The Revenge and Desire....
Pari🖤
පෙර කොටසට.....
https://telegra.ph/The-Revenge-and-Desire-01-24-2
විසි එක්වැනි කොටස....
" සෙත් ලියාට මැසේජ් එකක් දාන්න අපි ගේ ළඟ ඉන්නේ ගේට්ටුව අරින්න කියලා..." එමා..
" බලන් ඉඳපන් ගේට් එක අරින කන්.. මේං කියලා අරි..." සෙත්.
" උබ දාලා බලපන්කෝ..." කිරන්.
සෙත් මැසේජ් එකක් දාලා විනාඩියක් ගියේ නෑ ගේට් එක ඇරුනා.
සෙත් වාහනේ අරන් ඇවිත් අන්තිමට නැවතුනේ ලියාගේ ගේ ගාව. හැබැයි අද ලියාගේ ගෙදර වෙනදට වඩා වෙනසක් තිබ්බා. තැන තැන ගාඩ්ස්ලා විස්සකට වඩා හිටියා.
හතරදෙනාම ගෙදර දොර ළඟට යද්දිම දොර ඇරුනා. දොරෙන් එබුනේ ගෑනු කෙනෙක්.
" ආ එන්න ඉඳගන්න... නංගි දැන් එයි..." කියලා කිව්වා. යෂ් නම් කලිනුත් දෙපාරක් විතර ඇවිත් තියන හින්දා යෂ්ට ලියාගේ ගෙදර වටපිටාව ටිකක් හුරුයි. ඒත් ඉතින් අනික් අය ආව පළවෙනි වතාවනේ. කට්ටියම කට ඇරන් බලන් හිටියේ සාලේ ලොකුවට තිබ්බ ලියාගේ ෆොටෝ එක දිහා.
" අඩෙහ් මේ නංගිද බන් සිරාවට... අපරාදේ මොඩ්ල් කෙනෙක් වෙන්න තිබ්බේ..." සෙත්.
" ඒකනේ බන් ලස්සන බලපන්කෝ..." කිරන්.
" නංගිට තියෙන්නේ අමුතුම ටේස්ට් එකක් නේ... පුදුමයක් නෙවෙයි ඉතින් යෂ්ගේ හිත හොල්ලන් පුලුවන් වෙච්ච එක... මේ බිම බලන්නකෝ..." එමා.
එතකොට තමා කිරනුයි සෙතුයි බිම බැලුවේ.
" අඩොහ් මේ මාලු නේද.. දෙයියනේ අපි ඉන්නේ වතුර ගොඩක් උඩද..." සෙත්.
ලියාගේ ගෙදර හැම තට්ටුවකම බිම හදලා තිබ්බේ මාලු ටැංකියක්.. ඒක එක්තරා විදිහයක තෙරපියක් කිව්වොත් හරි.
" ඒක නංගිගෙම අයිඩියා එකක්... මේ බිම විතරක් නෙවෙයි උඩත් මාලු ඉන්නවා..." අර ගෑනු කෙනා කිව්වා.
" කෝ ලියා..." යෂ්.
" කාමරේ..."
යෂ් ලියාව හොයාගෙන කාමරේට ගියා. යෂ් ඉතින් කලින් ආව හින්දා දන්නවනේ. යෂ් ලියාගේ කාමරේට යද්දී ලියා කෝල් එකක.
" ඔව් අයියේ... නෑ ප්රශ්නයක් නෑ අයියේ..."
------------------
" තවත් කල් ගියොත් වෙන්නේ යෂුයි මායි තවත් දෙපැත්තකට වෙලා දුක් විඳින එක අයියේ... අදත් ලීලම්මා කතා කරා... යෂ් හැමදාම බොනවලු... අයියම දැක්කනේ පහුගිය ටිකේ වාහන ගේට්ටුවේ වද්ද ගත්ත විදිහ... යෂ්ට මොනාහරි වුනොත් මම කොහොමද දරාගන්නේ අයියේ..."
-------------------
" අයියා පුලුවන් තරන් ඉක්මනට අරයාගේ පිටිපස්සෙ ඉන්නේ කවුද කියලා හොයාගන්නකෝ... මට ඇත්තටම දැන් නම් බයයි අයියේ... දරුවා බඩේ ඉන්නවා කියලා දැනගත්ත දා ඉඳන් මට එක එක කරදර... මේ හැමදේම පිටිපස්සේ කවුරු හරි ඉන්න ඕනේ..."
---------------
" වෙන්නත් පුලුවන් බලමුකෝ අයියා දැන් එනවානේ නේද... "
--------------
" හරි අයියේ..."
ලියා කෝල් එක කට් කරලා පිටිපස්ස හැරෙද්දි තමා දැක්කේ පිටිපස්සට දෙලා බලන් ඉන්න යෂ්ව.
" යෂ්...."
" princess...." යෂ් කෙල්ලව බදාගත්තා ඇවිල්ලා. ඊටපස්සේ කෙල්ලව උස්සන් ගිහින් ඇඳ උඩින් තියලා කෙල්ලගේ පපුව උඩින් ඔලුව තියාගත්තා.
" යෂ්...."
" ෂ්ෂ්... ටිකක් ඉන්න දෙන්න... මට හරිම මහන්සියි...."
ලියා යෂ්ගේ ඔලුව අතගෑවා. විනාඩි දහයක් පහළොවක් යන්න ඇති ඒත් දෙන්නාගෙන් එක්කෙනෙක්වත් කතා කරේ නෑ.. අන්තිමට යෂ් ඒ නිහැඬියාව බින්ඳා.
" princess මම අපේ බබාව නැති කරන්න හිතුවේ නෑ මැණික... " යෂ් ලියාගේ කුස සිප ගනිමින් කිව්වා.
" මම දන්නවා යෂ්... මම හොයාගත්තා ඒක කරේ කවුද කියලත්..."
යෂ් ඔලුව උස්සලා බැලුවේ ලියා දිහා. යෂ්ගෙන් මිඳුනු ලියා ගිහින් ලැප් එක ගෙනැත් වීඩියෝ එකක් ප්ලේ කරා.
" මේ සීසීටීවී රෙකෝඩ් නේද... වැඩක් නෑ මම දහ සැරයක් විතර බැලුවා... ඒත් කිසිම දෙයක් හොයාගන්න බැරිවුනා.."
" ඒ සීසීටීවී රෙකෝඩ් වෙනස් කරලා තිබ්බ හින්දා යෂ්... මේ බලන්න..."
ඒ රෙකෝඩ් එකේ ප්ලේ වුනේ වෙන මොකක්වත් නෙවෙයි ලියාගේ දරුවා ඇබෝෂන් කරන්න කරන කුමන්ත්රණය....
ලීලම්මා කෙල්ලගේ වීදුරුවට සීනී දාලා පිටි එක බැලුවත් ඒක පේන්න නෑ.. ඒ හින්දා ලීලම්මා පැන්ට්රි කබඩ් ගානේ ඒක හොයනවා.. අන්තිමට ලීලම්මා උඩ තියන පැන්ට්රි කබඩ් එකක් බලන වෙලේ සෙනු ලියාගේ වීදුරුවට මොනාද කුඩු වගයක් දානවා... ලීලම්මා ඒ කිසි දෙයක් නොදැන පිටිත් දාලා කිරි එක කලවම් කරනවා...
" එතකොට ඒ වැඩේ සෙනුගේ එකක්..."
" ඔව් මේකත් බලන්නකෝ...."
ලියා තවත් රෙකෝඩ් එකක් ප්ලේ කරා.
සෙනූ ලිෆ්ට් එක දෙපැත්තෙන් මල් පෝච්චි දෙකක් ගෙනැති තියනවා. ඊටපස්සේ ඒවට වතුර දදා හිතාමතාම බිමත් හලනවා.
" මේ බැල්ලිව මම මරනවා...." යෂ් තරහෙන් කාමරෙන් එළියට යන්න ගියේ. ඒත් ලියා නැවැත්තුවා.
" යෂ්... සෙනූ කියන්නේ සෙත් අයියාගේ වයිෆ්.. සෙත් අයියාගේ දරුවා ඉන්නේ සෙනුගේ බඩේ... ඒකත් මතක තියාගන්න.. තීරනේ ගන්න සෙත්ට ඉඩ දෙන්න...."
" ඒත් ඒකි මරන්න හැදුවේ මගේ දරුවව.. මේ අපේ දරුවා ලියා මම කොහොමද ඉවසන්නේ...."
" යෂ් මම කියන දේ අහන්න ටිකක්.. මේක සෙනුට කියලා කවුරු හරි කරවන වැඩක් අපි සෙනුව මැරුවොත් කොහොමද ඒ කෙනාව දැනගන්නේ.."
" අර්... "
" යන්කෝ...." ලියා ලැප් එකත් අරගෙන ඉස්සර වුනා.
ලියායි යෂුයි දෙන්නා පහළට එද්දි අනිත් අය තේ බොනවා.
" මං ඒත් බැලුවා මූ කොහෙද වාෂ්ප වුනේ කියලා.. ඔය එන්නේ දැන් උබලා දෙන්නා දැන් යාලුයිනේ නේද... නංගි ගෙදර යන් ඈ.. උබ නැතුව ගෙදර භූත ගුහාවක් වගේ බන්...." සෙත්.
ලියා හිනා වෙලා ලැප් එක ඒ තුන් දෙනා ඉස්සරහින් තිබ්බා.
" අයියේ මම ගෙදර එනවද නැද්ද කියන එක හිතන්න වෙනවා මොකද මම මගේ දරුවව පරිස්සම් කරගන්න එපැයි..."
" යෂ් නෙවෙයි නංගි අර වැඩේ කරේ මට මූව සීයට දාහක් විශ්වාසයි..." කිරන්.
" ඔව් නංගි යෂ් කවදාවත් එහෙම කරන කෙනෙක් නෙවෙයි...." එමා.
" මම දන්නවා යෂ් නෙවෙයි ඒක කරේ කියලා... එදා මම තිබ්බ ආවේගෙට යෂ්ට බැන්නා තමා ඒකට මම දැනටත් පසු තැවෙනවා.. මම ගෙදර එන්න බෑ කියන හේතුව මේක..." කියලා ලියා අර වීඩීයෝ දෙක ප්ලේ කරා.
ඒක දැක්ක සෙත්ගේ ඇස් දෙක රතු වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ...
" මම මේකිව මරනවා... ඒකි කොහොමද මගේ නංගිට මේ වගේ දෙයක් කරන්නේ..."
" අයියේ..."
" ලියා.. උබ මට මගේම නංගි කෙනෙක් වගේ... හැම්දාම සීරියස් විදිහට ඉඳලා ඉඳලා ඒකාකාරජීවිතයක් ගෙවපු අපේ ජීවිත ලස්සන කරේ උබ... කාත් කවුරුත් නැතුව පාරේ අනාතයෝ විදිහට බඩගින්නේ ඇවිදිද්දී වරෙන් යන්න කියලා එක්කන් ගියේ මූ... මේකි මගේ වයිෆ් මගේ දරුවගේ අම්මා වෙන්න පුලුවන් ඒත් ඒකිට වඩා මට උබලා දෙන්නව සිය දහස් ගුණයක් වටිනවා... ඒකි රිද්දන්න හැදුවේ උබලා දෙන්නගේ ළමයාට... මම ඒකිට මිහිපිට අපායක් පෙන්නනවා අද..." කියලා සෙත් ගියා.
අනික් අය සෙත්ගේ පස්සෙන් ගියත් සෙත්ව නවත්තන්න කාට්වත් පුලුවන් වුනේ නෑ...
ඊටපස්සේ එයාලත් වාහනයක් අරන් සෙත්ගේ පස්සෙන් ගියා. ගෙදර ආපු සෙත්,
" සෙනුල්යා.... සෙනුල්යා... ඉන්න තැනකින් වරෙන් ඉක්මනට..." සෙත් ගේ දෙවනත් වෙන්න කෑගැහුවා.
සෙත්ගේ සද්දෙට කුස්සියේ හිටිය ලීලම්මායි සෙනුයි දෙන්නම දුවගෙන ආවා.
සෙනුව දැක්ක ගමන් සෙනු ළඟට ගිහින් සෙත් සෙනුගේ කොණ්ඩෙන් අල්ලගත්තේ සෙනූ වේදනාවෙන් කෑගහද්දී.
" අනේ සෙත් මහත්තයෝ මොකද ඔය කරන්නේ ඔය බඩ දරු අම්මෙක් දෙයියනේ..." ලීලම්මා කෑගැහුවා.
" බඩදරු අම්මා... මේකිට ලියාට ඇබෝෂන් වෙන්න දේවල් දෙද්දි හිතුන්නැද්ද මේකිත් අම්මා කෙනෙක් කියලා...."
ඒක අහලා ලීලම්මාගේ ඇස් දෙකත් උඩ ගියා.
" සෙත් අයියේ සෙනුව අතහරින්න..." ලියා කෑගහගෙන ආවා.
" මේකිව අතහරින්න... නෑ මම අද මේකිව මරනවා...."
" අයියේ ඔය බඩේ ඉන්න ළමයා ගැනවත් හිතන්න... සෙනු අක්කේ ප්ලීස් කවුද ඔයාට මේක කරන්න කිව්වේ..." ලියා සෙනූගෙන් හොඳින් ඇහුවා.
" කියපන් කවුද උබට මේ දේ කරන්න කිව්වේ..." සෙත් තවත් හයියෙන් කොණ්ඩෙන් ඇඳිමින් ඇහුවා. ඒත් සෙනු කරේ අඬපු එක විතරයි වචනයක්වත් කියන්න කට හෙලෙව්වේ නෑ.
පැය බාගෙකටත් වඩා කට්ටිය ඔට්ටු වුනා සෙනූගෙන් කටින් ඇත්ත ගන්න.. ඒත් සෙනු කිසිම එයක් කිව්වේ නෑ...
" යමන් උබේ රෙදි ටික අරන් වරෙන් මේ දැන්මම... උබ තව එක මොහොතක්වත් මේ ගෙදර ඉන්නේ නෑ..." කියපු සෙත් සෙනුව තල්ලු කරා. සෙනූත් කිසිම දෙයක් නොකියා ගිහින් විනාඩි පහකට විතර පස්සෙ රෙදි බෑග් එකක් එක්ක එළියට ආවා..
" මෙහෙ වරෙන් යන්න..." කියලා සෙත් සෙනූව ඇඳගෙන ගියා.
" උබ කොහෙද ඔය යන්නේ..." යෂ්.
" මම ගෙයක් අරන් තිබ්බේ බන්... මේකි ඒකේ හිටුය දෙන්.. ළමයා හම්බුනාට පස්සෙ මේකිට මං එක්කවත් මගේ ළමයා එක්කවත් කිසිම සම්බන්ධයක් නෑ..." කියපු සෙත් ගියා.
සෙත් ගියාට පස්සේ කට්ටියම සෝෆ එකේ ඉඳගත්තා.
" කවුද බන් මේවා පිටිපස්සෙ ඉන්නේ... කාටද ඕනේ උබලගේ ළමයාව නැති කරන්න..." කිරන්.
" මටත් ඒක තමා හිතාගන්න බැරි බන්.... අරකිගේ ෆෝන් එක චෙක් කරොත් හොයන්න පුලුවන් වෙයිනේද..." යෂ්.
" වැඩක් නෑ මම බැලුවා... ළඟදි ඉඳන් එකම නම්බර් එකකින් හැමතිස්සෙම කෝල් ඇවිත් තිබ්බා... සිම් එක ට්රැක් කරලා ඕනර්ව හොයන්න හැදුවත් ඒක ෆ්රී සිම් එකක්.. ඕනර් මැරිලා අවුරුදු ගාණක්.. ඊටපස්සේ ෆෝන් එකේ IP එක ට්රැක් කරන්න බැලුවා.. ෆෝන් එකත් ට්රැක් වෙන්නේ නෑ මම හිතන්නේ ඒකත් පරණම මොඩ්ල් එකක් වෙන්න ඇති.... මේක කරපු කෙනා කවුරුත් වුනත් සුපිරියට ප්ලෑන් කරපු කෙනෙක්... අනික එයා මං ගැන හොඳට දන්න කෙනෙක්... ගැබැයි මගේ ස්කිල්ස් ගැන ලොකුවට නොදන්න කෙනෙක්..." ලියා.
" ඒ කිව්වේ..." එමා..
" ඒ කෙනා දන්නවා මම හැකර් එකෙන්ක් කියලා... ඒත් එයා දන්නේ නෑ මට කරන්න පුලුවන් දෙවල් දැන් දැක්කනේ අර සීසීටීවී රෙකෝඩ්ස්ම..." ලියා.
" ඇත්තට මම කී පාරක් නම් රෙකෝඩ්ස් බැලුවද මට කිසිම දෙයක් හම්බුනේ නෑ..." යෂ්.
" ඒකට හේතුව තමා ඒ වීඩියෝස් අයින් කරෙත් හැකර් කෙනෙක්.."
" ඒ මොකාද...." යෂ්.
________________________________
මොකාද කියන්න බලන්න.... ඒක නම් ඔයාලා හිතුවේ වත් නැති දෙයක්.....
හරිම මහන්සියි ළමයි.. ඊයෙයි අදයි දෙකේම වැඩ වැඩ වැඩ... අදත් කොච්චර මහන්සියෙන් හිටියත ඊයෙත දෙන්න බැරි වුනානේ ඒකයි මේ රෑ වෙලා හරි දුන්නේ...
මට එපියක් දෙන්න ලොකු වුවමනාවක් තිබ්බා.. මොකද කලින් එපියට තමා දැනට මේ කතාවට හම්බුනු වැඩිම reaction ගාණ හම්බුනේ... ඒ අතරේ තිබ්බ ඔයාලගේ කමෙන්ට්ස්... ආදරෙයි ළමයිනේ...
එහෙනම් අදත reaction දාන්න comment කරන්න...
ඔයාලා මගේ channel එකට එකතු වෙන්න කැමති නම් එකතු වෙන්න...
Story from Pari.... මේක තමා channel එකේ නම... සමහර චැනල්වල තියන නීති නිසා මට ලින්ක් එක දාන්න බෑ.. සමාවෙන්න ඕනේ...
ආදරෙයි හැමෝටම 🖤