The Revenge and Desire....

The Revenge and Desire....

Pari🖤
The mafia love story 🖤



පෙර කොටසට....

https://telegra.ph/The-Revenge-and-Desire-01-24



විසි වැනි කොටස...


" මිස්ටර් යෂේන් අද ඉඳන් මට ඔයත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ... ප්ලීස් මට මගේ පාඩුවේ ඉන්න දෙන්න..." කියපු ලියා එතනින් ගියා.


යෂ් එහෙම්මම බිම දණහහගත්තේ අත් දෙකෙන් හිසකෙස් ඇදගනිමින්.

" යෂ් උබද නංගිට ඇබෝෂන් පිල්ස් දුන්නේ..." කිරන් ඇහුවා.


" පිස්සුද යකෝ මගේ දරුවා මරාගන්න තරන් මම අපතයෙක් කියලා හිතුවද.... යකෝ ඒ මගේ දරුවා...."


" එහෙනම් උබ නංගි අච්චර කෑගහද්දිත් සද්ද නොකර හිටියේ...."


" ඒකි මට කතා කරන්නද දුන්නද බන්... මගේ කෙල්ලට මේ දේ කරපු උන්ව මට හොයාගන්න ඕනේ... සෙත් යමන් මොන ලෝකෙන් හරි කමක් නෑ මේක කරපු එකා හොයපන්... මං ඒකව මරනවා...." යෂ් කේන්තියෙන් කෑගැහුවා.



සතියකට පසු...


ලියා යන්න ගිහින් සතියක් වෙලා.


තාම ලියාට ඇබෝෂන් පිල්ස් දුන්න කෙනා හොයාගන්න බැරි වුනා. මොකද cctv recordsවල කිසිම සැක සහිත දෙයක් නෑ.


මේ සතියම යෂ් කරේ උදේ හවස ලියාගේ යුනිවර්සිටි එක ළඟ මුර කරන් හිටිය එක මොකද කොල්ලට මේ වෙනකන් කෙල්ලගේ කටහඬක් තියා හෙවනැල්ලක්වත් බලාගන්න බැරි වුනා.


මේ වෙනකොට යෂ්ගේ මැන්ෂන් එකත් සොහොන් පිට්ටනියක් වගේ වෙලා තිබ්බේ.


ලියාගේ හිනාව.... විහිලු තහලු... මොනාහරි දෙයක් කරලා යෂ්වයි සෙත්වයි අවුස්සන එක... ලීලම්මාත් එක්ක කෑම හදන එක... ගේ ඇතුළේ එහා මෙහා යන කෙල්ල නැතුව කට්ටියම පාලුවෙන් හිටියේ.

කෑම ඉව්වත් කන්න කවුරුත් නෑ..

යෂ් ගෙදර ආවා නම් ඉන්නෙම බාර් එකේ නැත්තන් කාමරේට වෙලා..


සෙතුත් කොහොමහරි කෙල්ලට මේ දේ කරපු කෙනාව හොයන්න ඔට්ටු වුනත් කිසිම වැඩක් වුනේ නෑ...


යෂ් සෙත් කිරන් එමා මාරුවෙන් මාරුවට කෙල්ල කෝල් ගත්තත් ආන්ස්වර් කරේ නෑ... මැසේජ් දැම්මත් බලලා සද්ද නොකර ඉන්නවා..


යෂ් මේ වෙනකොට සෑහෙන්න මානසිකව වැටිලා හිටියේ...


එදත් රෑ යෂ් බාර් එකේ හිටියේ බිබී...


" යෂ්... අර අපේ ළඟ ඉදන් අරුන්ට විස්තර කියපු උන්ව හොයාගත්තා..."


ඒක ඇහුනා විතරයි යෂ් ගියේ කට්ටියව අල්ලන් ඉන්න තැනට...


ගිහින් ටේබල් එකක් උඩ තිබ්බ ගන් එකක් අරන් පෝලිමට දණ ගස්සලා හිටිය හය දෙනාටම වෙඩි තිබ්බේ ඒ අයගේ ඔලු කුඩු දෙලා යද්දී.


" යෂ්... උබට පිස්සුද යකෝ... උන්ගෙන් කිසිම දෙයක් ඇහුවෙත් නෑ..."


සෙත් කෑගහද්දි යෂ් සෙත් දිහාට ගන් එක ඒම් කරා.


" උබටත් ඔලුව කුඩු කරගන්න ඕන නැත්තන් කටවහගෙන ඉඳපන්..." කිව්ව යෂ් ගන් එකත් විසි කරලා දාලා ආයෙමත් බාර් එකට ගියා.


" අඩෙහ් පොඩි බොස් ලොක්කට මොකද මේ වෙලා තියෙන්නේ.. මැඩම් නැති හින්දද..."කවි


" ඔව් බන්... ෂික් ලියා මොන ලෝකේ ඉන්නවද දන්නේ නෑනේ.. මෙහෙම ගියොත් මූව කොහෙහරි මැරිලා යනවා..."


" බොස් මැඩම් ගැන ආරංචියක් ඇත්තෙම නෑනේ.. අපේ කොල්ලො හැමතැනම බැලුවා මැඩම් එදා ගිය දිහාව හොයාගන්න නෑ..."


" හොයා ගන්න පුලුවන් වුනොත් තමා පුදුමේ බන්... මූත් එකයි ඒකිත් එකයි.. අඩෙහ් අර ඉපදෙන එකා මොන වගේ වෙයිද කියලා හිතපන්කෝ එතකොට.. "


" ඒක නම් ඇත්ත බොස්.. අනිවාර්යයෙන්ම චූටි කාලෙම අපිටත් වැඩියේ දක්ෂ කෙනෙක් වෙනවා ආයේ දෙකක් නෑ..."


" කෝ විදුර මං ඌට කිව්වා ලියාහේ ලොකේෂන් එක හොයන්න කියලා..."


" ආ බොස් ඌ රැයක් දවාලක් නැතුව එහෙනම් ඒක තමා කර කර හිටියේ.. අපේ උන් කිය කිය ඌ කන්නේ බොන්නෙත් නෑ කියලා..."


" අඩෙහ් ඌ එච්චර ඒකට මේවා වෙලාද..."


" ආයෙත් අහලා බොස් ඌ විතරක් නෙවෙයි මැඩම්ගේ ටීම් එකේ ඔක්කොම කරන්නේ මැඩම්ව හොයන එක... මං අහගෙන කෙල්ලො වගයක් අඬනවා මැඩම්ට මැසේජ් දැම්මට රිප්ලයි නෑ කියලා.. මැඩම් කට්ටියටම ඉනාවක්වත් දීලද මන්දා බොස්..."


" දීලා නෙවෙයි බන් ලියා කියන්නෙම ඉනාවක්.. පව් බන් ඒ පොඩි එකී.. ෂික් අපි එදා ඒකිව පැහැරගෙන ආවේ නැත්තන් ඒකි ඔච්චර කරදර ගොඩක වැටෙන්නේ නෑ බන්..."


" ඒක වෙලාව වෙන්නැති බොස්..."




පහුවදා උදේ යෂ් සුපුරුදු විදිහටම ගියේ යුනිවර්සිටි එක ළඟට.

ඇස් දෙක රිදෙනකන් බලන් හිටියත් එදත් ලියා නෑ.. කොල්ලා හවස් වෙනකන්ම එතන හිටියා...


යුනිවර්සිටි එකේ එකින් එක්කෙනා එළියට ගියත් ඒ අතර ලියා හිටියෙ නෑ...


යෂ් යන්න කියලා කාර් එකට නඟින්න යද්දි කවුරු හරි කොල්ලට කතා හරි.


" මිස්ටර් යෂේන්...."


ඒ ආවේ විදූෂ. යෂ් හැරුනත් මුකුත් කීවේ නෑ.


" මිස්ටර් යෂේන් කෝ ලියා.. මේ දවස් ටිකේම කැම්පස් ආවේ නෑනේ...."


"මොකක් කැම්පස් ආවේ නෑ... "


" නෑ...මොකක් හරි ප්‍රශ්නයක්ද මිස්ටර් යෂේන් මං දැක්කා ඔයා පහුගිය දවස් ටිකේම මෙතන ඉන්නවා..."


යෂ් මුකුත් නොකියා කාර් එකට නැගලා ගියා. ඒත් එක්කම ඉක්මන් කරපු විදූෂත් බයික් එකක් නැඟලා අඳුරගන්න බැරි විදිහට ජැකට් හෙල්මට් දාගෙන කාර් එක පස්සේ පැන්නුවා.


යෂ් ඇවිත් නතර වුනේ මැන්ෂන් එකේ.. විදූෂ මැන්ෂන් එකේ වත්ත වටේම බයික් එකේ ගිහින් පැයකට විතර පස්සේ තමා එතනින් පිටත් වුනේ.


මේ අතරේ ගෙදර ආව යෂ් ගියේ ලීලම්මාව හොයාගෙන.


" ලීලම්මේ.... ලීලම්මේ..."


" ඇයි චූටි මහත්තයෝ...." ලීලම්මා කුස්සියේ ඉඳන් දුවගෙන ආවා.


" ලීලම්මේ ලියාට කෝල් එකක් ගන්න..."


" චූටි මහත්තයෝ...."


" කිව්වම අහලා ගන්න..."


ලීලම්මා කෙල්ලට කෝල් එකක් ගත්තා දෙපාරයි රින්ස් ගියේ කෙල්ල කෝල් එක ආන්ස්වර් කරා.


" අනේ ලීලම්මා මම දැන් මේ වොෂ් එකක් දාගෙන ඇවිල්ලා කෝල් එකක් ගන්නම් කියලා හිටියේ... අරයා අදත් බීලද ලීලම්මේ...."


ලියාගේ කටහඬ සතියකට පස්සේ අහන කොට යෂ්ට දැනුනේ කියාගන්න බැරි තරන් සතුටක්. ඒත් එක්කම තමා යෂ්ට මීටර් වුනේ ලීලම්මා මෙච්චර දවස් ලියා එක්ක කතා කරලා කියලා...


" ලීලම්මා..."


යෂ් ලීලම්මාට ඉගි කර කතා කරන්න කියලා.


" අනේ නෑ චූටි නෝනා.. අද නම් මහත්තයා නෝනව හොයන් ගිහින් තාම ආවේ නෑ.... නෝනා කැම්පස් යන්නෙම නැද්ද දැන්..."


" යන්න ඕනේ ලීලම්මේ මට තාම ටිකක් සනීප මදි ඒකයි ඉන්නේ...."

ඒක ඇහුනාම නම් යෂ් කලබල වුනා.


" අනේ ඇයි චූටි නෝනේ..."


" නෑ නෑ ලීලම්මේ මට පහුගිය ටිකේම නින්ද ගියේ නෑ.. වැඩි කාලයක් නැති වුනත් මම දැන් යෂ්ට හුරු වෙලා දැන් යෂ් නැතුව නින්ද යන්නේ නෑ.. අද ඊටපස්සේ ෂාන් අයියා ඩොක්ටර් ගෙන්නලා තෙරපි කරා දෙයියනේ කියලා අද නම් නින්ද යයි..."


" අනේ චූටි නෝනේ.. මෙහේ චූටි මහත්තයාත් එහෙම නේන්නන්... රෑ එළි වෙනකන් බොනවා නිදි නෑ... මේ ඊයේ පෙරේදා මම නිකමට ගිහින් බලද්දී සිවිලිම දිහා බලන් කල්පනා කරනවා නෝනේ... දෙන්නට දෙන්නා නැතුව ඉන්න බැරි එකේ දෙන්නා ආයේ එකතු වුනා නම් හරිනේ නෝනේ...."


" ලීලම්මේ මම පස්සේ ගන්නම්... බායි..." කියපු ලියා කෝල් එක කට් කරා.


" ලීලම්මා එක්ක ලියා මෙච්චර කල් කතා කරාද..." බලන් ගිහාම සෙතුත් කෝල් එක අහගෙන ඉඳලා තියෙන්නේ.


" අනේ සෙත් මහත්තයෝ චූටි නෝනාත් මට මගේ දුවෙක් වගේ...ඉතින් චූටි නෝනා මට කිව්වා මහත්තයලට මේ ගැන කියන්න එපා කියල... නැත්තන් ඉතින් පහුගිය දවස් ටිකේම චූටි නෝනා කතා කරා මට..."


යෂ් කඩාගෙන බිඳගෙන ආයේ ගියේ බාර් එකට.


යෂ් යනවත් එක්කම ආවේ කිරන්ලා. කිරනුයි එමායි සහසුයි තුන්දෙනාම ඇවිල්ලා.


" කෝ බන් අරූ..." කිරන්.


" ආං උගේ සුපුරුදු වාසභවනට ගියා..."


" බාර් එකට..." එමා.


" ආයෙත් අහලා...."


" අඩෙහ් නංගි ගැන ආරංචියක් නැද්ද බන් තාම..." කිරන්.


" දැන් නංගි එක්ක තමා කතා කරේ මෙච්චර වෙලා..."


" මොකක් නංගි කතා කරා..." එමා.


" ඔව් බන්.. ලීලම්මාගේ ෆෝන් එකෙම් කතා කරේ නංගි මෙච්චර දවල් ලීලම්මාට කෝල් කරලා.."


" අඩෙහ් බන්... අරු දන්නවද..."


" ඌ තමා කෝල් එක අරන් තියෙන්නේ ලීලම්මට කියලා... ලීලම්මා කතා කරද්දී ඌ අහගෙන හිටියා..."


" අනේ මන්දා බන්.. අරූ දැන් බීලම මොනාහරි කර ගනීද දන්නෑ..."


" මූ බීලා නෙවෙයි මොනා හරි කරගන්නේ කාර් එක හප්පගෙන... උබ කියන්නේ පහුගිය දවස් හතට කාර් හතක් ඉවරයි...."


" ඈ ඒ මොනා කරන්න ගිහින් ද..." එමා.


" දන්නේ කවුද බන්.. කාර් හතේම ඉස්සරහා කුඩු... තුනක් හදලා ගෙනාවා ඉතුරුවා ගැරජ් එකේ.. උබ කියන්නේ ඊයේ කාර් එකක් ඊයේ ගෙනැත් දානකොට මූ ආයේ එකක් ඩැමේජ් කරන් ආවා... "


" ෂික්... මූට මොනා වෙලාද දන්නේ නෑනේ... ලියා ඉන්න තැනක් හොයාගත්තා නම් මොනාහරි කරන්න තිබ්බා බන්...."


" ලියා ඉන්න තැන මම දන්නවා..." කියන් ගමන් යෂ් ආවා.


" කොහෙද ඉන්නේ...."


" එයාගේ ගෙදර..."


" ලියාගේ ගෙදර ඒක කොහෙද තියෙන්නේ...."


" කොළඹම තමා...."


" එහෙනම් උබ ගිහින් එක්ක එන්නේ නැත්තේ..."


" යකෝ මට තාම ඒ ගේට්ටුවෙන් ඇතුළට යාගන්න බැරි වුනා ඒකයි..." යෂ්.


" ඒ උබ නම්... වරෙන් යන්න පාර පෙන්නපන්.." කියලා සෙත් ඉස්සර වුනා.


" මාත් එන්නම්... සමහර විට නංගි මන් කියන දේ ටිකක් හරි අහයි..." කියලා එමාත් ගමනට එකතු වුනා.




හතරදෙනාම අන්තිමට ගිහින් නැවතුනේ ලොකු ගේට්ටුවක් ඉස්සරහ.


" බුදු අම්මෝ මෙකේ උස යකෝ... මම ආවේ ලියා ඇතුළට ගත්තේ නැත්තන් ගේට්‍ටුවෙන් හරි පනින්න්න ඒත් බන් මේක නඟිනවා කියන්නේ එවර්ස්‍ට් නඟිනවා වගේ වැඩක් නේ..." සෙත් ඔලුවේ අතගහගෙන කිව්වා.


" සෙත් ලියාට මැසේජ් එකක් දාන්න අපි ගේ ළඟ ඉන්නේ ගේට්ටුව අරින්න කියලා..." එමා..


" බලන් ඉඳපන් ගේට් එක අරින කන්.. මේං කියලා අරි..." සෙත්.


" උබ දාලා බලපන්කෝ..." කිරන්.


සෙත් මැසේජ් එකක් දාලා විනාඩියක් ගියේ නෑ ගේට් එක ඇරුනා.



_______________________________

මම සැහිමකට පත් වුනා.. ඔයාලා මාරම හොඳයිනේ ආදරෙයි ඈ....😁

reaction දාන්න comment කරන්න...

ආදරෙයි හැමෝටම 🖤

Report Page