The Revenge and Desire...
Pari🖤
පෙර කොටසට.....
https://telegra.ph/The-Revenge-and-Desire-01-22
දහනවවැනි කොටස....
" ඔය කෙල්ලව අතහැරපන් බන් පව්... දැන් ඇඟ රිදෙනවත් කිව්වනේ..." කිරන් කෑගහද්දි තමා යෂ් කෙල්ලව අත්හැරියේ.
" යෂ් මට මොකද වුනේ... ඇයි මාව හොස්පිටල් ගෙනාවේ..."
" මැණික.. ඔයා අම්මෙක් වෙන්න යන්නේ..."
"මම.. අම්මා... " ලියාට වචන එන්නෙ නැති තරමට සතුටුයි. කෙල්ලගේ ඇස්වල කඳුලුත් පිරුනා. ලියා යෂ්ව බඳාගෙන අඬන්න ගත්තා.
" ලියා.. මැණික... ඔයා කැමති නැත්තන්... අපි ..."
ලියා ඉක්මනට යෂ්ගෙන් ඈත් වුනා.
" පිස්සුද යෂ්.. මම අම්මා කෙනෙක් වෙන්න කොච්චර ආසාවෙන්ද හිටියේ කියලා දන්නවද..."
" ඒත් මැණික.. ඔයා තාම චූටියි.... අනික තාම ඉගෙනගන්නවනේ..."
" යෂ් අවුරුදු 15 16 ළමයිනුත් ළමයි හදද්දී මට බැරි වෙන්නේ නෑ.. අනික මම දරුවෙක් වෙනුවෙන් මගේ ඉගෙනීම පැත්තක දාන්න වුනත් දෙපාරක් හිතන්නේ නෑ.. ප්ලීස් යෂ් මට මෙයාව ඕනේ..." ලියා කුසට අතක් තියාගනිමින් කිව්වා.
" හරි princess ඒක ඔයාගේ කැමැත්තක්..."
පැයකට විතර පස්සේ ලියාට ගෙදර යන්න පුලුවන් වුනා. ලීලම්මා මේ ගැන දැනගත්තාම ගොඩාක් සතුටු වුනා.
" අනේ චූටි නෝනා.. ශෝක්නේ.. මට නම් ආසාවේ බෑ.. චූටි නෝනා කැමති දෙයක් තියනවා නම් කියන්න මම පටස් ගාලා හදලා දෙනවා... චූටි නෝනා කුස්සිය පැත්තේ නම් එන්න එපා.. වෙනදා වගේ මට උදව් කරයි නැත්තන් මම ඔක්කොම වැඩ බලාගන්නම්ම්.." ලීලම්මාගේ ඇස්වලත් කඳුලු.
" ලීලම්මා අඬනවද...." සෙත්.
" සතුටු කඳුලු සෙත් මහත්තයෝ... සතුටු කඳුලු..."
" හරි හරි දැන් කතා ඇති... ලියා යන් රෙස්ට් කරන්න... ලීලම්මා මෙයාට කන්න මොනාහරි හදලා කතා කරන්න..." කියපු යෂ් ලියාවත් උස්සගෙන කාමරේට ගියා.
" යෂ් මාව බිමින් තියන්න...".
" බෑ...."
තවත් සති කිහිපයක් ගෙවුනේ ලියා සුපුරුදු විදිහට යුනිවර්සිටි යද්දී. උදේට අසනීප ගතියක් තිබ්බත් ලියා පුලුවන් තරන් ඒ බව මැඩ පවත්වගෙන හිටියා.
එක දවසක් ලියා සුපුරුදු විදිහටම කැම්පස් යන්න ලෑස්ති වෙලා බ්රෙක්ෆස්ට් ගන්න පහළට ආවා. යෂුත් ඉතින් ඉදිකට්ට පස්සේ නූල වගේ ලියා පස්සේ. ලියාට එක්සෑම් එකක් තිබ්බ හින්දා හදාගත්ත නෝට් එකකුත් කියවන ගමන් කෙල්ල ලිෆ්ට් එකෙන් එළියට ආවා. ඒත් ලිෆ්ට් එක හැලිලා තිබ්බ වතුර ටිකක් හින්දා ලියා එකපාර ලිස්සලා වැටුනා. ඒත් හොzඅ වෙලාවට යෂ් ලියාගේ පස්සෙන් හිටිය හින්දා යෂ්ට පුලුවන් වුනා ලියාව අල්ලගන්න. ලියාගේ අතේ තිබ්බ නෝට්ස් ටික බිම වැටිලා ලියාගේ අතක් කුසට ගියේ ඉබේටයි. ලියාට ආපු ශොක් එකට හුස්ම ගන්නත් අමාරු වුනා. යෂ් ලියාව උස්සන් ගිහින් සෝෆා එකෙන් තිබ්බා.
" princess calm down... මුකුත් වුනේ නෑ... "
" යෂ්... මම..."
" හරි මැණික... මුකුත් වුනේ නෑ මම ඉන්නවා...."
" ඇයි බන් මොකද වුනේ...." සෙත්.
" ලීලම්මේ ලිලාම්මේ.." යෂ් කේන්තියෙන් කෑගැහුවා.
" ඇයි චූටි මහත්තයෝ..." ලීලම්මා කලබලෙන් දුවගෙන ආවා.
" කවුද අර ලිෆ්ට් එක ළඟ පැළ වගයක් තියලා තියෙන්නේ... තිබ්බත් කමක් නෑ කවුද ඒවට වතුර දැම්මේ..." යෂ් ලීලම්මාට කෑගැහුවා.
" අනේ යෂ් අයියේ ලීලම්මාට කෑගහන්න එපා.. මමයි එතනින් මල්පැල දෙකක් තිබ්බේ ලස්සනට.... වතුර දැම්මෙත් මම තමා..." සෙනු කිව්වා.
" යෂ් ඇති.... මට අවුලක් නෑ දැන්....මාව නැඟිට්ටවන්න... මාව කාමරේට එක්ක යනවද ආයේ මට කැම්පස් යන්න බෑ අද...." ලියා යෂ් සෙනුට බනින්න යද්දි නැවැත්තුවා.
" යෂ් මොකක්ද වුනේ බන්..." සෙත්.
" ලිෆ්ට් එක ගාව වතුර බන්.. මෙයාව ලිස්සුවා මං හිටියේ නැත්තන් වැටෙනවා..."
" සෙනූ ඔයා මොනාද කරන්නේ ආ... " සෙත් සෙනුට බනින්න පටන් ගත්තා.
" අයියේ එපා සෙනු අක්කට බනින්න එයා දන්නැතුව කරන්න ඇත්තේ... ඔහොම දෙයක් වෙයි කියලා එයා දන්නේ නෑනේ.. ලීලම්මේ ඒ මල් පැළ දෙක එතනින් අයින් කරන්න... මම විතරක් නෙවෙයි සෙනූ අක්කිත් පරිස්සම් වෙන්න ඕනා.."
" හරි චූටි නෝනා මං අයින් කරන්නම්..."
යෂ් ලියාව එක්කන් රූම් එකට ගිහින් ඇඳ උඩින් තිබ්බා.
" යෂ් ඔයා සෙනු අක්කට බනින්න එපා දැන් හරිද... එයා ඕක හිතලා කරපු දෙයක් නෙවෙයිනේ... අනික එයත් ප්රෙග්නන්ට්..."
" මම තමුසේ කියන හින්දා මුකුත් කරන්නේ කියන්නේ නෑ..." කියලා යෂ් ලියාගේ ඔලුව අතගෑවා.
මේ අතරේ....
" එතකොට ඒකි ප්රෙග්නන්ට් ද...." ෂයිනි.
" ඔව්... දැන් මම හිතන්නේ මාස දෙකකට කිට්ටුයි.." දුවිනි.
" අපි මොකද කරන්නෙ... ඔයා කිව්ව විදිහට shadow ripper කියන්නේ යෂේන් නම්... යෂේන්ගේ ලොකුම දුර්වලතාවේ වෙන්නේ ලියාරා එහෙමනේ..." දුෂේන්.
" ඔව්... ඌ ඒකිට පණ වගේ ලව් කරන්නේ.. මට ඒක දකිද්දී තමා යකා නඟින්නේ... මට ඩෑඩ් මේ මඟුල ඇබෝෂන් කරන්න දෙන්නෙත් නෑනේ නැත්තන් මේ වෙලාවේ හොඳ දෙයක් කරනවා..." දුවිනි.
" ෂික්.. එඩ්වඩ් එක්ක තමා බැරි... ඒයි ඒයි පොඩ්ඩක් ඉන්න... එඩ්වඩ් කියන්නේ තමුසෙගේ තාත්තානේ යෂේන් එඩ්වඩ් කියන දේ අහනවා නම් අපිට කරන්න තියන හොදම දේ තමා..." දුෂේන්.
" එඩ්වඩ්ව අපේ පැත්තට හරෝගන් අ එක..." ෂයිනි.
" ඔව්.. ඒක තමා හොඳම දේ..." දුෂේන්.
" ඒත් ඩෑඩ්ව කොහොමද එහෙම හරෝගන්නේ..." දුවිනි.
" ඒකටනේ ඔයා ඉන්නේ බේබි... නිකමට හිතනවකෝ බඩේ ඉන්නේ මගේ ළමයෙක් කියල දැනගෙනත් ළමයව ඇබෝෂන් කරන්න එපා කියනවා නම්... " දුෂේන්.
" ඕහෝ මට තේරුනා... මම ඩෑඩ්ට කියනවා මට තාත්තෙක් නැති ළනයෙක් එපා.. එක්කෝ මාව දුෂේන්ට බන්දලා දෙන්න කියලා..." දුවිනි.
" අන්න හරි.... ළමයා ඉපදුනාට පස්සේ ළමයාට මොනාහරි කරගමු... මට ලියාරව ඕනේ.. ඔයාට යෂේන්ව ඕනේ... වැඩේ හරිනේ එතකොට..." දුෂේන්.
"ෂා ඒක නම් මරු... " දුවිනි.
" අයියා මට අරූවත් අපේ පැත්තට ගන්න පුලුවන් වුනා..." ෂයිනි.
" කාවද... "
" විදූෂ.... අපිට ඕන්නන් ඌ ලව්වම අරකිගේ බඩේ ඉන්න එකාට වැඩේ දෙන්න පුලුවන්.. " ෂයිනි.
" ආ.. ඒකිගේ බඩේ ඉන්න එකාව නැති කරන්න මම දැනටමත් ගේමක් ගහලා තියෙන්නේ... මගේ ප්ලෑන් දෙකක්ම වැඩක් නැතුව ගියා... ඒත් අන්තිම එක නම් අනිවාර්යයෙන්ම හරියනවා බය වෙන්න දෙයක් නෑ..." දුවිනි.
" මොකක්ද..." ෂයිනි.
" බලන් ඉන්නකෝ... ඒකිට මම සුපිරි ගේමක් දීලා තියෙන්නේ..." දුවිනි.
රෑ කෑම ගන්න වෙලාවේ සෙතුයි යෂුයි හිටියේ බර කතාවක.
" අරුන්ගේ කිසිම සද්දයක් බද්දයක් නෑ බන්... " සෙත්.
" ෆයර්ස්ලානේ..." යෂ්.
" ඔව් ඔව්... හැබැයි අද උන්ගේ පොට් එකකට පොලිසියෙන් පැනලා.. අර එදා අපිට වගේම තමා... මට පේන්නේ මේ හැමදේම පස්සේ ඉන්නේ අර පොලිස්කාරයාම තමා බන්..."
" ෂික්... ඌ මොකාද කියලා හොයාගන්න බැරි වුනානේ තාම..."
" මම හොයල දෙන්නද..." ලියා දෙන්නගේ කතාව අහන් ඉඳලා කිව්වා.
" වැඩක් නෑ බන් ඌ ගැන විස්තර සිස්ටම් එකේ නෑ... ඌ සීක්රට් ඔෆිසර් කෙනෙක්.."
" අම්මටසිරි... ඒ කියන්නේ භයානක වැඩී...." ලියා.
" ඔව්.. ඌ අපිට කරදර කරන්නේ අදක ඊයෙක ඉඳලා නෙවෙයි දැන් අවුරුදු තුනක් විතර නේ බන්..." සෙත්.
" හ්ම්ම්ම්...."
" චූටි නෝනා මෙන්න කිරි එක...." ලීලම්මා ලියා හැම්දාම රෑට බොන කිරි වීදුරුව ගෙනත් දුන්නා.
ලියා කාලා ඉවර වෙලා හිටිය හින්දා කිරි එක අතට ගත්තත් බොන්නැතුව අතේ තියන් හිටියා.
" මොකද බොන්නේ නැද්ද..." යෂ් කෙල්ල කිරි එක දිහා බලන් විතරක් ඉන්න හින්දා ඇහුවා.
" නෑ නිකන් අද කිරි එකේ පාට වෙනස් වගේ... වෙනදට වඩා සුවඳත් ටිකක් වෙනස්..." ලියා.
" ආ නංගි අද වෙනදා හදන කිරි එක නෙවෙයි වෙන එකක් ඒක වෙන්නැති... " සෙනූ කිචන් එකේ ඉඳන් එනගමන් කිව්වා.
" ආ ඒක වෙන්නැති එහෙනම්.. දැන් රෑ වෙලා ඉක්මනට ඕක බීලා නිදගන්න..." යෂ් කෙල්ලට කිව්වා.
ලියා කිරි එකෙන් උගුරක් බීලා කිරි එක පැත්තකින් තිබ්බා.
" ඇයි...." යෂ්.
" මට එපා.. බොන්න බෑ...." කිව්ව ලියා කෑම මේසෙන් නැඟිට්ටා.
" යෂ් මම රූම් එකට යනවා ඔයා දැන්ම එනවද...."
" නෑ princess මට වැඩ වගයක් තියනවා මම ටිකකින් එන්නම්..."
" හා එහෙනම්...."
ලියා අනිත් අයටත් සමු දීලා රූම් එකට ගියා. ඇඳට වෙලා පොතක් කියවන ගමන් හිටිය ලියාට ලාවට බඩ රිදෙන්න වගේ පටන් ගත්තා. ඒත් ඉතින් ප්රෙග්නන්ට් දවස්වලට ඒ දේ සාමාන්ය හින්දා ලියා ගණන් ගත්තේ නෑ... ඒත් ලියාට ටික වෙලාවකින් මොකක් හරි වැරැද්දක් වෙනවා කියලා තේරුනා.. ලියා බෙඩ්ෂීට් එක උස්සලා බලද්දි තම දැක්කේ කෙල්ලගේ ඇඟෙන් පිටවෙන ලේ.. ලියා එකපාර මොනාද වෙන්නෙ කියලා හිතාගන්න බැරි වුනා. එත් ඉක්මනට පියවි සිහියට ආපු ලියා අඬ අඬම කෝල් එකක් ගත්තේ යෂ්ට. ඒත් කෝල් දෙක තුනක්ම ගත්තත් කෝල් ආන්ස්වර් කරන්නේ නැති තැන කෙල්ල අමාරුවෙන් හරි නැඟිටලා ගිහින් කොහොමහරි ලිෆ්ට් එකට නැග්ගා.. යෂ්ට දිගටම කෝල් ගත්තත් ආන්ස්වර් කරන්නැති තැන කෙල්ල සෙත්ට කෝල් ගත්තා.
" හෙලෝ නංගී ඇයි මොනාහටි ඕනද...."
" අයියේ මට බ්ලීඩ් වෙනවා... මගේ දරුවව බේරගන්න අයියෙ.."
" නංගි ඉන්න මම ඉක්මනට එනවා..." කියලා සෙත් කෙල්ලව එක්ක එන්න ලිෆ්ට් එක ළඟට දුවද්දිම තමා ලිෆ්ට් එක ඇරගෙන ලියා එළියට ආවේ. ඒත් එක්කම ලියාව කලන්තේ දාලා ස්ස්ත්ගේ අත්දෙක උඩට වැටුනා.
ලියා ඇස් ඇරලා බලද්දි හිටියේ හොස්පිටල් එකේ.
ඒ වෙලාවේ නම් යෂුත් ළඟ හිටියා. කෙල්ලට යෂ්ව දකිද්දිත් ආවේ තරහක්. ඒත් එක්කම කෙල්ලගේ අත් ගියේ කුසට.
" බය වෙන්න එපා නංගි බබාට මුකුත් වෙලා නෑ එයා හොඳින් ඉන්නවා..." කිරන් ලියා අතර ස්කෑන් රිපෝට් එක දෙන ගමන් කිව්වා.
එතකොට තමා ලියාගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ.
" princess..." කියන ගමන් යෂ් ලියාගේ අතකින් අල්ලන්න හැදුවත් ලියා,
" Don't touch me..." කියලා යෂ්ගෙන් ඈත් වුනා.
" කිරන් අයියේ මට මොකද වුනේ... මට ඇයි බ්ලීඩ් වුනේ..." ලියා.
" නංගි ඇබෝෂන් වෙන්න බොන මෙඩිසින් ඔයාගේ ලේවල තිබ්බා... ඒත් හොඳ වෙලාවට ඒක පොඩි ප්රමාණයක් තිබ්බේ... ඒ හින්දා බේරුනා.. අනික ඉක්මනට හොස්පිටල් ආවනේ.."
" ඇබෝෂන්.... යෂ්... ඔයා නේද මෙහෙම කරේ.. ඔයාට මේ දරුවව ඕන වුනේ නෑ... නේද යෂ්... අර කිරි එකේ තමා තිබ්බේ... ඔයා හැදුවේ කොහොමහරි මට ඒ කිරි එක පොවන්න..."
" princess මම එහෙම..."
" මිස්ටර් යෂෙන් මට ඔයාගෙන් අහන්න දෙයක් නෑ... මට මගේ දරුවව තනියම වුනත් බකාගන්න පුලුවන්... සෙත් අයියේ කෝ මගේ ෆෝන් එක..."
සෙත් ලියා අතට ෆෝන් එක දුන්නා. ලියා ඊටපස්සේ කෝල් එකක් ගත්තා.
" රුක්ෂාන් මම හොස්පිටල් එකේ ඉන්නේ මේ දැන්ම මාව එක්කන් යන්න එන්න... ගාඩ්ලාත් එක්කන් එන්න..." ලියපු ලියා කෝල් එක කට් කරා.
" කිරන් අයියේ මට මේ දැන්ම ඩිස්චාර්ජ් වෙන්න ඕනේ...."
"ඒත් නංගී.."
" පුලුවන්ද බෑද කියන්න... නැත්තන් ඒකත් කරගන්න විදිහ මම දන්නවා..."
යෂ් දිහා බලපු කිරන් මුකුත් නොකියා එතනින් ගියා.
" princess මම කියන දේ පොඩ්ඩක් අහන්න...."
" මිස්ටර් යෂේන් මට අහන්න කිසිම දෙයක් නෑ.. මට මගේ ළමයාව වටිනවා හැමදේටම වඩා.. සෙත් අයියේ මෙයාව එක්කන් මෙතනින් යන්න ප්ලිස්ස්...."
" නංගී.."
" මං එකම දේ ආයේ කියන්නෑ අයියේ ඔයාලට බැරි නම් මම යන්නම්..." කියපු ලියා අතේ තිබ්බ කැනියුලා එකත් ගලවලා දැම්මේ අතෙන් ලෙ විසිවෙද්දි. ඒත් ලියාට කෙලින් හිටගන්න තරන් ලොකු පණක් තිබ්බේ නෑ.
යෂ් කෙල්ලව අල්ලගත්තා... ඒත් ලියා යෂ්ගේ පපුවටත් පාරක් ගහලා යෂ්ගෙන් ඈත් වුනා.
" Don't touch me...."
කෙල්ල රූම් එකේ දොර ළඟට යද්දිම දොර ඇරගෙන පිරිමි පස් හයදෙනෙක් ආවා. ඒකෙන් එක්කෙන්ක් ඇර අනිත් අය බොඩිගාඩ්ස්ලා කියලා බැලූ බැල්මට කියන්න පුලුවන්.
" මැඩම්...."
" ආ... රුක්ෂාන් මගේ ඩිස්චාර්ජ් ලෙටර් එක අරන් එන්න කියන්න කාටහරි ගිහින්..."
ඒත් එක්කම ආයේ දොර ඇරගෙන ආවේ කිරන්. කිරන්ගේ අතේ ඩිස්චාර්ජ් ලෙටර් එක තිබ්බා. කිරන් පුදුමෙන් බලන් හිටිගේ ආව අය දිහා.
" Thank you කිරන් අයියේ..." කියපු ලියා ඩිස්චාර්ජ් ලෙටර් එක ගත්තා.
" යන් රුක්ෂාන්.." කියලා කෙල්ල ඉස්සර වුනා.
" ලියා ඔහොම නවතිනවා...." යෂ් කෑගහගෙන කෙල්ල ඉස්සරහට ආවත් බොඩිගාඩ්ලා කෙල්ලව වටකරගත්තා.
" මිස්ටර් යෂේන් අද ඉඳන් මට ඔයත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ... ප්ලීස් මට මගේ පාඩුවේ ඉන්න දෙන්න..." කියපු ලියා එතනින් ගියා.
යෂ් එහෙම්මම බිම දණහහගත්තේ අත් දෙකෙන් හිසකෙස් ඇදගනිමින්.
" යෂ් උබද නංගිට ඇබෝෂන් පිල්ස් දුන්නේ..." කිරන් ඇහුවා.
_____________________________________
සැලකිය යුතු reaction ප්රමාණයක් සහ දිග comments දහයකට වඩාවත් තිබ්බොත් ( මං කියන්නෙ දිග comment.... emoji නෙවෙයි) බෝනස් දෙන්නම්...
reaction දාන්න.... comment කරන්න...
ආදරෙයි හැමෝටම🖤