයෙක් බාත් රූම් එකේ ඉඳන් එළියට එද්දි කලු කුමාරයෙක් වගේ එකෙක් ඇඳ උඩ ඉඳන් ඉද්දී බය වෙන්නෙ නැද්ද..."
" තමුසේ මටද කලු කුමාරයා කිව්වේ..."
" තොප්පිය හරි නම් දාගන්න...."
" ඈ යකෝ මෙච්චර සුදුවට ඉන්න මට නේද තමුසේ කලුයි කිව්වේ...."
" දැන් ඔයා කලු කුමාරයා දැකලා තියනවද කලුද සුදුද කියන්න... කෙල්ලෙක් නෙවෙයිනේ...."
" නෑ තමුසේ දැකලා තියනවද..."
" නෑ..."
" එතකොට තමුසේ කෙල්ලක් නෙවෙයිද..."
" අනේ මේ බූරු තඩියෝ... මම කෙල්ලෙක් තමා හරිත..."
" ඔව් ඔව් මටත් පේනවා තමුසේ කෙල්ලෙක් කියලා..." කෙල්ලගේ ඇඟට ඇස් යවමින් කිව්වා.
එතකොට තමා කෙල්ලට මතක් වුනේ තාම ඉන්නේ තුවාය පිටින් කියලා.
"අර්... අර්... තමුසේ.."
කෙල්ල ආයේ බනින්න ලෑස්ති වුනත් යෂේන් කෙල්ලගේ ඇඟෙන් ඈත් වෙලා ගිහින් ඇඳ උඩ තිබ්බ ෂර්ට් එකක් කෙල්ලට දුන්නා.
" ආ මේක ඇඳගන්නවා.. හෙට උදේට තමුසෙට ඕන ඇඳුම් ගර්ල්ස් හවුස් එකෙන් ගෙන්නලා දෙන්නම්..."
කෙල්ල ඉක්මනට ෂර්ට් එකත් අරන් බාත් රූම් එකට දිව්වා.
කෙල්ල ෂර්ට් එක ඇඳන් එද්දිත් යෂේන් තාම කාමරේ.
" ඒයි මිස්ටර් shadow... මොකද තාම මෙතන..."
යෂේන් පුදුම වුනේ කෙල්ල කොහොමද අඳුනගත්තේ කියලා. මොකද යෂේන් mafia world එකේ ඉන්නේ මාස්ක් එකක් දාගෙන ඒකෙන් කාටවත් කොල්ලව අඳුන ගන්න බැරි හින්දා.
" තමුසේ කොහොමද මාව අඳුරගත්තේ..."
"ම්ම්... මම අඳුරගත්තෙද... ඒක මගේ හැකියාව...."
" තමුසෙගේ හැකියාව තියාගෙන ඉඳගන්නවා... මේං agreement එක උදේ වෙද්දී සයින් කරලා තියනවා..."
" ආ... මේකද... කෝ..." කෙල්ල agreement අතට ගත්ත ගමන් සයින් කරලා යෂේන්ට දුන්නා.
" තමුසෙ මේක කියවන්නෙවත් නැද්ද..."
" nope... I believe you...anyway මට ගෙදර ගිහින් එන්න ඕනා පුලුවන් වෙයිද..."
" ඒ මොකටද..."
" මගේ බඩු වගයක් තියනවා ඒ ටික අරන් එන්න..."
" මොනාද බඩු..."
" මගේ ලැප් එක..ඇඳුම්... තව..."
" තමුසෙට ලැප් එකක් අරන් දෙන්නම්.. ඇඳුනුත් ගන්න යන්න ලෑස්ති වෙනවා හෙට..."
"ඈ... බෑ බෑ... මට මගේ ලැප් එක ඕනේ..."
" තමුසේ දැන් මගේ යටතේ ඉන්නේ මම කියන දේයි අහන්න ඕනේ.. මං තමුසෙට කලින්ම කිව්වනේ පසු තැවෙන්න බෑ කියලා..."
යෂේන් ලියාරගේ නිකටෙන් අල්ලලා ටිකක් සැරෙන් කිව්වා.
ඒ වෙලාවේ දෙන්නට දෙන්නගේ ඇස් ගැටුනේ භාවනාවකට සම වැදිලා වගේ දෙන්නට දෙන්නා බලාගෙන ඉන්නකොට.
විනාඩියක් දෙකක් ගත වෙන්නැති.
ඒක කැඩිලා ගියේ යෂේන්ට ආව කෝල් එකකින්.
කලබල වෙච්ච යෂේන් ෆෝන් එක දිහා බලලා කෝල් එක කට් කරා.
ලියාරට අපහසුතාවයක් දැනුන හින්දා යෂේන්ට මූණ දෙන්නේ නැතුව බිම බලාගත්තා.
" මේ මං යනවා මේ දොර වහගන්න..." කියලා යෂේන් යන්න ගියා.
" හා.. මේ... මිස්ටර් shadow... ඔයාගෙ නම මොකක්ද..." කෙල්ල බිම බලාගෙනම ඇහුවා.
" යෂේන්... " කියපු කොල්ලා ඉක්මනට එළියට ගියා.
කෙල්ල,
"යෂේන්... ම්ම්.. ලස්සනයි..." කියලා තමන්ටම හිනාවෙමින් දොරත් වහලා ඇඳට පැන්නා.
මේ අතරේ යෂේන් තමන්ගේ රූම් එකට ඉක්මනට වොෂ් එකක් දාගන්න ගියා.
" අම්මෝ යෂ්... මොකක්ද ඒ වුනේ..." යෂේන් තමන්ටම කියාගත්තා.
පහුවදා උදේ ලියා නැඟිට්ටේ කවුරුහරි දොරට තට්ටු දදා කතා කරන සද්දයක් ඇහිලා.
" ලියාරා.. ලියාරා..."
"අර්... මේ උදේ පාන්දර මොන පොල් බූරුවද නිදියගන්න දෙන්නෙ නැත්තේ..." කියමින් කෙල්ල බෙඩ්ෂීට් එකත් ඔලුව ඉඳන් පොරෝගෙන ගිහින් දොර ඇරියා.
" ඈ... මොකද යකෝ ඔය.. දැන්ද නැගිට්ටේ..." ඇවිත් හිටියේ සෙත්.
" ආ... ගුඩ් මෝනින් සෙත් අයියේ... මේ මලපන්දර මාව ඇහැරුවේ මක්කටැයි..."
" කොහෙද යකෝ මලපාන්දර දැන් අටත් පහුවෙලා..."
ඕන් එතකොට තමා ලියා හරියටම නැගිට්ටේ.
" අඩෝ නෝ... ඉන්න මං ඉක්මනට එන්නම්..." කියලා කෙල්ල දුවන්න හැදුවේ.
" ඔහොම හිටපන්... බොස් කිව්වා ඊයේ ඇඳන් ආපූ ගවුමම ඇඳන් එන්න කියලා ඉක්මනට... මං විනාඩි පහයි දෙන්නේ ලෑස්ති වෙලා වරෙන් ඉක්මනට..."
" ඊයෙ ගවුම... මම ඒක හෝදලත් නෑ..."
" කමක් නෑ ඇඳන් වරෙන්... බොසාට මල පැන්නොත් උබත් ඉවරයි මාත් ඉවරයි..."
කෙල්ල දුවගෙන ගිහින් මූණ හෝදලා ආයේ අර ගවුමම ඇඳගෙ අ කොණ්ඩේ පීරගන්න යද්දි,
" කොණ්ඩේ පීරන්න ඕනෙ නෑ වරෙන් ඉක්මනට..."
" ඊයා මෙහෙම යන්න පුලුවනෑ.. "
" වරෙන් බන්..." කියලා සෙත් ලියාවත් ඇඳගෙන ගිහින් elevator එකට නැග්ගා. කොහොමහරි අන්තිමට ආවේ ඊයේ ලියාව බැඳලා දාලා තිබ්බ රූම් එක ඉස්සරහට.
" හෑ... මේ මොකද මේ... මාව ආයේ පුටුවේ බඳින්නද හදන්නේ...මට නම් බෑ මම යනෝ..." කියලා කෙල්ල හැරිලා දුවන්න හැදුවත් එක්පාර ගිහින් වැදුනේ බිත්තියේ.
" අම්මා මගේ නහය... ලේත් එනවද කොහෙද යකෝ... මේ ටිකට මොකාද මෙතන බිත්තියක් බැන්දේ..." කියලා කෙල්ල නහය අතගාමින් ඔලුව උස්සලා බැලුවා.
" අප්පටහුඩු.. බොසා... ගුඩ් මෝනින්... සමාවෙන්න ඕනේ... බිත්තියක් කිව්වට... ඒක නෙවෙයි බොස් මොනාද කන්නෙ අප්පා මෙච්චර ගලක් වගේ වෙන්න..."
" මං තමුසේ වගේ කෙල්ලොන්ගේ මස් කනවා ඒකයි..."
" අප්පා... ඒක නම් වැදගත් තොරතුරක්... බොස් ඊළඟ දවසේ ඉඳන් මටත් කෑල්ල කෑල්ල දෙන්න පුලුවන්ද.. මටත් එතකොට ගලක් වගේ වෙන්න පුලුවන්නේ..." ඒක ඇහුන සෙත්ට හයියෙන් හිනා ගියා.
යෂ්ටත් හිනාගියා ඒත් ඉතින් දන්නැද්ද ඊටවඩා රෙස්පට් එකනේ..
" යනවා ඇතුළට තමුසෙගේ අක්කව එක්කන් ඇවිත් ඉන්නේ තව ටිකකින් නිහාල්කාරයා එයි..."
" ඇයි මාව...."
" යකෝ ඊයේ උබවත් කිඩ්නැප් කරානේ..."
" ආ... ඔව්නේ... මේ ඒක නෙවෙයි.. අර මල හෝන්තුවට ඇහැරිලාද ඉන්නේ..."
" ඇයි...."
" පලියක් ගන්න තියනවා..."
" තාම ඒකිට සිහිය නෑ..."
" මරු එහෙනම්.. සෙත් අයියේ එනවා යන්න... මම අර සක්කරවට්ටමට කනේ පාරක් දුන්නට පස්සේ ඔයා ඉකමනට මාව පුටුවේ බඳින්න ඈ... අ... රංගනේ තව ටිකක් තාත්වික වෙන්න.. මේ යෂ් මට කනේ පාරක් ගහන්නකෝ..."
" පිස්සුද ඕයි..."
" නැත්තන් ඔයාලා මට කරදර කරා වගේ පේන්නෙ නෑනේ...."
" අනේ පලයන්..." යෂ්
" අඩෙහ් මං දිහා බලන්නෙපා මට නම් බෑ ගැරඩින්ට ගහලා පව් පුරෝගන්න..." සෙත්.
" හරි මංම කරගන්නම්කෝ..." කියලා ලියා බිම පෙරලුනා. කොණ්ඩෙත් අවුල් කරගත්තා. සෙත් යෂ් දෙන්නා කෙල්ල දිහා බලන් හිටියේ මොන විකාරයක්ද මේ කරන්නේ කියලා.
" රෙඩි යන්..." කියලා කෙල්ල කොල්ලො දෙන්නටත් කලින් රූම් එකේ.
ඊයේ ලියාව බැඳලා තිබ්බා වගේ අද ෂයිනිව පුටුවක බැඳලා තියලා. කෙල්ල සෙත් දිහා බලලා ඉඟියක් දීලා දුන්නේ නැද්ද ෂයිනිට පිට පිට කනේ පාරවල් දෙකක්ම. සිහිය නැතුව හිටිය ෂයිනිට සිහියත් ආවා. කෙල්ල ක්ෂණික එහා පැත්තේ තිබ්බ පුටුවට පැන්නේ රෙඩි පිට හිටිය සෙත් කෙල්ලව බැඳලා දාද්දී. කෙල්ල ඊට පස්සේ ඇස් දෙක පියාගත්තා සිහිය නෑ වගේ පෙන්නන්න. අසරණ ෂයිනිට කෑගහන්නවත් විදිහක් නෑ කට බැඳලා හින්දා. මේ දිහා බලන් හිටිය යෂ්ගේ කොල්ලො ටිකට නම් මැරෙන්න හිනා.
වැඩි වෙලාවක් ගියේ නෑ කොල්ලෙක් ඇවිත් යෂ්ට කිව්වා නිහාල් ආවා කියලා.
" එක්ක වරෙන්... "
ටිකකින් කොල්ලෙක් නිහාල්ව එක්කන් ආවා.
" තමුසේ මං ඊයේ ඕක ඉල්ලපු වෙලේ දුන්නානම් අපි මේකිව උස්සන්නෙත් නෑනේ..." කියලා යෂ් කිව්වා.
" මෙතන project එකේ ඔක්කොම විස්තර තියනවා.. මට මගේ දුවව දෙන්න..."
සෙත් ඊටපස්සේ ෆයිල්ස් අරන් චෙක් කරලා යෂ්ට ඔලුව වැනුවට පස්සේ යෂ්,
" අරකිව නිදහස් කරපන්..." කියලා කිව්වා.
ෂයිනි නිහාල් ළඟට ආවම නිහාල් ෂයිනි එක්ක යන්න ගියත් ෂයිනි,
" ඩැඩී ලියාරා...." කියලා කිව්වා.
" ඒකි මොකටද යන්.."
" ඒත් ඩැඩී..." කියලා ෂයිනි නිහාල්ගේ කනට කරලා යමක් කිව්වා.
ඊටපස්සේ නිහාල්,
" මට මේකිවත් ඕනේ..." නිහාල් ලියාරට ඇඟිල්ල දික්කරලා කිව්වා.
" තමුසේ ඊයේ මට කිව්වේ ඒකිව මැරුවත් කමක් නෑ කියලා... දැන් ඒකිව මොකටද..." ලියාරටත් යෂ් අහපු ඒ ප්රශ්නෙම අහන්න ඕන වෙලා තිබ්බේ.
" ඒකිවත් ඕනේ..."
" ම්හ්... දැන් ඒකිව දෙන්න බෑ... ඒකිව මම හොඳ ගාණකට විකුනන්න කතා කරලා තියෙන්නේ.. " යෂ් කියද්දී කෙල්ල යෂ් දිහා බැලුවේ ඇත්තද කියන්න වගේ. ඒත් ඉති යෂ් නිහාල් දිහා බලාගෙනනේ.
" මම ප්රොජෙක්ට් එක දුන්නනේ මට ඒකිව ඕනේ..." නිහාල් කිව්වා.
" මොකද තමුසේ මට තර්ජනය කරනවද... ලක්ෂ 10ක් දෙන්නම් මට ඒකිව ඕනේ..." යෂ්.
කෙල්ල යෂ් දිහා බැලුවේ යකෝ මං ලක්ෂ 10ද වටින්නේ කියන බැල්මෙන්.
" හහ්... මං ඒකිව මේ වෙනකොටත් කෝටි 10කට විකුණලා තියෙන්නේ..." නිහාල්.
ඒක ඇහුවාම නම් ලියාගේ විතරක් නෙවෙයි යෂ්ගේ ඇසුත් තරහෙන් රතු වුනා.
" හරි මං කෝටි 20ක් දෙන්නම්..." යෂ්.
" කෝටි 20ක්... හහ්.. ඒකට නම් කැමති... කෑෂ්ද චෙක්ද..."
" කෑෂ්... යමන් ගිහින් අරන් වරෙන්..." කියලා යෂ් සෙත්ට කිව්වා.
පැය කාලකට විතර පස්සේ සෙත් පස්සෙන් කොල්ලො පෝලිමක් ආවේ සූට්කේස් ටිකක් උස්සගෙන.
" අරන් යනවා..." කියලා යෂ් කෑගැහුවාට පස්සේ නිහාල් පස්ස නොබලා ගියේ යෂ්ගේ කොල්ලො ටිකත් එක්ක.
සෙත් ලියාව ලෙහුව ගමන් ලියා කා දිහාවත් නොබලා ආයෙත් තමන්ට දුන්න රූම් එකට දිව්වේ හිතේ තවත් ඒ වේදනාව හංඟන් ඉන්න බැරි නිසා.
බාත් රූම් එකට ගිය ලියා තමන්ගේ වේදනාව පිට කරේ වතුර මල ඇරලා ඒ යටට වෙලා කෑගහලා අඬමින්.
ලියා කවදාවත් හිතුවේ නෑ නිහාල් කොච්චර නපුරුකම් කරත් එයාව විකුණන තැනට එයි කියලා.
ලියා රූම් ඇවිත් පැය භාගෙකට විතර පස්සේ යෂ් ලියාගේ රූම් එකට ආවේ ලියා එක්ක කතා කරන්න. බාත් රූම් එකේ වතුර වැටෙන සද්දෙ ඇහෙද්දී කෙල්ල නානවා ඇති කියලා හිතලා කොල්ලා රූම් එකේ තිබ්බ සෝෆා එකේ ඉඳන් හිටියා.
ඒ අතරේ සෙත්ට කියලා කෙල්ලට ඇඳුනුත් දෙකක් ගෙන්න ගත්තේ ඇඳුම් ගේන්න යනකන් කෙල්ලට අඳින්න. සෙත් එත් එක්කම කෙල්ලගේ ෆෝන් එකත් ගෙනැත් දුන්න.
යෂ් නිකමට වගේ කෙල්ලගේ ෆෝන් එක බැලුවා.
" යකෝ මේකි හැකර්.. ඒකට මොකද ෆෝන් එකට දාලා තියන පාස්වර්ඩ් එක...2025.. මෝඩ ගහක්..." කියලා හිනාවෙවී යෂ් කෙල්ලගේ ගැලරිය පැත්තේ සංචාරයක් ගියා.
කෙල්ල එක එක විකාර කරමින් ගහලා තියන ෆොටෝ දැක්කම කොල්ලට ආයේ නිකන්ම හිනා ගියා. ඒ අතරේ ඒ ෆොටෝ දෙක තුනක් යෂ්ගේ ෆෝන් එකටත් දාගත්තා. ඒත් ඒ ඇයි කියලා නම් යෂ්වත් දැනන් හිටියේ නෑ.
පැයක් විතර ගියත් ලියා නම් එළියට ආවේ නෑ. යෂ් ගිහින් බාත් රූම් එකේ දොරට තට්ටු කරත් ලියාට කතා කරත් කිසිම ප්රතිචාරයක් දැක්වුවේ නෑ. බැරිම තැන කොල්ලා බාතෲම් එකෙ දොර කඩන් ඇතුළට ගියා.
එතකොට යෂ් දැක්කේ....
_________________________________
මොනාද දැක්කේ... ( මං නම් දන්නෑ....)
reaction දාන්න comment කරන්න
ආදරෙයි හැමෝටම 🖤