The Revenge and Desire...

The Revenge and Desire...

Pari🖤
The mafia love story 🖤



පෙර කොටසට.....

https://telegra.ph/The-Revenge-and-Desire-01-21




දහ අටවැනි කොටස....


පාර්ටිය තියන හොටෙල් එකට ගියාම යෂ්ට බිස්නස් පාට්නර්ලා වගයක් එක්ක කතා කරන්න වෙච්ච හින්දා ලියාට තනියම තමා හෝල් එකට යන්න වුනේ. ලියා හෝල් එක ඇතුළට අඩිය තිබ්බා විතරයි.


" ආ මැඩම්.. කොහෙද මෙහේ...."


" ආපෝ... මේ වල් ගෙම්බා නැති තැනක් නෑ... " ලියා තමන්ටම කියා ගත්තා. වෙන කවුරුත් නෙවෙයි ආවේ දුෂේන්.


" ඇයි අපිට එන්න හොඳ නැද්ද..."


" මැඩම් මැරි කරා කියලා ආරංචියි..." දුෂේන් ඕනාවට වඩා කෙල්ල ළඟට එමින් කිව්වා.


" ඇත්තද ඇයි මම හනිමූන් ගියා කියලා ආරංචි වුනේ නැද්ද...." කෙල්ලත් හරහටම කතා කරා.


" මොනාද අයියේ මේ අනාථ කෙල්ල එක්ක කතා කරන්නේ..." කියන ගමන් ආවේ ෂයිනි.


" ආ ඇත්තද මම අනාථ කෙල්ල නම් තමුසේ අනියම් බිරිඳගේ කෙල්ල..." ලියා ළඟින් ගියපු වේටර් කෙනෙක්ගෙන් වයින් වීදුරුවක් ගන්න ගමන් කිව්වා.


" තමුසේ... තමුසේ තමා එහෙම..." කියන ගමන් ෂයිනි ලියාට අතේ තිබ්බ වයින් එක විසි කරා. ඒත් ඉතින් ලියා වෙලාවට අයින් වෙච්ච හින්දා ලියාගේ ඇඟට වයින් බිංදුවක්වත් වැටුනේ නෑ.


" අපෝ... තමුසෙට ඉලක්කෙට දෙයක් විසි කරන්නවත් බෑනේ ෂයිනි ඉන්නකෝ මං පෙන්නනන් කොහොමද විසි කරන්නේ කියලා..." කියපු ලිහා ෂයිනිගේ ඔලුවේ ඉඳන් අතේ තිබ්බ වයින් එක විසි කරා. ෂයිනිව නෑවුනා.


" දැක්කනේ බලන්න දැන් ඔයාව නෑවිලා ගියා අනිත් දවසේ ඔහොම ට්‍රයි කරන්න..."


ෂයිනිට හොඳටම තරහ ගිහින් තිබ්බේ. ෂයිනි ලියාට ගහන්න ඉස්සරහට පැන්නත් ලියා ෂයිනිගේ කොණ්ඩෙන් අල්ලගෙන ළඟ තිබ්බ ටේබල් එකේ තිබ්බ වතුර එකක් ඔලුවටම හැලුවා.


" ලියාරා තමුසෙට මම..." දුෂේන් ලියාගේ අතින් අල්ලගත්තා. මේ වෙනකොට මේ රණ්ඩුව හින්දා ගොඩක් අයගේ අවදානේ මේ පැත්තේ තිබ්බේ.


" ලියාරා තමුසෙට පිස්සුද... අම්මෙක්වත් නැතුව හැදුනම ඔහොමතමා.. තමුසේ මගේ නංගිව ගුලි කරන්න නේ හදන්නේ ඉන්නවා මම තමුසෙට හොඳ පාඩමක් උගන්නන්නන්.. " කියලා ලියාව ඇඳගෙන හෝල් එකේ දොර පැත්තට යන්න ගත්තා. ඒත් ඉතින් ලියා නිහාල්ලා දන්නැති වුනාට හොඳ සටන්කාරිනියක්නේ. ලියා දුෂේන්ගේ අත අනිත් පැත්තට අඹරලා දැම්මා. ඊටපස්සේ කෙල්ලට අතට අහුවුනේ වයින් බෝතලයක් ඒකෙන් දුෂේන්ට ගහන්න යද්දිම,


" ලියා..." කියාගෙන ආවේ යෂ්.


ලියා දුෂේන්ව අතහැරලා යෂ් ළඟට දිව්වා.


" යෂ් අරයා මට කරදර කරන්න හැදුවා..." කෙල්ල දුෂේන්ව පෙන්නලා කිව්වා. යෂ්ට හොඳටම තරහ ගියා. දුෂේන්ගේ කොලර් එකෙන් අල්ලගත්ත යෂ් දුෂේන්ගේ මූණට පාරවල් කිහිපයක් ගැහුවේ මූණ ලේවලින් නෑවෙද්දි.


" මිස්ටර් යෂේන් නවත්තන්න... " සමරසිංහ කෑගහමින් ආවා.


" තමුසේ අදට බේරුනා කියලා හිතාගන්නවා..." යෂ් දුෂේන්ට ඇඟිල්ලක් දික්කරලා කිව්වා.


" මිස්ටර් සමරසිංහ බලන්න... මේ යෂේන්ගේ වයිෆ් මගේ නංගිව වයින්වලිනුයි වතුරවලිනුයි නෑව්වා.. ඒ මදිවට දැන් මිස්ටර් යෂේන් මට ගැහුවා... මේක මම ඩැඩීට කියලා අපේ ශෙයාර්ස් අයින් කරගන්න කියනවා... අපිට සාදාරණයක් කරන්න ඕනේ... "


" මිස්ටර යෂේන් මිස්ටර් දුෂේන් කිව්ව කතාව ඇත්තනේ... අපිට ඇස් ඉදිරිපිටම පේන්න තියනවා.. පේනවනේ... ඔයාට මොනාද කියන්න තියෙන්නේ..."


යෂ් මොනාහරි කියන්න හැදුවත් ලියා ඉස්සර වුනා.


" මිස්ටර් සමරසිංහ.. ඔයා කිව්වා හරි.. මම කරපු දේවල් ඇස් ඉදිරිපිට පේන්න තියනවා but I don't care... ඔයාට ඕනනන් අපි මෙතනින් යන්න... යෂ් ඔයාට ප්‍රශ්නයක් නෑනේ නේද...." ලියා යෂ්ගෙන් ඇහුවා. ලියා කරන්න යන දේ දන්න හින්දා යෂුත් ඔලුව වැනුවේ ප්‍රශ්නයක් නෑ කියන්න.


" ok let's go..."


ලියායි යෂුයි එතනින් යන්න ගියත් දෙන්නාගේ ගමනට බාධා වුනේ එඩ්වඩ් ආව හින්දා.


" යෂ් කොහෙද යන්නේ වෙඩින් එකට නේද ආවේ..."


" අංකල්... අපි යන්න කියලා හැදුවේ මෙතන හිටියට වැඩක් නෑනේ..." යෂ්.


" සමරසිංහ මොකක්ද මෙතන වෙන්නේ..."


" මිස්ටර් වින්ස්ටන් මේ මිස්ටර් යෂේන්ගේ වයිෆ් මිස්ටර් නිහාල්ගේ ළමයින්ට කරදර කරලා... ඉතින් මේ..."


" ඉතින් ඒකට දැන් ඔයා මේ අයව යවන්නද හදන්නේ.. තමුසේ ලොකු වැරැද්දක් කරගන්නේ සමරසිංහ..." එඩ්වඩ්.


" මොකක්ද මිස්ටර් සමරසිංහගේ වැරැද්ද මිස්ටර් වින්ස්ටන්...." නිහාල් එතනට ආවේ කවුරුත් නොහිතපු මොහොතක.


" සෑහෙන කාලෙකට පස්සේ නේද එඩ්වඩ්...." නිහාල් අමුතුවට හිනාවෙමින් කිව්වා.


" ඔව් නේද නිහාල්... සමරසිංහ යෂේන්වත් එයාගේ වයිෆ්වත් මෙතනින් යන්න බෑ...." එඩ්වඩ්.


" ඒක ඇත්ත මගේ දරුවොන්ට කරදර කරපු අයට නිකන් යන්න දෙන්න බෑනේ එඩ්වඩ්..." කියපු ලියා දුෂේන්ට ගහන්න ගත්ත වයින් බෝතලේ ගත්තා.


" ලියාරා මෙහෙ එනවා..." නිහාල් ලියාරට කෑගැහුවා.


" තමුසේ කොහොමද...." යෂ් නිහාල්ට ගහන්න යන්න හැදුවත් යෂ්ව නවත්තපු ලියා නිහාල් ළඟට ගියා. නිහාල් ලියාව අල්ලගෙන බලෙන් වයින් බෝතලේ පොවන්න හැදුවේ. එඩ්වඩ් යෂ් දෙන්නම මේක නවත්තන්න පැන්නත් ලියා ඊට කලින් ක්‍රියාත්මක වුනා.


ලියා නිහාල්ගේ අතේ තිබ්බ වයින් බෝතලේ උදුරගෙන ඒකෙන් නිහාල්ගේ ඔලුවට ගැහුවේ නිහාල්ගේ ඔලුව පැලිලා මූණ පුරා ලේ ගලද්දි.


එඩ්වඩ්ගේ වගේම යෂ්ගේ මූණුවලට ආවේ ලොකු හිනාවක්.


" තමුසේ කොහොමද මගේ ඩැඩීට..." ෂයිනි ආයේ පැන්නා. ලියා ෂයිනිට කනේ පාරක් ගැහුවේ පාරේ සැරට ෂයිනිව බිම වැටෙද්දී.


" මිස්ටර් නිහාල්.. ඔයා කොහොමද මට අණ දෙන්න එන්නේ ආ.. තමුන්ට මතක නැද්ද තමුන් මාව විකිණුවා.. මට ඒ හින්දා තමුන් එක්ක කිසිම සම්බන්ධයක් නෑ.. තව එකක් මතක තියාගන්නවා මේ ඉන්නේ අර පරණ හිටිය ලියාරත් නෙවෙයි කියලා.. මම තමුන් මගේ අම්මව මරපු පලිය ගන්නවා..."


මේ දේ ඇහුනත් එක්කම පිරිස අතරේ ගියේ කුසුකුසුවක්. මොකද ලියා ලොකු රහස් දෙකක්ම හෙළි කරලා තිබ්බා.. ඒවාම ඇති නිහාල්ගේ බිස්නස් කඩාවැටෙන්න.


" සමරසිංහ... මේකි අපිට කරදර කරා මදිවට දැන් බොරු චෝදනාත් දානවා.. මම මගේ ශෙයාර්ස් අයින් කරගන්නවා තමුන්ගේ කම්පැනි එකෙන්... එහෙම වෙන්න ඕන නැත්තන් මේ දැන්ම මෙයාට මගෙ ළඟ දණින් වැටිලා සමාව ගන්න කියන්න..."


" ඔහ්.. මිස්ටර් නිහාල් ඔයා මේ පැත්තක ඉන්න මිස්ටර් සමරසිංහව මේකට අල්ලගත්තද... හරි ඔයා ශෙයාර්ස් අයින් කරගන්න.. මිස්ටර් සමරසිංහ මෙයා අයින් කරගන්න ශෙයාර්ස් ටික මම ගන්නවා...."


" ලියාරා. තමුසෙට කොහෙන්ද ඒ වගේ දෙයක් කරන්න සල්ලි තමුසේ හිතුවේ ඒ ශෙයාර්ස් මේ ලක්ෂයක් දෙකක් කියලද... ඒවගේ වටිනාකම කෝටි පනහක්..."


" අප්පෝ කෝටි පනහද.. මිස්ටර් සමරසිංහ මම ඒ ටික ගන්නවා.. ආ.. තව එකක් මිස්ටර් නිහාල්.. මට ඔයාට කියන්න අමතක වුනානේ.. මේ පහුගිය ටිකේ ඉන්ටර්නෙට් එක කලඹවපු යාරා ඉන්නේ.. ඒ වෙන කවුරුත් නෙවෙයි මම තමා..."


" මොකක්..."


" පුදුමයිනේ.. මිස්ටර් සමරසිංහ මෙයාලා තවදුරටත් මෙහෙ ඉන්න බෑ..."


ලියා කියපු ක්ෂණික සමරසිංහ ගාඩ්ලා ගෙන්නලා නිහාල්ලව එළියට ඇදලා දැම්මා..


"ඩැඩී මොකක්ද ඒ වුනේ.. ඒකි කොහොමද යාරා වුනේ.. ඒකිට කොහෙන්ද එච්චර සල්ලියක්..." ෂයිනි.


" මොකද ලියාරා කියන්නේ underworld එකේ hacker යාරා හින්දා..." කියන ගමන් එතනට ආවෙ දුවිනි.


" තමුන් කවුද..." නිහාල්.


" අහ්... මම දුවිනි... එඩ්වඩ්ගේ දුව... මට තමුන්ලා උදව් කරන්න ඕනේ... මිස්ටර් දුෂේන් අපි ආයෙත් හම්බුනා..."




වෙඩින් එකෙනුත් දවස් දෙක තුනක්ම ගෙවිලා ගියා. කට්ටිය සුපුරුදු දින චර්‍යාවම ගත කරා. සෙත්ගේ ජීවිතෙ නම් ටිකක් වෙනස් වෙලා තින්නා සෙනු හින්දා. සෙනූ හැමෝගෙම හිත දිනාගෙන තිබ්බ්නා මේ ටික දවසට.


දවසක් උදේ කට්ටියම කෑම මේසේ ඉඳගෙන කෑම ගන්න ගමන් හිටියේ. ලියා වෙනදා ආසාවෙන් කන කිරිබත් දැක්කම අද කෙල්ලට අප්පිරියාවක් දැනුනා. ඒත් ඉතින් ඒක එච්චර ගනන් නොගෙන එක කටයි කෑවේ කෙල්ලට ඔක්කාරෙට ආවා. ලියා කෑම මේසෙන් නැඟිටලා දුවද්දී යෂුත් ඒ පස්සෙන් ගියේ ලියාට එකපාර මොනාවුනාද කියලා හිතාගන්න බැරුව. ලියා අමාරුවෙන් වමනය කරද්දි යෂ් කෙල්ලගේ පිට අතගෑවා.


" ඇයි මැණික.. මොකක් හරි අමාරුවක්ද..." යෂ් කෙල්ලව වත්තම් කරන් ඇවිත් ආයේමත් කෑම මේසෙන් ඉන්ඳලා කිව්වා.


" දන්නෑ යෂ් මේ ටිකේම ඇඟට ටිකක් අමාරුයි...."


" චූටි නෝනා.. චූටි නෝනා ආසයි කියපු හින්දමයි මම කිරිබත හැදුවේ.. චූටි නෝනාට බබෙක්වත් හම්බෙන්නද..." ලීලම්මා.


ලියාගේ වගේම යෂ්ගේත් ඇස් පුදුමෙන් ලොකු වුනේ සෙතුයි සෙනුයි කන එකත් නවත්තලා බලන් ඉද්දී.


" අහ්..ඒක.. වෙන්නත් පුලුවන්.. මට මේ මාසේ...දෙයියනේ යෂ්.. ඔව්..." ලියාට කියන්න ඕන මොකක්ද කියලාවත් තේරුනේ නෑ.


ඒත් එක්කම ලියාට කලන්තේ දාලා වැටුනා. යෂ් ඉක්මනට ලියාව එක්කන් ගියේ හොස්පිටල් එකට.


කෙල්ල නැගිටිද්දී වෙනදා වගේම තුන්දෙනාම ලියා ගාව.


" අහ්.. මගේ ඇඟ රිදෙනවානේ..." ලියා ඇස්වල කඳුලු පුරෝගෙන කියන ගමන් නැඟිට්ටා.

ඒත් එක්කම යෂ් ලියාව බදාගත්තා.


" ඔය කෙල්ලව අතහැරපන් බන් පව්... දැන් ඇඟ රිදෙනවත් කිව්වනේ..." කිරන් කෑගහද්දි තමා යෂ් කෙල්ලව අත්හැරියේ.


" යෂ් මට මොකද වුනේ... ඇයි මාව හොස්පිටල් ගෙනාවේ..."


" මැණික.. ඔයා අම්මෙක් වෙන්න යන්නේ..."


_________________________


හැමදාම හාර්ට් ඇටෑක් එනවනේ අද ඔන්න ටිකක් කූල් කරා... සතුටු වෙන්නකෝ😉


reaction දාන්න.. comment කරන්න...

ඔයාලා රහස හරියටම කිව්වෙ නෑ ඒත් සමහරු වක්‍රාකාරයෙන් කියලා තිබ්බා.. බලමුකෝ ඉස්සරහට..


ආදරෙයි හැමෝටම 🖤

Report Page