The Revenge and Desire...
Pari🖤
පෙර කොටසට....
https://telegra.ph/The-Revenge-and-Desire-01-17
පහළොස්වැනි කොටස...
කලින් දවසේ...
යෂ්ට ඩ්‍රග් එකේ සැරට නින්ද ගියාම ලියා සෙත්ටත් ගෙදර එන්න කියලා ගියේ සාලෙට යෂ්ට මොකද වුනේ කියලා හොයාගන්න. CCTV එක check කරද්දි තමා කෙල්ල දැක්කේ දුවිනි යෂ් බීපු වතුර එකට කලින්ම ඩ්‍රග් එක දානවා.
" මේකි යකෝ.... ගේ අස්සට රිංගලා කරන දේවල්.." සෙත් තරහෙන් කිව්වා.
" අයියේ මට මේ ඩ්‍රග් එක ගෙන්නලා දෙන්න පුලුවන් ඉක්මනට..."
" ඒ මොකටද බන්..."
" දුවිනි හැප්පුනේ වැරදි කෙනා එක්ක..."
ලියා ගියේ ඊටපස්සේ දුවිනි ඉන්න කාමරේට.
යෂ්ගේ පහර කියන්නේ දුවිනිට තාම සිහිය නෑ.
කෙල්ල දුවිනිව පුටුවක බැදලා ෆ්‍රිජ් එකෙන් කූල් වතුර අරන් ඒකට තව අයිස් කැටත් දාලා අරන් ඇවිත් දුවිනිට ඒ වතුර එක ගැහුවා.
දුවිනිට සිහිය ආවේ කෑගහගෙන.
දන්නවනෙ කූල්වතුර තව අයිසුත් දාලා පවර් එක.
ලියා ඒකෙන් නතර වුනේ නෑ.
තව ඒ වගේම වතුර එකකින් දුවිනිව නෑව්වා. ඒ විතරක් නෙවෙයි ඒ රූම් එකේ උෂ්ණත්වෙත් අඩු කරලා සෙත් එනකන් කාමරෙන් එළියට ගියා.
ඒ ගිහින් කෙල්ල රූම් එකත් අස් කරලා උය උය ඉද්දී තමා සෙත් ආවේ.
" අරකි දාලා තිබ්බ එකම හම්බුනේ නෑ බන්.. ඒක රටින් ගෙන්නපු එකක් ලංකාවේ නෑ... ඒකි සෑහෙන ගාණක් යට කරන්නැති ඒකට... මේකත් හොඳයි ඒත් අරක තරන් නම් නැ..." කියලා සෙත් ලියා අතට සුදුපාට කුඩු වගයක් දාපු පැකට් එකක් දුන්නා.
" ආ.. කමක් නෑ.. මං දුවිනිට දෙන්නම්කෝ ලස්සන ට්‍රීට් එකක්..."
" මොකද බන් කරන්න යන්නෙ..."
" චූටි වැඩක්..."
" හැබැයි මොනා කරත් පරිස්සමින් ඈ.. එඩ්වඩ් අංකල් දැනගත්තොත් උබ ඉවරයි..."
" බය වෙන්න එපා සෙත් අයියේ... මං දුවිනිට චූටි පනිශ්මන්ට් එකක් දෙන්නේ.. " කියලා ලියා ආයෙමත් අර රූම් එකට ගියා. සෙතුත් ඒ පස්සෙන්ම ගියේ කෙල්ල මොකද කරන්නේ කියලා බලන්න.
ඒ යද්දිත් දුවිනි ඉන්නවා ගැහි ගැහී ඒ තරන් සීතල.
කෙල්ල කාමරේ රස්නේ වැඩි කරා.
සාමාන්‍ය ගාණටත් වඩා.
ඊටපස්සේ වතුර බෝතලයක් අරන් දුවිනිට පේන්නම අර කුඩු එකම ඒකට කලවම් කරා. දුවිනි යෂ්ට දැම්මා වගේ එතන පස් ගුණේකටත් වඩා තිබ්බා. ඊටපස්සේ දුවිනිගේ කොණ්ඩෙන් ඇදලා අල්ලගත්ත ලියා ස්ස්ත්ට කිව්වා දුවිනිට අරක පොවන්න කියලා. සෙතුත් මුළු බෝතලේම පෙව්වා.
ආයේ ඉඳන් විනාඩි පහක් ගියේ නෑ වැඩ පටන් ගත්තා. දුවිනිට ඉන්නම බැරි වුනා.
" මාව අතහරිනවා ලියාරා.. මගේ ඩෑඩ් මේ ගැන දැනගත්තොත් තමුසෙව මරලා දායි.."
" ෂහ් මාත් ආසයි කොහොමද මාව මරන්නේ කියලා බලන්න... " කියපු ලියා දුවිනිගේ කටට රෙදි කෑල්ලක් ඔබලා සෙත් එක්ක එළියට ආවා.
" අඩෙහ් ඒකි මැරෙයිද දන්නෑ බන්..."
" මැරුනදෙන්..."
සෙත් මුළු විස්තරේම යෂ්ට කියලා ඉවර කරා.
" එතකොට අරකිට තාම ඒ ඩ්‍රග් එකේ පවර් එක බැහැලා නැද්ද..."
" පිස්සුද බන්.. ඒක අදිමාත්රාවෙන්ම දීලා තියෙන්නේ.. ඒ මදිවට රූම් එකේ temperature එකත් වැඩී... ඒකිට පිස්සු වගේ ඇති..."
" ලියා තමයි බන් මගේ වයිෆ් වෙන්න හොඳම කෙනා දැක්කානේ... මම හොඳම කෙනාව තෝරගත්තේ..."
" ඒ... තෝත් නම්... " සෙත්ට ඒත් එක්කම කෝල් එකක් ආවා.
සෙත් කෝල් එකට කතා කරේ හරිම කලබලෙන්.
" මොකද..." යෂ්.
" අපේ ෆැක්ට්‍රියට පොලිසියෙන් පැනලලු බන්.. ඩ්‍රග්ස් ඔක්කොම සීල් තියලා..."
" වට්.... මොන මඟුලක්ද ඒ වුනේ... උන් කොහොමද ෆැක්ට්‍රිය තියන තැන දන්නේ..."
" දැන්නෑ බන්.. මට පේන්නේ අරූ තාම අපිව අතහැරලා නැ වගේ..."
" ඇයි මොකද වෙලා තියෙන්නේ..." ලියා දෙන්නගේ බ්‍රෙක්ෆස්ට් එක ළඟට ගෙනැත් දෙන ගමන් ඇහුවා.
" අපේ පොට් එකකට පොලිසියෙන් පැනලා..."
" ආ... ඒ කොහොමද... "
" දන්නෑ බන්.. මම බලලා එන්නම්..." කියලා යෂුයි සෙතුයි දෙම්නම් නැඟිටල යන්න හැදුවේ.
" ඒයි ඒයි දෙන්නා කොහෙද යන්නේ.. යන තැනක කාලා යන්න..."
" ඇවිත් කන්නම්..."
" යෂ්...." ලියා එකපාරයි කිව්වේ යෂ් ඉඳගෙන කෑම එක කන්න ගත්තා. සෙත් පුදුම වෙලා යෂ් දිහා බලද්දි තමා දැක්කේඑත් දිහා රවන් බලන් ඉන්න ලියාව.
" මේ මාත් කනවා.. මම නම් යන්නෑ මූ තමා එක්ක යන්න හැදුවේ.." කියලා සෙතුත් කන්න පටන් ගත්තා.
යෂ් ලියාවත් යුනිවර්සිටි එකෙන් බස්සලා ගියා ෆැක්ට්‍රියට.
සුපුරුදු විදිහටම ලියා යුනිවර්සිටි එකෙන් බහින කොට ලියා ළඟට විදූෂ ආවා. ඒත් ඉතින් යෂ්ට ජෙලස් හිතෙනවා කියලා දන්න හින්දා කෙල්ල විදූෂව දැක්කෙ නෑ වගේ ගියා.
" ලියා.. ලියා..." කියලා කෑගහන ගමන් විදූෂ ලියා පස්සෙන් ආව හින්දා ලියාට නතර වෙන්න වුනා.
" ඇයි අයියේ..."
" ඇයි ලියා ඔයා මාව මඟ අරින්නේ..."
" නෑ එහෙම එකක් නෑ..." කියලා ලියා ආයෙමත් යන්න පටන් ගත්තා.
" නෑ නෙවෙයි ලියා ඔයා මාව මඟ අරිනවා ඔයා දැනුත් කරන්නේ ඒක..."
" ප්ලීස් අයියේ වදයක් වෙන්න එපා... "
ලියාව අතින් අල්ලලා නවත්ත ගත්ත විදූෂ,
" ලියා එතකොට දැන් මම ඔයාට වදයක්ද..."
ලියා විදූෂගේ අත ගසලා දන්න හැදුවත් ඒක අමාරු වැඩක්. ඒත් ඉතින් විදූෂගේ අතහපලා දාලා,
" ප්ලීස් ආයේ මගේ පස්සෙන් එන්න එපා.." කියලා ගියා.
විදූෂ ලියා හපපු අත දිහා බලාගෙන එතනටම වෙලා හිටන් හිටියේ යෂ් ගැන වෛරයකින්.
" හායි විදූෂ...." විදූෂට කවුරුහරි කතා කරපු හින්දා විදූෂ හැරිලා බැලුවා.
" ෂයිනි..."
" ඔව් විදූෂ... මට ඔයා එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද..."
" මට තමුසේ එක්ක කතා කරන්න දෙයක් නෑ..." කියලා විදූෂ එතනින් ගියා.
" මම දන්නවා ඔයා ලියාරට ආදරේ කරනවා කියලා.. මට පුලුවන් ඔයාට ලියාරව අරන් දෙන්න..." කියලා ෂයිනි විදූෂට ඇහෙන්න හයියෙන් කිව්වා.
ඒක ඇහුන විදූෂ නතර වෙලා ෂයිනි දිහා බැලුවා.
මේ අතරේ ෆැක්ට්‍රියට ටිකක් ළඟින් කාර් එක නවත්තලා සෙතුයි යෂුයි බලන් හිටියේ මොකක්ද වෙන්නේ කියලා. තාමත් පොලිය ගිහින් නෑ. ෆැක්ට්‍රිය චෙක් කරනවා. සෙත් කෝල් එකක් ගත්තේ DIG ට.
" මොකක්ද මේ වෙන්නේ DIG sir..."
" මිස්ටර් සෙත්... මම ඊයේම මේ ගැන වරෙන්තුව ආවට පස්සේ ඔයාලගේ කෙනෙක්ට දැනුන් දුන්නානේ.. කිව්වෙ නැද්ද... ඒ කියන්නේ ෆැක්ට්‍රියේ බඩු තිබ්බද..."
" කාටද කිව්වේ...." කෝල් එක අහන් හිටිය යෂ් ඇහුවා.
" ආ.. මිස්ටර් යෂේන්... මම කිව්වේ නවිඳුට...."
" හරි DIG සර් අපි බලාගන්නම්... පුලුවන් ඉක්මන්නට මේ වැඩේ ඉවරයක් කරන්න.. අපේ කොල්ලො ටික රිලීස් වෙන්න ඕනේ..."
" හරි මම උපරිමයෙන් ට්‍රයි කරන්නම්.. මේක මටත් ඉහළින් ආපු ඕඩර් එකක්... "
සෙත් කෝල් එක කට් කරලා හැරුනේ යෂ් දිහාට. යෂ් එ වෙනකොටත් බර කල්පනාවක.
" ගනින් නවියට කෝල් එකක්..."
ස්ස්ත් නවිඳුට කෝල් තුන හතරක් ගත්තත් නවිඳු ආන්ස්වර් කරේ නෑ. ඊටපස්සේ පස්සේ සෙත් කවියට කෝල් අරන් නවිඳු ගැන ඇහුවා.
" බොස් නවියා ඊයේ හොස්ටල් එකේ හිටියේ නෑ.. පොර මේ වෙනකන්වත් මෙච්චර දෙයක් වෙලත් ආවේ නෑ..."
" ඌව මොන ලෝකෙන් හරි හොයපන්..."
සෙත් කෝල් එක කට් කරා.
" මොකක්ද බන් මේ වෙන්නේ... නවියා අපිව පාවලා දීලද... " සෙත්.
" ඉස්සෙල්ලා ඌව හොයාගෙන ඉඳපන්කෝ... යමන් ඔෆිස් එකට..."
සෙතුයි යෂුයි දෙන්නා ඔෆිස් එකට ගියා.
මේ අතරේ යුනිවර්සිටි එකෙව් කැන්ටිමට වෙලා යෂ්ට කෝල් එකක් ගන්නවද නැද්ද කියලා කල්පනා කර කර ඉන්න ලියා ගාවින් ඇවිත් ඉඳගත්තේ විදූෂ.
" අයියේ ඔයාට මං කියන දේ තේරෙන්නෙම නැද්ද... මම මැරීඩ්.. මට දැන් ඉස්සර වගේ ඔයාල එක්ක ඉන්න බෑ... මට හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා..." ලියා තරහෙන් විදූෂට කිව්වා. ඇත්තටම විදූෂ පහුගිය දවස් ටිකේ ලියාට ඕනෑවටත් වඩා ළං වෙන්න අරන් තිබ්බා. යෂ් කියන්නත් කලින් කෙල්ලට ඒක තේරිලා තිබ්බේ.
" ලියා... මම කියන දේ අහන්න... ෂයිනිගෙන් පරිස්සම් වෙන්න එයා මොනාහරි දෙයක් කරන්න ලෑස්ති වෙන්නේ.. බය වෙන්න එපා මම ඔයයි යෂේනුයි අතරට එන්නේ නෑ..." කියලා විදූෂ ගියා.
ලියා පුදුම වෙලා බලන් හිටියේ මොකක්ද ඒ වුනේ කියලා.
හවස ලියා ගෙදර ගිහින් ඩිනර් රෙඩි කරලා බලන් හිටියේ යෂ්ලා එනකන්. යෂ්වගේම සෙතුත් ගෙදර ආපු විදිහෙන් කෙල්ලට තේරුනා මොකක් හරි ලොකු දෙයක් වෙලා තියනවා කියලා.
යෂ් වොෂ් එකක් දාගෙන එනකන් හිටිය ලියා යෂ්ගෙන් ඇහුවා මොකක්ද ප්‍රශ්නේ කියලා. යෂ් ලියාගේ ඔඩොක්කුවෙන් ඔලුව තියාගෙන ලියාගේ අත්දෙක කොල්ලාගේ ඔලුවෙන් තිබ්බා. කෙල්ලත් ඉතින් යෂ්ගේ හිසකෙස් අතරින් සනීපෙට ඇඟිලි ගෙනිච්චා.
" Princess... මේ දවස් ටිකේ එක දිගට කරදර... අද කොල්ලො විසිතුනක් රිමාන්ඩ් කරා.. මොන මඟුලක් කරලා හරි උන්ව බේරගන්න ඕනේ.. අපේ අතරෙම ඉන්න එකෙක් පොලිසියට ඔත්තු දෙනවා... ඌව හොයාගන්නත් ඕනේ... ඒ මදිවට ඔෆිස් එකේ ශෙයා හෝල්ඩර්ස්ලා අතරේ ප්‍රශ්නයක්.. මට නම් පිස්සු වගේ...."
" යෂ්... මේ අහන්නකෝ... ඔක්කොම ප්‍රශ්න එකපාර විසඳන්න බෑනේ.. එකින් එක අරන් කරගෙන යන්න.. දැන් වෙනදට කොහොමද ඔයා රිමාන්ඩ් වෙච්ච අය බේරගන්නේ..."
" ලොකු ලොක්කෝ කියන උන්ට කතා කරලා තමා.. මේ පාර උන් අදිමදි කරනවා.. සමහර උන් කෝල් ආන්ස්වර් කරන්නෙත් නෑ..."
" යෂ් ඔයා කවුද..."
" ආ.."
" මං ඇහුවේ ඔයා කවුද..."
" මට තේරෙන්නෙ නෑ... "
" යෂ් ඔයා තමා shadow ripper.. ඔයාගේ නම ඇහුවත් මනුස්සයෝ බය වෙනවා..."
" ඉතින් දැන් මට මොනාද මගේ princess කරන්න කියන්නේ..."
" යෂ් ඒකත් මම ඔයාට කියන්න ඕනද... ආ..."
" okay okay... I got it..."
" ඊළඟට Shareholdersලගේ වැඩේ.. එතන මොකක්ද වෙලා තියෙන්නේ හරියටම..."
" සමහරු shares අයින් කරගන්න හදනවා..."
" ඇයියේ..."
" දන්නෑ තිබ්බ ප්‍රශ්නත් එක්ක ඒක හොයන්න විදිහක් තිබ්බේ නෑ..."
" ම්ම්ම්... හෙට මං ඔයා එක්ක ඔෆිස් එකට ආවට කමක් නැද්ද..."
" යුනිවර්සිටි...."
" don't worry baby...."
" okay... No problem..."
" හරිනේ දැන් යන් ඩිනර් ගන්න..."
දෙන්නා පහළට ඇවිත් ස්ස්ත් එක්ක ඩිනර් ගත්තා.
" නංගි දුවිනිට මොකද කරන්නේ... ඒකි මැරිලද දන්නෙත් නෑ..."
" නෑ නෑ මැරිලා නෑ... අරවගේ පවර් එක නම් බැහැලා.. යන්කෝ ඒකත් ඉවර කරලම දාන්න....."
මේ පාර යෂුත් ආවා ලියා එක්ක. කාමරේ temperature එක තිබ්බ විදිහට හදපු ලියා දුවිනි ඉස්සරහින් පුටුවක් තියලා ඉඳගත්තා.
" දුවිනි... ඔයා ඊයේ කරන්න හදපු වැඩෙන් ඔයාමයි පාඩමක් ඉගෙන ගත්තේ ආයේ මායි යෂුයි මැද්දට එන්න හදන්න එපා...මම අද තමුන්ට යන්න දෙන්නේ එක හේතුවක් හින්දා... තමුන් ඒ හේතුව දැනගත්ත දවසට පසු තැවෙයි... ඒ නිසා මම අවසාන වතාවට කියන්නේ තුන්වෙනියෙක් වෙන්න හදන්න එපා... සෙත් අයියේ කොල්ලොන්ට කියන්න මෙයාව ගිහින් දාන්න..." කියලා ලියා නැඟිටලා ගියා.
" යකෝ මම මීට වඩා දෙයක් බලාපොරොත්තු වුනානේ..." සෙත් ලියා යන දිහා බලන් කිව්වා.
යෂුත් ලියා පස්සෙන් ගියේ ලියාට මොකද ඒ වුනේ කියලා බලන්න.
" ලියා ඇයි එච්චර ලේසියෙන් යන්න දුන්නේ දුවිනිට..."
ඒත් ඉතින් ලියා කිසිම දෙයක් නොකියා ගිහින් වැඩ වගයක් පටන් ගත්තා.
" ලියා...."
" ම්ම්...."
" මොකද කරන්නේ..."
" කැම්පස් එකේ වැඩ වගයක්..."
" ඔබේ ආදරණීයන් ඔබේ ප්‍රථම රාජකාරිය කරගත යුතුයි..."
" දැන් බෑ..."
" ලියා..."
" ම්ම්ම්...."
" බෑ කියලද කියන්නේ..."
" හ්ම්ම්ම්...."
" ඒකත් එහෙමද..." කියලා යෂ් ලියාව හිටපු තැනින් අරන් වඩාගත්තා.
" මාව බිමින් තියන්න යෂ් අර වැඩේ..."
යෂ් ලියාගේ තොල්වලට බර වුනේ තවත් ලියාට කතා කරන්න බැරිවෙන්න. කොහොමහරි ලියාට ඒ වැඩේ නම් කරන්න හම්බුනේ නෑ..
පහුවදා ලියාත් යෂ් එක්ක ඔෆිස් එකට යන්න ලෑස්ති වුනා. කෙල්ල වෙනදට වඩා වෙනස් විදිහට පෙනුනේ ඔෆිස් කිට් එකක් ඇදලා හිටිය හින්දා.
" මේ මට අර කෙල්ලව උස්සන්න කිව්වෙ මොකටද බන්..." සෙත් කෑම කන ගමන් ඇහුවා.
" අපේ කොල්ලො ටික එළියට ගන්න... ඌ මං කතා කරපු වෙලේ බෑ කිව්වා.. ඒහින්දා ඉස්සුවා... ලියා තමයි ඉතින් මගේ මොලේ පෑදුවේ..." යෂ් තමන්ට බත් කවමින් ඉන්න ලියාගේ නහයට තට්ටුවක් දාලා කිව්වා.
" උබ දැන් ඌට කතා කරාද..."
" නෑ දවල් වෙලා ගනින් උබ අරන් කියපන් හවස් වෙද්දි කොල්ලො ටික එන්න ඕනේ කියලා.. නැත්තන් කෙල්ලව කෑලි ටික එවනවා කියපන්... අරූ ගැන ආරංචියක් නැද්ද තාම..."
" නෑ... ලියා ඊයේ ටීම් එකේ අයට කිව්වා නේද ඌව ට්‍රැක් කරන්න කියලා..."සෙත්.
" ආ.. ඔව්.. මම කිව්වා.. අන්තිම සිග්නල් එක හම්බුනේ බෝයිස් හවුස් එකෙන්මයි ඒ හින්දා වැඩක් නෑ..."
" ඌ මොන තූත්තුකුඩියේ ගිහින්ද දන්නෑනේ..."
යෂ් ලියා එක්ක ඔෆිස් එකට ගිහාම හැමෝගෙම ඇස් තිබ්බේ ලියා දිහාට. මොකද ලියා කියන්නේ කෙනෙක් දෙපාරක් විදිහේ හැරිලා බලන කෙනෙක් විතරක් නෙවෙයි අද ලියාගේ අමුතු ගැම්මකුත් තිබ්බා.

යෂ් shareholdersලට එන්න කියලා තිබ්බ හින්දා දෙන්නා යනකොටත් මීටින් එක ලෑස්ති.
" Good morning all.. this is my wife Liyara..." යෂ් කට්ටියටම ලියාව හඳුන්වලා දුන්නා..
ඊටපස්සේ තමා වැඩේ පටන් ගත්තේ.
" හරි මිස්ටර් දැන් ඔයාලා ඇයි shares අයින් කරගන්න හද්න්නේ කියලා දැනගන්න පුලුවන්ද..." ලියා.
" මිසිස් ලියාරා... ඔයා වගේ පොඩි වයසක කෙනෙක්ට කිව්වට මේ දේවල් තේරෙන්නේ නෑ.. බිස්නස් මයින්ඩ් එකක් තියෙන්නෙ ඕනා මේ වගේ වැඩවලට..." එතන කෙනෙක් කෙල්ලට සමච්චලේට හිනාවෙලා කිව්වා.
යෂ්ට තරහ ගිහින් නැඟිටින්න හැදුවත් ලියා යෂ්ගේ අතින් අල්ලලා ඒක නතර කරා.
" ඔව් මිස්ටර් මම පොඩි තමා.. මට ඔයාලා තරන් එක්ස්පීරියන්ස් ඇත්තෙත් නෑ.. ඒක වැඩක් නෑනේ මේ දේට.. මට කියන්න ඇයි ඔයාලා දැන් sharea අයින් කරගන්න හදන්නේ..."
" කම්පැනි එක කඩාවැටෙන්න ලං වෙලා තියෙන්නේ.. අපි තවත් මේකේ රැදිලා හිටියොත් අපිට ලොස් වෙන්න තමා වෙන්නේ.."
" මිස්ටර් කොහොමද කියන්නේ කඩාවැටෙන්න යන්නේ කියලා... සමහරවිට එකපාර වටිනාකම වැඩිවෙන්නත් පුලුවන්නේ..."
" හහ්.. ඒකට තමා කිව්වේ බිස්නස් මයින්ඩ් එකක් තියෙන්න ඕනේ කියලා.. කෙල්ලේ අපි මේකේ විතරක් නෙවෙයි shareholdersලා වෙන්නේ.. රූත්.. හයිවර්ස්... වගේ ලොකු ලොකු කම්පැනිවලත් ප්‍රදාන share holdersලා තමා අපි..."
" ඕ එහෙමද.. ඒ කියන්නේ ඒ වගේ කම්පැනි කඩාවැටෙන්නෙ නෑ... එහෙමද කියන්නේ..."
" ඔව්.. ඒවා හොඳට මෙන්ටේන් කරලා තියෙන්නෙ..."
ලියා පැත්තකට ගිහින් කෝල් එකක් අරන් කාටද මොනාද මොනාද කිව්වා.
" හරි මිස්ටර් අපි එහෙනම් බලමුකෝ ඔයා කිව්ව ඒ කම්පැනි කඩා වැටෙන්නේම නැද්ද කියලා... තව එකක් දැන් කවුද ඔයාලාගේ shares විකුණලා දාන්න කැමති... දැන්ම ඒවා අපි ගන්නවා..."
" ලියා මොනාද මේ කියන්නේ..." යෂ්.
" කාම් ඩවුන් යෂ්.."
" මම විකුණනවා..."
" මමත්..."
" මමත්..."
මේ විදිහට share holdersලාගෙන භාගයක්ම shares විකුණනවා කිව්වා.
" Okay... එහෙනම් සයින් කරන්නකෝ මේ ටිකට... ඔයාලාගේ shares දැන් ගන්නවා.." කියලා ලියා එතනට ආව කෙනෙක් ගෙනාව ෆයිල් ටික බෙදන්න කියලා ඉඟි කළා. යෂ් වෙන දෙයක් හිතාගන්න බෘව මොනා කරන්නද කියලා බලාගෙන හිටියා.
ඒත් එක්කම එතන දුවගෙන ආවේ සෙත්,
" යෂ් අපේ shares ගන්න..." කියලා කියාගෙන ආවත් ලියා නැවැත්තුවා. එතකොට යෂ්ට තේරුනා ලියා සුපිරි ප්ලෑනක් ගහලා තියෙන්නේ කියලා. කෙල්ල කට්ටිඅයම සයින් කරනකන් ඉදලා,
" හරි එහෙනම් ඔයාලාට මැසේජ් එන්න ඇතිනේ.. ඔයාලගේ sharesවලට සල්ලි ඇවිල්ලා තියෙන්නේ... ඔයාලට මීට පස්සේ මේ කම්පැබි එකත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ... හරි සෙත් අයියේ ඔයා කියන්න ගිය එක දැන් කියන්න..."
" යෂ්... මිස්ටර් පීටර් විල්සන්, නොයෙල් ද සිල්වා, තව සෙට් එකක්ම අපේ shares ගන්න කැමති කියලා මැසේජ් දාලා.. ආ නෑනෑ... මේ දැන් එයාලා shares ගත්තා... යාරා.. එයාට තමා දැන් දෙවනියට වැඩිම shares තියෙන්නේ..." කියලා සෙත් ලියා දිහා බලමින් කිව්වා. ලියා සෙත්ට ඇහැක් ගහලා,
" හරි එහෙනම් දැන් ඉතින් කම්පැනි එක බංකොලොත් වෙන්න විදිහක් ඇත්තෙම නෑ නේද මිස්ටර්..." කෙල්ල කොටස් විකුණපු කෙනෙක් දිහා බලලා කිව්වා.
ඒත් එක්කම ඒ කෙනාට කෝල් එකක් ආවා.
" මොකක්.."
ඒ කෙනාට විතරක් නෙවෙයි තව අර කොටස් විකුණපු සෙට් එකේ දෙතුන් දෙනෙක් ඇරෙන්න හැමෝටම වගේ කෝල් ආවා.
සෙත්ටත් කෝල් එකක් ආවා. අනිත් අයගේ මූණවල් ශොක් එකෙන් පිරෙද්දි සෙත්ගේ මූණ නම් සතුටින් පිරුනා.
" යෂ් රූත් එකේ හයිවර්ස් එකේ වයරල් එකේ මේ දැන් බංකොලොත්තු වෙන තත්වෙට ඇවිල්ලා. ඒවගේ වැඩිම shares තිබ්බ කෙනා shares ඔක්කොම අයින් කරගෙන.. "
" වට්... කවුද එකම share holder ද...."
" ඔව් බන්.. උබේ එහා පැත්තේ ඉන්න කෙනා තමා වෙන කවුරුත් නෙවෙයි..."
" ලියා.." යෂ් පුදුමෙන් ලියා දිහා බැලුවා.
මේ වෙනකොට මීටින් එකේ හිටිය දෙන්නෙක්ට heart attack ඇවිල්ලත් එක්ක. සමහරු ශොක් වෙලා එහෙම්මම ඉන්නවා. සමහරුන්ගේ පවුල් සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වෙලා.
" ඉතින් මිස්ටර් ඔයාලා මට කිව්වොත් ඇයි ඔයාලා shares අයින් කරගත්තේ කියලා මට මේ තත්වේ සමනය කරන්න පුලුවන්..." ලියා කට්ටියට හිනාවෙමින්ම කිව්වා.
අර වෙලේ හෙන රෙස්පට් කියවපු කෙනෙක් කෙල්ල ළඟට ඇවිල්ලා දණින් වැටුනා.
" අනේ මිසිස් ලියාරා.. අපිට ඕන වුනේ නෑ මේ දේ කරන්න.. අපිට මිස්ටර් විනෝද් තමා කිව්වේ shares අයින් කරගන්න කියලා... අනේ මිස් අපිව බේරන්න මිස්..." කියලා කෙල්ල ළඟ වැද වැටුනා.
" හරි එහෙනම් ඔයාලා ඕක කලින්ම කිව්වා නම් ඔහොම එකක් වෙන්නේ නෑනේ.. " ලියා යෂ් එක්ක මීටින් රූම් එකෙන් ගියා.
" කවුද විනෝද් කියන්නේ..."
" හතුරෙක් තමා..."
කොහොමහරි එදා රෑ දුවිනි ක්ලබ් එකට ගියේ බිනුරිව හම්බෙන්නත් එක්ක. දුවිනිට ලියා එක්ක දැන් කලින්ටත් වඩා තරහක් තිබ්බේ.
දුවිනි බිනුරිට සම්පූර්ණ විස්තරේම කිව්වා.
" ඕකිව මරලා දැම්මා නම් ඉවරයි..."
" එහෙම කරන්න තිබ්බා... බලමුකෝ මම ඒකිව මරන්නෙ නෑ එකපාර... ඒකි මට දවසක් තිස්සේ වද දුන්නා.. මම ඒකිව ලේසියෙන් අතාරින්නේ නෑ කොහොමත්.. ඒත් මම කොහොමහරි ඒ ගේ අස්සට රිංග ගන්න ඕනේ..."
" ඒ කොහොමද..."
" අර ඉන්නේ ඒකට යතුර තමා..." දුවිනි කල්බ් එකේ හිටිය කෙනෙක් පෙන්වමින් කිව්වා.
_______________________________
කාවද පෙන්නුවේ කියන්න බලන්න...
ළමයි මේක අස්සේ පොලිසියේ කෙනෙකුත් ඉන්නවා ගෙස් කරන්න බලන්න...
reaction දාන්න.. comment කරන්න...
ආදරෙයි හැමෝටම 🖤