The Revenge and Desire...
Pari🖤
පෙර කොටසට....
https://telegra.ph/The-Revenge-and-Desire-01-19
දාහත්වැනි කොටස....
" සෙත් ගමනක් ගියා.. හදිස්සියක්ද..." කියන ගමන් යෂ් එඩ්වඩ්ලට ඉස්සරහින් ඉඳගත්තා. ලියාත් එතන ඉඳලා වැඩක් නැතිහින්දා කාම්රේට යන්න ගියේ. ඒත් එඩ්වඩ් කියපු දෙයින් ලියාගේ ගමන් නතර වුනේ ගල් ගැහිලා.
" පුතා දුවිනි ප්රෙග්නන්ට්... සෙත් හින්දා..."
" මොකක්..." යෂ්ටයි ලියාටයි එකපාර කියවුනා. දෙන්නම මූණට මූණ බලාගත්තේ හිතාගන්න බැරුව.
" ඒත්..." යෂ්ට වචන එන්නෙත් නෑ මොකද අවුරුදු ගාණක් සහෝදරයෝ වගේ එකට හිටපු කොල්ලා හොඳටම දන්නවා ඒක වෙන්න විදිහක් නෑ කියලා.
" එයාලා ක්ලබ් එකේදී හම්බෙලා තියෙන්නේ පුතා.. දෙන්නම බීලා ඉඳලා තියෙන්නේ..."
එතකොට තමා දෙන්නටම තේරුනේ සෙත් ඇයි පහුගිය ටිකේම බලාගත්ත අත බලාගෙන හිටියේ කියලා. යෂ් ලියාව එක්කගෙන පැත්තකට ගියා.
" යෂ් මොකක්ද ඒ කතාවේ තේරුම.. සෙත් අයියා එහෙම නෑනේ.."
" ඒක තමා මටත් හිතාගන්න බැරි.. සෙත් කවදාවත් සිහි කල්පනාව නැතිවෙන තරමට බොන්නෙ නෑ.. එහෙම බිව්වත් මෙහෙදි විතරයි..."
" යෂ් මට දුවිනිගේ මූණේ තිබ්බ හිනාව ඇල්ලුවේ නම් නෑ...."
" මටත් නම් එහෙම තමා.. මට පේන්නේ මොකක් හරි යටින් ගේමක් ගහනවා දුවිනි බලමුකෝ... සෙත්ට කෝල්වෙක අරන් බලමුකෝ ඌනේ දන්නේ මොකක්ද උනේ කියලා හරියට..." කියලා යෂ් සෙත්ට කෝල් එකක් ගත්තා.
" හෙලෝ කියපන්.."
" උබ කොහෙද ඉන්නේ..."
" ගෙදර එනගමන් බන්..."
" අහ්... ඉක්මනට වරෙන්කෝ එහෙනම්..."
" ඇයි මොකක් හරි අවුලක්ද.."
" නෑ මේ අංකල් ඇවිත් ඉන්නවා වරෙන්කෝ..."
" හරි බන්...."
යෂුයි ලියායි ඇවිත් ඉඳගත්තා. විනාඩි පහකට විතර පස්සේ කට්ටියට ඇහුනා වාහනයක් නවත්තන සද්දෙ. ටික වෙලාවකින් සෙත් දොර ළඟින් මතුවුනා. හැබැයි තනියම නෙවෙයි ස්ස්ත් එක්ක තව ගෑනු ළමයෙක් හිටියා.
" අහ් මේ ඉන්නේ.. ඇවිත් ඉඳගනින්කෝ කොල්ලො..." එඩ්වඩ් සෙත්ට කිව්වා. සෙතුත් වෙන කෙරෙන දෙයක් දන්නේ නැතුව ඇවිත් යෂ් ළඟින් ඉඳගත්තා. ලියා බලන් හිටියේ අර ආපු ගෑනු ළමයා දිහා. අහිංසක ගම්බද ගෑනු ළමයෙක් කියලා බැලූ බැල්මට පේනවා. එයා හිටන් ඉන්නවා දැකලා ලියා සෙත්ට.
" අයියේ.. අරයා..."
" ආ.. මේ සෙනු.. ඇවිත් ඉඳගන්න..."
සෙනු ඇවිත් සෙත් ළඟින් ඉඳගත්තා.
" අංකල් මම එනකන්ද බලන් හිටියේ..."
" ඔව් කොල්ලො... ඔයාට දුවිනිව මැරි කරන්න වෙනවා දැන්..." දුවිනිගේ මූණෙ නම් ජයග්රාහී හිනාවක් ඇදුනා.
" මොකක්.. ඒ මොකටද... මට දුවිනිව මැරි කරන්න බෑ අංකල්..." ඒකට නම් එඩ්වඩ්ට තරහ ගියා. යෂුයි ලියායි පුදුමෙන් බැලුවේ සෙත් දිහා. මොනාවුනත් දැන් සෙත් වගකීම බාරගන්න එපැයි.
" දුවිනි ප්රෙග්නන්ට්.. මොනාද කොල්ලො කියන්නේ.. මේ කෙල්ලව මැරි කරන්නැතුව මොනා කරන්නද..."
" දුවිනි ප්රෙග්නන්ට් වුනා කියලා මට කරන්න දෙයක් නෑනේ අංකල්.. මම නෙවෙයිනේ තාත්තා.. "
" මොනාද සෙත් කියන්නේ... එදා ක්ලබ් එකෙ ඔයා මාත් එක්ක...." දුවිනි.
" පොඩ්ඩක් ඉන්න... මම කවද්ද ඔයා එක්ක ක්ලබ් ගියේ දුවිනි..."
" ඇයි සෙත් එදා ඔයාට ඩ්රින්ක්ස් අරන් වැඩිවෙලා ඔයා මාත් එක්ක නිදා ගත්තේ..."
" මම ක්ලබ් ගිහින් ඩ්රින්ක්ස් අරන් එකම එක දවසයි මට වැඩි වුනේ.. එදා මම කෙල්ලෙක් එක්ක නිදාගත්තා තමා.. ඒත් ඒ තමුසේ නෙවෙයි දුවිනි..."
"පිස්සුද සෙත්.. එදා ඔයා මාත් එක්ක නිදාගත්තේ..."
" දුවිනි මේ ඉන්නේ මම නිදාගත්ත කෙල්ල..." කියලා සෙත් සෙනුගේ අතින් අල්ලගෙන කිව්වා.
" නෑ ඒක දෙන්න විදිහක් නෑ රූම් නම්බර් 18වල ඔයා මාත් එක්ක හිටියා බොරු නම් cctv check කරලා බලමු.."
" දුවිනි මම රූම් නම්බර් 18වල නම් හිටියේ නෑ මම හිටියේ රූම් නම්බර් 80වල... හරි තමුසෙට ඔච්චර ශුවර් නම් මම තමුසේ එක්ක හිටියේ කියලා cctv check කරමු..."
" ආ..."
" මොකක්ද මේ වෙන්නේ දුවිනි තමුසේ දැන් මට කිව්වේ සෙත් එක්ක හිටියා කියලා නේද..." එඩ්වඩ් තරහෙන් කිව්වා.
" ඩෑඩ් මම සෙත් එක්ක තමා...."
" හරි අපි cctv check කරලා බලමු... ලියා ඔයාට පුලුවන්නේ.." යෂ්.
" ඔව් මම ලැප් එක අරන් එන්නම්...." කියලා ලියා ගියා.
"අංකල් ඔයා විශ්වාස කරයිද නොකරයිද දන්නේ නෑ.. මේ ඉන්නේ මම නිදියපු කෙනා.. සෙනු ප්රෙග්නන්ට් ඒ නිසා තමා මම තකහනියක් ගිහින් එයාව එක්කන් ආවෙ... මම දුවිනි කල්බ් එකේ ඉන්නවාවත් දැක්කේ නෑ..."
ලියා ලැප් එකත් අරන් ආවා. සෙත්ගෙන් ඕන විස්තර අරගෙන ලියා විනාඩි පහක් යන්නත් කලින් cctv records අරන් දුන්නා. එඩ්වඩ් පුදුමෙන් බලන් හිටියේ.
record එක play වෙද්දි තමා කට්ටිය දැක්කේ සෙත් රූම් නම්බර් 18 පහු කරගෙන යනවා. ටිකකින් එන දුවිනි රූම් නම්බර් 18වලට ඇතුල් වෙනවා. පැය තුනකට විතර පස්සේ රූම් එකෙම් කෙනෙක් එළියට එනවා ඒත් ඒ සෙත් නම් නෙවෙයි. අනිත් අය අඳුරගත්තේ නැති වුනත් යෂුයි ලියායි නම් ඒ කවුද කියලා අඳුනගත්තා. දෙන්නා මූණට මූණ බලාගත්තා.
" දුවිනි දැන් දැක්කනේ මම තමුසේ එක්ක නිදාගත්තේ නෑ.. ඔය දැක්ක කෙනාව හොයාගෙන යන්න.. එයා තමා තාත්තා.." සෙත් සමච්චලෙන් දුවිනිට කිව්වා.
" මට මේ ළමයාව එපා.. මම මෙයාව නැති කරනවා..." කියලා දුවිනි කෑගැහුවා. ඒත් එක්කම ලියා දුවිනිට කම්මුල් පාරක් ගැහුවා.
" තමුසෙට පිස්සුද දුවිනි.. ළමයි නැතුව කොච්චරක් නම් අම්මලා දුක් විදිනවද කියලා දන්නවද.. තමුසේට ලැබුනු ඒ සම්පත තියාගන්නවා දුවිනි.. අඩුම තමුසෙට එපා නම් ඕන කෙනෙක්ට හරි දෙනවා... තමුසේ නම් මහා පව්කාරියක්..." ලියා දුවිනිට බැන්නා.
ලියා බනින දිහා බලන් හිටිය එඩ්වඩ්ගේ කටින්,
" අම්මා වගේම තමා..." කියලා පිටවුනේ නොදැනුවත්වමයි. හැබැයි ඒක හැමෝගෙම අවදානෙට කාරණයක් වුනා.
" අංකල්.." යෂ් එඩ්වඩ් දිහා පුදුමෙන් බලමින් කිව්වා.
" ආ.. මේ.. මං කිව්වේ රිෂිනිත් ඔය විදිහටමයි දුවිනිගේ අම්මට කිව්වේ දුවිනි හම්බෙන්න ඉන්නවා කියලා දැනගත්ත වෙලාවේ... දුවිනිගේ අම්මා ඒ වෙලාවේ හැසිරුනෙත් දුවිනි වගේමයි... ඒකෙන් දැන් වැඩක් නෑ.. දුවිනි දරුවව නැති කරන්නේ නෑ.. පීටර් කවුද බලන්න ඒ කොල්ලා එයාව දුවිනිට මැරි කරවනවා.. කවුරු වුනත් කමක් නෑ..."
" අංකල්.. කවුද කියලා හොයන්න නම් ඕන්නෑ.. කවුද කියලා දන්නවා.. නේ ලියා..." යෂ්.
" ඔව් අංකල්... ඒ ඉන්නේ නිහාල්ගේ වයිෆ්ගේ පුතා..."
" මොකක් නිහාල්ගේ.. එහෙනම් දුවිනි ඔයා දරුවව හදන්න ඒත් මැරි කරන්න ඕන නෑ.. උන් එක්ක කිසිම සම්බන්ධයක් ඕන නෑ.."
" අංකල් ඒත්.."
" යෂ්... නිහාල් එක්ක මට තියෙන්නේ අවුරුද්දක දෙකක් වෛරයක් නෙවෙයි... ඌත් එක්ක මට තියෙන්නේ අවුරුදු 23ක ඩීල් එකක්.. ඌ හින්දා මට මගේ පණ වගේ හිටුය කෙනාව නැතිවුනා..."
මේ කතාව අහන් හිටිය ලියා බිම බලාගත්තේ ඒ කෙනා කවුද කියලා දන්න නිසා ඇස්වලට පිරුනු කඳුලු හංඟගන්න...
හැබැයි ඉතින් දුවිනි හැදුවේ මේකෙන් ප්රයෝජනයක් ගන්න..
" ඩෑඩ් මම මේ දරුව හදන්න ඕන්නම් මට මැරි කරන්න ඕන.. තාත්තෙක් නැති දරුවෙක් මට ඕන නෑ.."
" දුවිනි මම තමුන්ට එකපරයි කියන්නේ.. තමුසේ නිහාල්ගේ කියලා ගෑවිච්ච එකෙක් එක්කවත් මැරි කරන්න ඕන නෑ..."
" එහෙනම් ඩෑඩ් යෂ් නිහාල්ගේ දුවවම මැරි කරේ..." දුවිනි ලියා දිහා බලමින් කිව්වා. මොකද මේ තරන් හොඳ වෙලාවක් දුවිනිට හම්බෙන්නේ නෑ ලියාවවයි යෂ්වයි වෙන් කරන්න..
" දුවිනි තමුසේ සීමාව ඉක්මවලා යන්න එපා.. තමුසෙට වඩා සීයට දාහක් ලියා හොඳයි හරියට බැලුවොත් තමුසේ එඩ්වඩ් අංකල්ගේ දුව නෙවෙයි වෙන්න තිබ්බේ නිහාල්ගේ දුව..." යෂ් කේන්තියෙන් කිව්වා.
" ඩෑඩ් බලන්නකෝ..."
" දුවිනි නතර කරනවා දැන් ඕක... ලියා මෙයා කිව්ව දේවල් ඔයා ඔලුවට ගන්න එපා.. ඔයා නිහල්ගේ දුව උනාට ඔයාට තියෙන්නේ රිෂිනිගේ ගතිගුණ..."
" අංකල් ඔයා කොහොමද ලියාගේ අම්මව අඳුරන්නේ..." සෙත් ඇහිවේ දැන් කාලයක් තිස්සේ පැහි පැහී තියන ප්රශ්නයක්.
" ලියාගේ අම්මා රිෂිනි කියන්නේ මගේ ආදරේ... " එඩ්වඩ් ලියා දිහාම බලන් කියද්දි ලියාත් පුදුමෙන් ඔලුව උස්සලා බැලුවා. දුව්නි ලියාව මරාගෙන කන්න සයිස් එකෙන් බලන් හිටියේ.
" මොකක්..." සෙත්.
" ඔව් පුතා.. රිෂිනි එයා තමා මගේ ආදරේ අදටත්.. අපි දෙන්නා අවුරුදු දෙකක් ආදරේ කරා.. ඊටපස්සේ රිෂිනිගේ තාත්තා එක්ක කතා කරලා අපි දෙන්නා මැරි කරන්න හිටියේ ඒත් ඒක අනිත් පැත්ත හැරුනේ රිෂිනිගේ තාත්තට රිෂිනිට එයාගේ උරුමේ දෙන්න ඕන වුන හින්දා..."
" උරුමේ..." යෂ්.
" ඔව්.. ෆයර්ස් ටීම් එක..."
" ෆයර්ස්.. මගේ අම්මා..." ලියා පුදුමෙන් කිව්වා.
" ඔව් දුවේ ඔයා දන්නෙ නැද්ද.. ඔයාගේ සීයා තමා ෆයර්ස් ටීම් එකේ කලින් ලීඩර්.. දැන් ඉන්නේ ඔයාගේ මාමා.. හරියටම කිව්වොත් රිෂිනි තමා ටීම් එක භාරගන්න හිටියේ.. ඒත් රිෂිනිගේ තාත්තා අරන් හදාගත්ත පුතා විනෝද්.. ඌට ඕන වුනේ ටීම් එක උගෙ පාලනේට ගන්න... ඌ නිහාල් එක්ක එකතු වෙලා මාවයි රිෂිනිගේ තාත්තාවයි කෙටෙව්වා... ඒකෙන් පස්සේ රිෂිනි ගැන තිබ්බ පැහැදීමත් එයාගේ තාත්තට නැතුව ගියේ රිෂිනි මගේ පැත්ත ගත්ත හින්දා.. කොහොමහරි විනෝදුයි නිහාලුයි මාව මරලා දාන්න හැදුවේ.. හරියටම කිව්වොත් උන් මාව මැරුවා වගේ තමා.. මාව කැළණි ගගට දාලා තිබිලා වෙද මහත්තයෙක් තමා මාව බේරගත්තේ.. මමා මාස පහක් විතර කෝමා එකක් ඉඳලා තිබ්බා... ඊටපස්සේත් මම හොඳවෙන්න තව මාස දෙකක් විතර ගියා... මම රිෂිනිව හොයාගෙන ගියා..ඒත් එතකොට තමා මම දැක්කේ රිෂිනි ඒ වෙනකොටත් නිහාල්ව මැරි කරලා.. රිෂිනිට දරුවෙක් හම්බෙන්නෙත් හිටියා.. එයා සතුටින් හිටියේ ඒහින්දා මම ආයේ රිෂිනි ගාවට ගියේ නෑ.. මට ඊට ටික කාලෙකට පස්සෙ ආරංචි වුනා විනෝද් ටීම් ලීඩර් වුන කියලා.. මම ඊටපස්සේ වෙච්ච දේවල් දන්නේ නෑ.. මම උබල තුන්දෙනා එක්කන් russia ගියානේ කොල්ලෝ මතකනේ ඒ කාලේ තමා ඕවා වුනේ..."
නිහාල් කතාව කියලා ඉවර කරා.
" ඒ කියන්නේ ෆයර්ස් ටීම් එකේ දැන් ඉන්නේ ලියාගේ මාමා.. ඒත් ඇයි එයා ලියාව බැලුවේ නැත්තේ..." සෙත්.
" මොකද විනෝද් කවදාවත් රිෂිනිට කැමති වුනේ නෑ... හරියටම කිව්වොත් දැන් ෆයර්ස් ටීම් එකේ ලීඩර් වෙන්න ඕන ලියා.. මොකද ෆයර්ස් ටීම් එකේ ලීඩර්ශිප් එක එන්නේ පරම්පරාවෙන් පරම්පරාවට... ලියා තමා ඉතුරු වෙලා ඉන්න එකම කෙනා ඒ පරම්පරාවෙ..."
" ඒත් අංකල් ඇයි උන් ලියාවත් මැරුවේ නැත්තේ රිෂිනි ආන්ටිව මරපු වෙලේ..." සෙත්.
" ඒක නම් මටය්හ් හිතාගන්න බෑ කොල්ලෝ..."
" ඒකට හේතුව අම්මා කලින් ඉඳන්ම දැනන් හිටුයා එයාට මැරෙන්න වෙනවා කියලා.. එයා එයාගේ දේපල සේරම මගේ නමට හැරෙව්වා.. මට අවුරුදු 24න් තමා ඒ දේපල මට වෙන කෙනෙක්ට දෙන්න පුලුවන්.. ඒ වෙනකන් කිසිම හේතුවක් මත වෙන කෙනෙක්ට ඒවා හම්බෙන්නෙ නෑ මම මැරුනොත් ඒවා රජයට පැවරෙනවා.. " ලියා
" ආ ඒක තමා එහෙනම්... එහෙනම් දෝණි ඔයා හොඳට පරිස්සම් වෙන්න වෙනවා අවුරුදු 24 වෙද්දී උන් අනිවාර්යයෙන්ම ඔයාව හොයාගෙන එනවා..."
" බය වෙන්න එපා අංකල්.. මම මගේ පණ දීලා හරි එදාට ලියාව බේරගන්නවා.." ලියාව තුරුල් කරගෙන නලල සිපගත්ත යෂ් කිව්වා. මේ දේ දැකලා දුවිනිට නම් තවත් තරහ. දුවිනි කඩාගෙන බිඳගෙන එළියට ගියා.
" එහෙනම් පුතේ මම යන්නම්... අර මඟුලට දැන් මොනාහරි කරන්නත් වෙනවනේ..."
" හරි අංකල්.."
එඩ්වඩ් ගියාට පස්සේ ලියායි යෂුයි හැරුනේ සෙත් දිහාට. සෙත් ඔලුව කස කස සෙනුව අඳුන්නනලා දුන්නා..
" ආ මේ.. මේ ඉන්නේ සෙනුල්යා.. එයා අනුරාධපුරේ.. ජොබ් එකක් හොයන් ආපු වෙලේ තමා මේ මාත් එක්ක..එයා ප්රෙග්නන්ට් දැන්.. ඉතින් මේ..."
" හරි හරි බන්... උබ මොනා කරත් කමක් නෑ කෙල්ලව මැරි කරපන් එච්චරයි..."
" හරි බන්... මම හෙටම එක්ක යනවා... මේ මම සෙනූ එක්ක ගෙදරකට යනකන් මෙහේ සතියක් විතර හිටියට කමක් නෑනේ..."
" බෑ සෙත් අයියේ දැන්ම යන්න එළියට... මේක මාර වැඩක්නේ යකඩෝ... මෙච්වර කල් යෂ් එක්ක ඉඳලා ඉඳලා දැන් මේ කසාදයක් බැඳ්ගෙන යන්න හදනවා.. පිස්සුද මන්දා..." ලියා.
" මේ පිස්සු වැඩ නොකර මෙන්න මෙහේ හිටපන්.. මූ යකෝ.. දැන් ඔය කෙල්ලව එක්කන් යමන් කාමරේට පව්.. ඒකිට මහන්සිත් ඇතිනේ..."
කොහොමහරි සෙනු ලියා හිතුවටත් වඩා හොඳට ෆිට් වුනා. සතියට විතර පස්සේ තමා තමා සමරසිංහගේ දුවගේ වෙඩින් එක තිබ්බේ. යෂ්ලාට රෑ පටියට තමා යන්න තිබ්බේ. සෙත් සෙනු එක්ක නතර වුනේ යන්න බෑ කියලා. යෂුයි ලියායි විතරයි ඒ හින්දා යන්න ලෑස්ති වුනේ.
පාර්ටිය තියන හොටෙල් එකට ගියාම යෂ්ට බිස්නස් පාට්නර්ලා වගයක් එක්ක කතා කරන්න වෙච්ච හින්දා ලියාට තනියම තමා හෝල් එකට යන්න වුනේ. ලියා හෝල් එක ඇතුළට අඩිය තිබ්බා විතරයි.
" ආ මැඩම්.. කොහෙද මෙහේ...."
_____________________________________
ළමයි රහසක ඉඟියක් දීලා තියනවා... පුලුවන් නම් කියන්න බලන්න...
අද නිකන් බෝරින් වගේ ඇති හෙට දෙන්නම්කෝ හොඳ එකක්...😁
reaction දාන්න.. comment කරන්න...
ආදරෙයි හැමෝටම 🖤