The Revenge and Desire...
Pari🖤
පෙර කොටසට.....
https://telegra.ph/The-Revenge-and-Desire-01-18
දාසයවැනි කොටස....
කොහොමහරි එදා රෑ දුවිනි ක්ලබ් එකට ගියේ බිනුරිව හම්බෙන්නත් එක්ක. දුවිනිට ලියා එක්ක දැන් කලින්ටත් වඩා තරහක් තිබ්බේ.
දුවිනි බිනුරිට සම්පූර්ණ විස්තරේම කිව්වා.
" ඕකිව මරලා දැම්මා නම් ඉවරයි..."
" එහෙම කරන්න තිබ්බා... බලමුකෝ මම ඒකිව මරන්නෙ නෑ එකපාර... ඒකි මට දවසක් තිස්සේ වද දුන්නා.. මම ඒකිව ලේසියෙන් අතාරින්නේ නෑ කොහොමත්.. ඒත් මම කොහොමහරි ඒ ගේ අස්සට රිංග ගන්න ඕනේ..."
" ඒ කොහොමද..."
" අර ඉන්නේ ඒකට යතුර තමා..." දුවිනි කල්බ් එකේ හිටිය කෙනෙක් පෙන්වමින් කිව්වා.
එතන හිටියේ සෙත්.
සෙත් හැමදාම ගෙදරින් බොන හින්දා වෙනසකටත් එක්ක ක්ලබ් එකට ආවේ.
දුවිනි වේටර් කෙනෙක්ට කතා කරලා අතට පන්දාහේ කොළ දෙකක් දුන්නා. ඊටපස්සේ තව චූටි කවරෙකුත් දුන්නා.
" මේක අර කෙනාගේ ඩ්රින්ක්ස්වලට කලවම් කරන්න..." කියලා දුවිනි කිව්වා. දුවිනි කිව්ව විදිහටම වේටර් ඒ වැඩේ කරා.
" දුවී ඔයා මොකද කරන්න යන්නේ..."
" මට යෂ්ව දැලේ දාගන්න බැරි වුනානේ ඒ ගේ අස්සට රිංගන්න තියන අන්තිම ඔප්ෂන් එක තමා සෙත්... "
" ඒත් සෙත් ඔයාව පිළිගනීද... වර්ජින්වත් වුනා නම් මොකක් හරි කරන්න තිබ්බා..."
" ඒත් සෙත් තමන්ගෙම ළමයෙක්ව නැති කරන එකක් නෑනේ නේද..."
" ඒත් ඉතින් එකපාරින්..."
" ඩෝන්ට් වොරි.. මේ යන්නේ මගේ හොඳම දවස්...."
" okay... congratulations...."
ටිකකින් සෙත්ට හොඳටම වෙරි වුනා. සෙත් ක්ලබ් එකේ රූම්ස් තියන පැත්තට ගියා. දුවිනි ගාවට ආව වේටර් දුවිනිට රූම් නම්බර් එක කිව්වා.
දුවිනිත් ඊටපස්සේ ගියා.
කොහොමහරි තවත් මාසයක් විතර ගියේ කිසිම කලබලයක් නැතුව. යෂ්ට කොල්ලො ටික බේරගන්න පුලුවන් වුනත් තවමත් නවිඳු ගැන කිසිම හෝඩුවාවක් හම්බුනේ නෑ.
සුපුරුදු විදිහටම යෂ් ලියාව ගන්න යුනිවර්සිටි එකට ආවා. කියපු වෙලාව පහුවුනත් කෙල්ල එළියට ආවේ නැති හින්දා යෂ් යුනිවර්සිටි එක ඇතුළට ගියා.
යෂ් ලියාව හොයන ගමන් වටපිට බලබල යද්දි තමා දැක්කෙ ලියා වගේ කෙල්ලක් ලොකු පඳුරක් ගාවට වෙලා මොකක් හරි දිහා බලබල ඉන්නවා. යෂ් ශේප් එකේ ළඟට ගිහින් බැලුවේ ලියාමද කියාද... ආයේ මොකද ලියා තමා හිටියේ...
යෂ් ලියා ළඟට ගිහින්,
" ලියා..."
" ෂ්ෂ්... කෑගහන්න එපා.. " ලියා ආවේ කවුද කියලාවත් බලන්නේ නැතුව කිව්වා. යෂුත් බැලුවා ලියා එච්චරටම මොනාද බලන් ඉන්නේ කියලා. බලද්දි පඳුර අස්සේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි ඉන්නවා. දෙන්නා කිස් කරන්න මූණු දෙක ළං කරගෙන හිටියේ. දෙන්නා තොල් දෙක ගෑව්වා විතරයි දෙන්නාගෙම මූණ වතුරවලින් නෑවිලා ගියා.
" දුවමූ..." ලියා කෑගහගෙන පස්සවත් නොබලා දිව්වා. යෂුත් ඉක්මනට දිව්වේ නැත්තන් යෂ්ව අහුවෙන හින්දා. කෙල්ල දුවලා දුවලා ගිහින් නතර වුනේ ගේට් එක ගාව.
" බුදාම්මෝ.. ඒකත් හරි.. ආවා මුන් දෙන්නා පඳුරු අස්සේ ලව් කරන්න..." කෙල්ල තනියම කියවනවා.
" ලියා...." කෙල්ල හැරිලා බැලුවේ කවුද කියලා මොකද කටහඩේ අයිතිකාරයා කැම්පස් එකෙන් එළියේනේ ඉන්න ඕනේ.
" යෂ් ඔයා මොකද මෙතන කරන්නේ.." ලියා පුදුමෙන් ඇහුවා.
" මොකක්ද ඕයි ඒ කරේ පවු උන් දෙන්නා...."
" හෑ.. ඒ කියන්නේ ඔයාද...."
" ඔව් මං තමා... එනවා යන්න..." කියලා යෂ් කෙල්ලගේ කනෙන් ඇඳගෙන ගිහින් කාර් එකේ ඉන්ඳුවා.
" ආව් යෂ් රිදෙනවා..."
" රිදෙන්න තමා ඇදගෙන ආවේ... පව් අරුන් දෙන්නා...තමුසෙත් නම්..."
යෂ් කාර් එක ඩ්‍රයිව් කරා. ඒත් වෙනදා යන පාර නැතුව වෙනපාරක යනකොට,
" යෂ් කොහෙද යන්නේ...."
" කිරාගේ ගෙදර..."
" ඇත්තටමද... අනේ සහස් බබාට මොනාහරි අරන් යන්කෝ..."
" ඌ තාම පොඩී බන්... මොනා අරන් යන්නද..."
" අනේ අනේ..." ලියා යෂ්ගේ අතේ එල්ලිලා ඇස් දෙකත් ලොකු කරලා අහිංසක් මූණක් දාගෙන ඉද්දී කොහොමද බෑ කියන්නේ.
" තමුසේ නම් මායාකාරියක් බන්... ඔය මූණ පෙන්නලා තමා හැමදේම කරගන්නේ..."
යෂ් ඊටපස්සේ ෂොපින් මෝල් එකක් ගාවින් නැවැත්තුවට පස්සේ ලියා ගිහින් ඕන දෙයක් අරන් ආවා.
යෂ්ලා ගිහාම ගෙදර දොර ඇරියේ කිරන්.
" එමා.. මෙන්න දෙන්නෙක්ට අපිව මතක් වෙලා...."
" අයින් වෙන්න අයියේ..." ලියා කිරන්වත් තල්ලු කරන් ගේ ඇතුළට ගියා.
" මේකි යකෝ..."
" පලයන්.... " කියලා යෂුත් කිරන්ව තල්ලු කරන් ඇතුළට ගියා.
" මුන් දෙන්නා යකෝ..."
ලියා කෙලින්ම ගියේ සාලේ තොටිල්ලක හිටිය චූටි සහස් ළඟට. සහස්ව අතට අරන් සෝෆා එකේ ඉඳගෙන හුරතල් කරන්න ගත්තා. යෂුත් කෙල්ල ළඟට වෙලා ඉඳගෙන බලන් හිටියේ කෙල්ලගේ මූණ දිහා.
" එමා අපි දෙන්නා යන්... මුන් දෙන්නා එක්ක බෑනේ යකෝ... ආපු ගමන් පොඩි එකා.. අපිත් ඉන්නවා යකෝ.."
" අනේ උබලව වැඩක් නෑ දැන් අපි බලන්නේ චූටි සහස්ව විතරයි..." කියලා යෂුත් සහස්ව හුරතල් කරන්න ගත්තා.
" හා හා ඔහොම යන්කෝ ඈ... නංගි මාව පේන්නේ නෑ නේද දැන්.." එමා.
" පේනා පේනා අනේ.. ඒත් මට මෙයාව විතරයි ඕනේ.." කියලා ලියා සහස්ව සිප ගත්තා.
" ඩිනර් එකටත් ඉඳලා යමන් ඈ.. ඉඳපන් මන් අරූටත් එන්න කියන්නම්.. උගෙන් මේ ටිකේ මැසේජ් එකක්වත් නෑ..." කිරන්.
" සෙත් අයියා මොකක් හරි අවුලකින් ඉන්නේ අයියේ... දැන් මාසෙක විතර ඉඳන් වෙලාවකට බලාගත්ත අත බලගෙන ඉන්නවා.. ඉස්සර වගේ විහිලු කරන්නේත් නෑ..." ලියා.
" මටත් ඒක මීටර්... ඉස්සර වගේ ඇක්ටිව් නෑ බන්.. මං ඇහුවත් එක්ක ඌ කියන්නෑ.." යෂ්.
" බලමුකෝ ආවම මං කතා කරලා බලන්නම්..." කිරන්.
ලියාත් චූටි සහස්ව නිදි කරවලා එමා එක්ක ඩිනර් රෙඩි කරා. සෙතුත් ආවා. ඒත් කිරන් එකපාර සෙත්ගෙන් මුකුත් අහන්න ගියේ නෑ..
ඩිනර් ගන්න යනකොටම සහස් ඇහැරුනා. එමාටවත් ගන්න නොදී ලියා තමා සහස්ව අරන් බලගත්තේ. අන්තිමට යෂ්ට වුනේ කෙල්ලට කවන්න. ඩිනර් අරන් එහෙම කොල්ලො තුන්දෙනා පැත්තකට වෙලා කතා කර කර හිටියේ ගොඩ කාලෙකින් හම්බෙච්ච හින්දා.
කිරන් කතා කරත් යෂ්ගේ අවදානේ තිබ්බේ නම් ලියාගේ පැත්තට. ලියා සහස්ව හුරතල් කරන විද්හ බලන් ඉන්න කාටවුනත් ආස හිතෙනවා. සෙත් නම් අහගෙන හිටුයත් කිසිම දෙයක් කිව්වෙ නෑ.
" උබ ඇස් දෙකෙන්ම නංගිව කනවා බන්..." කිරන් බැරිමතැන කිව්වා.
" නෑ බන් බලහන්කෝ පොඩි එකාව හුරතල් කරන විදිහ.. "
" ඉතින් උබලත් ළමයෙක් හදාගත්තා නම් හරිනේ.. එතකොට හැමදාම බලබල ඉන්න පුලුවන්නේ..." කිරන්.
" පිස්සුද බන්.. කෙල්ල තාම පොඩී.. යන්තන් විස්සයි.. තාම ඉගෙනගන්නවනේ බන් ඉගෙනගෙන ඉවර වුනම ඕන එකක්..."
" උබ ඒ ගැනත් හිතලානේ.. ඒක නම් ඇත්ත තමා.. ඒකි තාම හැසිරෙන්නෙත් පොඩි එකෙක් වගේ බන්.. මම ඩොක්ටර්ගෙන් ඇහුවා නංගි ගැන.. නංගිට දැන් ගොඩක් දුරට හොඳයිලු... වැඩිපුරම කියවන්නේ උබ ගැනලු.. උබට මාර ආදරයක්ලු තියෙන්නේ.. ඒත් ඩොක්ටර් කිව්වා හොඳට පරිස්සමින් බලගන්න කියලා මොකද කෙල්ලට එකපාර මොකක් හරි ශොක් එකක් ආවොත් එහෙම කෙල්ලට තිබ්බටත් වැඩේ ලෙඩේ වැඩි වෙයි..."
" මං ආයේ ලියාට විදවන්න දෙන්නේ නෑ බන්.. එයා තාම හරි උත්තරයක් දෙන්නැති හින්දා මම තාම නිහාල්ලට අත තිබ්බෙත් නැත්තේ... නැත්තන් මම උන්වත් මෙලහකට ඉවරයක් කරලා..."
" ඒක නෙවෙයි මොකක්ද බන් ඒ නිහාල්ටයි ෆයර්ස්ලටයි තියන සම්බන්ධය..."
" දන්නෑ බන්.. හොයාගත්ත විදිහට උන් අවුරුදු විසාක විසිපහක ඉඳන් අඳුරනවා...ඒ..." යෂ්ගේ කතාවට බාධා වුනේ සෙත්ට ආව කෝල් එකක් හින්දා.
" හෙලෝ..."
සෙත්ගේ මූණ එකපාර පුදුමෙන් පිරුනා.
" මොකක්..."
--------
" නෑ නෑ කිසිම දෙයක් කරන්න එපා.. මම දැන්ම එන්නම්.." කියලා සෙත් කෝල් එක කට් කරා.
" මං යනවා බන් හදිසි වැඩක්..." කියලා සෙත් එතනින් ගියා. කොල්ලො දෙන්න පුදුමෙන් බලන් හිටියේ මොකද වුනේ කියලා.
යෂ්ලා කිරන්ලාගේ ගෙදරින් පිටත් වෙනකොට රෑ දහයට විතර. දෙන්නා ගෙදර යනකොට ගෙදර ඉස්සරහා වාහන පෝලිමක් නවත්තලා තිබ්බා.
" කවුද යෂ් ඇවිත් ඉන්නේ..." ලියාට අඳුනගන්න බැරි වුනාට යෂ් නම් දැනන් හිටියා කවුද ආවෙ කියලා.
" එඩ්වඩ් අංකල් ඇවිල්ලා.. ඒත් මේ රෑ මොකද දන්නෑ..."
ලියායි යෂුයි සාලෙට යනකොට එඩ්වඩ් දුවිනි දෙන්නම ඇවිත් හිටියා. දුවිනිගේ මූණේ තිබ්බ අමුතු හිනාව නම් ලියාට ඇල්ලුවේ නෑ.
" අංකල් මේ රෑ..."
එඩ්වඩ් බලන් හිටියේ ලියා දිහා. යෂ්ගේ ප්‍රශ්නෙට තමා එඩ්වඩ් පියවි සිහියට ආවේ.
" වැදගත් දේකට ආවේ පුතා.. කෝ සෙත්..."
" සෙත් ගමනක් ගියා.. හදිස්සියක්ද..." කියන ගමන් යෂ් එඩ්වඩ්ලට ඉස්සරහින් ඉඳගත්තා. ලියාත් එතන ඉඳලා වැඩක් නැතිහින්දා කාම්රේට යන්න ගියේ. ඒත් එඩ්වඩ් කියපු දෙයින් ලියාගේ ගමන් නතර වුනේ ගල් ගැහිලා.
" පුතා දුවිනි ප්‍රෙග්නන්ට්... සෙත් හින්දා..."
________________________________
හරිම සතුටුයි... කැත වැඩ නම් කරේ නෑ... යථාර්ථය මෙය නොවන්නට ඉඩකඩ ඇත...
වචන ටික බර වැඩීනේ කමක් නෑ..
ළමයි කපල්වලට ඩිස්ටර්බ් කරලා එක්ස්පීරියන්ස් තියනවද... comment එකක් දාන්නකෝ...
අනිවාර්යයෙන්ම reaction දන්න හරිත... හොරු ගොඩක් ඉන්නවා reaction දාන්නැති...
ආදරෙයි හැමෝටම 🖤