The Revenge and Desire...

The Revenge and Desire...

Pari🖤
The mafia love story🖤


පළවෙනි කොටසට...

https://telegra.ph/The-Revenge-and-desire-01-01


දෙවෙනි කොටස....


කනේ පාර්ක් කාලා හිටියත් ඒක ගාණක්වත් නැතුව කෙල්ල,

" අඩෙ සිරාවම මේ ඉන්නේ shadow ripper ද කලින් කියන්න එපැයි මනුස්සයෝ... මේ මිස්ටර් shadow ripper... තඩි වලහා... මී හරකා කියපු වචන ටික මම ඉල්ලා අස් කරගන්නවා..  මම ඔයාව හම්බෙන්න සෑහෙන කාලෙක ඉඳන් බලන් හිටියේ... කොහෙද ඉතින් ඔයාව හම්බෙන එක ලේසි නෑනේ... දෙන දෙයියෝ ගෙදරටම ගෙනැත් දෙනවා කියන්නෙ මේකට වෙන්නැති... මිස්ටර් shadow ripper මට ඔයාගෙන් උදව්වක් ඕනේ..."



කිසිම බයක් සැකක් නැතුව තමන් කවුද කියලා දැනගත්තට පස්සෙත් කියවන මේ කෙල්ල ගැන යෂේන් විතරක් නෙවෙයි අනිත් අයත් හිටියේ කුතුහලයෙන්.



යන්න ගිය යෂේන් ආයෙත් හැරිලා ඇවිත් ඉඳගත්තේ කෙල්ල ඉස්සරහ තිබ්බ පුටුවෙන්.


" හරි කියනවා...."


" මේ මං කියන්නම්.. ඊට කලින් පුලුවන් නම් මාව මේ පුටුවෙන් නිදහස් කරනවද... ප්‍රොමිස් මං පැනල යන්න හිතන්නෙවත් නෑ...." කියලා කෙල්ල අහිංසක මූණක් හදාගෙන කිව්වා.


යෂේන් සෙත්ට ඉඟි කළේ කෙල්ලව ලෙහන්න කියලා.

සෙත් කෙල්ලව ලෙහපු ගමන් කෙල්ල පුටුවෙන් නැඟිට්ටේ සෙත්වත් බය කරලා.


" බය වෙන්න එපා මෝඩ සෙත්... මේ මඟුලේ ඉඳගෙන ඉඳලා මගේ පස්සත් රිදෙනවා ඒකයි නැගිට්ටේ..." ලියාරා.


" මොකක්ද තමුසේ කිව්වේ..." කියලා සෙත් කෙල්ලට ගහන්න පැන්න.


" සෙත්..." යෂේන් කෑගැහුවම සෙත් ආයේ හිටපු තැනටම ආවා.


කෙල්ල මොකක්ද ඕන දේ කියලා කියන්නැතුව දැන් විනාඩියකටත් වැඩියේ හැමතැනම කැරකෙනවා. ඒ වැඩේට නම් යෂේන්ට මල පැනලා හිටියේ.


" තමුසෙට දැන් මොනාද කියන්න තියෙන්නේ... අපිව සෙල්ලමකට ගත්තද තමුසේ... ආ..." යෂේන්.


ඒක ඇහුන ගමන් කෙල්ල ආයේ ඉඳගත්තා. ඉඳගෙන කකුලක් පිට කකුලකුත් දාගත්තා.

ඒක දැක්ක සෙත්ට ආයේ මල පැන්නා.


සෙත් ආයේමත් කෙල්ල ගාවට යන්න ගියත් යෂේන්ගේ එක බැල්මෙන් සෙත් සැලෙන්ඩර්.


" හරි මේකයි... මට පලිගැනීමක් කරන්න තියනවා... ඒකට මට ඔයාලගේ උදව් ඕනේ.. කොටිනම කිව්වොත් මට කට්ටියක්ව මරලා දාන්න ඕනේ..."


" කාවද..."


" නිහාල්... නිහාල් සූරියවංශ... " කෙල්ල කිව්වේ ඇස්වලින් තරහ පිටවෙද්දි.


" තමුසේ තමුසෙගේ තාත්තා මරන්න කියලද අපිට කියන්නේ..." යෂේන් කෙල්ලගෙන් ඇහුවේ කට කොණින් හිනා වෙලා.


ඒකට හිනාවුන කෙල්ල,

" ඔයාලා මරන්න ඕනේ නෑ මම මරන්නම්.... ඒත් ඊට කලින් මට සාක්ෂි හොයාගන්න ඕනේ..."


" ඒ මොකටද... තමුසෙට ඔච්චර උවමනාවක් තිබ්බා නම් මෙච්චර කල් ඒ ගේ අස්සේනේ හිටියේ මරලා දාන්න එපැයි..."


" ම්හ්... උන්ට එච්චර ලේසි මරණයක් දෙන්න මං කැමති නෑ... උන් මැරෙන්න ඕන විඳවලා... හරියට උන් මගේ අම්මව මැරුවා වගේ..."


" වට්... "


" උන් මගේ අම්මව මැරුවා... මගේ ඇස් ඉස්සරහම... එයාට පුලුවන් තරන් වද දීලා මැරුවේ.... අර කල්පනී බැල්ලී... ඒකි තමා මේ ඔක්කොම කරේ... උන්ට ඕන වුනේ මගේ අම්මගේ දේපලයි අම්මා කරපු research ටිකයි... මට උන්ව මගේ අතින්ම මරලා දාන්න ඕනේ... හැබැයි උන් කරපු දේවලුත් ඔක්කොම මේ ලෝකෙට හෙලි කරලා..."


" දැන් මොකටද මාව හෙව්වේ..." යෂේන් ඇහුවේ කෙල්ල මේ කියපු දේට කොහොමද උදව් කරන්නේ කියලා හිතාගන්න බැරුව.


" නිහාල්කාරයාට underworld එකත් සෑහෙන connection එකක් තියනවා... ඌ ඒ හරහා තමා කරන හැම හොරවැඩක්ම කරන්නේ... ඒ විතරක් නෙවෙයි ඌ මගේ අම්මාගේ researchවල තියන එක එක virus, medicines එහෙම අත්හදා බලනවා කියලා මට දැනගන්න හම්බුනා.... ඌ ඒකට කට්ටිය පැහැර ගන්නවා... ඒ ලැබ් එක හොයාගන්නත් ඕනේ... ඒ දේවල් මට තනියම කරගන්න අමාරුයි... ඒකයි මම ඔයාව හෙව්වෙ මොකද මට උදව් කරන්න පුලුවන් එකම කෙනා ඔයා..." කියලා කෙල්ල කිව්වේ යෂේන්ගේ ඇස් දෙක දිහා බලාගෙනමයි.


" හරි මං තමුසෙට ඔය වැඩේ කරලා දෙනවට තමුසේ මට මොනාද දෙන්නේ..."


" ම්ම්... කෝටි 10ක් නැත්තන් 20ක්.... නැත්තන් මෙහෙම කොහොමද මම ඔයාගේ ටීම් එකට එන්නම්..."


" හහ්... තමුසේ මගේ ටීම් එකට එන්න...තමුසේ හිතන් ඉන්නේ මම කොහෙවත් ඉන්න උන්ව මගේ ටීම් එකට ගන්නවා කියලද ආ..." යෂේන් ඇහුවේ පුටුවෙන් නැඟිටලා කෙල්ල ළඟට එන ගමන්.


" ඒත් මම හිතන්නේ නෑ ඔයා මාව නොගෙන ඉඳී කියලා.. මම හැකර් කෙනෙක්.. ඉතින් මම දෙයක් කියන්න ඕනේ නෑනේ...." කෙල්ල ආඩම්බරෙන් කිව්වේ යෂේන් දිහා බලාගෙනමයි.


" හහ්... තමුසේ හිතන් ඉන්නේ මේ underworld එකම හොල්ලන් ඉන්න මං ගාව හැකර්ස්ලා නෑ කියලාද..."


" හරි මිස්ටර් shadow ripper... ඔයා ගාව හැකර්ස්ලා ඉන්න පුලුවන්... ඒත් මං වගේ කෙනෙක් ඉන්න කොහොමටවත්ම චාන්ස් එකක් නෑ..."


" හරි අපි බලමුකෝ... සෙත් අමෝද්ට එන්න කියපන්..."


විනාඩි දහයක් යන්නත් කලින් දොර ළඟින් මතුවුනේ කොල්ලෝ තුන්දෙනෙක්.


" තමුසෙලා තුන්දෙනාම අමෝද් ද... අමෝදයට එන්න කිව්වම ඔක්කොම ඇවිත් ඉන්නේ... " සෙත්.


" නෑ නෑ බොස් දන්නැද්ද අපි මේ මුගේ තනියට ආවේ...."


" ඇයි මොකද ඌට සාංකාවද..." යෂේන් අහද්දී තමා ඒ කොල්ලො තුන්දෙනාගෙන් අහද්දි තමා කොල්ලො තුන්දෙනා දැක්කේ යෂේන් ඉන්නවා. කොල්ලො තුන්දෙනාම ක්ෂණික බිම බලාගත්තා.


" හරි මිස්ටර් shadow ripper එහෙනම් මම දැන් මොකක්ද කරන්න ඕනේ ඔයාගේ විශ්වාසේ මගේ ළඟට ගන්න... " කෙල්ල ඇහුවේ යෂේන් ළඟටම ඇවිල්ලා ඒ මූණ ළඟටම වෙලා.


" හරි තමුසෙට පුලුවන් නම් ---- company එක hack කරනවා... මේ තුන්දෙනාගෙන් එක්කෙනෙක් හරි කලින්... එහෙම වුනොත් මම තමුසෙට උදව් කරනවා මට සල්ලි ඕනෙත් නෑ... හැබැයි තමුසේ මගේ ටීම් එකට එන්න ඕනේ... තමුසෙට මොනා කරන්නත් හම්බෙන්නේ පැය භාගයයි... ඒත් බැරි වුනොත්..." කියලා යෂේන් කියද්දිම,


" මට ඒක අහන්න ඕන නෑ... මොකද මං fail වෙන්නෑ නෑ..." කියලා කෙල්ල කිව්වේ යෂේන්ගේ තොල් මත කෙල්ලගේ ඇඟිල්ල තියලා.


ඒත් එක්කම කෙල්ලගේ අත අඹරලා පිටිපස්ස හරවලා කෙල්ලගේ පිට තමන්ගේ පිටට හේත්තු කරගත්ත යෂේන් ,


" හරි තමුසේ ඔච්චර confident එකකින් නම් ඉන්නේ කරලා පෙන්නනවකෝ... මාත් ආසයි බලන්න... එතකොට තමුන්ලා තුන්දෙනාටත් ඇහුනානේ මොකක්ද කරන්න ඕනේ කියලා... තමුසෙලා හතරදෙනාගෙන්ම ඉස්සෙල්ලම මේ වැඩේ ඉවර කරන කෙනාව Hacker's team එකේ leader කරනවා... හරි තමුසෙගේ වෙලාවත් දැන් පටන් ගන්නවා හැබැයි වැඩේ බැරි වුනොත් තමුසෙට ගොඩාක් විඳවන්න වෙයි මොකද තමුසේ challenge කරේ මේ මට හින්දා..."



කවියා කට්ටියට ලැප් හතරක් ගෙනැත් දුන්නා. ඊට පස්සෙ සෙත්,


" ඔයාලා ---- company එක hack කරලා එයාලා X කියන file එක ගන්න ඕනේ... හැබැයි තමුසෙලා කිසි කෙනෙක් හැක් කරා කියලා කිසිම සාක්ෂියක් ඉතුරු කරන්න බෑ... එහෙනම් count down එක පටන් ගත්තා... 1.. 2...3..."


කොල්ලො තුන්දෙනාම ලහි ලහියේ වැඩ පටන් ගත්තත් ලියාරා කරේ ළඟ තිබ්බ වතුර බෝතලයක් අරන් හිමීට හිමීට බිව්ව එක.


ලියාරාගේ මේ හැම ඉරියව්වක් දිහාම යෂේන් හොඳ අවදානෙකින් බලාගෙන හිටියා. වතුර බෝතලෙන් භාගයක්ම ඉවර කරලා තමයි ලියාරා වැඩ පටන් ගත්තේ ඒ වෙනකොටත් විනාඩි 2ක් ඉවර වෙලා තිබ්බේ.


ඒත් ලියාරා අත වැඩ කළා අනිත් අයට වඩා සෑහෙන වේගෙකින් කෙල්ලෙක් වුනත් ලියාර මේ ඉක්මනට ඉක්මනට කරගෙන යන දිහා කට්ටියම බලන් හිටියේ පුදුමෙන්.


පැය කාලක් ඉවර වුනා.


" තව විනාඩි පහළවයි තියෙන්නේ..." කියලා සෙත් කිව්වා.


ඒත් එක්කම ඉඳන් හිටිය තැනින් නැඟිට්ට ලියාරා,

" හරි ඉවරයි... "


අනිත් කොල්ලො තුන්දෙනා පුදුම වෙලා බැලුවේ කෙල්ල දිහා.


" ආං ඔයාලට ඕන ෆයිල් එකත් තියනවා.. එතකොට මං එයාලගේ සිස්ටම් එකට ආවා කියලා එයාලා දන්නෙ නෑ... ම්ම්...මම හිතන්නේ මට ගියේ විනාඩි දහතුනයි... ඉතින් මිස්ටර් shadow... ඔයා ඔයාගේ වචනේ තියාගනියි කියලා මං හිතනවා..." කියලා කෙල්ල යෂේන් දිහා බලමින් කිව්වා.


යෂේන් සෙත්ට ඉඟි කළේ කෙල්ලට දුන්න ලැප් එක බලන්න කියලා.


සෙත් ලැප් එක බලලා ඔක්කොම දේවල් perfect විදිහට තියනවා දැකලා පුදුම වුනා. අඩුම ඒ ලැප් එකෙන් හැකින් කරාද කියලවත් හොයන්න බෑ.


" perfect boss..."


" හරි එහෙනම් තමුසෙට මගේ ටීම් එකට එන්න පුලුවන්... හැබැයි තමුසෙට මම එක chance එකක් දෙන්නම් හෙට උදේ වෙනකන්.. මොකද තමුසේ underworld එකට බැස්සා කියන්නේ තමුසෙට ආයේ හැරෙන්න බෑ... පසුතැවෙන්න කොටින්ම බෑ... හෙට උදේට තමුසෙට ඇග්‍රිමන්ට් එක හම්බෙයි... තමුසෙට කැමති තීරණයක් ගන්න පුලුවන්..."


" මිස්ටර් shadow... I will never regret... ok... ඒක නෙවෙයි මට දැන්ම වැඩ පටන් ගන්න බෑද..."


" ඒ මොකටද.."


" ඇයි ඔයාට project viana එපාද... ඒකටනෙ මාව කිඩ්නැප් කරේ..."

"ඇයි තමුසෙ මට ඒක අරන් දෙන්නද..." යෂේන් ඇහුවේ සමච්චල් හිනාවක් දාලා.


" මං දන්නෑ අරන් දෙන්න පුලුවන් වෙයිද කියලා හැබැයි මට පුලුවන් ඔයාට නියම මාළුවා අල්ලලා දෙන්න.. දැන් වෙලාව කීයද.."


" 9.30 " සෙත්.


" හරි එහෙනම් 10.00 වෙද්දි kings & queens club එකට යන්න.. එහෙ ඉන්නවා ෂයිනි... ඔයාල ඒකිව අල්ලගත්තොත් නිකන්ම ඕන දේ හම්බෙයි..."


යෂේන් වැඩේ කරන්න කියලා කවියට සන් කළා.


" බොස් මෙයාට girl's house එකෙ room එකක් ලෑස්ති කරන්නම් නේ..." සෙත් යෂේන්ගෙන් ඇහුවේ ලියාරව පෙන්වමින්.


" නෑ... මැන්ෂන් එකේ seventh floor එකේ room එකක් ලෑස්ති කරන්න..."


" හෑ..." සෙත් කට ඇරන් බලන් හිටියේ යෂේන් දිහා.


" තමුසේ යනවා දැන් සෙත් එක්ක... හැබැයි මතක තියාගන්නවා මං තමුසේ දිහා ඇහැ ගහගෙන ඉන්නේ..." යෂේන් කිව්වෙ ලියාරට ඇඟිල්ලකුත් දික් කරලා.


" අනේ මේ මට තමුසේ තමුසේ ගාන්න එපා අප්පා... මගේ අම්මා මට ලස්සන නමක් දීලා තියනවා... ලියාරා... ඒක දිග වැඩි නම්.. ලියා.. හරිද අපියන් සෙත්..." කියපු කෙල්ල යෂේන්ටත් ගස්සලා එළියට ගියේ පලපුරුදුකාරයෙක් වගේ.


කෙල්ලගේ ගැස්සිල්ලට යෂේන්ටත් එකපාර හිනාගියා.



සෙත් පෙන්නපු රූම් එකට ගියපු කෙල්ල ඉස්සෙල්ලම කරේ වොෂ් එකක් දාගන්න ගියපු එක.

මුළු රූම් එකට decorate කරලා තිබ්බේ black theme එකෙන්.


වොෂ් එකක් දාගෙන ටවල් එකත් ඇඳගෙන කෙල්ල රූම් එකට ආවේ අඳින්නේ මොකක්ද කියලා හිත හිත.


ඒ ආපු කෙල්ල දැක්කේ ඇඳ උඩ කවුද ඉඳගෙන ඉන්නවා...


" ඈ..........."


______________________________________

කියන්න දෙයක් නෑනේ ළමයි...

ඔයාලා මොනාහරි කියන් යන්නකෝ හරි එහෙනම් ඇඳ උඩ ඉන්නේ කවුද කියලා කියන්නකෝ...( කලු කුමාරයද දන්නෙත නෑ😁)

reaction දාන්න comment කරන්න

ආදරෙයි හමෝටම...🖤

Report Page