The Revenge and Desire...

The Revenge and Desire...

Pari🖤
The mafia love story🖤


පෙර කොටසට....

https://telegra.ph/The-Revenge-and-Desire-01-16



දාහතරවැනි කොටස....



යෂ් අමාරුවෙන් හරි ගිහින් ලිෆ්ට් එකට නැග්ගා..


ඒත් ලිෆ්ට් එකේ හිටිය කෙනාව දැක්කම තමා කොල්ලාගේ ඇස් උඩ ගියේ...


" දුවිනි තමුසේ.. මොකද.... මෙතන..."


දුවිනි හිටියේ ඇඟ නිරාවරණය වෙලා පේන දුහුල් ඇඳුමක් ඇඳගෙන.


මේ වෙලාවේ යෂ් හිටියෙත් හැඟීම් පාලනය කරගන්න බැරුව. 


දුවිනි යෂ් ළඟට ඇවිත් යෂ් ඇඳන් හිටිය ෂර්ට් එකේ බොත්තම් එකින් එක ගලවන්න පටන් ගත්තා.






හොස්පිටල් එකේ lessons හදිසියේම නෑ කිව්ව හින්දා ලියා කලින් ගෙදර ආවා.


යෂ් කම්පැනි එකේ වැඩ හින්දා යෂ්ටත් නොකියා කැබ් එකක් දාගෙන තම කෙල්ල ගෙදර ආවේ.



ගෙදර ඇවිල්ලා රූම් එකට යන්න ලිෆ්ට් එකට නඟින්න යද්දි තමා කෙල්ල දැක්කේ ලිෆ්ට් එකේ සිහිය නැතුව වැටිලා ඉන්න දුවිනි.


" දුවිනි...."


දුවිනිගේ ඇඳුම දැක්කම කෙල්ලට තේරුනා දුවිනි ඇවිත් තියෙන්නේ නම් හොඳටකට නෙවෙයි කියලා.


දුවිනිව ලිෆ්ට් එකෙන් එළියට ඇඳලා ලිෆ්ට් එක ළඟම තිබ්බ චූටි කාමරේට දාලා ලොක් කරා.



" මේකි මොකටද මෙහෙ රිංඟුවේ... ඇඳන් හිටිය ඇඳුම අනික... ඕ මයි ගෝඩ්... මේකි එන්න ඇත්තේ මගේ යෂ්ව මගෙන් උඳුර ගන්න වෙන් ඇති දෙන්නන්කෝ මං අම්මණ්ඩිට... දන්නෑ මේ ලියාගේ හැටි..." කියපු කෙල්ල කාමරේට ගියා.



ඒ යද්දි කාමරේ දැකලා කෙල්ලට එකපර කෑගැහුනා. කාමරේ හැමතැනම වීදුරු කැලි... 


කෙල්ල ඇඳ දිහා බලද්දි තමා දැක්කේ යෂ් වේදනාවෙන් ඇඹරි ඇඹරි ඉන්නවා..


ඒ මදිවට යෂ්ගේ අතින් ලේ ගලනවා..


යෂ් අතට වීදුරු කෑල්ලක් හිර කරගෙන...


" යෂ්... දෙයියනේ.. මොකද මෙ...." කෙල්ල යෂ් ළඟට ගිහින් කොල්ලාගේ අතේ තිබ්බ වීදුරු කෑල්ල අයින් කරන්න හැදුවා.


" ලියා.. " යෂ් ඇස් ඇරලා බලලා එහෙම්මම ලියාව ඇඳ උඩට පෙරලගත්තා.





පැය කිහිපයකට පස්සේ යෂ් නැඟිට්ටේ අතේ දැනුන වේදනාවත් එක්ක. 


" අහ්...." ඔලුවත් අල්ලගෙන යෂ් නැඟිට්ටා.


" යෂ් දැන් කොහොමද ඔයාට..." කියමින් ලියා යෂ් ළඟට ආවා.


" ආ මේක බීලා ඉන්නකෝ..." කියලා ලියා යෂ්ට බෙහෙත් පෙත්තකුයි වතුරයි දුන්නා.



යෂ්ට ඒ අතරේ තමා මතක් වුනේ මොකක්ද වුනේ කියලා. ඒත් එක්කම යෂ් ලියා දිහා බලද්දි දැක්කේ කෙල්ලගේ බෙල්ලේ  තියන රතු පැල්ලම්.



ලියාගේ බෙල්ලේ පැල්ලම් අතගාපු යෂ්,


" Sorry princess.... මං මෙහෙ..."


" ෂ්ෂ්..." ලියා යෂ්ගේ තොල්වලට ඇඟිල්ල තිබ්බා.


" යෂ් ඔයා මගේ හස්බන්ඩ්... මේකට ඔයා මට සොරි කියන්න ඕන නෑ.. මේවා සාමාන්‍ය දෙවල් හරිද.. දැන් මේක ගැන හිතන්න එපා.. " කියලා ලියා යෂ්ගේ කම්මුලකට අත තියාගෙන කිව්වා.


ලියාගේ අත අල්ලගත්ත යෂ් අත සිපගෙන,


" මගේ කෙල්ල ලොකු වෙලානේ..."


" මං කොහොමත් ලොකුයි තමා මට අවුරුදු 20යි..."


" මට තිහයිනේ මැණිකේ..."


" නාකිනේ..." කෙල්ල යෂ්ව අවුස්සන්නත් එක්ක කිව්වා.


" එන්නකෝ එහෙනම් නාකියාගේ වැඩ පෙන්නන්න... " යෂ් කෙල්ලව ළඟට ඇදලා ගනිමින් කිව්වා.


" හරි හරි... මයි ලව්ලි හස්බන්ඩ්.. ඔයා ගැන මං දන්නවා.. දැන් යන් ඩිනර් ගන්න.. මං ඉව්වා..."


" මොකක්... එතකොට දැන් වෙලාව කීයද... ඔයා ආවේ කාත් එක්කද මට අමතක වෙලාම ගියා..."


" දැන් වෙලාව අටයි.. මම ආවේ කැබ් එකක් දාගෙන.. හොස්පිටල් ගියාම කිව්වා අද ලෙක්චර් එක තියන්න වෙන්නෙ නෑ කියලා ඒ හින්දා මම ආවා... හොඳ වෙලාවට හැබැයි ආවේ නැත්තන් ඉතින් මට ඊළඟ දවස් ටිකම ඉන්න වෙන්නේ හොස්පිටල් එකේ ඔයා ළඟ... යන් යන් කන්න දැන්...." කියලා ලියා යෂ්ව ඇඳෙන් නැගිට්ට ගත්තා..



යෂ් ඒ වෙලාවේ තමා දැක්කේ කාමරේ වීදුරු කටු එකක්වත් නෑ කියලා.

ලිෆ්ට් එකට නැග්ගම තමා යෂ්ට දුවිනිව මතක් වුනේ...


" මැණික.. දුවිනි හිටියා ලිෆ්ට් එකේ.. ඒකි කොහෙන් ආවද කියලා දන්නෑ..."


" ඔව් ඔව් හිටියා.. බය වෙන්න එපා මං එයාට ලස්සන සංග්‍රයක් දීලා තියෙන්නේ..."


" මොකක්ද කරේ... "


" එයා ඔයාට කරන්න ගියදේ මම එයාට කරා..."


" ආ..."


" පස්සේ කියන්නම්කෝ... ඒක නෙවෙයි මං එද්දි දුවිනි ලිෆ්ට් එකේ කලන්තේ දාලානේ හිටියේ..."


" ආ... ඒකද... ඒකි මගේ ඇඟේ එල්ලෙන්න ආවා.. බෙල්ලට එකක් ගැහුවා විතරයි ඒකි බිම..."


" ආ.. ඒක මිසක්..."


දෙන්නා කතාවෙන් කතාව සාලෙටම ආවා.


" ආ උබට දැන් මොකද...." සෙත්.


" අවුලක් නෑ බන්.. ඔලුවේ කැක්කුමක් තියනවා එච්චරයි..."


" ඒ ඩ්‍රග් එකේ පවර් එක එහෙම වුනේ නැත්තන් තමා පුදුමේ..."


" ඩ්‍රග් එකක්..."


" ඔව් නංගි කිව්වේ නැද්ද..."


" හරි හරි දැන් ඔය කතාව ඇති දෙන්නා එන්න කන්න..." ලියා.


" කන්න පුලුවන් ඇතිනේ බන්..." සෙත් යෂ්ට ඇහැක් ගහලා කිව්වා. සෙත්ට රවපු කෙල්ල කෑම මේසෙට කෑම ඇරියා.


කෙල්ල කහබත් හදලා අල තෙල් දාලා චිකන් ඩෙවල් කැට සලාදේ පරිප්පු පපඩම්... සම්පූර්ණ කෑම වේලක්..


යෂ්ටයි සෙත්ටයි කෑම ටික දකිද්දිම කෙළ ගිලුනා..


" අද මේ හදිස්සියටනේ ඉව්වේ මම හෙට උදේට හොඳට මොනාහරි හදලා දෙන්නම්..."


" අඩෙහ් මේක නම් සුපිරිනේ බන්... මට කෑම ටික දකිද්දිම කෙළ ගිලුනා.. " කියපු සෙත් බත් බෙදාගන්න ගත්තා.


යෂුත් පිඟානක් ගන්න ගියත් කෙල්ල පිඟාන ඇඳලා අරන් බත් බෙදලා අතත් හෝදන් යෂ් ළඟින් ඉඳගත්තා.


" අත තුවාල කරගෙන ඒකට මොකද පණ්ඩිතකමට තනියම කන්න යනවා..." කෙල්ල යෂ්ටත් බැන බැන බත් අනන්න ගත්තා.


" උබලා දෙන්නා මෙතන romance කරද්දි චූටි මගේ හිත රිදෙනවා බන්..." සෙත් අඬන මූණක් මවාගෙන කිව්වා.


" අනේ පල...උබත් හොයාගත්තා නම් ඉවරනේ..."


කට්ටිය විහිලු කර කර ඩිනර් ගත්තා.




පහුවදා උදේ ලියා උදෙන්ම නැගිටලා උදේට උය උය ඉද්දී යෂ් ඇවිල්ලා කෙල්ලව බදාගත්තා.


" ගුඩ් මෝනින් වයිෆි...."


" ගුඩ් මෝනින් හස්බන්ඩෝ... මොකෝ දැන්ම නැගිටලා.."


" ඇඳේ එහා පැත්ත අතගාලා බලද්දි මගේ කෙල්ල අතුරුදහන් වෙලානේ එයාව හොයන් ආවේ..."


" තේ හදන්නද..."


" තේ එපා.. මට මේවා ඕනේ..." යෂ් කෙඅගේ පපුවට අත තියමින් කිව්වා.


" යෂ්... මම උයන්න ඕනේ..."


" ඒවා පස්සේ කරගන්න අනේ..." යෂ් කෙල්ලව උස්සලා පැන්ට්‍රිය උඩින් තිබ්බා.


" අඩෙහ් මේ ගාන තමා සෙට් ඈ..."


" මොකක්..."


" මං කිව්වේ බලනවා මං තමුසෙව කිස් කරන්න කොන්ද කඩන් නැමෙන්න එපැයි.. දැන් බලන්න අපි දෙන්නා ෆේස් ටු ෆේස් නේ.. මේ ගෙදරටත් හයි හීල්ස් දානවකෝ..."


" මෝඩ මිනිහා... අයින් වෙනවා මට වැඩක් කරගන්න..." කෙල්ල යෂ්ගේ පපුවට අත තියලා ඈත් කරමින් කිව්වා.


ඒත් ඉතින් යෂ් කෙල්ලගේ අත් දෙකම එක අතට අල්ලගෙන කෙල්ලගේ දෙතොල් සිප ගත්තා. විනාඩියක් දෙකක් නෙවෙයි ඊටත් වඩා වෙලාව යන්නැති.


" ඕ මයි ගෝඩ්.. උදේ පාන්දර මේ වගේ සීන් දකින කොට මේ තනිකඩ අපිට දුක හිතෙනවා බන්..." කියමින් සෙත් කිචන් එකට ආවා.


කෙල්ල ඉක්මනට යෂ්ගෙන් ඈත් වුනා.


" අර්... උබත් එන්නේ හොඳම වෙලාවටනේ බන්..."


" යෂ් ඉඳගන්න ගිහින් මම දෙන්නටම තේ හදන් එන්නම්..."


කෙල්ල දෙන්නට තේ හදලා දීලා ආයේ උයන්න යනකොට ඇහුනේ කවුරුහරි ගෑනු කෙනෙක් කෑගහන සද්දයක්.


යෂ් කන්ෆියුස් වෙලා බැලුවේ මොකක්ද ඒ කියලා.


" අරයා කටේ තිබ්බ රෙදි ගුලිය අයින් කරගෙන වගේ නේ අයියේ..." ලියා සෙත්ට කිව්වා.


" කවුද බන් ඒ කෑගැහුවේ..." යෂ් ලියා දිහායි සෙත් දිහායි මාරුවෙන් මාරුවට බලමින් ඇහුවා.


" වෙන කවුද බන් අර නාටිකාංගනව තමා.."


" කවුරු..."


" දූවිලි කෑල්ල..."


" මොකක්... එතකොට... මට දැන් කියන්න හරියටම ඊයේ මොකද වුනේ කියලා..."


සෙත් මුකුත් කියන්නේ නැතුව බැලුවේ ලියා දිහා. ලියා ඔලුව වැනුවම සෙත් කතාව කිව්වා.


" ඊයේ දුවිනි උබට ඩ්‍රග් එකක් දීලා.. ඒක ගත්තම හැඟීම් පාලනය කරගන්න බැරුව යනවා.. ඒකි හදලා තියෙන්නේ උබ එක්ක... මං කියන්න ඕන නෑනේ... වෙලාවට උබ ඒකිව සිහිය නැති කරලා නංගිත් වෙආවට ගෙදර ආවා ඒ හින්දා උබ බේරුනා.. නැත්තන් උබ මැරෙන්නේ ලේ ගිහිල්ලා..."


" එතකොට දැන් අරකි කෑගහන්නේ මොකද..."


" ආ නංගි ඒකිට හොඳ වැඩක් කරා...."


කලින් දවසේ...


යෂ්ට ඩ්‍රග් එකේ සැරට නින්ද ගියාම ලියා සෙත්ටත් ගෙදර එන්න කියලා ගියේ සාලෙට යෂ්ට මොකද වුනේ කියලා හොයාගන්න.


CCTV එක check කරද්දි තමා කෙල්ල දැක්කේ දුවිනි යෂ් බීපු වතුර එකට කලින්ම ඩ්‍රග් එක දානවා.


" මේකි යකෝ.... ගේ අස්සට රිංගලා කරන දේවල්.." සෙත් තරහෙන් කිව්වා.


" අයියේ මට මේ ඩ්‍රග් එක ගෙන්නලා දෙන්න පුලුවන් ඉක්මනට..."


" ඒ මොකටද බන්..."


" දුවිනි හැප්පුනේ වැරදි කෙනා එක්ක..."



________________________________


ලියා කෙල්ල දූවිලි කෑල්ලට මොනා කරන්න ඇත්ද ළමයි....

හෙට දිග එපියක් දෙන්නම් ( අපේ පැත්තට කරන්ට් නොගියොත්)

reaction දාන්න comment කරන්න...

ආදරෙයි හැමෝටම 🖤

Report Page